ඉන්දියාව සමග අත්සන් කරන ගිවිසුම නිසා කිසිම අවස්ථාවක කිසිම විදේශිකයකුට ශ්‍රී ලාංකික පුරවිසියකුගේ රැකියා අවස්ථා අහිමිකරවමින් මෙරට රැකියාවක යෙදීමට අවකාශ සැලසෙන්නේ නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී කීවේය.
පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේ දී ජනතාවගෙන් වරමක් ලැබුණේ මේ රට ඉහළ තලයට ඔසවා තැබීමට බව ද අගමැති පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාට එතුමාගේ අදහස් දක්වන්නට අයිතිය තිබෙනවා වගේම, රටවැසියන් වන ඔබටත් මටත් අපේ අදහස් වගේම, ඒ පිළිබඳ අපේ විරෝධය දැක්වීමට ඇති අයිතිය අපි ආරක්ෂා කරගත යුතුමයි. මේ ප්‍රශ්නයේදී දේශපාලනික, ආගමික, ජාති, කුල මල වශයෙන් බෙදී වෙන්වෙලා සිටින අපි සියල්ලන්ම එක්වී, එකම මතයක සිටියහොත් ඉන්දියානුවන් අපේ රටට පැමිණියා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. (නි)
මීට පෙර කියපු දේවල් පොරොන්දු සහ මෙයාලාගේ කල්කිරියාව දිහාව බැලුවහම ඔය කියදේවල් විශ්වාස කරන්න පුලුවන්ද? (ර)
ඔබතුමා කියන දේ අපි කොහොමද විස්වාස කරන්නේ. (ර)
දැන් ඉතින් සමහරු අගමැති ගුණ ගායනා කරන්න පටන් ගනියි. නමුත් මේ රජය කරනවා කිව්වා එකක්වත් තවම කරලා නැහැ. ඔය කියන කිසිදෙයක් විශ්වාස කරන්න බැහැ. (නි)
ඉන්දියානුවන් අපිට අවශ්‍ය නැහැ (නි)
ඉන්දියානුවන්ට කන්න අඳින්න දුන්නත් හොඳටම ප්‍රමාණවත් (නි)
ඉන්දියානුවන් සමඟ ගහන මොනම ගිවිසුමකින්වත් ලංකාවට වාසියක් වෙන්නේ නැහැ. පිටරට වල ඉන්න අපි ඉන්දියානුවන් ගැන හොඳටම දැනුවත්. (නි)
හොඳයි අපි බලමුකෝ (නි)
හොදයි ලාංකිකයින්ගේ රැකියා අවස්ථා ආරක්ෂා කිරීමට යොදලා තියෙන වැඩ පිළිවෙල මොකක්ද කියලා කියන්නේ නැත්තේ මොකද ?(ම)
මෙයාට ජනතාවගෙන් නෙමෙයි වරම ලැබිල තියෙන්නේ ,ඉන්දියාවෙන් .(ම)
මෙතුමාගේ ඉතිහාසේ ඉතින් අපිට අලුතින් මතක් කරන්න දෙයක් නෑ (කෞ)
ඔය ඔක්කොටොම ඉස්සර ලංකාවට ඇවිත් බලෙන් මාළු අල්ලාගෙන යන අය නවත්වලා පෙන්නනවද.අනික රටම එපා කියද්දී මෙයා බලෙන් මේකට අත්සන්කරන්න හදන්නේ එහෙම කරොත් ජනාධිපතිකම අරන්දෙනවා කියල රෝ ඔත්තුසේවය පොරොන්දුවක් දීලවත්ද ? ජනතාව වරමක් දුන්නේ ලංකාව ඔසවාගෙන ගිහින් ඉන්දියාවට පුජාකරන්නද ? (කෞ)
කට ඇරියොත් ගල් පැලෙන පච.එකක් කියල ඊට හාත්පසින්ම වෙනස් දෙයක් කරනවා. (ම)
බොරු නැතුව ඉන්න මහත්තයෝ (ම)
අපේ මුහුදේ මාළු හොරෙන් අල්ලන ඉන්දියානු ධිවරයින් නවත්වා ගන්න බැරිව මේ ගිවිසුම අනුව එන ඉන්දියානුවන් වලක්වා ගැනීම ප්‍රශ්නයක් වෙන්න පිළිවන්. (ර)