ඇවන්ගාඩ් සිද්ධියේදී ලකුණු දමා ගැනීමට පොලිසිය ක්‍රියා කළ බවට පොලිසිය භාර ඇමැතිවරයා පවසන්නේ නම් එකී පොලිස් නිලධාරීන්ට එරෙහිව ඔහු පියවර ගත යුතු යැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.
පොලිසිය භාර ඇමැතිවරයා එසේ නොකළහොත් තම වගකීම ඉටු නොකරන අයකු වන බවත් ඔහු තම වගකීම් ඉටුකරන්නේදැයි ජනතාව බලා සිටින බවත් ෆොන්සේකා මහතා කීය.
ආයුධ සහිත නැවක් ගාල්ල වරායේ නවතා තැබීම අන්තර්ජාතික සමුද්‍ර ආරක්ෂාව පිළිබඳ නීතිවලට පටහැනි බව කී ඒ මහතා එය ජාතික ආරක්ෂාවට තර්ජනයකැයිද කීය.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා මේ අදහස් පළකළේ එම පක්ෂ මූලස්ථානයේ අද (5) පැවැති මාධ්‍ය හමුවකදීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු පවසන කතාව ඇත්ත. ෆොන්සේකා මහතාට අපි එකඟයි (නි)
ඇමතිවරයාම එහෙම කියනවා නම් ඉතින් ඇත්තක් ඇතිනේ (නි)
අපි ජෙනරල් ෆොන්සේකා මහතා කියනදේටත් ඇහුම්කන් දෙන්න ඕනෑ (නි)
අපි එහෙනම් එතුමා කියන විදියට කරමු (නි)
ෆීල්ඩ් මාර්ෂල්වරයෙක් මේ දේවල් ගැන නිතර විමසිල්ලෙන් සිටිය යුතුයි. මෙය එම ගෞරවාන්විත තනතුරේ වගකීමකි. (නි)
මෙහෙම ගිහින් අන්තිමට මොනවා වෙයිද කියලා හිතාගන්න අමාරුයි (නි)
මේ වගේ කතා කියන නිසා වෙන්න ඇති ගොඩක් අය මෙයාට පින්..... කියල කියන්නේ.......(රේ).
කාලෙකට පස්සේ අපි අද සතුටු හිතෙන කතාවක් ඇහුවා ඔබතුමාගෙන් (නි)
චන්ද 25000 ගත්තු වීරයෙක්.(රේ)
ඔබතුමා ටිකක් කල්පනා කරලා වචන පිට කරන්න, මතකනේ පහුගිය කාලේ සුදු කොඩි සිදුවීම්. (බ)
අනේ මෙහෙමත් කතා! (නි)
මෙහෙම ගියොත් තව තව අයට දඬුවම් දෙන්න රටේ ජනතාව ඉදිරිපත්වේවිද දන්නෙ නැහැ (නි)