IMG-LOGO

ලෝකයම පිළිගත් නාද්රෝ (Nadroo)

ඔබ බොහෝවිට ලොව පුරා ජනපි‍්‍රය වූ විවිධ සංගීත කණ්ඩායම් ගැන අසා ඇති. ඔවුන් ඔවුන්ටම ආවේණික වූ සංගීත භාණ්ඩ වාදනය කිරීම ගැනත් ඔබ දැන ඇති. ශ්‍රී ලංකාවේ නාද්රෝ යනු එලෙසින්ම ලෝක සංගීත කරළියට ශ්‍රී ලංකාවෙන් දායාද කළ සංගීත කණ්ඩායමකි. සංගීත කණ්ඩායමක් යැයි කියූ විට ඔබ බොහෝවිට දැන සිටින්නේ වාදනය සමග ගීත ඉදිරිපත් කරන කණ්ඩායම් ගැනය. නමුත් ශ්‍රී ලංකාවේ ජනතාවට වඩා ලෝකයේ බොහෝදෙනා අතර ජනපි‍්‍රය මේ නාද්රෝ (Nadroo) සංගීත කණ්ඩායම යනු ගයමින් වාදනය කරන අය නොවේ. මොවුහු හරිම වෙනස්ය. බෙර වාදනයට හරිම රුසියෝය. රට රටවල විවිධ රිද්මයන්ට අයත් බෙර සහ එයටම සමගාමී වූ වාදන ශෛලීහු නාද්රෝ වාදනය කරති. එම වාදන රිද්මය විටෙක ඔබ මවිත කරවිය හැකිය. එම රසයේ මිහිරියාව විටෙක හරිම නැවුම්ය. ලෝකයේ විවිධ රටවල මිනිසුන් අතර මේ කණ්ඩායම වඩාත් ජනපි‍්‍රය ඒ නිසාමය. සංගීතයෙහි සොඳුරුම රසය ප‍්‍රකාශ කරන නාද්රෝ ගැන ඔබ දැනගත යුතුමය. කවුද මේ නාද්රෝ? නාද්රෝ සංගීත කණ්ඩායම පිහිටුවීමට මුල් වූ මුල් පුරුක වන්නේ රඛිත රුවන් වික‍්‍රමරත්නය. මොරටුවේ වෙසෙන රඛිත උගත්තේ කොළඹ රාජකීය විදුහලෙනි. ඉතා කුඩා කාලයේ සිටම ටින්, බෙලෙක්කවලට වාදනය කිරීමට තමා ආසා කළ බව ඔහු පවසයි. එනිසාවෙන්ම දෙමාපියන් ඔහුව කුඩා කාලයේදීම පියසාර ශිල්පාධිපතිතුමා යටතේ බෙර වාදනයට යොමුකර ඇත. එතැනින් ශිල්ප හැදෑරීම පටන්ගත් ඔහු රාජකීය විදුහල පවත්වන සාගා (SAGA) උළෙලේදී තාල වාද්‍ය භාණ්ඩ සමග අපූරු නිර්මාණයක් ඉදිරිපත් කොට තිබේ. ඉන්පසුව පාසලේ සිට සංගීතය කළ මිතුරන් සහ තවත් කීපදෙනෙකු සමග සයදෙනෙකුගෙන් යුත් නාද්රෝ අරඹා ඇත. මේ වන විට නාද්රෝ සංගීත කණ්ඩායම දස දෙනෙකුගෙන් සමන්විතය. 2008 දී ඔවුන් ඔවුන්ගේ ප‍්‍රථම ප‍්‍රසංගය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ අතර, පළමු නිර්මාණ එකතුව සහිත සංයුක්ත තැටියද ඉදිරිපත් කරන ලදී. මෙලෙසින් පටන්ගත් නාද්රෝ සංගීත කණ්ඩායම සිය නිර්මාණ ඉදිරිපත් කිරීමේ කාර්යය සඳහා යොදාගන්නේ ලෝකයේ විවිධ රටවලට අයත් බෙර වර්ගයි. මෙහිදී පෙට්ටියක් වැනි සංගීත භාණ්ඩය ලෝ ප‍්‍රකට  LP සමාගම නිපදවන ලද්දකි. ඔවුන්ගේ අනුග‍්‍රහය ලද ලෝකයේ සංගීත කණ්ඩායම් ඇත්තේ අතළොස්සකි. නාද්රෝ යනු LP නාමයේ අනුග‍්‍රහය ලද කණ්ඩායමක් වීම විශේෂත්වයකි. මෙම අපූරු බෙර වර්ගය ලතින් ෆර්ගෂන් හෙවත් ඇමරිකාවෙන් විකාශය වූ දෙයක් ලෙස සඳහන් කළ හැකිය. මෙලෙසින් විවිධ රටවල ආභාසය ලද බෙරවලින් සමන්විත සංගීත කණ්ඩායමක් ලෙස නාද්රෝ නම් කළ හැකියි. ‘ලොව පිළිගත් නාද්රෝ නාද්රෝ යනු ලෝකය පිළිගත් ශ්‍රී ලාංකීය සංගීත කණ්ඩායමකි. තාල වාද්‍ය භාණ්ඩ වාදනය කරමින් ඔවුන් කරන හරඹය සැබැවින්ම විස්මයජනකය. ලෝකයේ අද ඔවුනට ඉහළ තැනක් ලැබී තිබෙන්නේ ඒ නිසාමය. එමෙන්ම ඔවුන් එක රාමුවකට කොටු වූ තවත් සංගීත කණ්ඩායමක් නොවේ. මේ අය හරඹ පාන්නේ තාල වාද්‍ය වලින්ම පමණි. මේ අයට අපි‍්‍රකානු තාලයට, ඇමරිකානු තාලයට, යුරෝපීය ආදී ඔය කුමන රිද්මයකට වුව බෙර වාදනය කළ හැකිය. අද ලෝකයේ උසස් සංගීතය රසවිඳින අය අතර ඔවුන්ට තැනක් හිමිව තිබෙන්නේ එ නිසාමය. ඒ විස්තර සියල්ල අතරේ අපි එහි නියමු රඛිත රුවන්ගේ හඬට සවන්දෙමු. රඛිත මේ වගේ සංගීත කණ්ඩායම් ලෝකයේ තවත් තියෙනවද? ඔව්. නමුත්  LPසමාගමේ වෙළඳ සම්මානය ලද එකම කණ්ඩායම අපි විතරයි. අපි උදාහරණයකට ඔස්ටේ‍්‍රලියාවේ සංචාරය කළා කියමු. එවිට එහිදී අවශ්‍ය තාලවාද්‍ය භාණ්ඩ සියල්ල ලබාදීමට අනුග‍්‍රහය දක්වන්නේ LP සමාගමයි. මෙය ලෝකයේ තියෙන සංගීත භාණ්ඩ අංශයේ ලොකුම සමාගමයි. ඔවුන් හැමෝටම මේ විදියට වෙළඳ සන්නාම අනුග‍්‍රහය ලබාදෙන්නේ නැහැ. වාසනාවට අපට එය ලැබුණා.  ඛඡු සමාගම හැර ලෝ ප‍්‍රකට ජිබ්බ්‍රෙල්ටා (Gibreltar)  සමාගමත්, ශ්‍රී ලංකාවේ කික්කෝලා (Kik Kola) සමාගමත් අපට ප‍්‍රධාන අනුග‍්‍රහය දක්වන ආයතනයි. ලෝ ප‍්‍රකට LP සමාගමේ අනුග‍්‍රහය ලද තවත් සංගීත කණ්ඩායම් සහ නාමයන් සඳහන් කළොත්? මුළු ලෝකයේම 500කට වඩා නැහැ. ඒ අතරම ලෝ ප‍්‍රකට මැඩෝනා, යානි වගේ අයත් ඇතුළත්. මුළු ආසියාවටම ඛඡු අනුග‍්‍රහය ලද අය දහයකටත් අඩුයි. ශකිර් හුසේන් වැනි ලෝ ප‍්‍රකට සංගීතඥයන් සමඟ ශ්‍රී ලංකාවේ නාද්රෝ ඇතුළත් වීමත් සැබැවින්ම රටට ආඩම්බරයක්. ලෝකය පිළිගත් නාද්රෝ කණ්ඩායම ඇයි ලංකාවේදී නිහඬ? සංගීතය ලෙස ලංකාවේ බොහෝ දෙනා හඳුනාගෙන සිටින්නේ ගායනය විතරයි. සංගීතය කියන්නේ සිංදු විතරක් නෙවෙයි. නියම සංගීත රසය විඳින්නේ ශ්‍රී ලංකාවේ සුළු පිරිසක් විතරයි. ලංකාවේ මෙවැනි සංගීත ප‍්‍රසංග පැවැත්වෙන්නේ ඉතාමත් අඩුවෙන්. මේවා ලාබෙට පවත්වන්නත් බැහැ. මොකද අපි නිකම් බෙරවලට තට්ටු කරන අය නෙවෙයි. මේ වගේ දේ නිසා ලංකාවට වඩා ලෝකය අපව පිළිගෙන තිබෙන බව කියන්න පුළුවන්. නිකම්ම බෙරවලට තට්ටු කිරීම නෙවෙයි කිව්වෙ? තාල වාද්‍ය අංශයේදී තාලය ගැන වැටහීමක් තිබේ නම් මේසය, පුටුව, කෝප්පය, පිඟාන, ටින් බෙලෙක්ක ආදී  ඕනෑම දෙයක් යොදාගත හැකියි. උදාහරණයකට අපි ටොයෝටා ආයතනයට කළ දැන්වීම් දිහා බලන්න. එම අවස්ථාවේදී අපි යොදාගත්තේ මෝටර් රථවල යොදාගන්නා අමතර කොටස්. හොල්සිම් සමාගමේ හඳුන්වාදීමකදී අපි යොදාගත්තේ විල්බැරෝ, මේසන්හැඳි වගේ දේවල්. ඞීවා ඩිටර්ජන්ට් සඳහා සබන් පෙට්ටි, බෝතල්, පනිට්ටු, යොදාගත්තා. කික් කෝලා දැන්වීමේදී වගේම නව අවුරුද්දට ගැලපෙන විදියට වං ගෙඩිය, හිරමනය, පොල්කටු ආදී දේ යොදාගෙන නිර්මාණයක් කළා. මේ වෙනස ලංකාවේ පටන්ගත්තේ නාද්රෝද? නැහැ අපට හොඳ ගුරු පරපුරක් සිටිනවා. ඒ යටතේ අපි ශිල්ප හැදෑරුවේ, රවිබන්ධු සර්, පියසාර ශිල්පාධිපති සර් වගේ අය ලංකාවේ බෙරවලින් ලෝකයට ගිහින් පෑ හරඹ අති විශිෂ්ටයි. අපි‍්‍රකානු - ලතින් දේ අරගෙන අපි ගෙනා දේට ලෝකයේ තරුණ පරපුර අතර හොඳ රැල්ලක් ඇතිවුණා. ඒක රටකට ගියාම අපට තේරෙන දෙයක්. ලංකාවේ බෙරකාරයා කිව්වාම ඉතා පහත් මට්ටමින් බැලූවේ. ඒත් පියසාර සර්ලා ලෝකයට ගිය නිසා හොඳ පිළිගැනීමක් ලෝකයෙන් ලැබුණා. දැන් තියෙන්නෙ හොඳ සංකල්පයක්. පියසාර සර්, රවිබන්ධු සර්ලා පටන්ගත්ත දේ අපි වෙනස් විදියකට ඉදිරියට ගෙනයාම තමයි කරන්නෙ. ලෝකයේ සංගීත සමාගම් එකට ඒකරාශී කරලා පැවැත්වෙන ප‍්‍රදර්ශනයට ශ්‍රී ලංකාවෙන් ආරාධනා ලද එකම කණ්ඩායම නාද්රෝ නේද? ඔව්. එය අපි නිහතමානීව සඳහන් කරන්න කැමතියි. එහිදී ලෝ ප‍්‍රකට තරු සහ සංගීතඥයන් අපට හමුවනවා. දැනට සංචාරය කළ රටවල්වලින් ඔබට ලැබෙන ප‍්‍රතිචාර? ඉතාම විශිෂ්ටයි. අපි නරක නම් ඔවුන් අපට ආරාධනා කරන්නෙ නැහැ. අන්තිමට ඔස්ටේ‍්‍රලියාවට ගියාම අපි කළ ප‍්‍රසංගයෙන් පසුව ඒ රටේ ළමුන් මේ රිද්මය සොයා අහුවෙන අහුවෙන දේට තට්ටු කරන්න පටන්ගෙන. අනුන්ගේ දේ දිහා බලලා හූල්ලන අපි වගේ රටකට එවැනි ප‍්‍රතිචාර ඉතා ඉහළයි නේද? මේ විදියට රඛිත රුවන් වික‍්‍රමරත්න ප‍්‍රමුඛ නාද්රෝ ගැන කීමට ඇති දේ නම් බොහෝය. ඔවුන් ලෝකය පුරා ගොස් කළ ප‍්‍රාසාංගික දේ නම් බොහෝමය. ඒ ගැන තවත් බොහෝ දේ ලිවීමට පුළුවන. විටෙක ඔවුන් ලෝ ප‍්‍රකට ශකිරා, ෂැගී වැන්නවන් සමග මෙන්ම ඇලෙක්ස් අකුතා, ඩැනියර්ස්, ජියවානි හිඩැල්ගෝ වැනි අය සමග එකම වේදිකාවක හරඹ පෑවෝය. ඒ සියල්ලට අමතරව කසුන් කල්හාරගේ ලෙයිලා, ළහිරුගේ ළබැඳියේ, මීදුම් දුමාරේ වැනි ගීතවලටද සංගීතය මුසු කළේය. ඒ සියල්ල වෙතින් නාද්රෝ (Nadroo) පසක් කරන්නේ සංගීතයේ සැබෑ වින්දනයම  නොවේද? නාද්රෝ හිරුගේ නාද ඇදගන්නා සේ ලෝකය පුරා සැරිසරා හිරුගේ එළිය මෙන් දීප්තියක් ශ්‍රී ලංකාවට ගෙනෙනු ඒකාන්තය. ඔවුන් ගැන දැනගන්න අන්තර්ජාලයේ සැරිසරන්න. නැතහොත් 0710105105 අංකයට අමතන්න.

සටහන/ඡායාරූප  සඳුන් ගමගේ



අදහස් (0)

ලෝකයම පිළිගත් නාද්රෝ (Nadroo)

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 25 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 36 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1048 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 636 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 689 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


ඉන්ධන ලොරිය දොයි
2025 මැයි මස 14 1042 1

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1425 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1619 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 424 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site