මොරොක්කෝ ජාතික සොරකු ඉතාලියේ මිලානෝ නුවර බුවනෝස් අයර්ස් ගොඩනැගිල්ලට ඇතුළුවී ලාංකික මුරකරුට අතින්පයින් පහරදී විද්‍යුත්තරංග නිකුත්කරන ආයුධයකින් විදුලිසැර අල්ලා ජංගම දුරකථන දෙකක් පැහැරගෙන ගිය බව ඉතාලි පොලිසිය කියයි.
හොරා දෙවැනි වරටත් කොල්ලකෑමට පැමිණියත් ලාංකිකයා ඉතාලි පොලීසියට දැනුම්දිම නිසා හොරා පැනගොස් ඇත. ලාංකිකයාගේ (59) මුහුණෙහි තුවාල සහිතව රෝහල් ගත කර ඇත.
ලාංකිකයා මොරොක්කෝ ජාතිකයාගේ හැඩහුරුකම් කීමනිසා පැය දෙකකට පසුව ලොරේතෝ නම්වු උමංදුම්රිය නැවතුම්පොළේ කොල්ලකරු අත්අඩංගුවටගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක සේවාවකියන්නේ වගකීම් සහගත රස්සාවක් , ඒ නිසා ලංකාවෙන් ගොස් ආරක්ෂක සේවය කරන පිරිස් ගැන මිට වඩා සොයා බැලිය යුතුයි (දී)
අපේ මිනිස්සු පිටරටවල මුර කාර කමට යනවා අනික් අයව ආරක්ෂා කරනවා තියා තමුන්ගේ ආරක්ෂාව වත් සපයා ගන්න දන්නේ නැතුව. මතකනේ රිසානා දැරියට වුණ දෙය. (දිල්)
සත්‍යා ට දෙන්න හිතෙනවා දෙකක් මිත්‍යා වෙන්න අපේ මිනිස්සු අව තක්සේරු කරනවාට. උතුර නැගෙනහිර බේරා ගත්තේ අපේ කොල්ලෝ නෙමේද ?(නදී)