කොටි ත්‍රස්තවාදය පරාජයට පත්කළ යුදමය ක්‍රියාවලියේ අවසන් කාලසීමාවේ ජීවත්ව සිටි දෙමළ තරුණියක අත්දුටු සිදුවීම් විස්තර කළ " අවසන් අදියරය" නම්වූ වාර්තා චිත්‍රපටය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී තිරගත විය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සභාපති නෙස්බි සාමිවරයා විසින් සංවිධානය කැරැණු එම චිත්‍රපට දර්ශනයට සහ සාකච්ඡාවට මන්ත්‍රීවරුන් සහ විශේෂ අමුත්තෝ රැසක්ම සහභාගී වුහ.
කොන්සවේටිව් පක්ෂයේ ශ්‍රී ලංකා මිතුරු සංවිධානය ඒ සඳහා සහයෝගීතාවය දැක්වීය.
මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තන් වශයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරින් දොස්තර ක්‍රිස් නෝනිස්, සහකාර මහා කොමසාරිස් නෙවිල් ද සිල්වා සහ තානාපති නිලධරයෝද සහභාගී වුහ.
ශ්‍රී ලංකාව ගැන උනන්දුවක් දක්වන බ්‍රිතාන්‍යයේ වෙසෙන විවිධ ජන කොට්ඨාසයන්ට අයත් බොහෝ පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට විශාල උනන්දුවක් දැක්වුහ.
පාර්ලිමේන්තුවේ පොදුරාජ්‍ය මණ්ඩල ශාලාවේ ඉඩකඩ නොමැති වන තරමට විශාල සෙනඟක් මෙම සාකච්ඡාවට සහභාගීවුහ.
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයේ සැබෑ මුහුණුවර පිළිබඳව මෙන්ම එම දරුණු කාලසීමාව අවසන්කිරීමේ යුදමය ක්‍රියාදාමය පිළිබඳවත් ඔප්පු කළ හැකි සත්‍ය තොරතුරු ගෙනහැර පෑ අපක්ෂපාතී ස්වාධීන කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කළ වාර්තා චිත්‍රපටයක් ඉදිරිපත් ළ ප්‍රථම අවස්ථාව මෙය බව එහිදී ප්‍රකාශවිය.
" ශ්‍රී ලංකාව ගැන අපට කොතෙකුත් තොරතුරු අහන්න කියවන්න ලැබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය පිළිබඳව විකල්ප දෘෂ්ටිකෝණයකින් ඉදිරිපත්කල වාර්තාවක් දැක ගැනීමට ලැබීම ගැන ඉතාම සතුටු වන බව " රැස්වීම ඇමතු ඉයන් පේස්ලි මන්ත්‍රී වරයා කීවේය.
ඔහුගේ අදහස වුයේ මෙතෙක් කල් පැවතියාක් මෙන් ශ්‍රී ලංකාවේ යුද්ධයත් එයට අදාළ තොරතුරු සහ විශ්ලේෂණ ඉදිරිපත් කිරීමත් පිළිබඳව ජාත්‍යන්තරයට හෝ එක කණ්ඩායමකට හෝ තනි අයිතියක් තිබිය නොහැකි බවයි.
කොටි ත්‍රස්තවාදය අවසන්කිරීම පිළිබඳව මෙතෙක් පැතිරී තිබුණු සාවද්‍ය නිගමන සහ අසත්‍ය ප්‍රචාරයන් සඳහා අභියෝගාත්මක පිළිතුරක් ලබාදෙන මෙවැනි තොරතුරු හැකිතරම් දුරට ප්‍රචාරය කිරීම ඉතාමත් කාලෝචිත මෙන්ම වැදගත් වන බවද මෙහිදී පෙන්වාදෙනු ලැබීය.
මෙම චිත්‍රපටය ලොව වටා ප්‍රදර්ශනය කර හැකි තරම් දෙනාට දැකගැනීමට සැලැස්වීමට තරම් වැදගත් නිර්මාණයක් බවද බොහෝ දෙනෙක් පැවසුහ.
චිත්‍රපට දර්ශනය අවසානයේදී එහි අන්තර්ගතය පිළිබඳව පැවති සාකච්ඡාවට ලන්ඩන් නුවර විදේශ ප්‍රතිපත්ති විශලේෂණ ආයතනයේ මහාචාර්ය පෝල් මෝර්ක්‍රාෆ්ට් සමඟ චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායමේ රිචඩ් මුන්ඩි සහභාගී විය.
හමුදා මෙහෙයුම් පිලිබඳ මෙන්ම ජන මාධ්‍ය පිළිබඳවත් සුවිසේශී දැනුමක් ඇති මහාචාර්ය මෝර්ක්‍රාෆ්ට් " දෙමළ ත්‍රස්තවාදයේ පුර්ණ සංහරණය" නමින් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ සවිස්තරාත්මක තොරතුරු සහ විශ්ලේෂණ ඇතුල් ග්‍රන්ථයක් රචනා කළේය.
චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමේ රිචඩ් මුන්ඩි වසර දොළහකට වඩා ශ්‍රී ලංකාවේ ජීවත්වුවෙකි.
එනිසාම යුද්ධය අවසන්වීමත් ඉන් පසුව ශ්‍රී ලංකාවේ සියලුම ජනකොටස් ලබා ඇති අස්වැසිල්ලත් පිලිබඳ මනා අවබෝධයක් ඔහු සතුව ඇත.
ශ්‍රී ලංකාව පිළිබඳව ලොව පුරා සැලසුම් සහගතව හිතා මතා ප්‍රචාරය කෙරෙන අසත්‍ය තොරතුරු පිළිබඳව ඔහු කලක සිට කනස්සල්ලට පත්ව සිටියෙකි. මෙනිසාම ශ්‍රී ලංකාවේ පවතින ඇත්ත තත්වය ලොවට කියාපෑම සඳහා අපක්ෂපාතී වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා ඉදිරිපත්වූ කණ්ඩායමකට ඔහුගේ සහයෝගය ලබාදුන්බව ඔහු පවසයි.
මෙම චිත්‍රපටය තුලින් යුද සමයේ කොටි පාලනය යටතේ ජීවත්වූ ජයවර්ධනී නම්වූ ද්‍රවිඩ තරුණිය මුහුණ දුන් අත්දැකීම් අපක්ෂපාතීව ඉදිරිපත් කර ඇත.
රුවන් කුකුලේවිතාන විසින් නිෂ්පාදනය කැරුණු එම චිත්‍රපටයේ අධ්‍යක්ෂ වරයා ජීවන් චන්දිමාල්ය.
එම රැස්වීම සංවිධානය කිරීම පිළිබඳවත් ඒ සඳහා සහභාගීවීම පිළිබඳවත් කෘතඥතාවය පළකරමින් කොන්සර්වේටිව් පක්ෂයේ ශ්‍රී ලංකා මිතුරු සංවිධානයේ දොස්තර ලයනල් සමරසිංහ ස්තුති කතාව කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කලින් කරන්න තිබුන වැඩක් (අ)
මේ මවගේ හා දරුවාගේ ජීවිත අතිශය වෙහෙස වි ආරක්ෂා කර දුන් හමුදාවට හා වෛද්‍යය කාර්ය මණ්ඩලයට අපේ ප්‍රණාමය . ප්ලාස්ටික් සැත්කම් ඒකකය කල සේවය විශිෂ්ටයි.(නදී)
ලන්ඩන් වල අපේ රස්සාව බේර ගන්න ඕනා. කොටින්ට ඉඩ දීල මම ඉන්නවා. කවුද මෙහෙම කිව්වේ.(නදී)
මේ වැඩේ ගොඩක් අගේ කරන්න ඕනේ (දිල්)
වෛද්‍ය කාර්ය මණ්ඩලයට අපේ ප්‍රණාමය.(නදී)
හොඳ වැඩක්. තව මේ වගේ නිර්මාණ කරලා පෙන්වන්න.(අ)
දැන් හොඳටම පරක්කු වැඩියි. මහා කොමසාරිස් පෙරහැර යනකම් බලන් හිටියා, කොටිය හොඳට වැඩ කර ගත්තා. අගමැතිතුමා ලංකාවට ගිහින් නටපු නාඩගම මතකයිනේ. කම්කරු පක්ෂේ පැත්ත පළාතේ යන්න බැහැ. අපේ සහයට හිටියා කොන්සවේටිව් පක්ෂේත් දැන් නැහැ. ලංකාව කබලෙන් ලිපට වැටිලා තියෙන්නේ. රටට ආදරේ මිනිස්සු ඕන තානාපති කාර්යාල වලට. (අ)
ඉතා හොඳ වැඩක් (අ)
එළාර දුටුගැමුණු යුද්ධය වාගේ මේක හැමදාම කියයි. ගත්ත පියවර හොඳයි.(නදී)
පහු වෙලා හරි මේ වගේ දෙයක් කල එක ගැන බොහොම ස්තුතියි. කොච්චර කොටියා ඇත්ත යට ගහන්න හැදුවත් ඒක දිය යට තබන රබර් බෝලයක් වගෙයි. මොකද කොටින්ගේ හර්ද ශාක්ෂියම ඒක දන්නවා.(නදී)
ඉතාමත්ම කාලෝචිතව සිහි නුවනින් කරනලද නිර්මාණයක් සේම,රට වෙනුවෙන් කරන ලද ඉමහත් සේවයක්.මෙවැනි පුතුන් දෙව්යෝම රැක දේවා.(අ)
දැන් ප්‍රමාද වැඩියි අපට අවශ්‍ය ඉතා හොද, ලංකාවේ උපන් දැනුම ඇති තානාපතිවරයෙක්. (අ)
හොඳ වැඩක්. (අ)
ඇති යන්තම් එහෙම එකක් හරි හදල ප්‍රදර්ශනය කළාට. අපායට ගියත් ඉස්සර වෙලා යන්න ඕනලු .මමත් සරත්ගේ කීම තමා අනුමතකරන්නේ (අ)
විෂෙන් විෂ නසයි ගින්න ගින්නෙන් නිවයි ගොඩක් හොඳ වැඩක්. (අ)
කොටින්ගේ සහයට බ්‍රිතාන්‍යයේ වැඩිම මන්ත්‍රීවරු ගණනක් ඉන්නේ 2012 ඉඳලා. ඒකෙන්ම කෙරුවාව පේනවා. මෙතනට එකම එක කොටි හිතවාදී මන්ත්‍රීවරයෙක් ගෙන්න ගන්න බැරිවෙලා තියෙනවා. අපිට හිතවත් හරි හමන් එකම මන්ත්‍රීවරයෙක් නැහැ කතාකරන්න. (අ)
ඔව් සරත් ඔයා හරි කොටින්ගේ අපරාද ලෝකෙට පෙන්වන්න මේ අපට බෑණෙ රජය මේගැන තොරතුරු එකතු කරලා තානාපති වරු හරහා දැනුවත් කරන්න ඕනේ ?අඩුතරමේ ඒ රටවල කොටි ක්‍රියාකාරකම් ගැන හොයල රජයට දනුන් දෙන්න වත් පුළුවන්නේ (අ)
මේ වගේ දෙයක් කරන්නවත් අපේ මිනිස්සුන්ට පුලුවන් උන එක ගෑන මම සන්තෝෂ වෙනවා. මම බෑලුව මේ වීඩියෝ එක. ඒක සාර්තකයි. ඒත් මේවා අපිට ජාත්යන්තරයට ගෙනියන්න, ප්‍රසිද්ද කරන්න බෑරි එකයි තියෙන ලොකුම ප්‍රශ්නය. (අ)
චැනල් 4න් කවුරුත් ගෙන්නුවේ නැද්ද? නැත්නම් ආවේ නැද්ද? කැලම් මැක්රේට ආරාධනා කළේ නැද්ද? (අ)
බොහොමත්ම ස්තුත්යි, සියලු දෙනාටම පින්...(අ)
ඉතා වටිනා දෙයක්. මහ කොමසාරිස් තුමාට දිර්ඝායුෂ ලැබේවා. මෙවැනි අභීත කටයුතු සදහා තව තවත් ශක්තිය ලැබේවා.දායක වුණු සැමට පින්.(අ)
පහුවෙලා හරි මෙවැනි දේ කිරීම ගැන සතුටුයි. ඇත්ත කවදා හෝ ජය ගනීවි, මගේ රටට දළදාහිමි පිහිටාරක්ෂාවයි! (අ)
සත්‍ය සදා ජයගනිත්වා දායක වු ඔබ සැමදෙනාට මෙවන් හරවත් දෙය ලොවට කියන්න ශක්තිය ලැබේවා.(නදී)
බොරුවෙන් වංචාවෙන් ලෝකය නැවත නැවතත් මුලාවට හසුකරගන්නට යන පර කොටියන්ට හොද කනේ පහරක් සහබාගි උණු ජාතියේ උදාරතර මිනිසුනි ඔබලාට පින්.(නදී)