රෝමයේ ට්‍රිපොලි මාවතේ ශ්‍රී ලාංකික තරුණයන් පිරිසක් අතර ඇති වූ ගුටිබැට හුවමාරුවක දී බෝතලයක් කඩා ඇනීමෙන් තුවාල ලැබූ තිදෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. තුවාලකරුවන් රෝහලට ඇතුළත් කර ඇත.   පහරදුන් පුද්ගලයා ද හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට රෝම පොලිසිය  පරීක්ෂණ පවත්වයි.