(මුදිතා දයානන්ද)
එංගලන්න පාර්ලිමේන්තු මැතිවරණයට කොන්සවේටිව් පක්ෂය ඉදිරිපත් කළ මැතිවරණ ප්රකාශනයේ ලංකාව රාජ්‍යයන් දෙකක් ලෙස බෙදිය යුතු බවට සඳහන් වන බවද එය මෙරට ස්වෛරීත්වයට එල්ල කළ බරපතල ප්‍රහාරයක් බවද පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (03) පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය. තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
“එංගලන්න පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ මේ මාසේ 13 වෙනිදා. ඒ වෙනුවෙන් එරට පාලක පක්ෂය වන කොන්සවේටිව් පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්රකාශනය පසුගිය 25 වෙනිදා එළි දැක්වුවා. ලංකාවේ පවතින අර්බුදයට විසඳුම ලෙස මෙරට රාජ්‍යයන් දෙකක් බිහිකළ යුතු බවට එම ප්‍රතිපත්ති ප්රකාශනයේ 53 වන පිටුවේ සඳහන් වෙනවා.
‘ලෝකය පුරා සංහිඳියාව, ස්ථාවරත්වය සහ යුක්තිය ළගාකර ගැනීමට ගෙන ඇති ජාත්‍යන්තර ආරම්භකයන්ට අපගේ සහයෝගය දෙන අතර සයිප්‍රසය, ශ්‍රි ලංකාව සහ මැදිපරෙදිග වැනි වත්මන් හෝ පෙර අර්බුද කලාපයන් වෙනුවෙන් රාජ්‍ය දෙකක විසඳුම සඳහා අපගේ සහයෝගය පවත්වාගනු ලැබේ ’ යනුවෙන් එහි දැක්වෙනවා.
මොවුන් මේ උත්සාහ කරන්නේ දෙමළ ඊළම හදන්නයි. ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් තුළ දෙමළ ඊළම හෝ වෙනත් නමකින් හෝ දෙමළ රාජ්‍යයක් තිබිලා නැහැ. ඒ නිසා එවැනි රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටිමට ඔවුන්ට කිසිම සාධාරණ හේතුවක් නැහැ. එක්සත් රාජධානිය නම් හැදිලා තිබෙන්නේ උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය හා වේල්සය කියන රාජ්‍යයන් තුළ බලහත්කාරයෙන් ඈඳාගෙනයි. ඒත් අපි කලින් තිබුණ අවිදිහට මේ රාජ්‍යය බෙදන්න ඕන කියලා කවදාවත් පෙනී සිට නැහැ.
මේ මැතිවරණ ප්රකාශනය නිකුත් කර අදට දින අටක් ගෙවි යද්දිත් එක්සත් රාජධානියේ ඉන්න ලංකාවේ මහකොමසාරිස් මේ ගැන කිසිවක් ප්‍රකාශ කර නැහැ. ඔහු එක්කෝ දන්නේ නැහැ. නැත්නම් බෙදුම්වාදින්ගේ උවමනාව වෙනුවෙන් නොදන්නවා වගේ ඉන්නවා. මේ මැතිවරණ ප්රකාශනය හෙළා දැකලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්න බැරි නම් අවම වශයන් ඔහු මෙරට විදේශ ඇමතිව දැනුවත් කළ යුතුව තිබුණා.
මේ සම්බන්ධයෙන් වහාම ප්‍රතිචාර දක්වන්නැයි අප විදේශ ඇමතිතුමාගෙන් ලිඛිතවම ඉල්ලා සිටිනවා. එසේම එංගලන්තයේ ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින්ට එරෙහිව වහාම පියවර ගන්නා ලෙසද අපි ඉල්ලා සිටිනවා” යැයිද ඒ මහතා කීය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තේ ආක්රමණිකයින්ට මේ රට විනාශ කරන්න ඉඩ දිය යුතු නැත. ඔය බටහිර රටවල් කරන්නේ අන් රටවල් විනාශ කිරීමයි. එයට අපේ විරෝධය.
අපේ මැතිවරණ ප්‍රකාශනයේත් එංගලන්තය දෙකට බෙදිය යුතුයි කියා සදහන් කරමු.
සර් අපි එකට එකක් කරමු. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එංගලන්තේ නාකි ආච්චි පන්නන්න යෝජනාවක් ගේමු. එංගලන්තේ කෑලි 5කට බෙදන්න යෝජනා ගේමු. එතකොට ඒ අයට රිදෙයි.
දැන් අපි එයාලගේ යටත් වැසියෝ නෙවේ කියල එයාලට අමතක වෙලා වගේ.
මෙතුමා ජනාධිපතිවරණයේදී ගෝඨාභයට පක්ෂව හොද කාර්යය භාරයක් කළා. එත් එක්කම කැබිනෙට් තනතුරත් එපා කිව්වා. දැනටත් මොහු රට රැක ගන්න ගොඩක් මහන්සි වෙනවා. මේවායින් පෙනෙන්නේ මෙතුමාගේ අවංකකමයි. මෙතුමාව මීලග මැතිවරණයේදී අනිවාර්යෙන් පාර්ලිමේන්තු යවලා හොද තනතුරක් ලබාදිය යුතුයි.
මේ බොරුවලට රැවටෙන්න එපා සහෝදරවරුනි. දැන් කොන්ද පණ ඇති නායකයෙක් ඉන්නවානේ. එයා බලාගනීවි මේක. හැමදාම ඔයවගේ කොළ උස්සගෙන වේදිකාවල මොරදෙනවා දැකලා තියෙනවානේ. ඒ එකක්වත් ප්‍රයෝජනවත් දෙයක් වුනාද ? පට්ට බොරු. මේ රට වෙනුවෙන් කරපු එක දෙයක් කියන්න බලන්න ඔහේ නැහැ. කරපු කෙන්ගෙඩියක් නැහැ. කරන්නත් බැහැ. ජනාධිපතිවරනෙදි ඡන්දෙ ඉල්ලන්න තිබුනානේ. එහෙනම් දිනලා ඔය ඔක්කොම විසදන්න තිබුනානේ. දන්නේ අනුන්ගේ වැරදි කියන්න විතරයි. අපි ගෝඨාභය මහතා පත්කළේ ඕවා නිවැරදි කරගන්න තමයි. ඔහේ කලබල නොවී එතුමාට වැඩේ කරගන්න දීලා පැත්තකට වෙලා ඉන්නවා හොදයි.
බලන් ගියාම මෙයා නොදන්නා දෙයක් නැහැනේ. මෙයාව පත්කරන්න ඕනේ ජත්‍යන්තර උපදේශක විදියට ..
අනේ ගම්මන්පිල මහත්තයෝ ලංකාවේ ඉන්න අහිංසක මිනිසුන්ව ඔහොම ඉස්කෝලේ යවන්න එපා. මමත් ඉන්නේ එංගලන්තේ දොස්තර කෙනෙක හැටියට වැඩ කරන්නේ. දැන් අවරුදු 30 ක් විතර. ගිය සතියේ මම මගේ ඡන්දය දුන්නෙත් (තැපැල්) කොන්සවේටිව් පක්ෂයට. නමුත් ඔයා කියනකම් "එංගලන්න පාර්ලිමේන්තු මැතිවරණයට කොන්සවේටිව් පක්ෂය ඉදිරිපත් කළ මැතිවරණ ප්රකාශනයේ ලංකාව රාජ්‍යයන් දෙකක් ලෙස බෙදිය යුතු බවට සඳහන් වනවා" අපිවත් දන්නේ නෑ. ඔයා ඕක කොහෙන්ද හොයාගත්තේ. මේ එංගලන්තේ අයට මේ දවස්වල ලංකාවේ වෙන දේවල් වලට වඩා ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. කොහොමද පියන් මහත්යාගේ නඩුව දැන්? අනේ මගේ කට කිව්වලු මේවගේ දේශප්රේමීයන්ට.
බොරිස් ජොන්සන්, මෙවර දිනන්නේ නෑ.
මෙයාට ප්රශ්නය තියෙන්නේ එංගලන්තේ ඉන්න මහකොමසාරිස් එක්ක වගේ පෙන්නේ
බයවෙන්න එපා බ්‍රෙක්සිට් එකෙන් පස්සේ එංගලන්තය කෑලි තුනකට කැඩෙනවා උතුරු අයර්ලන්තයයි, ස්කොට් ලන්තයයි. හැබැයි දුකට කාරණාව එංගලන්තයේ ඉන්න සමහර ශ්‍රී ලාංකිකයෝ හිතන්නේ එයාලත් සුද්දෝ කියලා. ලංකාවේ නිදහස් අධ්‍යාපනෙන් ඉගෙනගෙන රටට ආ වඩන අය
බොරු. තවදුරටත් මේ වගේ අයට රැවටෙන්න එපා. බොරිස් ජොන්ස්ටන් දිනුවත් එයාට ලංකාව බෙදනවාට වැඩිය විශාල අර්බුධ රාශියකට මුහුණ දෙන්න වෙනවා. බ්‍රිතාන්‍ය කෑලි තුනකට බෙදෙන එක නවත්වන එක, යුරෝපා හවුලෙන් වෙන් වෙන එක, රජ පවුලේ ඇතිවෙලා තියෙන අවුල් විසඳන එක, රටේ ආර්ථිකය ගොඩ ගන්න එක වගේ දේවල් ලංකාව බෙදන එකට වැඩිය බරපතලයි ගම්මන්පිල මහත්තයෝ. හැමදාම කළා වගේ බලය ලැබුනාට පසුවත් නිකන් බේගල් දෙසා බාන්නේ නැතුව රටට වැඩක් වෙන දෙයක් ගැන කතා කලොත් හොඳයි.
මේක මාත් දැක්කා..මේක නැවැත හරි ගැස්සුවා රාජ්‍ය 2 ක් කළ යුතු බවට මතයක් දරන්නේ ඊශ්‍රායලය සහ පලස්තීන සදහා පමණක් බවට. ඵබැවින් මෙම ප්‍රකාශය බොරුවකි.
කතා කලොත් මෝඩ කතාවක්. බොරු කියනවනම් අහු වෙන්නේ නැති වෙන්න කියන්න ඕන
ආයේ පටන් ගත්තා මහා ඡන්දය වෙනකම් මේක කියාවි
වව්ලගේ ගෙදර හියාම එල්ලිලා ඉන්නේ නැතුව කොට්ට මෙට්ට අස්සේ තියන දේවල් වලට හොට දාන්නේ නැතිව දෙන දෙයක් කාල ඉන්න. ඔය මෝඩ අදහස් මහා ඡන්දෙට තියා ගන්න එපානේ. ජනාධිපතිතුමනි, මෙන්න මේ සෙට් එක ගෙන්නලා පහල බාලාංශේ ගුරුවරයෙක් ගෙනල්ලා මේ වෙලාවේ කියන නොකියන දේවල් පිළිබදව පන්තියක් තියන්න. මංමාවත් පිරිසිදු කිරීම, නගර ලස්සන කිරීමට තරුණ තරුණියෝ ස්වේච්ඡාවෙන්, උනන්දුවෙන් කටයුතු කරන වෙලාවේ ලෝකය බලාගෙන ඉන්නවා අපේ රට දිහා , ඔබතුමා දිහා. ඔබතුමාගේ ඉදිරි ගමනට මේ අය වනයක් වෙන්න පුළුවන්. දැන්මම පැලේ කප්පාදු කළේ නැතිනම් මේ පඳුර මුළු වගාවම විනාශ කරයි .
ඒ බව එහි 53 පිටුවේ මෙසේ සඳහන්වේ. Promote our values From helping to end the slave trade to tackling modern slavery, the UK has long been a beacon of freedom and human rights – and will continue to be so. We are proud of our peace-building and humanitarian efforts around the world, particularly in war-torn or divided societies, and of our record in helping to reduce global poverty. We will continue to support international initiatives to achieve reconciliation, stability and justice across the world, and in current or former conflict zones such as Cyprus, Sri Lanka and the Middle East, where we maintain our support for a two-state solution
ගමන්පිල පෙන්වන දෙය සත්‍යයකි. කරුණාකර මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ 53 වන පිටුව බලන්න. පහත දැක්වෙන්නේ එම නිස්සාරණයයි. Promote our values From helping to end the slave trade to tackling modern slavery, the UK has long been a beacon of freedom and human rights – and will continue to be so. We are proud of our peace-building and humanitarian efforts around the world, particularly in war-torn or divided societies, and of our record in helping to reduce global poverty. We will continue to support international initiatives to achieve reconciliation, stability and justice across the world, and in current or former conflict zones such as Cyprus, Sri Lanka and the Middle East, where we maintain our support for a two-state solution.
එන මහා මැතිවරණය පළාත් සැබෑ අහෝසි කරන්න තුනෙන් දෙකේ ඉලක්කයකට යන්න පුළුවන් මේ රටේ මහජන මුදල් කාබාසිනියා කරන පළාත් සභා අහෝසි කිරීම රටට යහපතක්. ප්‍රාදේශීය සභා වලට පුළුල් බලතල දීමෙන් රටේ දියුණුව කර යාම ඉක්මන්.
රෝහිත මහතා වෙත, ඔබතුමා ඔය ප්‍රතිපත්ති ප්‍රකාශයේ PDF එක බාගත කරලා බලන්නකෝ. ඒකේ ලස්සනට තියෙනවා "two- state nation" කියලා. අනේ.. ඔබතුමා ඡන්දේ දීලා තියෙන්නේ ලංකාව දෙකට බෙදන්න නේද?
රුහුණු මායා පිහිටි කියල ලංකාව පාලන තන්ත්ර තුනකට බෙදිලා වෙනම පාලකයෝත් හිටපු කාලෙකුත් තිබුන නේද???
එංගලන්තෙට රිදෙන්න දෙන ක්‍රම තියනවා එංගලන්ත මහ කොමසාරිස් කාර්යාලය වටලන්න ඕනේ. එතන මාරාන්තික උපවාසයක් ආරම්භ කරන්න ඕන. දේශ මාමක විමල් ඇතුළු තව අය ගෙන්නලා කොමසාරිස්ව අරගෙන අපේ ජනාදිපතිතුමා ලගට අරන් ගිහින් නිදහසට කරුණු විමසලා.. රටින් පිටවෙන්න නියෝග කරන්න ඕනේ..
දැන් රනිල් ,සජිත් , සාගල , අකිල ඔය යූ.එන්.පී. එකේ ඉන්න ලොක්කෝ ටික , ජම්පර කතාව කියපු උන් ටික , මොනවද කියන්නේ බලමු .. අම්මෝ රතු අලි පැටිය. ඔන්න ඩයිනමෝව වැඩ කරනවානම් පෙන්වන්න වෙලාව. ස්විස් කතන්දරේ දී උඩ පැනගෙන ආණ්ඩුවට බැන්න ජේ.වී.පී., ,යූ.ඇන්.පී. අයියලා ගේ කටවල් දැන් වැහිලා .පුළුවන් නම් ස්විස්ටර්ලන්ත එම්බසියට කියමුකෝ බලන්න අර කෙල්ලව ප්‍රශ්න කරන්න දෙන්න කියල
ඔව් ඔව් බොරු කියල මහා මැතිවරණය දිනන්න බලන්න.
අකලංක මහතා කිව්වා වාගේ විමලේ උපවාසය කරලා මහින්ද රාජපක්ෂ මහතා අතින් ලෙමන් පෆ් කාලා වතුර බිලා නාටකය අවසන් කරන්ඩ ඕනේ.