පතල් හා මැණික්,ඉදිකිරීම්,කෘෂිකර්මාන්තය යන ක්ෂේත‍්‍ර මුල් කරගනිමින් මියන්මාරය හා සවිමත් වෙළද සබදතා ඇති කර ගැනීමට ශී‍්‍ර ලංකා රජය අපේක්ෂාවෙන් සිටී.
කර්මාන්ත හා වෙළද නියෝජිත ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා ප‍්‍රමුඛ 12 දෙනෙකුගෙන් යුක්තවූ දුත පිරිසක් පසුගියදා මියන්මාරයේ කළ සංචාරය කළහ. එරට අමාත්‍යවරුන් හමුවී පැවැති සාකච්ඡා වලදී ශී‍්‍ර ලංකාව හා වෙළද සබදතා ඇතිකර ගැනීමට ඔවුන්ගේ කැමැත්ත පළවී තිබේ.
මියන්මාරයේ පතල් කැණීම සදහා ශී‍්‍ර ලංකාවටම වෙන්වූ ප‍්‍රදේශයක් ලබාදීමටද ඔවුන් කැමැත්ත පළ කර ඇතැයි සදහන්ය.මේ දක්වා මියන්මාරය විදේශයකට එරට පතල් කැණීමට අවසර ලබා දී නොමැති අතර එම අවසරය ලැබෙන පළමුවැනි රට ශී‍්‍රලංකාව වීමේ ලකුණු පෙනෙන්නට තිබේ.
මැණික් හා පතල් කර්මාන්තයේ නව ප‍්‍රවණතාවන් සම්බන්ධයෙන් වන තොරතුරු හා තාක්ෂණය දෙරට අතර හුවමාරු කර ගැනීමටද දෙපාර්ශවයේ එකගතාවය පළවී ඇත.
මියන්මාර අමාත්‍යවරුන්ගේ ඉල්ලීම පරිදි එරට ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ දියුණුව සදහා අවශ්‍ය තාක්ෂණික සහය හා උපදෙස් ලබාදීමට ශී‍්‍රලංකා දුත පිරිස එකගතාවය පළ කොට ඇත.
ජීව වායු ජනනය,කෘෂිකර්මාන්තය හා භෝග වගාවන් ආශි‍්‍රත කරුණු සම්බන්ධයෙන්ද දෙපාර්ශවය අතර අදහස් හුවමාරු වි තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ නිධන් හාරන අය ඔක්කොම බුරුමෙට පටවන්න පුළුවන් දැන්. (නදී)
අහන්නත් සතුටුයි. (අ)