IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලංකාවේ පළමු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කළුරිය කරයි

ශ්‍රීලංකා පොලිසියේ ප්‍රථම මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ පොලිස් අධිකාරී මයිකල් රියෙන්සි චන්ද්‍රලාල් පෙරේරා මහතා ඊයේ (24) මිය ගියේය.

මියයන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය.

1972 වසරේදී ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වූ පෙරේරා මහතා 1998 වසරේදී ජේ්්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීම් ලැබුවේය.අනතුරුව 2007 වසරේ සිට නැගෙනහිර දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කළ ඔහු පොලිස් සේවයෙන් විශ්‍රාම ගියේ 2008 වසරේදීය.

1998 වසරේදීම පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙසද පත්වීම් ලැබූ පෙරේරා මහතා  එම තනතුරේ කටයුතු කරන අතරම ශ්‍රීලංකාවේ ප්‍රථම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙසද වසර 9 ක් පුරාවට තම සේවය ලබාදුන්නේය.

දෙස් විදෙස් පාඨමාලා රාශියක් හදාරා දැනුම ලබාගෙන ඇති පෙරේරා මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙසද කටයුතු කර ඇති අයෙකි.

පොලිස් ක්‍රියාකාරකම් දැක්වෙන චිත්‍රපට ප්‍රදර්ශන,විවිධ තේමා යටතේ දේශන පැවැත්වීම් ආදී පොලිසිය හා මහජනයා එකිනෙකාට සමීප කරන වැඩපිළිවෙල රැසක් ඔහුගේ සේවා සමයේ ක්‍රියාවට නැංවිනි.

රියෙන්සි චන්ද්‍රලාල් පෙරේරා මහතාගේ අවසන් කටයුතු හෙට (26) බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

Mr.SSP-Reyenzi-Perera--LARGE



අදහස් (0)

ලංකාවේ පළමු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කළුරිය කරයි

සමන්ති Saturday, 26 September 2015 02:23 PM

වැදගත් තැනක මුල්තැන. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site