ඉතාලියේ පොන්සානෝ නුවර පැවති ගුඩ්විල් ජාත්‍යන්තර කරාටේ තරගාවලිය 2014 කිලෝග්‍රෑම් 70 ට අඩු බර පන්තිය කුම්තේ ඉසව්වෙන් තරග කර රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ඩබ්ලිව්.ආර් නිශාන්ත ලෝව් සමත් විය.
තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, රුමේනියාව, ඊශ්‍රායලය, ස්විස්ටර්ලන්තය, ඉතාලිය, ස්ලෝවේනියාව සහ ඔස්ට්‍රියාව යන රටවල් හයක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1200 ක් පමණ සහභාගි වුහ.
තරගාවලිය අප්‍රියෙල් 11 වෙනිදා සිට 13 වෙනිදා දක්වා ඉතාලියේ පොන්සානෝ නුවර පාලච්චිකොන්යා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
නිශාන්ත ලෝව් මීට පෙර ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයෙකු වන අතර ඔහු ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන ඉතාලියේ ජාතික ඔලිම්පික් කමිටුවේ අනුමත ජාත්‍යන්තර විනිසුරුවරයෙකු සහ කරාටේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන සඳුන් ලක්සිරි යටතේ පුහුණුව ලබයි.
මෙම තරගාවලිය සඳහා සහභාගී වන ලෙස ඉතාලි ජාතික ඔලිම්පික් කම්ටුවේ ක්‍රීඩා 'එන්ඩාස්' දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ 'ජිකෝ' ජාතික කරාටේ කණ්ඩායමට කර තිබු ආරාධනාවක් මත මෙරට ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙක් ඇතුළු නිලධාරීන් තිදෙනෙක් තරගාවලිය සඳහා සහභාගී විමට නියමිතව තිබුණි.
එසේ වුවද විවිධ හේතු මත ශ්‍රී ලාංකා කණ්ඩායමට තරගාවලිය සඳහා මෙරටින් පිටත්ව යාමට නොහැකි වීම නිසා යුරෝපීය තරගාවලියක් නියෝජනය කිරීමට තිබු අනගි අවස්ථාවක් මෙරට ක්‍රීඩකයන්ට අහිමි වී ඇත.
කෙසේ උවත් ශ්‍රී ලංකාවට මෙම අනගි අවස්ථාව ලබා දීම සඳහා ඉතාලි රජය සමග මැදහත්කරුවෙකු ලෙස කටයුතු කළ ඉතාලි කරාටේ සම්මේලනයේ ප්‍රධාන විදායක නිලධාරියෙකු ලෙස කටයුතු කරන සඳුන් ලක්සිරි ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කරාටේ ක්‍රීඩකයන් කිහිපදෛනකු තරගාවලිය සඳහා සහභාගී කරවීමට සමත් වීම නිසා මෙලෙසින් හෝ ශ්‍රී ලංකාවට කීර්තියක් ලබා දිමට හැකි වීම විශේෂත්වයකි.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
262
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාංකිකයාට කරාටේ රිදී පදක්කමක්