IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ලෝකයෙන් ධීවර සහනයක් ගන්න පියවරක් තබයි

 

(අංජුල මහික වීරරත්න)

 ලෝක වෙළෙඳ සංවිධානයේ ධීවර සහනාධාර පිළිබඳ ගිවිසුමේ අදියර I ට එකඟතාවය  දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2017 වසරේදී ආර්ජන්ටිනාවේ බුවනෝස් අර්යස්හි පවත්වන ලද ලෝක වෙළෙඳ සංවිධානයේ 11 වැනි අමාත්‍ය සම්මේලනයේදී ධීවර සහනාධාර නියාමනය කිරීම පිළිබඳව ගෝලීය ගිවිසුමක අවශ්‍යතාව තහවුරු කර ඇත.

 ඒ අනුව, ලෝක වෙළෙඳ සංවිධානය 2022 වර්ෂයේ පැවති 12 වන අමාත්‍ය සම්මේලනයේදී ලෝක වෙළෙඳ සංවිධානයේ ධීවර සහනාධාර පිළිබඳ ගිවිසුම සම්බන්ධයෙන් වන කටයුතු අවසන් කර තිබේ.

එකී ගිවිසුම මඟින් නීති විරෝධී, වාර්තා නොවූ සහ අවිධිමත් ධීවර කටයුතු වලට දායක වන සහනාධාර තහනම් කිරීම, අධි අස්වනු කරනු ලැබූ මත්ස්‍ය තොග සඳහා සහනාධාර තහනම් කිරීම සහ අධිධාරිතාව හා අධික ලෙස මසුන් ඇල්ලීම සඳහා දායක වන සහනාධාර තහනම් කිරීම යන ප්‍රධාන කුලුනු තුන ආවරණය වේ. 

ඉහත සඳහන් පළමු කුලුනු දෙක  ඇතුළත්ව සකස් කරනු ලැබ ඇති ධීවර සහනාධාර පිළිබඳ ගිවිසුමේ අදියර I ට අනුමැතිය දීම 2023 වර්ෂයේ සිට ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජික රටවල් විසින් ආරම්භ කර ඇත. සාගර තිරසර භාවයෙහි ශ්‍රී ලංකා නායකත්වය ශක්තිමත් කිරීමට, ප්‍රධාන වෙළෙඳ පොළවල ශ්‍රී ලංකාවේ වෙළෙඳ තත්ත්වය ශක්තිමත් කිරීමට, ශ්‍රී ලංකාවේ ධීවර අංශය නවීකරණයට අත්‍යවශ්‍ය ධාරිතාව ගොඩනැංවීමට සහ තාක්ෂණික සහාය සපයා ගනිමින් ලෝක වෙළෙඳ සංවිධානයේ විශේෂිත ධීවර අරමුදලින් ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන පරිදි ධීවර සහනාධාර පිළිබඳ ගිවිසුමේ අදියර I අනුමත කිරීම පිණිස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා  සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

ලෝකයෙන් ධීවර සහනයක් ගන්න පියවරක් තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 352 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site