ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයට හොඳ රටක් බවත්, ලංකාවේ ආයෝජනය කිරීමට තමා ඉතා කැමැත්තෙන් සිටින බවත් ඕස්ට්‍රේලියාවේ කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සැසියේ දී පැවසීය.
විදේශ ඇමැති ජී එල් පීරිස් සහ වාරිමාර්ග ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සැසියට දෙස් විදෙස් ව්‍යාපාරිකයෝ 750ක් පමණ සහභාගී වී සිටිති.
වසර 20ක් 25ක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ රැසක් ද ඊට සහභාගී වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයිනි අවදිවව්. සිංහලයින් බේරාගනිව්.ලං වෙලා වැඩයි හොදටම.රට.ජාතිය රැකගනිව්.(දී)
සිංහලයිනි අවදිවව්. සිංහලයින් බේරාගනිව්.ලං වෙලා වැඩයි හොදටම.රට.ජාතිය රැකගනිව්. (දී)
ඔව් ඉතින් මේක තමා ලෙහෙසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් රට නේද පැකර් මහත්තයා. (ස)
උපාලි, නියම කතාව.අපේ රට ඉතාම වේගයෙන් ධනපති-නිර්ධන පන්ති අරගලයකට නැවත යන හැඩයි. (නි)
පැකර්ගේ වැරැද්දක් කියන්න බැහැ අපිට. මිනිහා හොද ව්‍යාපාරිකයෙක්. නමුත් මොහුව ලංකාවට ගෙනා අය දැන ගන්න ඕනෑ මේ කරන්නේ වැරද්දක් කියලා. මේවා විදේශ ආයෝජන නෙමෙයි. විදේශ විෂබීජ. නමුත් අපියි මේවට කවද හරි වන්දි ගෙවන්න ඕනෑ. (නි)
සියලු දෙයම විනාශ වෙන යුගයක ඉතින් කැසිනෝ ගහල සල්ලි කාරයෝ ටික දෙනෙකුත් ඉවර වෙනවා නම් කමක් නැහර. ඒත් අපේ සදාචාරය තමා බේර ගන්න ඕනේ. ඒකට ගෑනු ටික හරියට කෙලින් හිටියොත් හරි. පැකෙර්ට පස්සේ තව කී දෙනෙක් ඒවිද දන්නේ කොහොමද. සල්ලි කියල කැසිනෝ හොඳා කියන්නද. (ස)
ඕසන් සලාම් කටාර්, අපි තාම වැඩ කරන්නේ සිංහලෙන්. මෙම වචනය චෝගම් ඉංග්‍රීසි වචනයක්. තාම ලංකාවේ රාජ්‍ය භාෂාව දෙමල වුණේ නැහැ. ඔහෙට ඕනෑ විදියට අර්ථකතන දෙන්නට බැහැ (නි)
මේ දවස් වල ජේම්ස් පැකර් ගැන බොහෝ දෙනෙක් කතා කරන නිසා, එයා ගැනත් පොඩි විස්තරයක් ලියන්න හිතුනා.සමහරු මේ විස්තර ගැන කලින් අහලත් ඇති. ඉතින් නොදන්නා අයත් මේ ගැන දැනගෙන හිටියට කමක් නැහැ.මෙයා තමයි ඕස්ට්‍රේලියාවේ ඉන්න තුන්වෙනි පෝසතා. වයස අවුරුදු 46 යි. දරුවෝ 3 දෙනයි. වත්කම ඩොලර් බිලියන 6 යි. ලෝකයේ ධනවත්ම අය ගැන කතා කලොත්, මොහුට හිමි වන්නේ 198 වෙනි ස්ථානයයි. ඕස්ට්‍රේලියාව තුල මොහුට අයිති කැසිනෝ සංකීර්ණ [මෙල්බර්න් සහ පර්ත් නගර වල ] දෙකක් තිබෙනවා. 3 වෙනි කැසිනෝ එක සිඩ්නි නගරයේ සැදීමට සුදානම් වෙනවා.ඔහු එයට ආයෝජනය කරන මුදල ඩොලර් බිලියන 1.3 යි. ලංකාවේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන මුදල ඩොලර් මිලියන 350 යි. සිඩ්නි නගරයේ මොහු ජීවත් වන නිවසේ වටිනාකම [මාලිගාව කිවුවත් කමක් නැහැ] ඩොලර් මිලියන 52 යි. මොහුගේ පියා තමයි [කෙරී පැකර් ] ලෝකයේ එක් දින ක්‍රිකට් තරග වල නිර්මාතෘ වරයා. 90 දශකයේ මුල් කාලයේ මොහුගේ පියා තමයි ඕස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයා හැටියට කිරුළු පැළඳ ගෙන හිටියේ. (ස)
මේ කැසිනෝවට බයවෙන්න එපා. කැසිනෝ එන්න ඉඩ අරින්න. අපිට කර්මාන්ත ,වෙනත් යෝජනා එනවා. ඒ නිසයි අපේ රට සංචාරක කර්මාන්තය තෝරා ගත්තේ. දැන් බලන්න මාලදිවයින,සිංගප්පූරුව මොනතරම් දියුණුද. අපි කැසිනෝ කලාප ඇති කිරීමට ඉඩ දෙමු. අපේ මහනායක හාමුදුරුවරු පවා රජය ගෙනියන වැඩ පිළිවෙල අනුමත කරනවා. අපේ සහයෝගය රජයට සහ රජය ගන්න ඕනෑම තීරණයකට ලබා දෙමු. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. (නි)
දැනට කොළඹ නගරයේ තිබෙන කැසිනෝ හල් ගැන කිසි කෙනෙක් විරුද්ධව කතා නොකර මේ ජේමිස් පැකර් පටන්ගන්න හදන එකට විතරක් විරුද්ධව කතා කරන්නේ ඇයි? විදේශිකයෝ වෙනත් ව්‍යාපාර වලට ආයෝජනය කරනවා වගේම දැනට ලංකාවේ තිබෙන කැසිනෝ වලට ආයෝජනය කලත් වරදක් නැත. (දී)
ශ්‍රී ලංකාවට ආයෝජන කළාට නම් කමක් නැහැ. හැබැයි අපේ රට අපයෝජනය නොකර. ඔන්න කිවුවා සිංහලෙන්ම (නි)
ඔය බුරුව කුට්ටම ලස්සන ගැණු ළමයි එක විදිහකට බෙදුවහම 'කැසිනෝ'. අපේ ගමේ මිනිස්සු බීඩියක් බොන ගමන් තව විදිහකට බෙදුවහම 'බුරුව ගැහිල්ල'. කුට්ටමේ රජවරු හිනාවෙනවා ඇති මේ කතාව බිසෝවරුන්ට කියා කියා. (ස)
ජයන්ත ඉතාලිය මහතා රට බෙර ගන්න ඉතාලියේ ඉඳන් පුවත් පතට ප්‍රතිචාර දාලා වීරයෙක් වෙන්න බැහැ . යන්න ලංකාවට ගිහින් එහෙ ඉන්න අයට කෑ ගහල කියන්න සිංහලයන් බෙර ගනිව් කියල . නැතිනම් ඔයාගේ ජාත්‍යාලය අර වීදුරුවක් ඇතුලේ කුනාටුව වාගේ . සමාවන්න මෙහෙම කිව්වට (දී)
චමත්,ඔබේ කතාවට තව ටිකක් මම එකතු කරනවා.කෙරී පැකර් (ජෙම්ස් පැකර්ගේ පියා) බුලටින් කියලා සගරාවක් කළා.එම සගරවේ ඉන්දියානු ත්‍රස්තවාදී අතකොලුවට විරුද්ධ ලිපි පල වුණා (නි)
කැසිනෝ අනුමත කරන්න පුළුවන්කමක් තියෙනවද? මම නම් හිතන්නේ හාමුදුරුවරු කැසිනෝ වලට කැමති නැතුව ඇති. බලමුකෝ නේද? (නි)
මෙල්බන් කැසිනෝවේ හොදම සේවකයා වූයේ දෙමල සරණාගතයෙකි.ඔහුට විශාල මුදල් තෑගිත් හිමිවුණා. (නි)
ලංකාවේ ඉන්නේ හොදම හොද මිනිස්සුනේ (දී)
ලංකාවේ මිනිස්සු තවම හිතාගෙන ඉන්නේ ගල් යුගයේ ඉන්නේ කියලා. කැසිනෝ සුදු කියලා කෑ ගගහා ඉන්නේ නැතුව මේ වගේ දෙයකින් රටට වෙන ආර්ථික ලාබය ගැන හිතන්නේ නැහැ. අනික් රටවල් වලට ගිය මනුස්සයෙක් මෙහෙම කෑ ගහන්නේ නැහැ. හැමදාම එක තැන පල් වෙන්නේ නැතුව අලුත් විදියට පොඩ්ඩක් හිතන්න ගන්න (නි)
තුන්වැනි පන්තියට , මධ්‍යම පන්තියට , කැසිනෝ ගැන අමාරුව තිබුණට සුපිරි පන්තිය හරි අාසාවෙන් ඉන්නේ කැසිනෝ වලට. අපි ඕවට යන්නේ නැහැනේ.අපිට සල්ලි නැහැනේ නැතිකරන්න. (නි)
එහෙම කෙනෙකුගේ වත්පොහොසත්කම් චමත්ට ලොකුවට පෙනුනට අපට ඒවා ලොකු දේවල් නෙමෙයි (නි).
සරලවම මට නම් කියන්න තියෙන්නේ මේකයි. මට අවුරුදු 45ක් වෙනවා. ලංකාවේ කොච්චර තැබෑරුම් තිබුණත් මම තවම 5වැනි සිල්පදේ කඩලා නැහැ. ලංකාවේ කැසිනෝ දැම්මත් මං නම් යන්නේ නැහැ ඕවා ගහන්න. අනිත් අය ගැන නම් මං කියන්න දන්නේ නැහැ. ඒක ඉතින් ඒ ඒ අයගේ ආත්ම ශක්තියනේ (නි)
ඔය කැසිනෝ ගෙනෙන්න දඟලන අයට ඕකෙන් හානියක් නැහැ. ඔවුනුයි ඔවුන්ගේ ළමයිනුයි කොහොමත් ඔය කැසිනෝ, ක්ලබ්, කුඩු , ගණිකා සංස්කෘතිය එක්ක ඉන්න අය. (නි)
විවෘත ආර්ථිකයේ ඕවා සාමාන්‍ය දේවල්.කාටත් මොළයක් කියලා දෙයක් තිබෙන නිසා කැසිනො නොගහා ඉමු.සල්ලි තියෙන අය කැසිනො ගහපුදෙන්.රට දියුණු වෙනවා නම් එච්චරයි.සදාචාරය දියුණු කරන්න කොයිතරම් පන්සල්,පල්ලි,කෝවිල් මේ රටේ තියෙනවද? යකා කියන තරම් කළු නැහැ කිව්වලු (නි)
අපිට යන එන මං නැතිවෙයිද මන්දා? (නි)
ස්වීප් ටිකට් එකත් සූදුවක් තමයි. බොරුවට නටන්න එපා (නි)
අපේ කඩේ පිලේ බුරුව ගැහුවම පොලිසින්යෙන් අල්ලන් යනවා. අපේ මිනිස්සුත් සල්ලි හම්බවෙනවා නම් ඕනම දෙයක් කරයි. (ස)
කැසිනෝ වලට එළිපිට විරුද්ධ කට්ටියගේ හොර සුදු, හොර බුකි, හොර කැසිනෝ බොහෝ තිබෙනවා. මේ ළඟදි කොළඹ අල්ලපු සුපිරි බුරු පොලත් ඒ වගේ ලොකු නෝනා කෙනෙක් සහ තව ලොකු නිලධාරීන් කරනා ඒවා. එහෙම එකේ මේවා මෙපමණ තිබියදී මෙම කැසිනෝ හලට විරුද්ධ වන්නේ මොකටද? (නි)
ද්‍රවිධ භාෂාවෙන් "චෝගම්" යන වචනයට "දුක" යන්න තේරුම වේ. එනම් මෙවර "චෝගම්" එක මෙම සම්මන්ත්‍රණයට සුන්දරත්වය ගෙනදීම වෙනුවට සැබෑ චෝගම් නොහොත් දුක හා ශෝකය ගෙන දුන් එකක් බවට පත්වී හමාරය. මන්ද මෙම සම්මන්ත්‍රණයේ කතානායකයා බවට දැනටම පත්ව ඇත්තේ චාර්ල්ස් කුමරු හෝ අප ජනාධිපතිවරයා හෝ වෙනත් රටක වැදගත් නායකයෙකු හෝ නොව කොහෙදෝ යන සූදුකාරයෙක්වීම සැබැවින්ම ශෝක ජනක පුවතක් හැර වෙන කුමක්ද?. (ස)
සෙනරත්ගේ ප්‍රශ්නෙට ඔය කෑගහන කවුරුන් හෝ පුලුවන් නම් පිළිතුරු දෙන්නකෝ (නි)
මුළු ලංකාවටම හෙණ ගෙඩි පාත් කරන ඔය අරක්කු හදන සමාගම් කීයක් තියෙනවද ? දුම් වැටි හදන සමාගම් කීයක් ලංකාවේ තිබෙනවද? ඒවා කාටවත් පෙනෙන්නේ නැහැනේ.මේ සල්ලිකාරයෝ විතරක් යන එන තැනකට මොකද මෙතරම් විරුද්ධ? (නි)
අපි කැසිනෝ වලට කැසිනෝ කියලම කියමු, 'සූදු' නොකියා. එතකොට ඔක්කොම හරි. (ස)
මේ හැම නීතියම පොඩි මිනිහට විතරද? (නි)
අපේ රටට ගැළපෙන ව්‍යාපාරයක් කරන්න කියමු (නි)
හ්ම්ම්........................... කැමතිනම් එච්චරයි (දී)
අර පාරට බහින "නුවර" කට්ටිය තවම නිදිද කොහෙද ? (නි)
රටකට ගිය කලක්! අපි හීනෙකින්වත් හිතුවද රට මේ තරම් විනාශය කරා ගමන් කරයි කියලා. (නි)
රාජ්‍ය අනුග්‍රහය දෙනවා නම් කවුද අප්පේ අකමැති. (ස)