හැම මිනිත්තු අනූවකට වරක්ම ශ්‍රී ලංකාවේදී කාන්තාවක කෙලෙසීමට ලක් වෙතියි කාන්තා අයිතිවාසිකම් පිළිබද සංවිධානය කියයි.
කාන්තාවන්ට හා දරුවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය අතින් ශ්‍රී ලංකාව ලොව පස් වෙනි ස්ථානය ගන්නා බවත් කාන්තාවන්ට ගරු සරු කිරීමක් නැති පරිසරයක් යටතේ ශ්‍රී ලංකාවේ කතුන් ජීවත් වන බවත් එම සංවිධානය කියයි.
පොදු ප්‍රවාහන සේවා පාවිච්චිකරණ කතුන්ගෙන් 95% ක්ම නොයෙකුත් අතවර වලට ලක්වෙතියිද අපරාධකරුවන්ට හා ප්‍රාදේශීය දේශපාලකයන්ට දඩුවමකින් තොරව ඔවුන්ගේ මැරකම් වලට ඉඩ දී ඇතැයිද එම සංවිධානය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරුශාධිපතියෝ මේකටත් ගැහැනුන්ටම බැනලා අත පිහදමා ගනී. තමන්ගේ හැදියාව බල්ලට ගිය එක අමතක කරාවි.අපේ අඩුම ප්‍රශ්නයක් වෙන්නේ ඊනියා සුචරිතවාදින්ට මිස මහත්මයන්ට නොවේ.විනයක්,හැදියාවක් ඇති මනුස්සයන්ට නොවේ. උදාහරණ ලෙස බටහිර පිරිමි. (දී)
සුද්දන්ට එන්න කියල ලංකාවේ ජුතක බමුණු පිරිමින්ට පන්ති පවත්වමු. හැසිරෙන විදිය,විනය ගැන උගන්වන්ට බැරිනම් පොවන්න කියමු. (දී)
ලංකාව ලිබරල් වාදී වේවා!එහෙම වෙනකල් විනයක් නැති මිනිසුන්ගෙන් ගැනු බේරාගන්ට බැහැ. ප්‍රබුද්දයෝ සංස්කෘතික තර්ක ගැහැනුන්ගේ ඇදුම ගැන ඇදබෑවත් ඊනියා සුචරිතවාදී කුහකයෝ හතරවටින් වහගෙන බස් එකේ යන මුස්ලිම් කාන්තාවන්ටත් හේත්තුව දමනවා. ඇදුම නම් ප්‍රශ්නේ මොකෝ ඒ තිරිසන් වැඩ.... (දී)
කෝ සේනාව... කියලා අහන්න එපා. මේක එයාලගේ රාජකාරිය නෙමෙයි. (දී)
ලංකාවේ ඕනෑම ගැහැනියෙක් ට උසාවි යන්න පුළුවන් ලංකාවේ සෑම කාන්තාවකටම නිතියේ පිළිසරනක් තියෙනවා (අ)
මුලින් හොයලා බලන්න මේ කියන සංවිදානේ කව්ද කියලා. බටහිර අපට වඩා නරකයි. (දී)
කසාද බැදපු මිනිස්සු දන්නවා ඔය නෝනලා කියලා තියෙන තරම් ලේසියට ඕවා කරන්න බැහැ කියලා. අනේ නිකන් ඉන්න නෝනලා ... (දී)
ලංකාවේ කාන්තා අතවර වලට කතාකරන්න ඉස්සරවෙලා මැද පෙරදිග ඉන්න ලංකාවේ අහිංසක කාන්තාවන්ට වෙන හිරිහැර අතවර වලට විරුද්ධව හැම සංවිධානයක්ම ක්‍රියාත්මක විය යුතුයි.(නදී)
දියුණු ලෝකය සමග අපි ඉදිරියට මිසක් ආපස්සට යන්ට බැහැ. කලයුතු දේ දියුණු මනසක්, සංයමය පුහුණු කිරීම. බටහිර රටවල සුරංගනාවියෝ වගේ කෙල්ලෝ මේ කාලේ රස්නේ නිසා අදින හැටියට පාර දිගටම අතවර වෙන්ට එපායැ.අපිට කොතන හරි වැරදිලා නේද? (දී)
මේ සංවිධානය ගැන කිසිම තොරතුරක් නැහැ. කොහොමද මේ සංගනන කරන්නේ කියලා පැහැදිලිත් නැහැ. (නි)
පව් ජැක්සන් ලා හරිම අහිංසකයි (අ)
එක ඇත්ත සමහරුන්ගේ කතාවෙන් පේනවා ආණ්ඩුවට කඩේ යන බව මෙතැ වැඩියෙන්ම ඉන්නේ ජැක්කාරයෝ වගේ (අ)
මේක පිළිගන්න බැහැ.එහෙමනම් ලංකාවේ පාරක බැහැල යන්න ගෑනු කෙනෙක් හොයාගන්න බැරි වෙනවා.රටේ නීතිය සාදාරන නැති එක වෙනම ප්‍රශ්නයක්.එත් මේ සංවිදාන කියන තරම් අපේ මිනිස්සු නරක නැහැ. (දී)
කෝ මේවාට එරෙහිව නැගී හිටුඉන අය (දී)
බටහිර සංස්කෘතියේ අයිතිවාසිකම් උකහා ගැනීමට මාන බලන කාන්තාවාදී සංගම් ,,, සාරි සමාජයට මුවාවී පිරිමින්ට එරෙහිව අයුතු අයිතිවාසිකම් දිනා ගැනීමට යත්න දැරීම??????? (දී)
මේවා ගල් පැලෙන බොරු, ලංකාවේ ඇත්තටම කාන්තා හිංසනය අඩුයි පිට රට තමයි වැඩි, විදේශ රැකියා වලට ගිය කාන්තාවන්ට හිංසා නැහැ කියලාද හිතන්නේ (දී)
කතාවනම් දෝලාවෙන් ලංකාව තරම් කාන්තාවන්ට සලකන වෙන රටක් කොහින්ද (දී)
නමක් නෑ, ගමක් නෑ මේවට ඉඩ ලංකාවේ ?(නදී)
සමාජය තමයි වග කියන්න ඕනේ මේවාට (දී)
සමාජය පිරිහිලා කියන්නේ නිකන්ද (දී)
බටහිර සංකල්ප ඉදිරියට ගෙන ඒමෙන් පසු බටහිර සංස්කෘතියේ මුලික හරයන් වන නිරුවතට හා ලිංගිකත්වය ගැන නිරුත්තර වීමෙන්, කාන්තාවාදීන්ගේ නිරුවත සමාජය ඉදිරියේ සැගවෙන්නේ කෙසේද ? (නි)
මේවාට නිසි පියවර ගන්න ඕන (දී)
ලංකාවේ නීති තව ටිකක් තද කරන්න ඕනේ (දී)
මේ දේවල් ලංකාවෙන් ඉක්මනට අයින් කරන්න ඕන (දී)
කාන්තාවන්ගේ ඇදුම්වල අඩු පාඩු නිසා අපරාධ වෙනවා නම් හොදටම ඇග වැහෙන්න අදින අරාබි රටවල් වල වගේ.(නදී)
නීතිය රකින අය ඒවා කඩනවනම් තව මොන කතාද? )අ_
අනේ පහ මදිනේ.කොහොම හරි ට්‍රයි කරලා අඩුම ගානේ තුනටවත් එමුකො. නැත්නම් ආසියාවේ අශ්චර්යෙන් වැඩක් නැහැ.(නි)
අපේ බෞද්ධ රටේ මේ දේවල් තුරන් කරන්න ඕන (දී)
ප්‍රවාහනයේදී වෙන අතවර ගැන කතාකලොත්, මට කියන්න තියෙන්නේ ඒවාට කැමති කාන්තාවෝත් ඉන්නවා. මම බස් එකේ යනකොට එහෙම දේවල් නිතර දකිනවා. ඉතින් ඒවාට අකමැති කාන්තාවන්ටත් නිදහසේ බස් එකේ යන්න බැහැ එවැනි අනුබල දීම් නිසා. කාන්තාවෝත් මීට වැඩිය මේවා ගැන වගකීමෙන් වැඩ කල යුතුයි නේද ? ප්‍රවාහනයේදී සිදුවෙන අතවර වලට ඔවුන් විසින්ම අනුබල නොදිය යුතුයි කියලා මම හිතන්නේ. (නි)
යම් පුවතකට දාන අදහස් කියවලා යමක් ඉගෙනගන්නත් සමාජ යහපත උදෙසා නවමු අදහසක් කියන්න පුලුවන්නම් ඒ සදහාත් මේ තීරුව යොදා ගන්න කවුරුත් පෙලබෙනවා නම් යහපති. (නි)
මේවා බොහොමයක් සත්‍ය නොමැත .අපි පහ නම් මැද පෙරදිග අරාබි සහ බටහිර රටවල් ?ගල් පැලෙන බොරු.ඩොලර් ක්‍රියාත්මකයි. (අ)
ඔය 95% තමයි හලෝ කතිරේ ගැහැව්වෙත්. නයි රෙදි පල්ලේ දාගෙන කනෝ කනෝ කියනකොට අපිද උන්ව ඇදල දාන්න ඕනේ? (දී)
මේවා බොරු කියලා අහක දාන්න බැහැ. ප්‍රතිශතයේ වෙනස් කම් තිබෙන්න පුළුවන්. නමුත් ලංකාවේ කාන්තා හා බාල අපරාද හුගක් සිද්දවෙන්නේ පවුලේම ඥාතියන් අතින් හා මත් උවදුරු/බීමත් පුද්ගලයන් නිසාබව පැහැදිලි ඇත්ත. නීතිය වල් වැදීම තමයි ප්‍රදානම හේතුව, ඒ වගේම ඒ අපරාද කාරයන්ට ඇප ඉල්ලන ක්‍රමය අන්තිම අසදාරනයි. ධර්මද්වීපයට ගිය කලක්.(නදී)
අපේ රටේ කාන්තාවන්ට වෙන අතවර වැඩිවෙලා නෙවෙයි තියෙන්නේ, ගෑනුන්ගේ අතවර මානසිකත්වය වැඩිවෙලයි තියෙන්නේ. මේ රටේ ගෑනුන් හා ගෑනු ළමුන් මානසිකව පුරුෂකරණය කිරීම බටහිර කාන්තා විමුක්තිවාදයේ අනුග්‍රහයෙන් කලක සිට සිද්ධ වෙනවා. ඒ වගේම පිරිමි ලිංගිකත්වයත්, ලිංගිකත්වයේ ස්වභාවය ගැනත් වෛරය වැපිරීම මෙයටම සමගාමීව වෙනවා. අද ලංකාව පුරා සමලිංගික විකෘති කාම බලවේග හිස ඔසවමින් කල්ලි ගැහෙමින් සිටින්නෙත් මේ කාන්තා විමුක්තිය යටතේ. ඔය කාන්තා විමුක්තිවාදය ඔඩුගිය බටහිර රටවල් වලට අද වෙලා තියෙන දේ අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. අපේ සමහරු හිතන්නේ ඒ රටවල ප්‍රශ්න නැහැ කියලා. ඔය කාන්තා විමුක්ති විෂබීජය රිංගපු කිසිම රටකට සාර්ථක පැවැත්මක් නැහැ. අනෙක ලිංගිකත්වය සම්බන්ධයෙන් සමාජයේ තිබෙන විවෘත බව අඩුයි, කුහකකම් වැඩියි ලිංගික අතවර අර්ථ ගැන්විලා තියෙන විදිහ හොයල බැලුවොත් ඒ අර්ථකථන කොච්චර දුරට සාධාරණද කියලා හොයාගන්නත් පුලුවන්. මේ වගේ එන්.ජී.ඕ කල්ලි වලට ඕනෑ අතවර වලට මුවා වෙලා ලිංගිකත්වයේ ස්වභාවය ගැනයි පිරිමි ලිංගිකත්වය ගැනයි වෛරයක් ඇතිකරන්න මිස අතවර අඩුකරන්න නෙවෙයි. (නි)
කොලොන්නාව මංගලගේ කතාව එක්ක මමත් එකඟයි. (නි)
කුමාරගේ කතාවත් හරියට හරි. (නි)
ලංකාවේ අය ඒ තරමට ආදරේ ගැහැණියට. සිංහල කම ජාති හිතෛෂී කම බේරෙනවා .මෙන්න ඇත්ත .... (දී)
පස් වෙනි ස්ථානය? කලබල වෙන්න එපා. නොබෝ දිනකින්ම ආශ්චර්යමත් පළමුවෙනි තැනට ඒමට අපි වැඩ කරගෙන යනවා. (දී)
සියයට අනූ ගණන ගත්ත විදිය කොහොමද කියල කිව්වොතින් මේක විසදගන්න පුළුවන්. සමහර ස්තිවාදීන් ප්‍රසිද්ධියටත් මේ වගේ කතා කියලා මිනිස්සු ඇනකොටා ගන්න දිහා බලලා ඩොලර් සිනා පානවා.(නදී)
95%ක් මේ කතාව නම් පිළිගන්න අමාරුයි. සමහර විට පස්සට යන්න, මාරු සල්ලි දෙන්න, ඉක්මන් කරන්න කියන ඒවත් අතවර හැටියට සලකලාද දන්නේ නැහැ ගණන් හැදුවේ. ඕවා නම් පිරිමි අයටත් පොදු අතවර (දී)
නීල්රනාගේ කතාවට කටට මසුරන් දාන්න වටිනවා. නියම ඇත්ත කතාවක්. මසුරං නැති නිසා සිනි ටිකක් හරි කටට දානවා. (නි)
එලලුම් ගස ක්‍රියාත්මක කරමුද ?? (ත)
පිස්සුද ? මේ ධර්මද්වීපයේ මේවා වෙන්නේ නැහැ. හරක් මරනවා කියලා පෙළපාලි යන , ගිනි තියාගන්න අය ඉන්න මේ වගේ රටක ස්ත්‍රී දුෂණ වෙන්න පුලුවන්ද ? වහාම මෙම කට කතා පතුරුවමින් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරන කට්ටියට දඬුවම් දිය යුතුයි (දී)
සදාචාරය ගැනයි නීතිය ගැනයි බණ දේශනා කරන දේශපාලුවෝයි ඊනියා සමාජ ශෝධකයෝයි මොනවද කරලා තියෙන්නේ මේ ගැන. ගෑනු ළමයෙකුට හේත්තුවකින් තොරව බස් එකක යන්න බැහැ, පෝලිමක ඉන්න බැහැ. අම්මල කරගන්න දෙයක් නැතුව සුසුම් හෙලනවා තමන්ගේ දෑස ඉදිරිපිට කාලකන්නින් තමන්ගේ දුවට කරදර කරමින් බස්වල යන හැටි දැක දැක. කට අරින්නේ නැහැ කවුරුවත් රස්තියාදුකාරයින්ට බයේ. කොන්දොස්තර අහක බලාගෙන ඉන්නවා බයේ. කොන්දක් නැති පිරිමිත් ඒ ගොඩට වැටිලා අහක බලාගෙන ඉන්නවා. ඕක නෙමෙයිද ඇත්ත තත්ත්වය? (දී)
ලංකාවේ හැම ආණ්ඩුවක්ම පත්වුණේ ළමයින්ට සහ කාන්තාවන්ට උපරිමය කරනවා කියලා පොරොන්දුව පිට.නමුත් මේ වනතෙක් කරපු දෙයක් පෙනෙන්න නැහැ. ලගදීම අපි පළවෙනියා වේවි (නි)
කාමුකත්වය දනවන විලාසිතා සහ නොහොබිනා ඇඳුම් පැළදුම් සහ කාන්තාවන් ගේ හැසිරීමත් බලපානවා. අද අපේ දරුවන් සියල්ල ටෙලි නාටක වෙලා. හැම නාලිකාවකම පෙන්නන්නේ පිරිමි අවුස්සන කාමුක දේවල්. පතපොත අපෙන් දුරස් වෙලා. පලකරන හැම පුවත්පතකම වගේ තියෙන්නේ මොනවද? බලන්න කියවන්න පුළුවන් දේවල්ද? අන්තර් ජාලයේ තියන සමාජ වෙබ් අඩවි වල තියෙන්නේ මොනවද? පිරිමි බොහෝ දෙනා මත් වතුරට හා දුම් පානයට ගොදුරු වෙලා. ගුරුවරියන් දනගස්සන යුගයක අසිරිය තමයි මේ. (දී)
ළමා හා කාන්තා අමාත්‍යංශයට, බටහිර සමාජ සංකල්ප යොදා කාන්තා අයිතිවාසිකම් උරගා බැලීමෙන් හා බටහිර නිරුවත හා ලිහිල් පවුල් සංස්කෘතිය ගැන නිහඩව සිටීම තුලින්, ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් තුලින් ශ්‍රී ලාංකීය සමාජය නොමග යවමින්, වංචාවට ලක් කරයි. (දී)
කෝ බොදු බල සේනාව?(නදී)
පාර්ලිමේන්තුවෙත් කාන්ත නියෝජනයක් තියනවා නේද? කෝ එයාලා මේවට හඩ නගන්නේ නැද්ද? (නි)
ඕක චින්තනයෙත් තිබුණා (අ)
නීතිය අතට අරන් කාන්තාවන් විශාල ගණනකට අතවර කල හොරෝවූපොතාන පැත්තේ පොලිස් ලොක්කෙක් තාමත් නිදහසේ ඉද්දි තව මොන කතාද ? (ත)
ලංකාවේ මිනිස්සු උපන් රට හඳුන්වන්නේ මව් බිම ලෙස. තමුන්ගේ අම්මට කියන්නේ ගෙදර බුදුන් කියලා. ඒ මදිවට අම්මා බුදුවේවා කියා පච්චේකුත් පපුවේ කොටා ගන්නවා. "අම්මා නොමැති කල අප්පා කවර කල" කියා පියවරුන්වත් බාල්දු කරනවා. හැබැයි කමතේ ගොයම් පාගනකොට "මයේ අම්මා" කියා අමතන්නේ හරකවයි. තරහ වුනහම "තොගේ අම්මට ..." කියා පිහිය ඇදලා ගන්නේ තරහකාරයට අනින්නයි. ඉතින් මේ රටේ මිනිස්සු අම්මවත් බුද්ධත්වයේ සිට හරකා දක්වා දෙපැත්තට තල්ලු කරනවා නම් අනිත් ගෑනු ගැන කවර කතාද. එහෙව් උන්දැලගේ මායියලටත් දුවරුන්ටත් ගෞරව කරන්න විදේශිකයන්ටවත් මෙහෙට එන්න කියමු. (දී)
ඉන්ටෙර්නෙට් . ස්මාර්ට් ෆොනේ , පුද්ගලික රූපවාහිනී අත්‍යවශ්‍ය හේතු වලට සහ පුද්ගලයන්ට පමණක් සීමා කරන්න. අසංවර ඇදුම් මැසීම සහ ආනයනය තහනම් කරන්න. තාක්ෂණයේ දිවුනුව සදාචාරයේ පිරිහීමේ මුලික ස්ථානය වන්නේය. (ත)
ආමෙරිකාවෙ, සෑම විනාඩි 2 කට වරක් ඉස්ත්‍රී දුෂණයක් සිදුවෙනවා. ඉතින් ඒකට සාපේක්ෂව ලංකාව හොද නැද්ද? රටේ අපරාද අඩු විය යුතුයි. නමුත් අපි සියලු දේ මැනිය යුත්තේ සාපේක්ෂව නොවෙද? (නදී)
මේවා බොහොමයක් සත්‍ය නොමැත . මෙම සංවිදාන වලින් කරන්නේ කිහිප දෙනෙකුන් ගන්නා අදහස් හුවා දැක්වීමක්. බොහෝ විට අපේම රටේ සිටින අය ව්‍යාජ තොරතුරු මුදල් වෙනුවෙන් සපයනවා.(නදී)
අනේ අර බලසේනාව නිදිද?(අ)
මෙන්න මේ වගේ දේවල් වලට විරුද්ධව කව්රුත් ගිනි තියාගන්න ගියේ නැහැ නේද ? නිකන් කොහෙවත් නැති බෞද්ධකමක් ලංකාවේ තියෙන්නේ. (දී)
මෝඩ කතා කියවන්න එපා. දැන් එතකොට ලිහිල් පවුල් සංස්ථාවක් ඇති බටහිර අපට වඩා නරක වෙන්න එපැයි. (දී)
ඔය තියෙන්නේ පැටිකිරිය ලංකාවේ මාර පුත්තරයන්ගේ.... ඊනියා ජාතිකවාදී නරින්ට ආඩම්බරද? (දී)
ඊනියා සුචරිතවාදියෝ මේ දස්කම් වලට වගකියන්න ඕනෑ. (දී)
කෝ සේනාව....? (දී)
ම දන් නැති හින්දා අහන්නේ මේ කාන්තා අපචාර ගැන කියන සංවිදානේ මොකද්ද කොහේ එකක්ද? මම ඉන්නේ ඉතාලියේ දන්නා විදියට මෙහෙත් ඕනෑවටත් වැඩිය ඔය කියන අපචාර හිංසනයන් කාන්තාවන්ට තියෙනවා.(නදී)
කියන තරමටම යකා කළුද කියලා බලන්න මේ කියන සන්විදානේ කව්ද, මෙයාල තොරතුරු මුලාශ්‍ර ගන්නේ කොහෙන්ද කියලා මුලින් හොයල බලන්න ඕනෑ.මෙයාල අතවර කියලා දාන්නේ බස් එකක වෙන ඒවත් අල්ලලා වගේ. කොහොම වුනත් අන්තිම පරිච්චේදය බැලුවම මට නම් එන්නේ ලොකු සැකයක්. (දී)
අසංවර ඇදුම් කිවේ මොකට සාපේක්ෂවද.ඕක පුරුශාධිපත්‍යයට අයිසින් දමපු තර්කයක්.මොකෝ පිරිමින් ගැහැණුන්ගේ හැගීම් අවුස්සන ඇදුම් අදිනවා කියලා කවුරුත් කියල නැහැනේ.ඒ මොකෝ.... එහෙම කවුරුත් නොකියන්නේ. බයටද,සංස්කෘතික භීතිකාවක් නිසාද. (දී)