අන්තර්ජාලයේ ඔබ දකින ආහාර වල රසයන් එවලේම ඔබගේ දිව වෙත දැනවීමේ සමත් උපාංගයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවෙකු ප්‍රමුඛ සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇත.
මෙම උපාංගය නිර්මාණය කිරීමට මූලිකත්වය ගෙන ඇති නිමේෂ රණසිංහ මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධිධාරියෙකි. අනතුරුව මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස ඩයලොග් හා ඉන්ටර්බ්ලොක්ස් ආයතනයන්ගේ සේවය කර ඇති හෙතෙම 2008 වසරේදී සිංගප්පූරුව බලා ගොස් ඇත්තේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමටය. සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු හදාරා ඉලෙක්ට්‍රෝනික හා පරිගණක ඉංජිනේරු තාක්ෂණය සම්බන්ධයෙන් වන ආචාර්ය උපාධියක් ලබා ඇති ඔහු දැන් එම සරසවියේම පර්යේෂකයෙකු ලෙස සේවය කරමින් සිටී.
අප ආහාර ගැනීමේදී ආහාර ඛේටයේ දියවේ. මෙම දියවීමේදී ආහාර වලට රසයන් ගෙන දෙන රසායනිකද ඛේටයට එක්වේ. අපට රසය දැනෙන්නේ මෙම ඛේටයේ දියවූ රසායනිකයන් හමුවේ දිවෙහි ඇති රසාංකුර නම් රස හදුනාගැනීමේ සමත් සංවේදකයන් උත්තේජනය වීම නිසාය. තිත්ත,ලූණු,ඇඹුල්,පැණි ලෙස ප්‍රධාන රසයන් 4 ක් හදුනාගැනීමේ සමත් රසාංකුර වර්ග 4 ක් මිනිස් දිවෙහි පිහිටා ඇත.
ආචාර්ය නිමේශ රණසිංහ ඇතුලූ ඔහුගේ පර්යේෂකයන් පිරිස කර ඇත්තේ මෙම රසාංකුරයන් කෘතිමව උත්තේජනය කිරීමේ සමත් උපාංගයක් නිර්මාණය කිරීමයි.මෙහිදී ආහාර ගැනීමකින් තොරවම රස දැනගැනීමේ හැකියාව භාවිතා කරන්නාට ලැබේ.
ආචාර්ය නිමේෂ රණසිංහ පවසන ආකාරයට ආහාරයක zzරසzz දැනගැනීමට මෙම උපාංගය දිවේ තුඩින් මදක් ස්පර්ෂ කිරීම පමණක් සෑහේ.
මෙහි කි්‍රයාකාරීත්වය ගැනද පැහැදිලි කරන ඔහු අර්ධ සන්නායක වලින් නිර්මිත මෙම උපාංගයේ සිදුවන සියුම් උෂ්ණත්ව වෙනස් වීම් හා විද්‍යුත් ධාරාවන්ගේ වෙනස් වීම් මෙසේ දිවෙහි රස සංවේදකයන් උත්තේජනය කරන බව කියයි.මෙම උෂ්ණත්ව වෙනස් වීම් හා විද්‍යුත් ධාරාවන්ගේ වෙනස් වීම් පාලනය කරනු ලබන්නේ පරිගණක වැඩසටහනකිනි.එම වැඩසටහනද ආචාර්ය නිමේෂ රණසිංහ ප්‍රමුඛ පර්යේෂක පිරිසගේ නිර්මාණයකි.
රස දැනවීමට අමතරව ආහාරයක් පිළිඹද සැළකීමේදී සුවදද වැදගත් වන හෙයින් රසත් සුවදදත් දැනවීමේ සමත් උපාංගයක් නිර්මාණය කිරීමටත් සැළසුම් කර ඇතැයි ඔහු කියයි.
උපාංගයේ භාවිතයන් ගැනත් සදහනක් කරන ඔහු දියවැඩියාව ඇති රෝගීන්ට පෙර රස විදි සීනි සහිත ආහාරයක රස විදගැනීමේ හැකියාව මෙයින් ලැඛෙනු ඇති බව පවසයි.තවද විකිරණ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ටද මෙම උපකරණයෙන් ඔවුනට තවදුරටත් සුදුසු නොවන එහෙත් ඔවුන් පෙර රසවිදි ආහාරයන්ගේ රසයවත් දැනගැනීමේ හැකියාව ලැඛෙනු ඇති බව කියයි.
ඒ කෙසේ වුවත් මෙම උපකරණය නිර්මාණය කිරීමේ අරමුණ මිනිසා අතත්‍ය යථාර්ථයට තවදුරටත් ළං කිරීම බව ඔහු පවසයි. දැනටමත් යථාර්ථයට වඩා අතත්‍ය යථාර්ථය ජීවිතයේ කොටසක් කරගෙන සිටින මිනිසා හට මෙවන් උපාංග භාවිතයත් ඉදිරියේදී වැදගත් වනු ඇති බව ඔහුගේ අදහසයි.
ඉදිරියේදී කෙතරම් ලෙව කෑවද ඉවර නොවන සීනි වැඩි යැයි කරදර වීමට සිදුනොවන ඩිජිටල් ‘සීනි බෝලයකුත්‘ නිර්මාණය කිරීමේ අදහසකුත් තමන්ට ඇතැයි ඔහු කියයි.
තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම උපකරණය තවදුරටත් වැඩිදියුණු කිරීමට ආචාර්ය නිමේෂ රණසිංහ ඇතුලූ පර්යේෂක පිරිස බලාපොරොත්තුවෙන් සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශා නියමයි මල්ලි අපෙන් සුබ පැතුම් (අ)
ඇසට ඉලෙක්ට්‍රොනික රූපත්, කනට ශබ්දයත් පමණයි දැනට තිබෙන්නේ. ඔන්න දැන් 'දිවත්' හරි. මේ පුද්ගලයා සුවඳත් ඉලෙක්ට්‍රොනිකව දෙන්න සුදානම් බව කියනවනේ.හැබැයි, අනෙක් දේ සොයාගත් දාට තමයි ලෝකය අනික් පැත්ත පෙරලන්නේ. ස්පර්ශය! ඒකත් ඉලෙක්ට්‍රොනිකව හමු වුණොත් අපේ කාන්තාවන්ට කරදයක් නැතුව පාරේ බැහැලා යන්න පුළුවන් වෙයි. අනේ හොඳයි. (නි)
පාවිච්චි කරලම බලා තමයි අදහසක් දාන්න වෙන්නේ (නි)
අනේ! මේ වගේම කෑවේ නැතත් බඩ පිරුනා වගේ දැනෙන එකකුත් හදන්නකෝ. මේ බඩු මිල ඉහළ යන හැටියට ඔය ක්‍රමයට රස බලලා බඩත් පිරුනා කියලා දැනුනම 2500 න් විතර ජීවත්වෙන්න පුළුවන් වෙයි. (නි)
ලංකාවේ කොල්ලන්ගේ වැඩ ගැන සන්තෝෂයි. එහෙත් ඉදිරියට ඔක්කොම කෘතිම දේවල් වෙයිද කියලා බයයි. (නි)
නියමයි. ඔබට ජය! (නි)
සුභ පැතුම්! (නි)
මෙය මෙවන් දක්ෂයන්ට රජයේ උපකාර අවශ්‍ය මොහොතක් (නි)
ඔබ අපිට වගේම රටටත් ආඩම්බරයක් (නි)
මේ වගේ දක්ෂයන් අපේ රටට ගෞරවයක්. අපි මොවුන් තවත් දිරි ගන්වන්න ඕනෑ. රජය මීට වඩා මේ අය ගැන බැලුවොත් හොදයි නේද? (නි)
දයාබර සහෝදරයාණනි, ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්! ඔබ අප රටට සහ මිරීගමට මහත් ආඩම්බරයක්. ජය ශ්‍රී! (නි)
ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බරයි. ඔබට දළදා සමිදු පිහිටයි (නි)
නියමයිනේ (නි)
ඉතා අගෙයි (නි)
ඇත්තටම අපේ රටේ කෙනෙකුගේ දක්ෂකමක් වෙනුවෙන් අගය කරමි.(නදී)
නියම වැඩකාරයෙක්නේ (නි)
ලාංකික අප සැමට ගෞරවයක්. ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්. ඉතාලියේ සිට අපේ රට කන "මොළ" වලට වඩා රටේ නම්බුනාමය ආරක්ෂා කරන මේ "මොළය" අපිට ගොඩක් වටිනවා. (නි)
ලංකාවේ අපේ කොල්ලෝ ලොවම ජය ගන්න ඕනේ ඉදිරි පර්යේෂණ සාර්ථක වේවා ( දී)
නියමයිනේ (නි)
මම පර්යේෂකයෙකු නොවේ. එහෙත් සුවද නහයට දැනෙන තාක්ෂණික උපකරණයක් අද හෙට වෙළදපොලට එයි යැයි බල බලා හිටියේ ... (නි)
නියමයි (නි)
අපේ දක්ෂයෝ ඔක්කොම පිටරටවල (නි)
ඔබගේ උත්සාහයට සුබ පතමි.''අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී'' සිහියට නැගේ.ඒ වගේම 3453 ක් මෙම ලිපිය කියවද්දී , වෙන වෙන දේශපාලකයන්ගේ පුවත් වලට අදහස් දක්වන අපේ මිනිසුන් මෙම දිරිය ලංකා පුත්‍රයා වෙනුවෙන් එතරම් දිරි ගැන්වෙන අදහසක් සදහන් නොකිරීම ගැන කණගාටු වෙමි. (නි)
අපේ රටට ඔබ ලොකු ආඩම්බරක්. ඔබට සුබ අනාගතයක්. මගේ සුබ පැතුම්...! (නි)
මෙන්න ලෝකයක් වටිනා සිංහල කොල්ලෙක්. ලංකාවේ ඉන්න හැම ක්ෂේත්‍රයකම නිර්මාණශීලින් මේ නිමේෂව ආදර්ශයට ගන්න. ඉන්න රට මොකක් වුණත් කමක් නැහැ ලංකාවේ නම තියන්න. ලංකාවේ නව නිර්මාණ දියුණු කරන්න තාම ප්‍රාග් ධනයත්, යටිතල පහසුමත් ප්‍රමාණවත් නැහැ. කවදා හරි ඒ දේවල් ගොඩ නැගෙනතුරු දක්ෂයින්ගේ හැකියාවන් අපතේ නොයන්න ලෝකේ කොහේ හරි ඒවා ක්‍රියාවේ යොදවන්න ඕනෑ. නිමේෂ රණසිංහට සුබ පැතුම්.....! (නි)
ඔබට සුභ පැතුම්! (නි)
ඔබට සුබ පතමි. (නි)
මෙවැනි දක්ෂයන්ට රජය අත හිත දෙන්න ඕනෑ (නි)
නියම කොල්ලෙක්. සතුටුයි හොදේ. ඕක පාවිච්චි කරන විදිහත් කියන්න අපිට (නි)
ඔබගේ විශිෂ්ට හැකියාව ඉහළින්ම අගය කරමි. (නි)
සුභ පැතුම් ! (නි)
නියම වැඩක්.සුබ පැතුම්! (නි)
හැමදෙයක්ම මේ විදියට ආවොත් මොනවා වෙයිද? (නි)
ඔහු ගැන ආඩම්බරයි.එහෙත් මට නම් දිවේ රසත් සමග බඩත් පිරෙන්න ඕනෑ.බැරිද දන්නේ නැහැ මේක එම තත්ත්වයට දියුණු කරන්න? (නි)
සුභ පැතුම් නිමේෂ! ඔබ මුළු රටටම ආඩම්බරයක් ! (නි)
සුබ පැතුම්! ලංකාවේ ඉන්න තිබුණු වටිනා මොළයක්. කමක් නැහැ. සුදුස්සාට සුදුසු තැන ලැබෙන හොඳ රටකනේ ඉන්නේ. ඔබ ඉන්න රට දැනුමේ වටිනාකම හඳුනන, සුදුස්සාට සුදුසු තැන ලැබෙන, ජීවත් වෙන්න ඉතාම සුදුසු රටක්. (නි)
මෙහෙම ගියොත් තව අවුරුදු 1000ක් විතර යනකොට මැෂින් අපිව පාලනය කරයි, යටපත් කරයි. (නි)
හොඳ වැඩක්. ඔබට සුබ පැතුම්. නමුත් මෙමගින් අමාශයේ ආම්ලිකතාවය වැඩිවීමෙන් අතුරු ආබාධ ඇතිවීමේ අවදානමක් පවතිනවා නොවේද? (නි)
නියම කොල්ලෝ ඔබට ජය! (නදී)
නියමයි මරු කොල්ලෙක් ඔයාට ජය වේවා !!!!! (ස)
නියම කොල්ලෙක් ! ඔබට සුබ පතමි. (නි)
ඔබට ලාංකික අපගෙන් හදපිරි උණුසුම් සුබ පැතුම්...!!! ඔබ වැනි උගත් බුද්ධිමතුන්ට මෙන්ම සෞන්දර්යවාදීන්ටද ලංකාව හිතකර රටක් නොවේ. එහෙත් අපේ මී මුත්තන්ගේ, දෙමාපියන්ගේ අතීතය ගැබ්ව ඇති නිසා තවමත් මව්බිමට ආදරය කරමි. (නි)
නියමයි මල්ලියා. (නදී)
නිමේෂ් සොයුර, සුභ පැතුම් ඔබගේ නව සොයාගැනීමට. ඔබ, රටටත් විශ්ව විද්‍යාලයටත් මහත් ආඩම්බරයක්. ඔබට ඉදිරියටත් තවත් මෙවන් දේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!! (නි)
ලංකාවේ කොල්ලෝ හැමදේටම දක්ෂයි (නි)
දිවට රස, එතකොට බඩට හුළංද ? ඉක්මනින් මෙයට පේටන්ට් එකක් රැගෙන ලංකාවට ජය ගෙනෙන්න! (නි)
ඔබට සුබ පැතුම්! ඔබ ලංකාවේ ඉන්න ඕනෑ කෙනෙක්. ඒත් අපේ රටේ සුදුස්සාට තැන නොලැබෙන නිසා සියලුම දක්ෂයින් පිටරටවල. (නි)
හරිම සතුටුයි.ඔබට උණුසුම් සුභ පැතුම්.ලංකාවට ජය ගෙනෙන්න. (නි)
මන් හිතන්නේ යාළුවා ඔයත් ගෙර්මන්ය් ඒවි..........(අ)
ඔබට මමත් සුබ පතනවා (නදී)
මේක පාවිච්චි කර බලාම අදහසක් දමන්නම්. කොයි කලෙටද මෙය පිටවන්නේ? නැත්නම් ඕක තවමත් අත්හදා බලන එකක්ද? මේක හරිගියොත් ගොඩක් දේවල් වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් (නි)
අතිවිශිෂ්ඨයි. සුබ පැතුමි.(ස)
නියමයි නිමේෂ අයියා. මීරිගමින් බිහි වූ කොල්ලෙක්. මුළු රටටම ආඩම්බරයක්. ඔයාගේ ඉදිරි පර්යේෂණ තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා. (නි)
උපාලි, ඒ සොයාගැනීම දැනටමත් කර අවසානයි. ගූගල් එකේ සොයා බලන්න. (නි)
මටත් අත්හදා බලන්න තිබුනා නම්... (නි)
සුබ පැතුම්! දේශපාලනය කරන දක්ෂයින් හැරුණු විට අනෙක් අය රට හැර යනවා. (නි)
අපේ රටේ කොච්චර දක්ෂයන් බිහිඋනත්, එතුමලන් ගේ සේවය ලබාගන්ට දක්ෂ වෙන්නේ පිටරට ඉන්න මොළකාරයන්.අපේ මේ දේසපාලනය නිසා අපෙ රටට නැතිවෙන දක්ෂයන් ගැන හරිම කණගාටුයි (අ)
සුපිරියි.(නදී)
ෂා! සුපිරි වැඩක්නේ. හැබැයි ඉතින් ඕකෙත් අන්තයට යන්න හොඳ නැහැ (නි)