මුහුදුට ප්ලාස්ටික් ඇතුළු ඝණ අපද්‍රව්‍ය දමන රටවල් විස්ස අතරින් පස්වන ස්ථානයට ලංකාව පත්ව තිබෙන බව ‘ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිමිස් සගරාව කළ පර්යේෂණයකට අනුව අනාවරණය වී ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.
එම සඟරාවේ එමියි නොර්ඩම් සඳහන් කර ඇත්තේ ලොව පුරා රටවල් 192ක් පිළිබඳව අවධානය යොමු කර සාගරයට අධික ලෙස ප්ලාස්ටික් ඝණ අපද්‍රව්‍ය මුදා හරින රටවල් 20 නම් කළ බවයි.
එම අනුපිළෙවෙළ අනුව මුලින්ම ඇත්තේ චීනයයි. ඉන්දුනීසියාව දෙවැනි තැනටත්, පිලිපීනය තුන්වැනි තැනටත්, වියට්නාමය හතර වැනි තැනටත්, ශ්‍රී ලංකාව පස් වැනි තැනටත් ඇතැයි කාරියවසම් මහතා පවසයි.
ශ්‍රී ලංකාව වසරකට මුහුදට දමණ ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික්ටොන් 1.59ක් බව එම සඟරාවේ සඳහන්ය.
ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිමිස් සඟරාමවට අනුව ලංකාවේ සෑම පුද්ගලයකුම දිනකට කුණු කිලෝ 5.1ක් පරිසරයට මුදා හරින අතර ඒ අතර ග්‍රෑම් 300ක ප්ලාස්ටික් ද ඇතුළත් වෙයි. නිෂ්පාදිත කුණු ප්‍රමාණය ජනගහණයෙන් බෙදීමෙන් මෙම අගය ලබාගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ කසළ කළමණාකරනයට නිසි වැඩ පිළිවලක් නැති බවත්, දිනේන් දින ගොඩ ගැසෙන කුණු නිසා රටේ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කරයි.
මෙරට කුණු යනු පාතාල නායකයින්ගේ හා දේශපාලකයන්ගේ ආදයමි මාර්ගයක් වී ඇති බව ද, කසළ කළමණාකරන වැඩ පිළිවලක් සකස් කිරීමට යෝජනා කරමින් පසුගිය දෙසැමිබර් මාසයේ මිතොටමුල්ල ප්‍රදේශයේ සිදුකළ උද්ඝොෂණයට පහර දුන්නේද එම ආදායමි මාර්ග නැති වේයැයි බියෙන් විය හැකි බවය ද කාරියවසම් මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු කියන්නේ සල්ලි .මම ඉන්නේ මලයාසියාවේ මගේ රෙස්ටුරෙන්ට් එකෙන් දවසට කිලෝ 3 ක් දිරන කුණු දින 30 =90kg මගේ කඩේ නගරේ මැදක තියෙන්නේ .කුණුවලින් මිතෙන් ගෑස් හදනවා .ටයර් ටියුබ් වලට පුරවනවා .ගෑස් කුකර්යට ගහල වතුර උණු කරගන්න ,බතක් උයාගන්න . මාස 6 කට පස්සේ කුණු කොම්පෝස්ට් ,මම ඉන්නේ තැන ගොඩක් අය මගේ වැඩ දැකල යමක් ඉගෙනත් ගන්නවා . මොලයක් තියෙන්නේ හිතන්නනේ . මාසෙකට මම කුණු වලින් Rs 3000. ඉතුර කරනවා .තව සුරිය උදුනක් තියෙනවා. (ර)
මේවා මොන කුණු ද පාර්ලිමේන්තුවේ, පළාත් සභාවල, ප්‍රාදේශීය සභාව වල තියන කුණු වල හැටියට!(ම)
මේක විස්වාස කරන්න පුළුවන් කතාවක්ද ලංකාව අනික් රටවල් සමඟ සසඳලා බලනවිට භුමි ප්‍රමාණයෙන් මෙන්ම සංවර්ධන කාර්යන් වලින්ද ඉතා පහළ මට්ටමක තිබෙන රටක්. (ම)
අපි කුණු වලින් හරි වාර්තාවක් තියමු. (ර)
මදි මදි පලවෙනි තැනට එන්න ඕන. (ර)
පස්වැනි තැනින් නම් අපි සැහීමකට පත් විය යුතු නැහැ. සැමවිටම පළමු වැනි තැන ගැනීමට උත්සහ කල යුතුයි.(අ)
පළමුව දේශපාලන කුණු ගොඩ ඉවත් කරගැනීමට හැකි වන්නේනම් රටේ කුණු ප්‍රශ්නය විසඳා ගැනීම අපහසුවන්නේ නැත. (ර)
වින්සන්ට් ඔයා හරි.... ඒකම තමයි හරි උත්තරේ.. (ර)