
(අංජුල මහික වීරරත්න)
ඉදිරියේදී ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජපානයේ නව රැකියා ක්ෂේත්‍ර විවෘත කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකිඹ මහතා (Mr. Isomata Akio) කීය.
ජපානයේ වැඩිහිටි ජනගහනය ඉහල යාමත් සමග වැඩි වශයෙන් විදේශ ශ්‍රමිකයින් එරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත්, ඒ අතරට ශ්‍රී ලාංකිකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවත් තානාපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා විදේශ සේවා නියුක්ති කාර්යංශයේදී හමු වූ අවස්ථාවේදී ජපන් තානාපතිවරයා මේ බව කීය.
එසේම ජපානයේ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයින්ට ලබාදී ඇති පුහුණුව පිළිබඳව සිය සතුට පළකළ තානාපතිවරයා ශ්‍රී ලාංකික තරුණයින්ගේ සත්කාර ක්‍රමයන් ඉතා ඉහලින් අගය කළේය.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාංකිකයන්ට ජපානයේ අලුත් රැකියා
රුවන් Wednesday, 08 January 2025 07:22 PM
ජපානය කියන්නේ අවංක රටක්, එහේ මිනිසුත් කැමැති අවංක, නීතිගරුක මිනිස්සුන්ට. ලංකාවේ ආණ්ඩුවත් ඒ වගේ නම් ජපානය වගේ දියුණු වෙන්න උදව් කරනවා. ජපන් සමාගම් ලංකාවේ ආයෝජනය කරන්න ලැබේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. ලංකාව, සිංගප්පූරුව, දකුණු කොරියාව වගේ දියුණු වෙනවාට අපිත් කැමැතියි.