ශ්‍රී ලාංකිකයන්ට නැගී සිට තමන් සංහිඳියාව කෙරෙහිත් තිරසර සංවර්ධනය කෙරෙහි ගමන් කරමින් සිටින බවත් අභිමානයෙන් පැවැසිය හැකි බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ඌනා මැකෝලි අද (23) පැවැසුවාය.
ශ්‍රී ලංකාවේ අභියෝග මැද ක්‍රමයෙන් ඉදිරියට යන බවත් සියලු පාර්ශව ඊට සහයෝගය දැක්විය යුතු බවත් මැකෝලි කීවේ අද කොළඹ බිෂොප්ස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති 71 වැනි එක්සත් ජාතීන්ගේ දින සැමරුම් උත්සවය අමතමිනි.
“ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැදගත් හා ප්‍රධාන සාමාජිකයෙක් මිතුරෙක් පමණක් නොව, ප්‍රධාන දායකකරුවෙක්, ප්‍රධාන විශේෂඥයෙක්, ප්‍රධාන උපදේශකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය අද තිබෙන තැනට එන්නට සුවිශේෂී දායකත්වයක් දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ දිගු කාලීන සාමය, දේශගුණ විපර්යාස, සියලු දෙනාට රැකියා, දරුවන්ට අධ්‍යාපනය, නූතන ශ්‍රම බලකායට සම්බන්ධව විය හැකි සුදුසුකම්ලත් තරුණයන්, වැඩිවන වැඩිහිටි ජනගහනය ශ්‍රී ලංකාවේ අනාගත දැක්මට සම්බන්ධයි. තිරසර සංවර්ධන ඉලක්කවලින් අපි එම අරමුණු සපුරාගැනීම කෙරෙහි අවධානය යොමු කරනවා. සාම්ප්‍රදායික හා නූතන ක්‍රම භාවිත කරමින් අපි ඉදිරියට යන බව කීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුව තිබෙනවා. ඊට අප සියලු දෙනා සහයෝගය දිය යුතුයි. ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇප කැප වී සිටිනවා. ශ්‍රී ලංකාව ක්‍රමයෙන් ඉදිරියට ගමන් කරනවා. ශ්‍රී ලංකාව ඉහළ සංවර්ධිත රටක් බවට පත්වෙමින් තිබෙනවා. මේ සුන්දර දූපත තිරසර ඉලක්ක ළඟා කරගනිමින් සිටිනවා‘‘ යැයි ද ඇය කීවාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටනම් පේන්නේ සහජිවනේ සහජිවනේ කියාගෙන ඔයාලගේ අරමුණු වලටනම් ඉදිරියටම යන බවයි - ඔයාලගේ අණ සහ සැලසුම් අඩු නැතිව ඉටු කෙරෙන බවයි, රුකඩ නැටුම් නටන බවයි. අපිටනම් දැනෙන්නේ අභිමානයක් නෙවෙයි, විලි ලැජ්ජාවක් සහ ලොකු දුකක් රටන ඉදිරියට වෙන්න යන සහ වෙමින් පවතින ඇබැද්දියට! (බ)
හපොයි අපි නොදන්නා ඉදිරිය.....(බ)
ඒ වගක් අපි දන්නේ නැහැනේ. ස්තුතියි නෝනේ. (බ)
මට්ටක්කුලියේ වෙඩි තැබීමකින් හතරක් මරුට ඊලඟ නිව්ස් එක ‘ලංකාව ඉදිරියටම යනවා‘ මොනවයින්ද? (බ)
ඔවු අපි සංහිඳියාවත් එක්ක දැන් යන්න පටන්අරන්. ඔබ නොදැන හිටියට මහජනතාව එය දැනගෙන අවුරුදු 2 කට කිට්ටුයි. පෙරමඟ ලකුණු දැන් දැන් පෙනෙන්න තියනවා. (නි)
අනේ! එයාලා කොහොමද රටේ සැබෑ තත්වය ගැන දන්නේ? (නි)
මොන බොරුද කියලා තියෙන්නේ කියලා අපිට නම් හිතුනා (නි)
ඔව් ඔව්. මෙහෙම යනකොට ලංකාව ඉදිරියටම ගොස් නවතීවි (නි)
එදා සොළීන්, අද තමිල්නාඩු ද්‍රවිඩයන් අවුරුදු දහස් ගණනක් තිස්සේත්, බටහිර අධිරාජ්‍යවාදීන් අවුරුදු සිය ගණනක් තිස්සේත් කරගන්න බැරිවූ කාර්යය වර්තමාන පාලනය තුලින් කෙරෙන නිසා සතුටු ඇති (නි)
රටේ බහුතර ජනතාවට පේන්නේ හැමදෙයකින්ම පස්සට යනවා කියලා විතරයි (ම)