(අනීෂා මානගේ)
ලංකාවේ දේශපාලන සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙන්න විදේශීය රටවලට කිසිදු අයිතියක් නැතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (28) තංගල්ල කාර්ල්ටන් නිවෙසේ දී පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසුයේ අද (28) තංගල්ල කාර්ල්ටන් නිවසේදී පැවැති “පවුර අත්වැල” සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.
රටේ විනය ආරක්ෂා කළ හැකි නායකයෝ පත්විය යුතුයි. මැතිවරණය අපි ජයග්‍රහණය කළ යුතුයි. නැත්නම් වෙන්නේ රට ජාතිය විනාශ වන එක. පසුගිය මැතිවරණයේ දී මාව පරදවන්න විදේශීය රටවල් කළ සේවය දන්නවා. එයාලාත් මෙවර ක්‍රියාත්මක වෙන්න පුළුවන්. පසුගිය මැතිවරණයට වඩා එය අඩුවේවි යැයි අපි සිතනවා. විදේශික රටවල්වලට කිසි අයිතියක් නැහැ අපේ රටේ දේශපාලන සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙන්න. අපි ඔවුන්ගෙන් ඉල්ලනවා එහෙම මැදිහත් වෙන්න එපා කියලා. මේ රටේ ජනතාවට එය කරන්න ඉඩ දෙන්න. අපිට කොයි රටත් එකයි. අපි සියලු රටවල් එක්ක වැඩ කටයුතු කරන්නේ මිත්‍රත්වයෙන්.
අපි දැන් මැතිවරණයකට බොහොම කිට්ටුයි. එකක් ජනාධිපතිවරණය. ජනාධිපතිවරණය පස්සට දාන්න නොයෙක් අයගේ නොයෙක් උපක්‍රම තිබෙනවා. ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව තිබෙනවා නියමිත දවසේ නියමිත මැතිවරණය පවත්වන්න ඕනෑ කියලා. පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි කතාවක් යනවා. ඒ සඳහා සමහරු යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. සමහර අයට ඕනෑ අපි යම්කිසි එකඟතාවට ආවොත් එය නැති කරන්නයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සන්ධානයත් අතර පවතින එකමුතුව නැති කරන්න බොහෝ කුමන්ත්‍රණ යනවා. නොයෙක් ආකාරයේ වැඩපිළිවෙළවල් සකස් කරමින් යනවා. අපේ අය අතර ගැටුම් ඇති කරන්නත් ඔවුන් උපක්‍රමශීලිව කටයුතු කරන්නත් ආරම්භ කර තිබෙනවා. මේ කාලයේ අපි පරිස්සම් වෙන්නට ඕනෑ. හැම දෙයකින්ම පරිස්සම් වෙලා අපි වේදිකාව හැසිරෙව්වොත් අපිට කිසි කරදරයක් නැතුව ජයග්‍රහණය කරන්නට පුළුවන්.
සෑම පත්තරේකම දිනපතාම පිටුවක් පුරා දැන්වීම් පළකරනවා ජනාධිපති අපේක්ෂකයෝ වෙන්න ඉන්න අය. මේ සඳහා යන දේශපාලන වියදම මහජන සල්ලිවලින් තමයි වියදම් කරන්නේ. ආණ්ඩුව වියදම් කරන සල්ලි කාගෙද. හැම දේකින්ම අය කරන බදුවලින් මේ අය අද පෞද්ගලික වුවමනාවන්වලට යොදාගන්නවා. මට කෑ ගැහුවා කටවුට් ගහනවා කියලා. මම ගහපු ඒවා වගේ සිය ගුණයක් ලොකු කටවුට් දැන් කොළඹ ගහනවා. අපි නම් කතා කරන්නේ නැහැ ඒ ගැන. අපි නිහඬව ඉන්නවා.
අද මිනිස්සු බයයි. එෆ්සීඅයිඩී එකට කව්ද අරගෙන ගියේ නැත්තේ. කම්කරුවාගේ සිට ඉහළම ව්‍යාපාරිකයා දක්වා ගියා. ඒ අය සද්ද නැතුව ගිහින් ඇවිත් අපිට ඇවිත් කියනවා. පසුගිය දවසක එක්කගෙන ගිහින් නගරාධිපති කිව්වා එයාගේ මස්සිනා එක්කගෙන ගිහිල්ලා කන පැලෙන්න ගහලා. සීඅයිඩීයට අවසරයක් තිබෙනවාද මිනිස්සුන්ට ගහන්න. පරීක්ෂණයක් නැහැ. පොලිසියටත් රටේ මිනිස්සුන්ගේ කන පැලෙන්න ගහන්න මේ ආණ්ඩුව අයිතිය ලබා දීලා තිබෙනවා නම් රටේ මිනිස්සුන්ගේ අනාගතයට මොකක්ද වෙන්නේ. ඒ අය මතක තියාගන්න ඕනෑ මේ ආණ්ඩුව තිබෙන්නේ තව මාස කිහිපයයි. එය ස්ථීරයි. රටේ ආරක්ෂක ඇමැතිවරයා ජනාධිපතිවරයායි. ඔහු මේ ගැන සොයා බලන්න ඕනෑ. අත්තනෝමතික විදියට වැඩ කරන්න නිලධාරීන්ට ඉඩ තියන්න පුළුවන්කමක් නැහැ. මගේ නඩුව කාලේ සීඅයිඩීය හොඳ රාජකාරියක් කළා. අද කරන්නේ දේශපාලන වුවමනාවන් ඉටු කිරීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා මොනවා කීවත් ආයේ ඔය ගොල්ලන් පත්වෙන්නේ නැහැ. ( ඔබතුමන්ලාගේ කෙරුවාවල් ලියන්න පිටු ලක්ෂයක පොතක් තිබිලත් මදි..) එජාපයත් ආයේ කිසිම දිනක ජය ගන්නේ නැහැ. ( මේ කරන පාවාදීම් දැන් මිනිස්සුන්ට ඇතිවෙලා තියෙන්නේ ) ජාවිපෙත් බොරු සංදර්ශන දැම්මට එගොලොත් ඔයගොල්ලන්ගේම කෑල්ලක් බව කාටත් අවබෝධවෙලා ඉවරයි. මීළඟට ඡන්දයෙන් ජයගන්න පක්ෂය තවමත් සංවිධානය වෙමින් පවතින වෘර්තිකයන්ගෙන් සමන්විත පක්ෂයක්. ඒ පක්ෂයට දැනට දේශපාලනයට සම්බන්ධ කිසිම කෙනෙක්වත් ,ඔවුන්ගේ පවුල්වල අයවත් සම්බන්ධ කර ගන්නේ නැත. ඡන්දයට පෙර ඒ අයගේ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත්කලවිට මහාජනතාව සුනාමියක් ලෙස ඒ අයවටා එක්වේවි. ( අද දිනය මතකයේ රඳවාගන්න ) එදායින් පසු රස්තියාදුකරයින්ගේ දේශපාලනය, කුඩ්ඩන්ගේ දේශපාලනය ,මිනිමරුවන්ගේ,ස්ත්‍රී දුෂකයින්ගේ ,පාගා අල්ලස් මරුවන්ගේ, අපේ රට විදේශිකයින්ට විකුණු ලෝක හොරුන්ගේ , මහාජනයාගේ දේපොළ මන්කොල්ලකාපු දේශපාලුවන්ගේ..පමණක් නොවෙයි...අපේ රට විනාශකරපු " පවුල් දේශපාලනය "ත් සදහටම සදහටම අවසන්වේවි.අපේ රට ක්‍රමයෙන් ලෝකයේ දියුණුම රටක් බවට පත්වේවි. මිලියන 20 පමණ වන මේ රටේ සියලුම ජනතාවගේ ඒකායන පැතුම එයයි කියලයි මටනම් හිතෙන්නේ.
රටේ විනය ආරක්ෂා කරන්න රතුපස්වලදී, වැලිකඩදී, මීගමුව පැත්තේදී ගත්තු ක්‍රියාමාර්ග අපට තවම මතකයි මහත්තයෝ... දැන් පත්තරවල දැන්වීම් දානවා විතරයිනේ. ඒ කාලේ රූපවාහිනීවල රේඩියෝවල දැන් ඔය මන්ත්‍රීවරු එහෙම වෙලා ඉන්න කට්ටිය ලවා "තිස් අවුරුදු සාපකාරි යුද්ධයෙන් රට බේරාගත් නායකයාට කලගුණ සලකන්න " කිය කියා උදේ, හවස ප්‍රචාරය කෙරුණු වැඩසටහන්, රටපුරාම ආණ්ඩුවේ වියදමෙන් පොල්ගස් වැහෙන්න දාලා තිබුණු තෙල් බේරෙන යෝධ පින්තූර, ඡන්ද ඉලක්ක කරගෙන ආණ්ඩුවේ වියදමින් දවස්පතා අරලියගහ මන්දිරයේ දුන්නු දන්සැල්, සිල්රෙදි, ඔරලෝසු, ක්‍රීඩා භාණ්ඩ, එකී මෙකී දේවල් බෙදපු හැටි අපට මතකයි මහත්තයෝ... ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක සන්ධාන හදන්නේ කොහොමද මහත්තයෝ? ඒ ගොල්ලෝ ඉදිරිපත් කරන කිසිම අදහසකට එකඟවෙන්නේ නැතුව අපේක්ෂකයා වියයුත්තේ පොහොට්ටුවේ කෙනෙක්මයි කියන ස්ථාවරයේ ඉඳගෙන? අනේ නිකන් යන්න මහත්තයෝ අනුන්ගේ වියදමෙන් අපේ පැට්රල් පුච්චන්නේ නැතුව... මේ රටේ මිනිස්සු ඔය මාධ්‍ය මඟින් පතුරුවන මුසාවාදවලට රැවටුණු කාලය ඉවර වුනේ අවුරුදු තුනහමාරකට ඉස්සර.... හරියැ?
විජිත් , ඔයා ලියල තියෙන වචන හරි ලස්සනෛ ..නාගානන්ද ගේ වචනත් ලස්සනයිනේ. ඔයා හිතනවද ඔයා දේවල් කරනකන් අනිත් අය බලන් ඉන්නවා කියල . දැන් ඉන්න ජනාධිපති සමහර හොඳ දේවල් පටන් ගන්න කොටම කොහොමද වට්ටන්නේ .. කරන්න දෙන්නේ නැහැ ... අනික ඔයා කියන විදියට නගනන්ද කතා කරන විදියට වෙන්නේ නැහැ... ඔයා පුටු වල තියෙන රස්නයට හැමදේම යට වෙනවා..
එතකොට චීනය?
මෙතුමා කාර්දිනල් තුමාගේ පිහිටෙන් ගොඩයන්න බලන් ඉන්නේ...
පිටරටින් ණය ගෙන රටේ ආර්ථිකය දුවනකම්, අපේ කටයුතුවලට විදේශ රටවලින් කරන ඇගිලි ගැසීම් නවත්වන්නට බැහැ. මොන තරම් කයිවාරු ගැසුවත්, අද රජයේ සමහර පුනරාවර්තන වියදම් පියවා ගන්නෙත් පිට රටින් ගත් ණය වලින්. ණය නොතිබුනානම්, අධිවේගී මාර්ග, ගුවන් තොටුපළවල්, වරායවල් අද නැත. ගිය වතාවේ මහින්ද රාජපක්ෂ පැරදුනේ විදේශීය බලපෑම් නිසා නොව, ඔහු වටා සිටි උදවිය සාමාන්‍ය මහජනයාට සැළකු ආකාරය නිසයි.
ලංකාවේ දේශපාලනයට මැදිහත් වෙන්න විදේශීය රටවලට අයිතියක් නොමැති උවත් පොහොට්ටු පක්ෂයේ මිලග ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ ඇමෙරිකාව බව මහජනතාව අතර මතයක් තිබේ.
මේකේ කවුරු පණ්ඩිත කතා කිව්වත් දිනන්නේ පොදු ජන එක්සත් පෙරමුණ. ඔයාලා පොහොට්ටුවට විරුද්ධව ප්‍රතිචාර දම දමා ඉන්න.
එහෙමනං කලින් ඔබගේ ඇමරිකන් සහෝදරවරු දෙදනාටම කියන්න අපේ රටේ දේශපාලනයට මැදිහත් වෙන්න එපා කියලා...
ඔබගේ පවුලේ කීදෙනෙක් ඇමෙරිකාවේ පදිංචි වී ඉන්නවාද? ඔබගේ අපේක්ෂකයාවත් ඔබට උවමනා හැටියට තෝරා ගන්න බැහැ නේද? ඇමරිකාව නේද ඒකත් තීරණය කරන්නේ? ඉතින් මොනවාද මේ විහිළු කතා? ඔබ වටා ඉන්න අයගෙන් කීදෙනෙකුගේ දූ පුතුන් ඉන්නේ ඇමරිකාවේද? බොරුවට නැතුව නිකමට හිතලා බලන්න. දැන් කාලේ මොන රටද තනියම දියුණු වෙලා තියෙන්නේ?
කිසිදු විදෙස් රටකට බෑ ලංකාවේ දේශපාලනයට මැදිහත් වෙන්න වගෙම කිසිම විදෙස් පුරවැසි විදෙස්වල වත්කම් තියන පුද්ගලයන්ටත් ලංකාවෙ දේශපාලනයට මැදිහත් වීමට ඉඩනොතැබිය යුතුය. එයා තමන්ගේ මල්ලි උනත් කමක් නැහ දැඩි තීරණයක් ගන්න මැතිදුනි.... ලංකාවට ආදරය කරනව නම් බලය වෙනුවෙන් විතරක් මොකටද ඒ වගෙ අය.