
(මහින්ද. නිශ්ශංක)
ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම වන රුපියල් 474599422 ක සුපිරි ත්‍යාගය ඊයේ (16) ජයග්‍රහණය කර ඇතැයි ජාතික ලොතරැයි මණ්ඩලය පවසයි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් 2210 වන දිනුම් වාරයේ ලොතරැයිය මගින් එම රුපියල් කෝටි 47 ජයග්‍රහනය හිමිකර දී තිබේ.
ලොතරැයි ඉතිහාසයේ මෙතෙක් විශාලම සුපිරි ත්‍යාගය හිමි එම මෙගා පවර් ලොතරැයිපත අළෙවි කර ඇත්තේ ඇතුගල්පුර ගොකරැල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ අළෙවි නියෝජිත ජානකි හේමමාලා මහත්මිය විසින් බව ජාතික ලොතරැයි මණ්ඩලය සදහන් කරයි.
මෙයට පෙර ලොතරැයි ඉතිහාසයේ විශාලතම සුපිරි ත්‍යාගය වන රුපියල් කෝටි 23 කටුගස්තොටට හිමිකර දී තිබුණේ ද ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයිපත මගින් බවද ලොතරැයි මණ්ඩලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්. හොඳින් බුද්ධිමත්ව වියදම් කලොත් මේ මුදලින් සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්.
ලෝකයේ දිනන්න අපහසුම ලොතරැයි ක්‍රමයට අභියෝග කළ මේ සුපිරි වාසනාවන්තයා කවුද? මේකත් නිකන් අර ගුවන් අනතුරින් දිවි බේරුණාට නොදෙවෙනි මනුස්සයෙක්...