ලෝකයේ භායනකම සතුන් 25 වර්ගීකරණය කළ විට ඉන් විශේෂ 12ක් ශ්‍රී ලංකාවේ ගොඩබිම හා අවට මුහුදේ දැකිය හැකිවේ. මෙහි ප්‍රථම ස්ථාන තුනට පිළිවෙලින් මදුරුවා, අලියා හා කිඹුලා පත්ව සිටින අතර 25 වැනි ස්ථානයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ යාපනය අර්ධද්විපයෙන් මෑතක දී වාර්තා වූ රතු ගෝණුස්සා නම් සත්ත්ව විශේෂයයි.
1. මදුරුවා
කුඩා වුවත් ගම්මිරිස් ඇටය සැර බව නැවතත් පසක් කරමින් මදුරුවා ලොව භයානක ම සතුන් අතර මුල් තැනට පැමිණ ඇත. මදුරුවන්ගේ දෂ්ඨ කිරීමෙන් සෑදෙන ඩෙංගු, මැලේරියාව ඇතුළු රෝග වලින් වසරකට ලොව පුරා කෝටි 700ට වැඩි පිරිසක් රෝහල්ගත වෙති. වාර්ෂිකව මදුරු දෂ්ඨනනේ මියයන සංඛ්‍යාව ලක්ෂ 30ට අධිකය. ශ්‍රී ලංකාවේ ද මදුරු විශේෂ රැසක් දක්නට ලැබෙන අතර වාර්ෂිකව විශාල පිරිසක් මියයාමට මදුරු දෂ්ඨනය හේතුවේ.
2. අලියා
ආසියාවේ හා අප්‍රිකාවේ සිටින අලි ගොඩබිම සිටින විශාලතම සත්වයාය. තම වාසස්ථානය වූ වනාන්තරයේ දී මිනිසුන්ට පහරදීම අවම වුවත් වරින් වර ගම් වැදී වගාවලට හානි සිදුකරමින් මිනිසුන් ද පහර දීමට පෙළඹේ. අලි මිනිස් ගැටුම හේතුවෙන් බොහෝ මිනිසුන් මෙනම් අලින් ද ජීවිතයෙන් වන්දි ගෙවයි. ශ්‍රී ලංකාව ද අලි මිනිස් ගැටුමෙන් පීඩා විදින රටකි
3. කිඹුලා
ලොව කිඹුල් විශේෂ 23කි. ශ්‍රී ලංකාවේ සිටින ගැට කිඹුලා සහ අප්‍රිකාවේ නයිල් කිඹුලා ලොව දරුණුත ම කිඹුල් විශේෂ ලෙස හ
දුන්වයි. ආහාරදාම වල මුල් ස්ථානවල සිටින කිඹුලන් දිය බීමට එන මුව පැටියාගේ සිට මෝරුන් දක්වා සිටයළුම ජීවීන් ආහාරයට ගනී. දිය කඩිතිවල දිය යටින් සැගවී පහර දීමට සමත් සත්ත්ව විශේෂයක් වන කිඹුලා ආහාරදාමය ඉක්මණින් අවසන්කැර දමයි.
4. හිපපොටේමස්
ශාක භක්ෂකයෙකි. ගොඩබිම දී කුලෑටි ගත් පෙන්වුව ද ජලයේදී මොවුන් පරාජය කිරීමට කිසිවෙකුත් නැත. රංචු වශයෙන් ජීවත් වන මොවුන් ඕනෑම සතකු සිය සතුරකු ලෙස සළකා දියේ දී මැරෙන තුරු පහරදෙයි.
5. නිල් මුදු බූවල්ලා
ගොල්ෆ් ගෝලයක් තරම් කුඩා දර්ශනීය සත්ත්වයෙකි. නිල් පැහැති වළලු පිහිටා ඇති නිසාම මේ නම ලැබී ඇත. බූවල්ලාගේ විෂ මිනිසුන් විසිහය දෙනෙකුට එකවිට දිවි අහිමි කිරීමට සමත් කම් දක්වයි. මොවුන්ගේ ප්‍රහාරයකට ලක්වුවහොත් මරණය ඒකාන්තය. නිල් මුදු බූවල්ලාගේ විෂ නැසීමට මෙතෙක් ඔසු සොයාගෙන නැත. ශ්‍රී ලංකාව අවට ඉන්දියන් සාගරයේ ජීවත්වේ.
6. බ්‍රසීලයේ සවාරි මකුළුවා
ලොව සිටින විෂ අධිකම මකුළුවා යනුවෙන් ගිනස් වාර්තා පොතේ නම් සදහන් වී ඇත. දිවා කාලයේ නිවාස තුළ හා මෝටර් රථ වැනි ස්ථානවල සැගවී සිටියි.
7. පොළගා
ලෝකයේ බොහෝ රටවල ජීවත්වන පොළගුන් අතරින් තිත් පොළගා සහ වැළි පොළගා අති භායානක සතුන් වේ. මේ විශේෂ දෙකම ශ්‍රී ලංකාවේ දක්නට ඇත.
8. කොටියා
බොහෝ සතුන් තමන්ට හානියක් වූ විට සැගවෙන නමුත් කොටියා තමන්ට හානියක් වූ විට එළව එළවා පහරදීම විශේෂත්වයකි. තුවාලයේ වේදනාව වැඩිවන තරමට කොටියාගේ ප්‍රති ප්‍රහාරය ද බලවත්ය. ශ්‍රී ලංකාවේ දැකිය හැකි සත්ත්ව විශේෂයකි.
9. සේ සේ මැස්සා
සාමාන්‍ය මැස්සාට වඩා ප්‍රමාණයෙන් විශාල මේ මැස්සා ලේ උරා බී වර්ධනය වන සත්ත්ව විශේෂයකි. අප්‍රිකා මහද්වීපය නිජබිම් කැරගෙන ඇති මේ මැස්සන් දෂ්ඨ කිරීම හේතුවෙන් වසරකට ලක්ෂ පහකට අධික මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමිවේ. මිනිසුන් නිදා සිටිනවිට දෂ්ඨ කරයි.
10. කොමොඩෝ මකරා
කබරගොයාගේ පෙනුම ඇතත් ප්‍රමාණයෙන් විශාලය. කුරුල්ලන් වැනි කුඩා සතුන්ගේ සිට, මිනිසා, කුළු මිමා දක්වා සියළු සතුන් ආහාරයට ගනී. මේ සතුන් කරන්නේ පළමුව පහර දී තුවාලයක් සිදුකැර ඉන් රුධිරය යාමට සැළැස්වීමයි. රුධිරය වහනය වී ගොදුර අඩපණ වනතුරු ඒ පසු පස ලුහු බැද ගොස් ආහාරයට ගනී.
11. හයිනා
හිරු බැස යාමෙන් පසු ආහාර සොයා යන හයිනා මිනිසුන්ට පහර දීමට පෙළඹෙන්නේ නැත. රංචු වශයෙන් ගැවසෙන මොහොතක පහර දෙති. සාමාන්‍යයෙන් කලින් දඩයම් කැර අතහැර තිබූ අතුනු බහන් ගිල දමන මොවුන් දඩයම් කිරීම ද කරති.
12. පෆර් මාළුවා
විෂ සහිත මාළුවෙකි. ජපානය අවට මුහුදේ බහුල වාසය කරයි. මොවුන්ගේ විෂ ස්වසන පද්ධතියට බලපාන ක්‍රම ක්‍රමයෙන් විෂ පැතිරී අංශභාග තත්වයට පත් වී මිය යාම සිදුවේ.
13. බූම්ස්ලෑන්ග්
මිනිසා ඇතුළු ඕනෑම සත්ත්වයකුට දෂ්ඨ කරන මේ සර්පයාගේ දළ වැදුණු ස්ථානයෙන් රුධිරය දිගටම වහනය වීම සිදුවේ.
14. සිංහයා
මොවුන් මිනිසුන්ට පහරදෙන්නේ කලාතුරකිනි. මිනිසුන්ට පහර දුන්න ද මිනීමස් ආහාරයට නොගනී. කිපුණු විටෙක මිනිසුන්ට දිගින් දිගටම පහර දීමට පෙළඹේ. 1898 දී කෙන්යාවේ දුම්රිය මාර්ගය ක සේවය කරමින් සිටි කම්කරුවන් 28 දෙනකු මාස නමයක කාලයකදී එක් සිංහයකුගේ පහරදීමෙන් මරුමුවට පත්වීම ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ සිද්ධියකි.
15. පෙට්ටි හැඩැති ලොඩියා (ජෙලි ෆිෂ්)
ලෝකයේ විෂ අධිකම ජීවී විශේෂයයි. මිනිස්සු දහස් ගණනක් මේ සතුන් හේතුවෙන් මියයති. ස්පර්ශ වූ වහාම විෂ ශරීරගත වී විනාඩි කිහිපයකින් මරණය සිදුවේ. ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ජීවත් වේ.
16. වලහා
ස්වභාවික දඩයම් කරුවෙකි. ශ්‍රී ලංකාවේ ද ජීවත්වන සත්තව විශේෂයකි. මිනිසුන්ට නිතර ප්‍රහාර එල්ල නොකළ ද මාරාන්තික ප්‍රහාර එල්ලකරන සතෙකි.
17. විස විදින ගෙම්බා
අගල් දෙකක් පමණ විශාලත්වයකින් යුතු මේ ගෙමි විශේෂය ලොව උග්‍ර විෂ සහිත සත්ත්වයෙකි. විෂ මිලි ග්‍රෑම් දෙකකින් මීයන් විසිදහසක පමණ ප්‍රමිණයකින් මීයන් විසි දහසක් පමණ මරා දැමීමට හැකියාව ඇත. මේ විෂ ශරීයේ ගෑවුණු විගස හෘදය අක්‍රිය වී මියයයි.
18. කුළු මීමා
ශ්‍රී ලංකාවේ ද දැකිය හැකි සත්ත්වයෙකි. ඉතා සුළු ශබ්දයකින් වුව ද කිපී පහරදෙයි. මොවුන්ගේ පහර හේතුවෙන් දරුණු තුවාල සිදුවේ.
19. කළු මම්බා
මරණයේ මූර්තිය ලෙස හැඳින් වෙන කළු මම්බා කෝපයකින් තොරව වුව ද වේගවත්ව ඕනෑම මොහොතක පහර දෙන සර්ප විශේෂයකි. අප්‍රිකව තුළ දී මිත්‍යා විශ්වාස වලට පවා සම්බන්ධ මොවුන් භයංකාර ජීවි විශේෂයක් ලෙස ද සළකයි.
20. මාරක සුදු මෝරා
කෑමට ගන්නා හෝ නොගන්නා ඕනෑම දෙයකට පහරදෙන මාළුවෙකි. ජලයේ පාවෙන බෝයාවන්, බෝට්ටු, පිහිනුම් ලෑලි, පිහිනන මිනිසුන් ඇතුළු සියළු දේට පහර දෙයි. මිනිසුන්ට පහර දුන්න ද කා දමන්නේ නැත. ලේ පිටවී මියයාම සිදුවේ. විශ්වාසය තිබුණේ මිනිසුන්ගේ ලේ සුව
දට මොවුන් පැමිණෙන බවයි.
21. ගොන්මහ
මුහුදු පතුලේ ඇති කොරල් පර අතර වැතිර සිටින මොවුන් ගල් පරයක් ස්වභාවය ගෙන සිටියි. සතුරකුට පහසුවෙන් හදුනාගත නොහැක. තමන් අසළින් පිහිනා යන කුඩා මාළුවන් විදුලි වේගයෙන් (තත්පරයකින් 0.015ක පමණ වේගයකින්) ඩැහැගෙන ගිල දමයි. මොවුන්ගේ සිරුර උග්‍ර විෂ සහිතය. ගල්පර අතර ඇවිද යාමේ දී පෑගුණහොත් මරණය සිදුවේ. ප්‍රහාරය ද මාරාන්තිකය. ශ්‍රී ලංකාව අවට මුහුදේ දැකිය හැකි මත්ස්‍යයෙකි.
22. කේතුකාර මුහුදු බෙල්ලා
මෙම බෙල්ලන් විශේෂය පිට කරන විෂ බින්දුවකින් මිනිස් ජීවිත විස්සක් පමණ අහිමි කිරීමට හැකියාව ඇත. මෙම විෂ නැසීම සඳහා දැනට දැනට කිසිදු ඖෂධයක් නැත. ශ්‍රී ලංකාව අවට ඉන්දියන් සාගරය ඇතුළු සියළුම සාගර කලාපයන්හි බහුලව පැතිරී සිටින ජීවියෙකි.
23. රයිනෝසිරස්
මොවුන්ගේ ප්‍රහාර බහුලව වාර්තා වන්නේ නැත. දරුණු ප්‍රහාර එල්ලකරයි. ඉක්මනින් කිපෙන සුළු මේ සතුන් තියුණු දෘෂ්ඨියක් සහිතය.
24. අප්‍රිකානු පැණි මී මැස්සා
1957 බ්‍රසීල ජාතික මී මැසි ගොවිපලක හිමිකරුවකු විසින් යුරෝපානු හා අප්‍රිකානු මී මැස්සන් සම්මිශ්‍රණය කැර නව විශේෂයක් නිපදවා වඩාත් ගුණවත් මීපැණි ලබා ගැනීමට උත්සාහ ගත්තේය. ඔහුගේ පරීක්ෂණය අසාර්ථක විය. මේ උත්සාහයෙන් නිර්මාණය වූයේ මාරාන්තික විෂ සහිත මී මැස්සෙකි. සාමාන්‍ය මී මැස්සා මෙන් කිහිප ගුනයකින් විෂ සහිතය. සාමාන්‍ය මී මැසි දෂ්ඨනයක දී මෙන් සම මත බිබිළි හටගනී. වැඩි ප්‍රමාණයක් විෂ ශරීරගත වීම මාරාන්තිකය.
25. මාරාන්තික රතු ගෝනුස්සා
ලොව ගෝනුස්සන් අතර වැඩිම විෂ සහිත ගෝනුසු විශේෂයයි. ඉන්දියාවේ සිට මෑතක දී ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට පැමිණ ඇතැයි පිළිගැනේ. මිනිසුන් විශාල පිරිසක් වාර්ෂිකව මේ ගෝනුස්සන්ගේ විෂ හේතුවෙන් මරණයට පත්වේ.

























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම දැනගන්න, මේ වර්ග කිරීම කරලා තියෙන්නේ මේ ලෝකය අයිති මිනිහට විතරක් කියන උපකල්පනයේ ඉදගෙන. ඒක වැරදියි. මේ ලෝකය සියලුම සත්වයින්ට අයිතියි. (නදී)
දේශපාලකයෝ අයිති වෙන්නේ භයානක සත්තු ගොඩට නෙවෙයි, විලි ලැජ්ජ නැති සත්තු ගොඩට.(නදී)
ලංකාවේ සිටින්නේ දිවියන් පමණි . මෙම පින්තූරයද කොටියකුගේ නොවෙයි.(නදී)
සත්තු තම වර්ගයාගේ මස් අනුභව කරන්නේ නැත. එහෙත් මිනිසුන් තවමත් තම වර්ගයාගේ මස් කනබව සමහර ගෝත්‍රිකයින්ගෙන් අසන්නට ලැබෙනවා.(නදී)
ලස්සනයි (බ)
අලින්ව, සුද්දන්ට එදා පෙන්නන්නත් බැරිවිය අදත් එසේමය. අලියා කිසි කලෙක දරුණු සත්වයෙක් නොවීය. හේතුවක් නැතිව ඒ සත්වයින්ව දරුණු කලේ මිනිසුන්මය.(නදී)
මේ ගෝනුස්සත් ඇවිත් තියෙන්නේ ඉන්දියාවෙන්. එන කරදර ඔක්කොම එහෙන් තමා. (නදී)
අර මී මැස්සෝ හදපු අය තාම ඉන්නවද දන්නේ නැහැ නේද? (නදී)
ලංකාදීපයට ස්තුතියි මේක දැම්මට.(නදී)
ඉතාම හොද ලිපියක්, ලංකාදීපයට ස්තුතියි.(නදී)
හරවත් ලිපියක්. (අ)
මේ වගේ වටිනා වාර්තා පලකිරීම ගැන ලංකාදීපයට ස්තුතියි. හැබැයි, හුලං පොදක් අහලින් ගියත් ජීවිත කාලයක්ම විදවන්නට සිදුවන, ඇට ලේ මස් දක්වා රීරිමාංශ උරා බොමින් මිනිසුන්ව නොමරා මරණ, එක්වරම හදුනාගත නොහැකි, ලංකාව ඇතුළු ආසියානු රටවලදී විෂ සහිත බව වැඩි, දේශපාලකයන් මෙම ලැයිස්තුවේ නොමැතිවීම පුදුමයට කරුණක්.(නදී)
ශ්‍රී ලංකාව ලෝකයේ ජෛව විවිධත්වයෙන් වැඩිම රටවල් වලින් එකක්. එනිසා එහි අරුමයක් නැහැ. නමුත් මේ සතුන් ලොකයේ භයානකම සතුන් ලෙස හැඳින්වීම සමාජගත කිරීම නම් එතරම් හොඳ දෙයක් නෙමේ. (නදී)
නපුරු දුදනන්ගේ සියොලගහිම විසය.(නදී)
ලොවේ ඉන්න දරුනුම සතා තමා මිනිහා. ඔය කියන සත්තු 25 දරුනු සත්තු නොවේ. අහිංසක සත්තු පරිසරයට හානි කරන්නේ නැහැ. මිනිහා කියන සතා පර්‍රසරයට හානි කරනවා කෙටියෙන් කීවොත් මුළු ලෝකෙම විනාශ කරනවා. (නදී)
ගොඩක් හොද ලිපියක්.....වටිනා යමක් දෙන්නේ ඔයාල තමා... (අ)
වටිනා කමින් උසස් ලිපියක්.(නදී)
කෝ මහසෝනා ? (නදී)
ලංකාවේ දේශපාලකයන්.(නදී)
ඉතාමත් අනර්ඝ ලිපියක්. බොහොම ස්තුතියි.(නදී)
සහන් බණ්ඩාර ඔබ හරියටම හරි.(නදී)
අංක එකේ නපුරුම සතා මනු සතා. කෝ එය අමතක උනාද?(නදී)
මම නම් හිතුවේ ප්‍රාදේශීය සභා සභාපතිලා අංක එකට එයි කියලා.(නදී)
දැනුම ලබා ගැනීමට හොඳ ලිපියක්.(නදී)
ඉතාම හොද ලිපියක්(දිල්)
අපේ රටේ දේශපාලකයෝ මේකට අයිති නැත්ද ? (නදී)
ගොඩක් වටිනා ලිපියක්. බොහොම ස්තුතියි!(නදී)
ඉතා වටිනා ලිපියක්. හැබැයි මිනිසාත් ඔතනට එකතු වෙන්න ඕනේ. (අ)
ඉතාම වටිනා ලිපියක්. අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට වඩාත් සුදුසුයි. පින්තුර සමග තොරතුරු ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි. ලංකාදීපයට බෙහෙවින් ස්තුති කරමි.(නදී)
හරිම ලස්සනයි. (නදී)
ලංකාදීපයට ගොඩක් ස්තුතියි අද දවසේ වටිනාම ලිපිය (අ)
කෝ ලංකාවේ මැති ඇමතිවරු නැහැනේ.(නදී)
මිනිසා, කිසිම හේතුවක් නොමැතිව පහර දෙනු ලැබේ. විශේෂ අවස්ථාවක් කියා නොමැත. ගිනි අවි , මුවහත් අවි ,ඉහත සඳහන් ඕනෙම සතෙකුගේ විෂ හෝ කෘතිමව නිපදවන විෂ හෝ වෙනත් ඕනෙම දෙයක් පහර දීමට යොදාගනී. සමහරු බලය වැඩි විටද සමහරු බලය අඩු විටද පහර දෙනු ලැබේ. සමහරු පහර නොදී සේසතම සුද්ද කරනු ලැබේ. මෙම සතුන්ගේ සමහර ප්‍රහාර වලින් මිනිසුන් නොමැරී මැරෙති. වසරකට මෙම සතුන්ගේ පහර දීමෙන් මිය යන ප්‍රමාණය ගණනය කල නොහැක. මෙමෙ සත්වයා හීන් නූලෙන් පහර දීමට දක්ෂ අතර ඕනෙම රටකින් සොයාගත හැක.(නදී)
මම බලාපොරොත්තු උන කිසිම කෙනක් මෙතන නැහැ.(නදී)
මටත් මේක කියවන කොට හිතුනේ සහන් බණ්ඩාර ලියපු දේම තමයි. නමුත් මේකට වැඩිය දෙපා සතා බොහොම දරුණුයි.(නදී)
වටිනාකමින් ඉතා ඉහල ලිපියක්.දැනුවත් වීම සහ දැනගැනීම සදහා ප්‍රයෝජනවත් දෙයක් (දිල්)
කොටියා--ටයිගර් දිවියා-ලෙපර්ඩ් ලංකාවේ ඉන්නේ දිවියන් පමණකි. කකුල් දෙකේ කොටි සිටිමුත් උන් අපේ සිංහයින් විසින් වනසා ඇත.(නදී)
සම තුලිත න්‍යාය මගින් ස්වභාව ධර්මයා විසින් ලොවට යහපත් දේද අයහපත් දේද දායාද කරමින් පවත්නා සියල්ල සමතුලිත කර ඇත.(නදී)
භයානක සත්තු කොහොමටත් යාපනේ පැත්තේ හරියට ඉන්නවා. හැබැයි දැන් වැඩි දෙනෙක් යුරෝපයේ කැනඩාවේ ඉන්නවා කියලා පේනවා. දකුණු ඉන්දියාවෙත් හරියට ඉන්නවා. පාරක යන්න බැහැ. අතිශය මාරාන්තික සත්ත්ව විශේෂයක්.(නදී)
මේකට තව එක භයානක සත්තු ජාතියක් අඩුයි. ඒ තමයි "පළාත් සභා මන්ත්‍රීවරු".(නදී)
සජීව, මා ඔබ දන්නවා. ඔබට ස්තූතියි මෙවැනි ලිපි පලකිරීම ගැන. ලංකාදීප කතෘ මණ්ඩලයටත් අප ස්තූති කළ යුතුයි. ඉතාමත් වටිනා ලිපියක්. සජීව පරිසරය ගැන විද්‍යාව ගැන ඔබට ඇති දැනුමෙන් ලංකාදීප පාඨකයන් වෙනුවෙන් මෙයට වඩා දෙයක් කළ යුතුයි. (නදී)
මේ ලිපිය මම ආසාවෙන් කියෙව්වා. ලියූ ලේඛකයාටත් ලංකාදීපයටත් ස්තූතියි. මේ වගේ ලිපි නිතර පලකරන ලෙස ඉල්ලා සිටිනවා. පරිසරය ගැන දැන් මාධ්‍යයේ ඇත්තේ අඩු අවධානයක්. ඒ වගේම ගොඩක් පත්තරවල පරිසරය ගැන ලියන්නේ නැහැ. මේ දේ දිගටම කරන්න. අපෙන් සුභ පැතුම්! (නදී)
මෙවැනි ලිපි ඕනෑම වෙලාවක බලාගන්න පුළුවන් වෙන විදිහට වෙනම තීරයක ලිපි එකතුවක් විදිහට තියෙනවා නම් වඩා හොඳයි.(නදී)
ලංකාදීපයට ස්තුතියි. ගොඩක් හොද වටිනා ලිපියක්.(නදී)
නියමයි නියම ලිපියක්. පින්තූරත් තියෙනවා නේ.. අර අප්‍රිකානු පැණි මී මැස්සා හදපු කෙනාට අන්තිමට මොකෝ කරේ කට්ටියම?(නදී)
ලස්සන ලිපියක්. එකම එක අඩු පාඩුව මේ ලෝකේ ඉන්න භයානකම සත්වයා ගැහැණිය කියන සත්වයා මේකේ නැති එකයි. මේ හැමෝටම වඩා ගැහැණිය කියන සතාගේ විෂ වැඩියි, භයානකයි දරුනුයි කියලා මේ ප්‍රතිචාර දාපු හැමෝම දන්නවා.(නදී)
රසවත් ලිපියක්. නොදුටු ලොවක්.(නදී)
දේශපාලුවෝ කියන සත්ව ජාතිය නැහැනේ.(නදී)
සිංහයා,කොටිය,මිනී මෝරා මිනී මස් කන්නේ නැහැයි කිව්වට ඕනා තරම් මිනී කාපු මේ සත්තු හමුවෙලා තියෙනවා.(නදී)
හොද වැදගත් ලිපියක්. අගය කළ යුතුයි.(නදී)
ඔතනින් සමහර සතුන් මිනිසාට පහරදී කැමට ගන්නේ නැත්තේ උන් දන්නවා මිනිසතාගේ තියෙන භයානක විෂ වර්ගය පිළිබඳව. අනෙක මිනීමස් කාල මැරෙනවට වඩා බඩගින්නේ මැරෙන එක සැපයක් කියලා හිතෙනවලු.(නදී)
නමුත් මේ කිසිම සතෙක් බුද්දිමත් කියා ගන්නා මිනිසා මෙන් කලින් ප්ලෑන් කරලා කිසිවෙකුට හානියක් කරන්නේ නැහැ. සතුන් උන්ගේ පැවැත්ම උදෙසාත් , සොබා දහම සත්වයාට නිර්මාණය කරදුන් පරිසරය මිනිසුන් මෙන් විනාස නොකරමින් එය ප්‍රයෝජනයට ගනිමිනුත් උන්ගේ දිවිය ගෙවනවා. එසේ නම් කෙසේද මේ සතුන් දරුණු සතුන් කියා හදුන් වන්නේ? දරුණු කියන වචනයෙන් ඇමතීමට සුදුසුම සතා මිනිස් සතාම පමණි.(නදී)
ලෝකයේ දරුණු සත්තු වගේම දරුණු මිනිසුන් ඉන්නෙත් අපේ රටේ.(නදී)
ඔය ඔක්කොටම වඩා භයානක කෙනෙක් සිටී. (නදී)
ලංකාවේ ඉන්නේ භයානකම සතා තමා මෑණිමල් හෙවත් තිරිසන් මිනිස්සු (නදී)
තමන්ට තරහක් නැතුවත් අනුනගේ කීමට, සල්ලි වලට, ජීවිත විනාශ කරන්නේ මිනිසා පමණි. (නදී)
ඉතාම හොද ලිපියක්, ලංකාදීපයට ස්තුතියි.(නදී)
දේශපාලනය - ලංකාවටම ආවේනික සත්ව විශේෂයක් නොවන අතර ලෝකයේම ජීවත් වෙන සත්ව විශේෂයකි. නමුත් විෂ අධික වර්ග ලංකාවේ ජීවත් වෙති. දියවන්නාව රක්ෂිතය බහුලව දක්නට ලැබෙන ප්‍රදේශයකි .නිත්‍ය වාසස්ථාන නොමැත. අවස්ථානුකුලව වාසය වෙනස් කරනු ඇත. සමහර අවස්ථා වලදී වර්ණය පවා වෙනස් කල හැක. (නදී)
වෙන මොන පත්තර තිබුනත් හරියාකාරිව යමක් පැහැදිලිකරණ අපගේ ලංකාදීපයට මාගේ ප්‍රණාමය. ඔබ සැමට ජය.(නදී)
අපේ දැනුම වර්ධනයට හොද වටින ලිපිය ක් (දිල්)
අපගේ දැනුම වර්ධනය කර ගැනීමට ඉතා වටිනා ලිපියක්.(නදී)
හොදම ලිපියක් පාසලේ මම කතාවක් කරා මේ ගැන (බ)
මේ සමහර සත්තු දරුණු වෙලා තියෙන්නේ ආහාර සොයා ගන්න. සමහර අය ආත්ම ආරක්ෂාවට. සමහර අය තව කෙනෙකුගේ හිරිහැරයක් නිසා. ඒත් මිනි මරණ, දරුවෝ කාන්තාවෝ කෙලසන අපේ අයටත් සත්තු කියලා කියන්න පුලුවන් නේද? (නදී)
හොඳ ලිපියක්. වැදගත් තොරතුරු රැසක් ඇතුලත්. බොහොම පින්.(නදී)
පහන් ඔයාගේ කතාවට මට හොදටම හිනා ගියා. ඒක කොපි කරලා තවත් අයත් ලියල තියෙද්දී තවත් හිනා ගියා. මොනවා වුනත් ඇත්ත කතාව නම් ලෝකයේ ඇති දරුණුම සතා දෙපා සතා බවයි.(නදී)
දැනුම පොතට හොද ලිපියක්. මේකට අර අතන සත්තු නැහැනේ පුදුමයි.(නදී)
හැම සතියකම මේ වගේ වැදගත් එක ලිපියක් ගානේ වත් දැම්මොත් පත්තරේ වටිනාකම තවත් වැඩිවෙනවා.(නදී)
ලෝකේ භයානකම සතා නන්දිකඩාල් වලදී මිහිපිටින් තුරන් කරානේ.(නදී)
මෙතන එක සතෙක් අඩුයි. ජනතාව නොමරා මරණ ලංකාවේ දේශපාලකයෝ. (නදී)
හොඳ ලිපියක්.(නදී)
වෙද මහත්තයා - කාපු සර්පයා අදුනනවද ? ලෙඩා-වෙද මහත්තයා මාර කතාවක් නේ අහන්නේ අදුනනවානම් ඌ මාව කයිද ? (නදී)
මට නම් සිතෙන්නේ තව ඇතුළත් කළ යුතු කට්ටියක් ඉන්නවා (නි)
ගොඩක් වටින ලිපියක්. ලංකාදීප ඔබට ගොඩක් ස්තූතියි.(නදී)
කොටියා ඉතාමත් නපුරු බව අවුරුදු තිහක් දුක්වින්ද අපිට හොඳට මතකයි. දිවි ඇතිතෙක් කොටියා අමතක නොවේ. (නදී)
ඉතාම අනර්ඝ ලිපියක් . මම හිතන්නේ ලංකාවේ දේශපාලකයෝ රින අගයක් ගන්නවා ඇති . ඒකයි නැත්තේ.(නදී)
බොහොම හොද ලිපියක් .අපේ ළමයින් මේ තොරතුරු ප්‍රයෝජනයට ගනීවි.(නදී)
ඇත්තටම හොඳයි. කව දාවත් අහපු නැති දේවල්.(නදී)
ලංකාදීපයට ගොඩක් ස්තුතියි. මෙවැනි ලිපි වලින් අපිව දැනුවත් කරනවට. පින්තූරත් ලස්සනයි. අපේ රටේ ජෛව විවිධත්වය ගැන ආඩම්බරයි. මම දැනගෙන හිටියේ නැහැ සිංහයා මිනිසුන්ගේ මස් නොකන බව.(නදී)
ගොඩක් වැදගත්. ගොඩක් ස්තුතියි.(නදී)
මේ සතුන් අතරෙන් දරුණුම සතා, ලඟින් ගියත් ඇසක් ගැලවෙන, කටුස්සන් මෙන් පාට වෙනස් වෙන, අම්ම තාත්තාවත් පෙන්නේ නැති ගැහැණුන් වනසන නීතියට ගරුනොකරන ආගමක් ධර්මයක් නොහඳුනන "දේශපාලකයා" යන දරුණු සතා මෙහි සනිටුහන් නොවුනේ මොකද ?(නදී)
මිනිසුන් හැටියට අපි සත්තුන්ගේ නපුරු කම් ගැන කතාකරමු. එහෙත් සතුන් කතා නොකළාට මිනිසුන් ගැන කියන දේ අපට තේරෙනවා නම්, අපි මිනිසුන් වීම ගැන අපටම ලජ්ජා හිතෙනු ඇත. (අ)
ගොඩක් වටිනා ලිපියක්. හොද වැඩක්. මිනිස්සුන් තරම් ඔය සතුන් නපුරු නැහැ.මිනිසුන් කැලේ කපනකොට අලි කොහෙද ඉන්නේ. (නදී)
ඉතාම හොද ලිපියක්, ලංකාදීපයට ස්තුතියි. (නදී)
කෝ මරාගෙන මැරෙන කළු කොටි.(නදී)
ඉතා හොඳ තොරතුරු ටිකක්. සාමාන්‍ය ජීවිතයට ඉතා වැදගත්. එක දෙයක් නිවැරදි කල යුතුයි. මෙහි කොටියා ලෙස හඳුන්වා ඇත්තේ දිවියායි. කොටියා ලංකාවේ ජීවත්වෙන සතෙක් නොවේ.(නදී)
ඉතාමත්ම වටිනා ලිපියක්.(නදී)
වසරකට කෝටි 700කට වැඩි පිරිසක් මදුරුවන් නිසා රෝහල් ගත වෙනවලු. ලෝක ජනගහනයත් කෝටි 700යි. (නදී)
හොද ලිපියක්.(නදී)
ඉතාම වටිනා ලිපියකි. දැනුම වර්ධනය සදහා ඉතා අගනා ලිපියකි. ලංකාදීපයට බොහොම ස්තූතියි. (අ)
ලංකාදීපයට තුතිපුදමි. පාසල් දරුවන්ට මෙන්ම හැම දෙනෙකුටම වටිනා ලිපියකි. (නදී)
හොද ලිපියක්. ස්තුතියි ලංකාදීපයට.(නදී)
මේ ඉන්න වස විෂ ඝෝර සත්තු දෂ්ට කරන්නේ උන්ට හිරිහැර කලොත් විතරයි. ඒ උනාට කකුල් දෙකේ මනුසතා කොයි මොහොතේ ,කොතන දෂ්ට කරයිද කියල දන්නේ නැහැ. රටට ගිය කලක්.(නදී)
මමත් සහන් බණ්ඩාර මහතා සමග එකගයි.(නදී)
ගොඩක් හරවත් වටිනා ලිපියක්. ලංකාදීපෙට ස්තුතියි.(නදී)
මේ සේරම පරාදයි අපේ රටේ ඉන්න දේශපාලකයන්ට.(නදී)
ලෝකය හැමෝටම එක වගේ අයිතියි. එ්ත් මිනිසා කියන විශ්වයේ දරුණුතම සත්ව කොටස ඒ සුන්දර ලෝකයම ගිලගෙන ඉවරයි. දැන් ගිලූ දේවල් දිරවන සමය වේ...