
(අංජුල මහික වීරරත්න)
ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශ වල ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශ වල සමුද්‍ර ජෛව විවිධත්වය පිළිබඳ අන්තර් රාජ්‍ය සමුළුව විසින් ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුම 2023-06-19 දින සම්මත කරනු ලැබ ඇත.
එම ගිවිසුම සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) යටතේ ක්‍රියාත්මක වන තුන්වන ගිවිසුම වේ.
සංවර්ධිත රටවල මිනිස් ක්‍රියාකාරකම් වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස සාගර ජෛව විවිධත්වය තර්ජනයට ලක් වී ඇති අතර, එමඟින් සාගර ගුණාත්මක භාවය සහ ඔරොත්තු දීමේ හැකියාව අවදානමට ලක් වී ඇත.
සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය වඩා හොදින් ක්‍රියාත්මක කිරීම, විවිධ පාර්ශ්වකරුවන්ගේ පුළුල් සහයෝගිතාව සහ සම්බන්ධීකරණය තුළින් විශාල භූගෝලීය ප්‍රදේශ ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම යන කරුණු පදනම් කර ගනිමින් එකී ගිවිසුමට එළඹීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.
ඒ අනුව, ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුම අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝකෙම මුහුද රකින්න ලංකාවත් එක් වෙයි