ශ්‍රී ලංකා ශ්‍රමිකයකු සඳහා වැයයන පිරිවැය සෞදි රියාල් 23,000 ක් (රුපියල් 870377) පමණ බව සෞදි ගැසට් වෙබ් අඩවිය කියයි.
ගෘහසේවිකාවන් සපයන අනෙකුත් රටවලට සාපේක්ෂව වැඩිම මිලක් ගෙවීමට ඇත්තේ ශ්‍රී ලංකා ශ්‍රමිකයින්ට බවත් සේවා වීසා යටතේ පිලිපීනයෙන් පැමිණෙන ගෘහසේවිකාවක සඳහා වැයවන්නේ රියාල් 19,000 ක් (රුපියල් 719007) පමණ බවත්, සත්‍යවශයෙන්ම මෙය බඳවා ගැනීමේ පිරිවැය ඉක්මවා යාමක් බවත් ජෙඩා වාණීජ හා කර්මාන්ත මණ්ඩලයේ, බඳවා ගැනීමේ කමිටු සභාපති යාහ්යා අල්-මක්බූල් මහතා ප්‍රකාශ කොට ඇත.
ඔහු සඳහන් කරනුයේ කම්කරු රැකියා සඳහා ශ්‍රී ලංකා ශ්‍රමිකයින් බඳවා ගැනීමේ පිරිවැය ද ඉහළ ගොස් තිබෙන බවයි.සුඩාන්, ඊජිප්තුව හා බංගලිදේශය වැනි රටවලින් රියැදුරු රැකියාවන් සඳහා පැමිණෙන ශ්‍රමිකයින් සඳහා දැරිය යුතු පිරිවැය රියාල් 3,000 ත් 7,000 ත් (රුපියල් 113527- 264897) අතර පහළ අගයයක් ගනිද්දී ශ්‍රී ලංකා ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ඊට වැඩි පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ඔහු පවසයි.
ඇතැම් අවස්ථාවල, පරිවාස කාලය අතරතුර දී ගෘහසේවිකාවන් නැවත ලංකාවට හරවා යවන්නට සිදුවෙන අවස්ථා ඇති බවත්, එවැනි අවස්ථාවල දී තමන්ට අතිරේක පිරිවැයක් දරන්න සිදුවෙන බවත් ඔහු කියයි.
එසේම මේ වන විට බොහෝ ශ්‍රී ලංකා රැකියා ඒජන්සි ඔවුන්ගේ තැරැව්කාර ගාස්තු ඉහළ දමා ඇති හේතුවෙන් ශ්‍රමිකයෙකු වෙනුවෙන් දැරීමට සිදුවෙන වියදම ඉහළගොස් ඇතැයි ද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අමු විහිළුවක්. පඩියවත් හරියට දෙන්නේ නැති රටේ මෙහෙම වෙන්නේ කොහොමද? මේ වගේ දුෂිත රටක් ගල්ෆ් එකේම නැහැ. (බ)
මේ සල්ලි ගන්නේ ඒජන්තවරු. අහිංසක කාන්තාවන්ට සත පහක සෙතක් නැහැ. කරුණාකරලා කොච්චර දුප්පත් වුනත් මෙහෙ නම් එන්න එපා. අපි හැමදාම ඇස් දෙකට දකිනවා අපේ කාන්තාවෝ විඳින දුක. (සමහරු නම් ලංකාව අමතක කරලා මෙහෙ ලමිස්සියෝ වගේ ඉන්නේ. විශේෂයෙන් පිරිසිඳු කිරීම් කරන ආයතනන වල කට්ටිය). (බ)
මම රැකියාව කරන්නෙත් සෞදිවල මගේ පඩිය රුපියල් 28000 මම ගොඩක් දුක්විදිනවා දසැම්බර් ලංකාවට එනවා. දරුදෙදෙනා බලාගෙන ලංකාවේම නතර වේනවා. (ර)
පිටරට ගිහිල්ලා තමන්ගේ පවුල් විනාශ කරගන්න එපා. රට රැකියා වලට ගිය කී දෙනෙකුගේ පවුල් අසාර්ථකද? මොනතරම් ප්‍රශ්නද? (නි)