පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා සමාගමේ කළු සල්ලි තැන්පත් කළැයි කියන ලොව රටවල් 200ක ව්‍යාපාරිකයන් හා දේශපාලනඥයන් ඇතුළු පිරිස් අතර ශ්‍රී ලංකාවේ 40 දෙනකුගේද නම් ඇතැයි ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදය කියයි.
කලින් නම් හෙළි නොවුණු ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද සිටින බවත් පැනමාවේ මොසැක් ෆොන්සේකා නීතිඥ සමාගමෙන් කෝටි දස ලක්ෂයක් පමණ ලියවිලි පිටවී ඇතැයි ද කළු සල්ලි සුදු කිරීමටත් රට රටවල නීතිවලින් හා බදු වලින් පැන යාමටත් මෙම සමාගම උදව් කර ඇතැයි කියති.
ශ්‍රී ලංකාවේ 40 දෙනකුගේ නම් මෙම ලියවිලිවල ඇතැයිද ජනමාධ්‍ය සංසදය කියයි. මීට පෙර සඳහන් කැරුණේ ශ්‍රී ලංකාවේ 46 දෙනකුගේ නම් එම මුදල් තැන්පත් කළ අය අතර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑනම් මම කියන්නද නම් ටික? බය නැතුව ඇත්ත කියන්න ඕනෑ (නි)
මේ නාම ලේඛනය ඉක්මණින් දැනගන්නයි අපිට ඕනෑ (නි)
මේ නම් ටික ඉක්මනට හෙළිවෙන්න ඕනෑ. එතකොට තමයි ලොව පොහොසත් අය අතරේ ලංකාවේ 40 දෙනෙක් ඉන්නවා කියලා ලාංකික වශයෙන් අපිටත් ආඩම්බර වෙන්න පුළුවන් (නි)
බ්‍රිතාන්‍ය අගමැති ගේ නම, අයිස් ලන්තයේ අගමැතිගේ නම, රුසියාවේ ජනාධිපතිගේ නම හෙළිකරා ජනමාධ්‍ය වලින්, ඒත් අපේ රටේ අයගේ නම් හෙළි කරන්නේ නැහැ. අපේ අය එයාලටත් වඩා ලොකුයි නේද?(හේ)
ලංකාවේ හංගන්න බැරි නිසානේ එහේ හංගලා තියෙන්නේ. අනික ඕවා ප්‍රසිද්ධ කළයි කියලා ඇති වැඩකුත් නැහැනේ.සතියක් මාසයක් අවුරුද්දක් ඔය ගැන කතා කරයි.ඊටපස්සේ මට මතක නැහැ තමයි.(හේ)
අර වෙලේ ලිඳේ බාල්දියෙන් නාන එක්කෙනාගේ කොම්පැනියේ නමත් තියෙනවා (හේ)
ෂුවර් එකටම 46ක් ඇති 6 දෙනෙක් ගේ නම් හෙලි නොකිරීමට පගාවක් කාට හරි දීල ඇති ? (බ)
හතළිහයි පනහයි කියකිය ඉන්නේ නැතිව නම් ටික කිවුවනම් වැඩේ ඉවරයිනේ. වෙලාවකට මේ සංසද කාරයොත් අර මොකක්ද හංගගෙන මොකෙන්ද කෙලින්න යනවා වගේ වැඩ තමයි කරන්නේ. එක්කෝ ඔය කියන්නේ බොරුවක්. නැතිනම් නම්ටික කියන්න පණ බයේ ඉන්නවා. (බ)
හෙට උදේට බලාගන්න පුළුවන්. නම් ලිස්ට් එක අද රෑට ප්‍රසිද්ධ කරනවා (බ)
හයදෙනෙක් සල්ලි දීලා තමන්ගේ නම අයින් කරගෙන වගේ! (බ)
එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් දැනගන්න ලැබෙයි. (ර)
ලෝකයේ සිටින දරුණුම ගණයේ හොරු ටික ඉන්නේ කොහෙද කියලා අපි නම් එදා ඉඳලම දන්නවා. (නි)
මේවා මෙහෙම එළිවෙයි කියලා එයාලා කවදාවත් හිතුවේ නැතුව ඇති (නි)
කොහේ එළිකරන්නද නේද? අපිත් දන්නවා හේතුව. ඔන්න අර හැමවෙලේම කරළියට එන නමවත් තිබුණා නම් තකහනියේ එළිකරන්න තිබුණා. ඇඟ ලොකු මන්ත්‍රී කෙනෙක් සද්දේ දාගෙන ආවා ඒ නමත් තියනවා කියාගෙන දැන් ටික දවසකට කලින්. ලිස්ට් එක එළියට අාවට පස්සේ ඒ මන්ත්‍රී දකින්නවත් නැහැ (නි)
දැන්වත් මොවුන් ගැන හෙළිකරලා, ගසාකාපු ධනස්කන්දය රාජසන්තක කරලා කම්බා හොරුන්ට දැඩි දඬුවන් දෙන්න (නි)
රටේ දේශපාලනයේ බිම් මට්ටමේ අය පවා එක ගැහිල්ලකින් රුපියල් ලක්ෂ 66,000 ක් ගසා කාලා තිබුනා. මේවා ගැන පරීක්ෂණයක් කරන්නේ කවදාද?දඬුවම් දෙන්නේ කවදාද? (නි)
හෙට එෆ්.බී. එකෙන් ඔක්කොම බලාගන්න පුළුවන් අපිට (නි)
ඉතුරු නම් ටික කෙසේවෙතත් තවත් ගොඩක් දේවල් හෙට එළිවෙනකොට ඉල්ලා අස්කර ගනීවි (නි)
බලාගෙන යනකොට මේ ගණන නම් අපි හිතුවාට වඩා හොඳටම අඩුයි (නි)
අනිත් හය දෙනා කවුද කියලා කාට කාටත් හිතාගන්න පුළුවන්. (නි)
බලාගෙන යනකොට අපි හිතුවේ නැති නම්ලුනේ ඔක්කොම තියෙන්නේ. අපිට මෙදා පාර නම් ඇත්තටම වැරදුනා (නි)
මාර වැඩේ කියන්නේ අපි ගොඩක් විශ්වාස කළ අයමනේ පැනමා වල ඉන්නේ. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු (නි)