ඔස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දුපතට නාවික සැතපුම් අසුහතක් උතුරින් බෝට්ටුවක් ගිළි එහි සිටි ළදරුවකු මියගොස් අට දෙනකු ආගිය අතක් නැතැයි ඔස්ට්‍රේලියාව කියයි.
ඉන්දුනීසියාවේ සිට මිනිසුන් අනු හත් දෙනකු සමග යාත්‍රා කළ මෙම බෝට්ටුවේ ශ්‍රී ලාංකිකයන්ද ඇෆ්ගන් හා ඉරාන ජාතිකයින් සිටි බවට තොරතුරු ලැබී ඇත.
අසුඅට දෙනෙක් බේරා ගනු ලැබුහ. අතුරුදන් වු පුද්ගලයින් සොයා ඔස්ට්‍රේලියා ගුවන් හමුදාව හා නාවික හමුදාව මෙහෙයුම් ඇරැඹ්ය.
පසුගිය ජනවාරියේ සිට ඔස්ට්‍රේලියාව බලා දහතුන්දහාක් පමණ සරණාගතයින් පැමිණි බව ඔස්ට්‍රේලියාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි එකා පව්.(නදී)
ඉතාමත් කණගාටුදායක සිද්ධියක්. අනතුරට පත් සියලු දෙනාට ඉක්මන් සුවය පතමු. (නි)
අපිට නම් තේරෙන්නේ නැහැ ඇයි ඔච්චර අපේ රට දාලා මිනිස්සු පැනලයන්නේ කියලා. පිට රට ජීවත් වෙන අපිත් සිතන්නේ දැන් ලංකාවට ගිහින් හොඳ ආයෝජනයක් කරන්නට. ඒත් දැන් නම් එන්න එන්නම බය හිතෙනේවා.(නදී)