ගම්පහ රතුපස්වල ජල ප්‍රශ්නයේදී ගැමියන් හා යුද හමුදාව අතර ගැටුමේදී දිවි දෙවැනි කරමින් අපක්ෂපාතී මාධ්‍ය මෙහෙවරක යෙදීම අගයමින් ලංකාදීප මාධ්‍යවේදිනී දීපා අධිකාරීට උතුරු ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ විශේෂ සම්මානයක් පුද කළහ.
මෙවරද වෙරෝනා නුවර හෙළ මියැසි සංගීත සංසදය පැවැත් වූ හෙළ මියැසි ගී රාවය දෙවන ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගය නැරඹිමට පැමිණි හය සියයකට අධික එම ලාංකිකයින් වෙනුවෙන් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා විසින් දීපා අධිකාරිට සම්මානය පිරිනැමීය.
වසර තිහකට අදික කාලයක් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකළ මෙහෙවර වෙනුවෙන් ප්‍රවීන සංගීත අධ්‍යක්ෂක රෝහණ විරසිංහයෝද විශේෂ සම්මානයක් ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්
අපෙන් උණුසුම් සුබ පැතුම් . දීප අදිකාරී කියන්නේ සම්මාන ලැබිය යුතු කෙනෙක් . හදවත් තුලින් පුදන සුබ පැතුම් හා දීර්ග අයු සම්මානයක් දීප අදිකරිට අපෙනුන් (අ)
ලංකාවේ ඉසිවරු වගේ හොද සිංහල වෙදදුරුවෝ ඉන්නවා. ඔබට ඔවුන් ඉක්මනින් සුවය ලබාදේවි!(නදී)
මගේ උණුසුම් සුභ පැතුම් ! (නදී)
ලංකාදීප මම බලන්නේ 1960 ඉඳල. මුළු ලෝකෙම සම්මානයට පාත්‍ර වුණ පත්තරයක් තමයි ලංකාදීප. ඒ දවස්වල දිනපතා සැතපුම් 4ක් දුර පයින් එනවා මම පත්තරේ බලන්න. සිංහරාජ මායිමේ ගමක ඉඳන්. දෙමල ජාතික බාබර් කෙනෙක් ලංකාදීප පත්තරේ ගේනවා හැමදාම . එක බලන්නත් පෝලිමේ ඉන්න ඕන. සමහර දට පාසල් ඇරිලා දවල්ට නොකා පාසල් ඇඳුම් පිටින් ඇවිත් පෝලිමේ ඉඳල පිටු සේරම බලල ගෙදර යනකොට රෑ වෙනවා. කවුරුවත් විස්වාස කරන එකක් නැහැ.ඒ අශ්චර්යමත් ගමට තවමත් විදුලිය නැහැ.(අ)
ලංකාදීපය සම්බන්ධයෙන් පිටිගල සමග මමත් 100% ක් එකඟ වෙනවා. මම වයස 7 දී පමණ කාලයේ සිට ලංකාදීපය කියවනවා. ඒ පුවත් පතේ ප්‍රධාන කර්තෘ තනතුර දැරු බොහෝ දෙනෙක් ශ්‍රේෂ්ට ලේඛකයන් මෙන්ම විශිෂ්ට දේශප්‍රේමින්. ඒ සම්ප්‍රදාය දිගට ම ගලා යාම රටේ වාසනාවක්.(නධී)
පිටිගල, ඒ ගම ඒ කාලේ ඉඳලම ආශ්චර්යමත් නම් ආසියාවේ ආශ්චර්යය ඕන නැතුව ඇති. අනික, පාඨකයෙක් හැටියට ගමට විදුලිය නැති බව ලියන්න අවස්ථාවක් ලැබුනෙම නැද්ද? (නදී)
මම සිතෙන් මවාගෙන හිටියේ පිටිගල, තරුණ කෙනෙක් කියලා.(නදී)