ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන කිසිවක් පිළිබඳව අබමල් රේණුවක විශ්වාසයක් තැබිය නොහැකි බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දොස්තර ගුණදාස අමරසේකර බොරැල්ල එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේ දී ප්‍රකාශ කළේය.
සිරිසේන මහතාගේ පසුගිය ක්‍රියා කලාපය ඊට හේතුව බවද එහු කීවේය.
අයවැය පිළිබඳ කතා බහෙන් ආණ්ඩුව ජාතික ආරක්ෂාව පිළිබඳ අවධානය වෙනතකට යොමු කර ඇතැයි ද ඔහු මෙහිදි පැවසිය.
ශ්‍රී ලංකාව තවදුරටත් ස්වාධින රාජ්‍යයක් නොව බටහිර ජාතින්ගේ කොළණියක් යැයි ද ඔහු පැවසිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපදෙස් දෙන පණ්ඩිතයෝය රටට කෙරුවේ විනේ (බ)
අපේ දේශපාලකයන්ගේ වැඩ නිසා තව අවුරුදු 25 කට මෙපිට මුස්ලිම් දෙමළ හා සිංහල සුළු පිරිසකගේ චන්ද වලින් මේ රටේ මුස්ලිම් ආණ්ඩුවක් හැදෙන්න පුළුවන් දේශපාලන නායකත්වය අපෙන් ගිලිහේවි එදාට අද යතාර්ථය තේරේවි (රේ)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු (නි)
ශාන්ත සේනාධිර, මමත් බටහිර රටක ඉගෙනගෙන,බටහිර රටක අවුරුදු 31 විතර ජීවත්වෙන්නේ. මම දැනට සේවය කරන ආයතනයේ රටවල් 81 ක අය එක එක රැකියා කරනවා. මම මේ හැමදෙනා සමඟම ඉතාමත්ම සුහදව ඉන්න නිසා ඒ ඒ රටවල සමාජ සංස්කෘතික අංග ගැන මටත් දැනගන්න ලැබෙනවා. මමත් ඒ ඒ රටවල ජාතිවාදයන් ගැන සොයාබැලුවා. 100% ජාතිවාදයක් නැති රටක් මට නම් හමුවෙලා නැහැ. (නි)
බලන් ඉමුකෝ.(හේ)
එය පරම සත්‍යයක් බව දැන් ඔප්පුවී හමාරයි (නි)
මට බය හිතෙනවා අප්පා මම වයසට ගියාම මොනවා වගේ විකාර කියවාවිද කියල. (ස)
නිකන් ගෙදරට වෙලා පිනක් දහමක් කරොත් හොඳ නැද්ද? මහින්ද මහත්තය ඉන්නකන් එයාගේ නම කියා කියා බැන්නා. චිනයේ කොලොනියක් කිව්වා. දැන් මෙහෙම , අපේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු. (ස)
පිස්සු. (ස)
රජුන් ,රජකුමරුන් ,සට්ටම්බියන් පිරුන,මහජනයා වහලුන් වෙන ගෝත්‍රික සමාජයකට වඩා එය ඉතා හොඳයි. (ස)
මෙයාලට පිස්සු. තමිල්නාඩුවට ගිහින් දාන්න ඕන. (ස)
මෙතුමා ඇතුලු වාසුදේව, සෝමවංස, ඩේව් ගුණසේකර, තිස්ස විතාරණ, සරත් එන් සිල්වා යන අය දැන් දේශපාලනයෙන් විශ්‍රාම යායුතු කාලය ඇවිල්ල. (ස)
අමරසේකර මහත්තයෝ,ඔය කතාව,එතකොට ජාති වාදය ඔබගේ ජාන ගතරෝගයක් බව මගේ හැඟීමයි..ඔබ බටහිරට බනිනවානම් ඒ අයගෙන් ගත්ත ඔක්කොම පැත්තක තියලා මිනිසුන් අමතන්න පුරුදුවෙන්න..කරුණා කරලා ඔබ ලබාගත් බටහිර දන්ත වෛද්‍ය උපාධිය විසිකරලා දමන්න, කලිසමයි ෂර්ට් එකයි සපත්තු දෙකයි ගලවලා දමන්න. කන්නාඩි දෙකත් ඕන නැහැ. කතාකරන මයික් එකත් විසිකරන්න. අමුඩයක් ගහගෙන...ගලක් උඩටවෙලා මහජනයා අමතන්න. මහත්තයෝ..අපි මේ ඉන්නේ 21 වෙනි සියවසේ බව අමතක නොකර,ජාතිවාදය,දේශවාදය අවුළුවන්නේ නැතිව කාගෙවත් අතකොලුවක් නොවී හදවතට නොව ඔබගේ බුද්ධියට එකඟව ...ඔබගේ ජිවිතයේ අවසන් පැය කිහිපය යහපත් මනුස්සයෙකු ලෙස ජිවත්වන්න. එය ඔබගේ පරලොව ජිවිතයට මහත් රුකුලක්වේවි. (ස)
පුතා බටහිර අධිරාජ්‍යයක ජීවත් වෙන එක අවුලක් නෑද්ද මහත්තයො? (ස)
මේ අදහස් දාපු සමහරුන්ට කිසිම දේශපාලන දැනීමක් නැති බව පෙනෙනවා. කකුළුවෝ නටන්නේ දිය හැළිය උතුරනතුරු පමණයි. (නි)
මේ අය පෙන්වා දෙන කාරණය ඉතාමත් වැදගත්. ලංකා ඉතිහාසයේත් මෙවැනි දේ සිදුවුණා. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියන උපහැරණය හැදුනෙත් ඔය වගේ කතාවකින්. අපේ රට කොච්චර දුක් වින්දාද ත්‍රස්තවාදයෙන්, යටත් විජිතවාදයෙන්? අන්ධයින්ට මේවා තේරෙන්නේ ගොඩක් කල් ගියාමයි. විජිත්ලා වගේ පටු මානසිකත්වය ඇති අය ඒ කාලේත් හිටිය නිසා ලංකාව සෑහෙන දුක්වින්ඳා (නි)
විජිත්, ඔහු අදහස් කරන්නේ ආර්ථික වහල්භාවය මිස ගෝත්‍රික වහල්භාවය නොවේ. මම ඔහුගේ බොහෝ අදහස් සමඟ එකඟ නොවුණත්, රටේ දේශපාලන සමබරතාවය පවත්වා ගැනීමට එවන් අදහස් දරන්නන්ද සිටිය යුතු බව මගේ හැඟීමයි. (නි)
අනේ මන්දා?(හේ)
සහතික ඇත්ත (නි)
කට්ටිය එකතුවෙලා කාලයකට සැරයක් කතා කියනවා. ඒ කියන දේවල් අහන අපේ රටේ ඉන්න සමහරුත් කෑගහන්න පටන්ගන්නවා. (නි)
විජිත්, ජාතිවාදය නැති රටක් ලොව කොතැනක හෝ තිබෙනවා නම් අපිට පෙන්නා දෙන්න. මටත් ආසයි දැනගන්න. මම විසිපස් වසරකට වඩා බටහිර රටක ජීවත්වන කෙනෙක්. (නි)
මට නම් හිතෙන්නේ මේ කතා වල සත්‍යතාවයක් තිබෙන බවයි (නි)
විජිත්, 2005 මහින්ද ජනාධිපති නොවෙන්න මේ වනවිට ශ්‍රී ලංකාව රටවල් දෙකකි. නමුත් ඉදිරියේදී විය හැකි දේ පිළිබඳව සිතේ ඇත්තේ පසුතැවීමකි (නි)