IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලකුණු පුවරුවේ වැරදීමකින් සංගක්කාරට ද්විත්ව ශතකය අහිමි වෙයි.

සිය 9 වැනි ටෙස්ට් ද්විත්ව  ශතකය සොයාගිය සංගක්කාරට ලකුණු පුවරුවේ වැරදීමක් නිසා එය ලබාගත නොහැකි විය. ලකුණු පුවරුවට අනුව ලකුණු 194 සිටි සංගක්කාර හයේ පහරක් ගසමින් තමා ලකුණු 200 ක් ලබාගත්තේ යැයි සිතුවද, සැබෑ වශයෙන්ම ලකුණු 200 සඳහා තවත් ලකුණක් අවශ්‍ය විය. එහෙත් ඊළග  ඕවරයේදී අනෙක් අන්තයේ සිටි ශී‍්‍ර ලංකා පිලේ අවසන් පිතිකරු නුවන් ප‍්‍රදීප් දැවී යාම නිමා ලකුණු 199 ක් ලබා සිටියදී සංගක්කාරට ආපසු කී‍්‍රඩාගාරයට යාමට සිදුවිය. මෙම ද්විත්ව ශතකය ලබාගත්තා නම් ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතරේ දෙවැනි ස්ථානය ගැනීමට සංගක්කාරට අවස්ථාව තිබිණ. සංගක්කාරගේ විශිෂ්ට ඉනිමට පාකිස්තානු කී‍්‍රඩකයන්ගෙන් සුබපැතුම්.........ඡයාරූපය : ශාන්ත රත්නායක



අදහස් (0)

ලකුණු පුවරුවේ වැරදීමකින් සංගක්කාරට ද්විත්ව ශතකය අහිමි වෙයි.

නාලක Monday, 25 June 2012 11:55 AM

නියමයි අපේ කොල්ලන්ට ජය....

:       0       0

නුවන් Sunday, 24 June 2012 06:57 AM

Faweem කියන්නේ සිංහලයෙක් නෙමේ . අපි සිංහයෝ ... නියමයි සංගා >>>

:       0       0

සම්පත් - යටලමට්ට Sunday, 24 June 2012 09:06 AM

තමන්ට පැවරුණු රාජකාරිය වගකීමෙන් ඉටුකරන අපේ කොල්ලන්ගේ දක්ෂතා ලෝකෙට පෙන්නන්න තිබුණු අවස්තාවක් අහිමි උනා .

:       0       0

මොහොමඩ් Sunday, 24 June 2012 01:19 PM

සංගා ඔබට අපගේ ප්‍රණාමය....

:       0       0

සුරාජ් Saturday, 23 June 2012 06:57 PM

කණගාටු වෙන්න එපා අපගේ ප්‍රණාමය

:       0       0

මොහමඩ් නිෆාල් -දෝහා Monday, 25 June 2012 01:48 AM

ෆවුමි, ඔයා වගේ අයත් ඉන්නවනේ අපේ සමාජයේ. තමන්ගේ රටට ආදරය කරන්න ඉගෙන ගන්න. සංගා අපි ඔබව අගය කරනවා.කොහේ ගියත් අපි ඔබ සමගයි

:       0       0

ෆව්මි Saturday, 23 June 2012 07:26 PM

සුභ පැතුම් නෙමේ වැඩිය දගලන්න එපා කියල ඔලුව අතගාල ප්‍රෙක්ෂකාගාරයට යන්න කියනවා.. හූ...හූ..

:       0       0

ගාමිණී Saturday, 23 June 2012 07:36 PM

පිතිකරැවකුල ලකුණු පුවරැවත් විශ්වාස කරන්න බැරි තත්ත්වය්කද උදා වෙලා තියෙන්නෙ...

:       0       0

දිනේෂ් පෙරේරා Saturday, 23 June 2012 07:39 PM

දුක් වෙන්න එපා සංගා නියම ඉනිමක්....!!

:       0       0

අසින්ත Saturday, 23 June 2012 07:54 PM

ලංකාවෙ හැමදාම ඔ‍හොම තමා වගකීමක් ැතිව වැඩ කරන මිනිස්සු නිසා කැපවීමෙන් වැඩකරනඅයට ගොඩක් දේවල් නැතිවෙනවා.. අපි හැමෝම දන්නවා 200 නැතිවුනාට සංගක්කාර අංක 01 කියලා.. ඊළග තරගයේදි 200 ක් ගහන්න සංගා සැලෙන්න එපා..

:       0       0

අසින්ත Saturday, 23 June 2012 08:34 PM

ෆව්මි ඔයාලව‍ගේ හිතන අය නිසා තමයි ලංකාව හැම දාම වෙන රටවලට බාල්දු වෙන්නෙ..ලංකාවෙ නම රැකගන්න උත්සාහ කරන අයට ඔයාල හිනාවෙනවා.. මොනතරම් පහත් සිතිවිළි තියෙන අයද??

:       0       0

ලසන්ත - Dubai Saturday, 23 June 2012 08:41 PM

විශිශ්ටයි සන්ගා...ෆව්මි ට සන්ගා ගෙ දක්ෂතා ඉවසගන්න බැරිවෙලා වාගෙයි...පව්...

:       0       0

සකලබුජං Saturday, 23 June 2012 08:46 PM

200ට 199 හොදා? ‍ඔහොම යමු අදට... ඊළග පාර 299 ක සැළසුම් කරන්න ජයවේවා.!!

:       0       0

සමීර Saturday, 23 June 2012 08:47 PM

දෙසීයට වඩා එකසිය අනූනවය හොදයි? සංගා ඔහොම යමු අදට.. ඊළග පාර දෙමු 299ක්..ජයවේවා..!!

:       0       0

පිනකි Saturday, 23 June 2012 09:42 PM

ෆව්මි.. ඔබ ශ්‍රී ලාංකිකයෙක්ද

:       0       0

රෝචා Saturday, 23 June 2012 10:04 PM

රටට ආදරේ නැති අය කියන ඒවා සිංහයින්ට ඇහෙන්නේ නෑ

:       0       0

මංගල අබුඩාබි Saturday, 23 June 2012 10:02 PM

ෆව්මි.. ඔයා පකිස්ථානයට කඩේ යන්න ගත්තේ කවදා ඉදංද..

:       0       0

අසින්ත Saturday, 23 June 2012 10:46 PM

ෆව්මි, ආගම , ජාතිය මොකක් උනත් ඔයා ලංකාවෙන් කලා ,ලංකාවෙන් බීල ලංකාවේම මැරිලා යන ශ්‍රී ලාංකිකයෙක් කියල අමතක කරන්න එපා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site