මාර්තු මාසේ පැවැත්වෙන ජිනිවා මානව හිමිකම් සැසිවාරයේදි ශ්‍රි ලංකාවට එරෙහිව ගෙනෙන ඔනෑම යෝජනාවකට මුහුණ දීමට රජය සුදානම් බව එක්සත් ජාතීන්ගේ ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ මහතා එසැණට පැවසීය.
‘හැම දේම යහපත් විදියට විසඳා ගන්න අපි උත්සහා කරනවා. ගිය සෑරෙත් ලොකුවට සද්දේ දාගෙන ආවත් සාධාරණව ඒ හෑම ප්‍රශ්නයකින්ම අපි ජය ගත්තා. ගන්න ක්‍රියාමාර්ග දෑන්ම අපිට කියන්න බෑහෑ. නමුත් අපි සුදානම් කියලා විතරක් කියන්නම්. ‘ යැයි ද රිවිනාත් මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාමික,ඔයා කියන ඒවා මේ රටේ මිනිස්සුන්ට වැටහෙයිද කියන එකයි ප්‍රශ්නේ. (නි)
ගැහැණු දරුවෙකුට අාසාවට කියලා පොඩි රත්තරන් චේන්පටක් බැදගෙන පාරක තනිපංගලමේ යන්න බැහැ.බෙල්ලත් කපලා මරලා චේන් එකත් අරගෙන යනවා. එහෙම කාලයක් මේ (නි)
බඩ ගොස්ත්රේ රැකගන්න ඔහොම කිය කියා යන්. එතකොට වැඩේ වෙයි. (නදී)
ඔක්කොටොම මානව හිමිකම තමා අංක එක වෙලා තිබෙන්නේ. මේ ලෝකේ කන්න නැතිව,බොන්න වතුර පොදක් නැතිව මිලියන කියක් මැරෙනවාද? ඇයි ඒවට මුල් තැන දෙන්නේ? මානව හිමිකමට මුවා වි කොයි තරම් අපරාධ කරනවාද? ලෝතේ හැමතැනම මෙහෙමයි. මේ ලෝකය යන රටාව දැක්කම ඉදිරියට මිනිස්සු අල්ලපු ගෙදර මිනිහත් මරාගෙන කයි. ඒක නතර කලොත් කියයි ආහාර ගැනීම මානව අයිතියක් කියලා. මහන්සි වෙලා වැඩ කරලා තම තමන්ගෙන් ලොවට සිදු විය යුතු යුතු කම් ඉටු කරන්න. සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුය.(නදී)
තිලක්-ඩුබායි, ඔබගේ අදහස් ෆොන්සේකාට පක්ෂව බව තේරුණා. ඔබ දන්නවද අප රටට ජිනිවාවල කරුණු වලින් සුදු කොඩිය එසවුණ කියමන අපේ මාතෘ භූමියට කොතරම් බලපානවද කියා? එය එසේ නොවී තිබුනා නම් අද ජිනිවාවල උඩපනින දෙමළ ඊලාම් ජනයා අද ලංකාවේ ඒකීය රට තුල සාමයෙන් ජිවත් නොවන්නේද? (නි)
ඔබගේ දහිරිය අපේ සහය. (ස)
ඇමරිකාව, එංගලන්තය, අල්ලපු රට සමඟ බටහිරට කත්දින කී නොකී සියලුම රටවල් ජිනීවා එන්නේ ලංකාව ගස් බන්දල එයාලගේ කෙරුවාව ලෝකෙට පෙන්නන්න ,....... තව තරුණ කොල්ලෝ ටිකක් ත්‍රිවිද හමුදාවට බඳවාගන සුදානම් සරීරෙ කියල ඉන්න එක මීට වඩා හොඳ නැද්ද ? (ස)
කෝ අර වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන අය? ඒ අය අතට ගල් ටිකක් දෙමුද? (ස)
අපිට මතකයි පසුගිය කාලය... ඒ කාලෙ ඔය මානව හිමිකම් කියන දේ තිබුණාද මන්දා (නි)
ජානක 2013-12-12 00:15:58 අසාධාරනකන්, මිනීමැරුම්,හොරකන්, කප්පන්,විරැකියාව,දුශනේ, අතවර, ජිවන වියදම වගේ දේවලින් අපව පාලකයන්ට මිරිකන්ට පුලුවන්නම්.... විදේශිකයෝ අපේ උන්දලාව මාන්දම හැදෙනකන් හිරකරනවටයි මන් නම් මනාප....මමත් එකගයි. (ස)
අපේ අහවලාව යැවුවා නම් හරිනේ (නි)
මම හිතුවේ නැහැ අනඳ කොල්ලෝ පවතින ක්‍රමය සමග ගජේ ගහන්න මේ තරම් සමත් කියලා. ඕනේම දේකට සුදානම් කියන්නේ හෙට රනිල් බලයට පත්වෙලා උතුර වාර්ගික වාදීන්ට දෙන්න ඕනේ, හමුදාව මිනීමරුවා තමයි කියලා, තනතුර රැක ගන්න මෙයා එක පයින් ඒකත් අනුමත කරනවා. හුළඟ හමන පැත්තට රුවල් බඳින අය. (නදී)
මටනම් හිතෙන්නේ අපේ මුදල්වලින් ජිනීවා ගිහින් අපිට විරුද්ධව සාක්කි දෙන්නෙත් අපේම ඇමතිවරු තමා .මොකද එයාල ඒවි රහස්‍ය බවය 100% රකිනවා අනෙක සල්ලි කන්ද්දකුත් ලැබෙනවා ...මේක බොරුවක් නම් (ස)
ඔබ නම් සුදානම්, ඒ වුණාට, ප්‍රතිපලයේ අතුරුඵල විඳින්නේ අසරණ ලාංකික ජනතාව. (නි)
මොනවා වෙතත් රට බේරාගන්න එක කාගේත් යුතුකමක්. අනික අපි තරම් සාධාරණ විදියට මොන රටකද ත්‍රස්තවාදීන්ට අනුකම්පා කළේ, උදාහරනත් එක්කම දෙන්න පුළුවන්. ඔය ඇමරිකාව එක දවසකටවත් මෙහෙම කරනවද? (නි)
ආණ්ඩුවට නිර්දේශ කළොත් නරකද වර්තමානයේ සහ අනාගතයේදී ශ්‍රී ලාංකික අපේ මානව හිමිකම් , අයිතින් , රජයේ මුදල් ගසාකන ප්‍රාදේශීය දේශපාලකයන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. (නි)
අපි එපැයි විදවන්න (නි)
හැමෝම කතා කරන්නේ උතුරේ සහ නැගෙනහිර ජීවත්වෙන ද්‍රවිඩ ජනතාව ගැන විතරයි. රටේ අනිකුත් පළාත්වල ජිවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් අපගේ මානුෂික අයිතිවාසිකම් රජයේ නිලධාරීන් , දේශපාලකයන් විසින් දිනෙන් දින උදුරාගනිමින් අපිව දිනෙන් දින විනාශ මුඛයට ගෙන යනවා. උතුරේ නැගෙනහිර ද්‍රවිඩ ජනතාව ගැන කතා කරන්න ජාත්‍යන්තරයේ සහ රට තුල විශාල සංවිධාන පෙළ ගැසී ඇත.අපි ගැන කතා කරන්නේ ලංකාදීපය වැනි පුවත්පත් සහ මාධ්‍ය අතලොස්සක් පමණි. අපිට සාධාරණයක් සිදුවන්නේ කවදාද? (නි)
මෙරට අමුතුවෙන් පිටරැටියන්ගෙන් බේරාගන්න ඕෑ නැහැ. මේක බේරගන්න ඕනෑ මෙරටම මිනිස්සුත් එක්ක අපිට නොදැනෙන්න අපිව පිටරටට උකස් කරන දේශපාලුවන්ගෙන් නේද . (නි)
ඕනෑම දේකට සුදානම් වෙලා වැඩක් නැහැ.දිනන්න සුදානම් වුණා නම් තමයි හොද (නි)
මේ පාරවත් මොනවා හරි කරලා අපේ රට බේර ගන්න. සමහර දේශපාලකයෝ දන්නේ රට ඇතුළේ ඉදන් සද්ද දාන්න විතරයි (නි)
මට මතක් වෙන්නේ රතුපස්වල නිරායුධ අසරණ මිනිසුන්ට "පට පට" ගාල වෙඩි තියල අසරණ කොල්ලෝ 3 දෙනෙකුගේ ජීවිතය විනාස කල "මිනිස් සංහාරයි". (ස)
අල්විස් 2013-12-11 18:04:42"අපිට මේ රට වෙනුවෙන් සටන් කරන්න අමුතුවෙන් පුහුණු වෙන්න දෙයක් නැහැ. අපේ ශරීරයේ රුධිරය රට ගැන කැක්කුමෙන් කැකෑරිලයි තියෙන්නේ".තෙවරක් ජීවිතය පරිත්තියාග කරන්න එදිරියටම ගිය,රට නිදහස් කර දුන්නු ජාතික වීරයා ජම්පරයක් ඇදගෙන බෙලෙක් පිගානේ බත් කනකොට ඔහේ කොහෙද හිටියේ? (ස)
බාහිරින් එන ඕනෑම පීඩනයකට මුහුණ දෙන්න පුළුවන් එඩිතර නායකත්වයක් අපට තිබෙනවා. ඇතුළෙන් ඉඳගෙන කකුලෙන් අදින වැඩ නම් නවත්වන්න සිද්ධ වෙනවා. (නි)
අනද මවු කුසෙන් බිහිවුණ තවත් එඩිතර කොල්ලෙක්. යුද පෙරමුණ ජයගත් අනද පුතුන් මෙන් ඔබද මෙම අභියෝගය ජයගනු නියතයි. ඔබට ජය!!! (නි)
තරංග, සමහර දේශපාලකයෝ සද්ද දමලා විතරක් නවතින්නේ නැහැ.දෙනෝදාහක් බල ඉදිද්දි අමු අමුවේ මිනී මරනවා. කුඩු ගෙනෙනවා. ඉඩම් බලෙන් අල්ලා ගන්නවා. (නි)
අපේ රට වාසනාවන්ත, බුදුන් තුත් වරක් වැඩිය ලෝකේ උතුම්ම රට. ඒ වුනාට හවස හය පහු වෙනකොට තාත්තා පාරට යන්න ඕනේ දුව ගෙදර එක්ක ගෙන එන්න. සැමියා යන්න ඕනේ බිරිඳ එක්කගෙන එන්න. නැතිනම් ගෙදර ඒවිද කියලා සැකයි. ඔය උතුම් කම ගැන කයිවාරු ගහන අය කවුරු එහෙම නොකර දුවට කළුවරේ එන්න පුළුවන් මේ උතුම් රටේ කියල ගෙදර ඉන්නවද ? රටක් උතුම්ද නැතිද කියන එක තීරණය වෙන්නේ මහ පොලව නිසා නොවෙයි, ඒ රටේ ඉන්න මිනිස්සුන්ගේ හැසිරීම නිසා. (ස)
හා පුලුවන් නම් කියන්න නිව්ටන්ගේ තුන්වෙනි නියමය. (නදී)
අල්විස් .අර චොන්ටිනේර් ගණන් කුඩු ,ෆොර්මලින්,එතොනොල් ගෙනත් අපේ දරුවන් විනාස කරන ඒවටත් විරුද්ද වෙන්නකෝ. (ස)
ඔබතුමා අපේ රට වෙනුවෙන් ගිය වාරයේ බොහොම හොඳ අගය කරන්න පුළුවන් සේවයක් ඉටුකළා. ඒ වගේම මේ සැරෙත් ඔන්න කට්ටිය එකතු වෙලාලු. අපි මහත්තයෝ... වාසනාවන්ත රටක ඉපදුණ මිනිස්සු. අපිට මේ රට වෙනුවෙන් සටන් කරන්න අමුතුවෙන් පුහුණු වෙන්න දෙයක් නැහැ. අපේ ශරීරයේ රුධිරය රට ගැන කැක්කුමෙන් කැකෑරිලයි තියෙන්නේ. අපි බය වෙන්නට ඕනෑ නැහැ. රටට වින කරන අය එදත් හිටියා. අදත් ඉන්නවා. අපි දෙන්න පුළුවන් සටන දෙමු සර්. ඔබතුමන්ලාට පින් සිද්ධ වෙනවා (නි)
හිත ඇත්නම් පත කුඩාද, අධිෂ්ටානය ජයගනී. ඉදිරියටම යමු. (ස)
තිලක් මහත්තයාගේ මොලේ හිලක් වගේ. හිරකරුවෙක් නම් ජම්පරය ගහන්ට ඕන තමයි. නමුත් මම කිවේ අපේ රට ගැන මොලේ හිල් තියෙන කට්ටිය කරන ක්‍රියා වැරදි බවයි.. අපි ඒවාට බය නැතුව මුහුණ දිය යුතු බවයි. ඉන්දික මහත්තය හරියට කරුණු දැන කතා කරනවා. එතුමාට බොහොම ස්තුතියි.. (ස)
අසාධාරනකන්, මිනීමැරුම්,හොරකන්, කප්පන්,විරැකියාව,දුශනේ, අතවර, ජිවන වියදම වගේ දේවලින් අපව පාලකයන්ට මිරිකන්ට පුලුවන්නම්.... විදේශිකයෝ අපේ උන්දලාව මාන්දම හැදෙනකන් හිරකරනවටයි මන් නම් මනාප.... (ස)
සිතු දේ නොමවී නොසිතු දෙයක් වුනොත් තමය ප්‍රශ්නේ.(ස)
රිවිනාත් මහත්තයෝ මේක බුදුන් තුන්වරක් වැඩිය රට අපි බයවෙන්න කිසිම කාරණාවක් නැහැ. එයාලට කොරන්න දේකුත් නැහැ ! හැබැයි දැන් රට ඇතුලේ සිද්දවෙන මිනීමැරුම් ටික නවත්තගන්න පුළුවන් උනොත් ඒක අපිට ලොකු හයියක් වේවි.(නදී)
ලැබීම වෙනුවෙන් හඩ නගන ඔබ සැමට දීර්ඝායු. (නදී)
පාවාදීම් සිංහල රජ කාලේ සිට එන දෙයක්නේ.රටට ජාතියට ආදරය කරන නායකයින් ජාත්‍යන්තර අධිකරණයට කුදලාගෙන යනකම් සතුටෙන් බලාසිටින කොටසකුත් ඉන්නවා. (නි)
පිටබැද්දර ජයා, මේක බුදුන් තුන් වරක් වැඩිය දිවයින තමයි. හැබැයි බුදුන් අද හිටියා නම් මේ රටේ වෙන දේවල් දැකලා මෙහේ පස් පාගන්නේ නැතිවෙයි. ලංකාව. ඔබ කියන විදිහට රට ඇතුළේ සිද්ධවෙන දුෂණ , මිනි මැරුම් නවත්වන්න කියලා තමයි පිටරටත් කියන්නේ. නමුත් වෙන්නේ නැත්තේත් ඒකම තමයි. (නි)
ඇයි අපේ රටට බැරි ඔය "මානව හිමිකම් සැසිවාරයේදි" බ්‍රිතාන්‍ය අවුරුදු 300 කට වැඩි කාලයක් තිස්සේ ලංකාව පාලනය කරනකම් කළ මානව හිමිකම් උල්ලංඝනය කරපුවා ගැන හා උඩරට කැලෑ විනාශ කරලා වතු වගා කරලා හා වෙල්ලස්සේ අක්කර ලක්ෂ ගානක් කැලෑ ගිනිතියලා මේ රටට කළ පරිසර හානිය වැනි දේගැන කරුණු දක්වන්න? (නි)
සද්දේ අඩු කරලා ඔලුව පාවිච්චි කලොත් ජය ගන්න පුළුවන්. (ස)
අනවශ්‍ය දේවල් කතා නොකළ යුතුයි, අවශ්‍ය දේ පමණක් සෑහෙයි. ජය ශ්‍රී!!!! (නි)
රට පාවාදී හෝ තමන්ගේ සාක්කුව පුරවා ගන්නා අය බොහෝ ඉන්නවා (නි)