ශ්‍රී ලංකාවේ ඉපැදී ඔස්ට්‍රේලියාවේ පුරවැසි භාවය ලබා නව කතා කතුවරියක වී සිටින මිෂෙල් ද ක්‍රෙට්සර් බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ  පොත් සම්මාන උළෙළකදී  ප්‍රථම සම්මානය දිනාගත්තාය.

ඇයගේ සම්මානය වෙනුවෙන්  හිමි වු මුදල රුපියල් පනස් දෙලක්ෂයක් පමණ වේ.

‘ක්වේෂ්චන්ස් ඔෆ් ට්‍රැවල්’ (සංචාරයේ ප්‍රශ්න) නම් කෘතියට මේ සම්මානය හිමි විය. සම්මානය  රාත්‍රියේ ඇයට සම්මානය ගැනීමට නොහැකි වුයේ ප්‍රංශයට ගොස් සිටි නිසාය.ක්‍රෙට්සර් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුයේ 1972 දීය.මෙම තරගයට ඉල්ලුම්පත් 507 ක් ලැබී තිබිණි.