ශ්රී ලංකිකයෙකු හා විවාහ වී මෙරට පදිංචි වීමට බලාපොරොත්තු වන බව දිවයිනට පැමිණ සිටින 2013 වසරේ චීන විශ්ව රූ රැජිණ තරඟාවලියේ කිරුළ හිමි කරගත් ජින් යී මෙනවිය එසැණට පැවසුවාය.
ඇය මේ දිනවල මෙහි පැමිණ ඇත්තේ දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නියත 2014 චීන විශ්ව රූ රැජිණ තරඟාවලියේ අවසන් වටයේ තරඟකාරියන් විසින් සිදුකරනු ලබන වැඩසටහන් කිහිපයකට එක් වීමටය.
වෘත්තීය මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස සේවය කරන ඇය 26 හැවිරිදිය.
‘‘මම ලංකාවට ගොඩක් ආදරෙයි. මෙහි ඇති එළවලු, පලතුරු හරි රසයි. ඒ වගේම මම ශ්‍රී ලාංකිකයෙකු හා විවාහ වෙන්න කැමතියි. ලංකාවේ පදිංචි වෙන්නත් කැමතියි.
මම මුදල් ඉතිරි කරනවා ශ්‍රී ලංකාවේ අසරණයන්ට උදව් කරන්න. මම කැමතියි පින් කම් සහ සමාජ සේවය කරමින් ලෝකේ වටේ සංචාරය කරන්න‘‘ .





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කැමති නැහැ , චීනුන් ලංකර ගන්න කොට පරිස්සම් වීම රටේ කොයි දේටත් හොඳයි. (ස)
මෙයා අමාරුවෙ වැටෙන්න යන්නෙ. (ස)
මොන කෙන්ගෙඩියක්ද මේ වෙන්න යන්නේ.ඉවරයක් නෑ මේ අය ගෙ මේ ඇඬියාව.ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් කාන්තාවෝ.එහෙව් එකේ අපේ කොල්ලො කසාද බදින්න ඕන චීන කෙල්ලො නෙවෙයි අපේ රටේ කෙල්ලොයි.දීපා ඔයා මේ ඒ අයට ඒක පහදල දෙන්න.(අ)
අපි දෙන්නා චිවාහ වෙමු (නි)
මම කැමතියි එයාව අඳුනාගන්න (නි)
වැඩි විස්තර සඳහා උදාහරණයකට සිංගප්පුරුව අරන් බලන්න.තනිකරම චීන්නුගේ පාලනයක් යන්නේ,මටනම් පෙන්නේ ලංකාවේ ඉන්න ඔය සත්තුටික දැකල වෙන්ඩ ඇති නේද. (අ)
ලසිත් වගේ අය ලබපු ඒ බිරිද කොච්චාර වාසනාවන්තද ? (අ)
නියමයිනේ! (නි)
මමත් ඉල්ලුම් කරන්න ඕනෑ. (නි)
මම කැමැතියි චීනිට, චීනි කැමැති නෑ මට! (නි)
මේකට හොඳ හොඳ ප්‍රතිචාර ලැබෙයි කියා හිතෙනවා. ආසාවෙ බැහැ අපේ මල්ලිලාගේ ප්‍රතිචාර බලනකම් (නි)
ලංකාව හොඳට හිතට අල්ලලා වගේ (නි)
චීන බඩු බාල බඩු නේ. මල්ලිලා බලාගෙන (අ)
අදහස නම් හොඳයි. ඒත් තනිපංගලමේ එළිපහළියට එහෙම යනවා නෙමෙයි (නි)
කමක් නැහැ නංගී (නි)
මටත් පුලුවන් නේද මේකට අයදුම් කරන්න? (නි)
හොඳයි,කිසිම ප්‍රශ්නයක් නැහැ (නි)
අශේන් තවම බැඳලා නැද්ද? (නි)
නංගි, ඔයා ලංකාවේ කටිටියගේ සැබෑ තත්වය දන්නේ නැති නිසා තමයි, ඔහොම හිතාගෙන ඉන්නේ (නි)
චීනයේ කාන්තාවෝ කවුරුත් පිටරැටියන්ව බැඳලා පිටරටක පදිංචි වෙන්න කැමතියි. (නි)
අපේ රට චීනයට සම්බන්ධ වෙනවට බොහොම කැමතියි. (නි)
ලංකාව කියන්නේ හොඳම රටක් (නි)
අනේ වාසනාවන්...එහෙනම් මව බදින්නකෝ...මාත් කැමති චීන කෙල්ලෙක්ව බදින්න...(අ)
දෙශපාලකයෙකු හැර ඕනෑම කෙනෙක් බැඳ ගන්න (අ)
නෝනාගෙන් අහලා මමත් උත්තරයක් දෙන්නම්කෝ (නි)
ඔය කතා වැඩිය ගන්නන් ගන්න එපා .(අ)
හරිම හොඳයි. ලංකාවෙන් විවාහ වෙන්න. දුප්පත් අයට උදව් කරන්න (නි)
මට නම් චීන හරි ජපන් හරි කමක් නැහැ. මට ඕනෑ රස්සාවක් තියෙන කෙනෙක්. (නි)
නියමයි ,ජාතිවාදය තුරන් කරන්න නියමයි.ඔන්න මම ඉන්නවා,මමයි ඔන්න මුලින්ම කිව්වේ.(අ)
ඕවා කිවුවා වගේ නෙමෙයි, කොල්ලන්ගෙන් බේරුමක් නැතිවෙයි (නි)
මම ඉන්නවා නංගී ඕනෑදේකට (නි)
ඉල්ලුම්පත් නම් දැනටමත් සැහෙන්න ඇවිල්ලා ඇති, මේ පුවත අහපු ගමන්.කෝකටත්, ....බබාලගෙන් ප්‍රවේසම් වුනොත් හොදයි. (අ)
කරුණාකර චීනෙට ගියාම එහි බලධාරීන්ට කියන්න චිනේ සමාගමක් විසින් ඉදිකරණ ලද නොරෝචෝලේ විදුලි බලාගාරය ඉතා කෙටිකලක් තුල ක්‍රියා විරහිත වීම චිනේ නිෂ්පාදන වල නමට කැළලක් නිසා වහාම එය නිසිතත්වයට පත්කර දෙන්න කියල , තවද එම ව්‍යපෘතිය සහ ජනතාවට වියදමේ තරමට ප්‍රතිපලයක් නැති වෙනත් ව්‍යාපෘති සදහා ගෙවන නයපොලි වාරික ගෙවීම සදහා අහර ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලට විශාල බද්දක් එකතු වීම නිසා අපි අමාරුවේ වැටිලා කියන්න , ණය මුදල් වලින් වැඩි හරියක් හොර දෙශපාලකයෝ සාක්කුවේ දමාගන්න නිසා ඉදිරියට ණය දීම සිමා කරන්න කියන්න මේක තම ඔබට අපට කරන්න පුළුවන් ලොකුම උපකාරය . (අ)
චීන හෝටල් ලංකාවේ අඩියෙන් අඩිය තියෙනවා. බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ (නි)
මම නම් කැමතියි ඇයව කසාද බඳින්න (නි)
බන්දුල පෙරේරාගේ අදහස නම් සහතික ඇත්ත. (නි)
මම නම් ඔයාට කැමතියි (නි)
හැබැයි ප්‍රවේශමෙන්! (නි)
කන්දක් මුදුනේ පුංචි පැල්පතක් හදාගෙන ලුණුයි බතුයි කාලා දුකසැප බෙදාගෙන පාඩුවේ ජීවත්වෙන්න කැමති නම් මම කැමතියි ඔයාව බඳින්න (නි)
"මිස් යුනිවර්ස්" ""චයිනා"" කියන්නේ ලෝකය චීනයේ කොටසක් කියලා හිතාගෙන වෙන්න ඇති.මෙයා 2013 විශ්ව රු රැජින තරඟයට චීනය නියෝජනය කල එක්කෙනා. නැතිව විශ්ව රු රැජින නොවේ. (අ)
බිලියනකට වඩා ඉන්න රටේ තමන්ගේ ජාතියෙන් කොල්ලෙක් හොයා ගන්නේ නැතුව පිටරැටියන් හොයන්නේ ඒ තරම හොඳ කෙනෙක් වෙන්න බැහැ (අ)
තව කාලයක් යද්දී චීනෙන් තමා බදින්න වෙන්නේ නය බේරගන්න අපේ රටේ (අ)
මම ඉක්මන් වැඩි උනාද මන්දා (අ)
මෙයාට අපේ හැමතැනම තියෙන චයිනීස හෝටල් දැකල ඇති. චීනේවත් මෙහෙම නැතුව ඇති. (අ)
අපේ රටේ දැනටමත් වැඩිපුරම තියෙන්නේ චීන දේවල්නේ! (නි)
මෙන්න අපේ කට්ටියට අවස්ථාවක්. !
ඉල්ලන් කන්න හදන්නේ, හැම තැනම පලා බබ්බු. කරුණාකරලා ආපු පාරෙන්ම ආපු වැඩේ කරගෙන ඉක්මනට යන්න අමාරුවේ වැටෙන්නේ නැතුව. (අ)
ඔන්න මමත් ඉල්ලුම් පත්තරයක් තැපැල් කළා. හැබැයි අනේ මට ගැරඩි කන්නනම් බැහැ. මෙයාල කකුල් තියෙන ඕනිම සතෙක් කනව. කකුල් තිබිලත් බේරිලා ඉන්නේ මේස පුටු විතරයි. (අ)
චීන භාෂාවෙන් චාන් චූන් ගාද්දි හරිම කරච්චලයක් වෙයිද දන්නෙ නැහැ (නි)
අනේ! අනේ ! මාව. ඔන්න මමයි ඉස්සෙල්ලම ඇහුවෙ. (අ)
අපේ රටේ සැමියන් ගේ හොඳ මෙහෙට ගොඩ බහින්න කලින්ම ආරංචි වෙලා වගේ. (අ)
අම්මා දැනගත්තොත් ගහයි (අ)
කසාද බදින්න හොදම නැති ජාති දෙකක් තමයි රුසියානු සහ යුක්රේන් ගැහැණු. නිල් පාට,කොළ පාට ඇස් ඇති ඔවුන් ඉතාම ලස්සනයි. නමුත් සමස්තයක් වශයෙන් ගත්කල මේ රටවල් දෙකේ ගැහැණු හරිම නපුරුයි.කේන්ති යාම උපරිමෙන්ම......ආසියානු රටවල ගැහැණු, ඒ අතින් බැලුවහම බොහෝම කරුණාවන්තයි. (නි)
එන කොටම මම නම් දැනගත්ත ඕක වෙයි කියලා...ඇත්තටම සතුටුයි එයාල අපේ රටට ඒ තරම් ආදරය කරන එක ගැන. එත් හැබැයි චීන ආණ්ඩුව යටතේ පාලනය වෙන රටක් වෙන්න නම් දෙන්න බැහැ අපේ ලංකාව..(අ)
ඉතින් අනේ අපේ ලංකාවේ හොද හැදිච්චා කොල්ලෙක් ව ජෝඩු කරමුකෝ (අ)
අයියෝ.... මම ඊයේ බන්දනේ (අ)
මම කැමති මෙයාව බදින්න පුලුවන්නම් පෞද්ගලිකව සම්බන්ද කරන්න ..(අ)
මේ මාත් කැමතියි. දෙනවද අවස්ථාවක්? (නි)
කොහොමද ඉල්ලුම් පත්‍රයක් දාන්නෙ මෙයාගේ යෝජනාවට ? (අ)
නරකද හිතල බැලුවොත් අර තංගල්ලේ හාදය ගැන හරි,කැළණි තුමාගේ පුත්ත්‍ර රත්නය ගැන?? (අ)
අනේ මම නම් කැමති නෑ ඔයා බදින්න ! වෙන කවුරු හරි හොයා ගන්න ! (අ)
මෙන්න කට්ටියට චීනෙට යන්න අවස්තාවක් (අ)
මම චන්දනගේ අදහස් වලට කැමතියි (නි)
මම කැමති නෝනට, නෝනා කැමති නෑ මට. (අ)
මේ මල හොන්තුවට වඩා මගේ ගෑනි ගොඩක් වටිනවා
කොමිනිස්ට් එපා වෙලාවෙන්න ඇති (අ)
ලංකාවේ කොල්ලෙක් හොයාගන්න කලින් ඉංග්‍රීසි හරි සිංහල හරි ඉගෙනගෙන ඉන්න වෙනවා.නැත්තම් ඉතින් බදින කෙනාට චීන ඉගෙනගන්න වෙනවා (නි)
මල්ලිලා පරිස්සමෙන් අර නොරොච්චෝල වගේ කරච්චලයක් වෙන්න බැරි නැහැ.(අ)
මම කැමතියි. (අ)
නොමේරු මනසකින් මතුපිටින් බලා කියූ දෙයක්නේ. (අ)
මම මේ දවස් ටිකේ වැඩිය එලිපහලියට බහින්නේ නැතුව පරිස්සම් වෙලා ඉන්න හිතාගත්තා. (අ)
යුව රජ තුමාගෙන් ඇහුවනම් එයා කැමති වේවි. (අ)
මම නම් ඇයට හරිම කැමතියි (නි)
ඉතා හොඳයි (නි)
සංවිදායක මහත්වරුණේ මෙවන් වදන් පැවසු මුවින් ..මෙහෙන් පිටවීමට පෙර ..හෝ පිටව ගියපසු ....රටට අයහපත් ...වදන් පිටවීමට ඉඩ නොතැබීම ඔබ සැමට බාරයි .මන්දයත් ....සහනකාරී සහ අසහනකාරී ... මහත්තුරු රටපුරා සිටිනානිසා. (අ)
ගොඩක් හොඳයි. අපේ රටට ආදරය කරන කෙනෙක් වගෙයි (නි)
මම කැමැතියි ඇයව කසාද බඳින්න (නි)
කොහොමත් ඉස්සරහට මෙයාලගෙන් ගත්ත අපේ ණය වලට හිලව් වෙන්න ගෙවල් වල ඉන්න කෙල්ලෝ කොල්ලෝ ටික දීලා තමයි බේරෙන්න වෙන්නේ. (අ)
මම කැමතී (අ)
අපේ කොල්ලෝ දැක්කම මේ අයට පිස්සු හැදිලද කොහෙද?, මේ විරිත්තාගෙන ඉන්නේ අපේ රට ගිලගන්න බලාගෙන ඉන්න රටක කෙල්ලෝ සෙට් එකක්.එසැන කොල්ලනේ මේ අයට නම් අහුවෙන්න එපා. (අ)
මමත් කැමතී ඇත්තටම. (අ)
මම කැමතියි ඔයාව බඳින්න. මගේ නම විහඟ. මම ලංකාවේ අම්බලන්ගොඩින් (නි)
මම කැමැති චිනට ...චිනා කැමැති නැ මට
අවිවාහක තරුණ බලවතුන් රැසක් ඉන්නේ! . උඩ පැනලා කැමති වේවි. (අ)
චීන්නු හරි අපිරිසිදුයි..දත් මදින්නේ නැහැ..ගුවන් හමුදාවේදී චීන්නු කණ්ඩායමක් එක්ක වැඩ කලා..පිරිමිත් එකයි..ගැනුත් එකයි.ගද ඉවසුවත් කන් කරච්චලේ ඉවසන්න බැහැ...කැමතිම නම් ඉතින් ආවට කමක් නැහැ..හැබැයි බදින්නනම් බැහැ..(අ)
කතුමෝ, ඔයා හරි හොඳ එක්කෙනෙක්. (අ)
අනේ චීන නෝනා හොඳ වෙලාවට හම්බන්තොට පැත්තේ එක්ක යන්නේ නැතිව ඇති..එකනේ මෙහෙම කතාවක් කිව්වේ...(අ)
ඔය කැමති නම් මට උදව් කරන්න අපේ ගේ හදන්න (අ)
මට පේන හැටියට ඉස්සරහට අපේ රටේ ඉපදෙන ළමයින්ට පුංචි ඇස් පිහිටීමට තිබෙන සම්භාවිතාව වැඩියි වගේ. කොහොමද චීනේ ඔක්කොම ලලනාවන්ට මෙහෙන් කසාද කර ගන්න ආශාවක් පහල වුණොත්. ! (අ)
මේඩ් ඉන් චයිනා කියන්න වෙයි... මමනම් තවම බැදල නැ.. (අ)
ඔන් මම මගේ පවුලව දික්කසාද කර. අනේ නංගි ලංකාදීප පත්තරෙන් මගේ ඊමේල එක ඉල්ලන් කේන්දර කොපිය එවන්න නැකතක් බලන්න අපිට බඳින්න (අ)
මහෙෂ් කටට ආ පලියට මෝඩ කතා කියන්න එපා (අ)
බන්දුල පෙරේරා කිවුවේ සහතික අත්තක්, මම වැඩ කරන්නේ සංචාරක ආයතනයක, නැවතිලා ඉන්නේ ලංකාවෙන් පිට හෝටලයක. අයියෝ (අ)
චීන ජාතිකයන් යම් රටකට රිංගා ගත්තොත් ඒ රටේ දේවල් සුළු කාලයකින් කන පිට හරවා තමන්ට වාසිදායක අයුරින් හදා ගන්නවා. උදාහරණයක් කියන්නම්. ඕස්ට්‍රේලියාවේ සමහර රැකියා අවස්ථා සඳහා දැන් ප්‍රධාන සුදුසු කමක් වන්නේ චීන භාෂාව දැන ගෙන සිටීම. එපමණක් නෙවෙයි . ඔවුන් ඉංග්‍රීසි භාවිතා කිරීම අවම වුණත් ඔවුන්ට වඩා චතුර ලෙස ඉංග්‍රීසි දැනුම ඇති අනෙකුත් සංක්‍රමණිකයන් අභිබවා රැකියා වෙළඳ පොළ ආක්‍රමණය කරලා. ඒ නිසා චීනුන් ලංකර ගන්න කොට පරිස්සම් වීම රටේ කොයි දේටත් හොඳයි. (අ)
චීන කාන්තාවන්ගේ සහකරුවන් සොයා ගැනීම ගැන දැන ගන්න ඕන නම් ඔස්ට්‍රේලියාවට එබිලා බලන්න. ශිෂ්‍ය විසා අරගෙන එනවා. ගුවන් යානයෙන් බහින කොටම පුරවැසි භාවය ඇති සුද්දෙක් අල්ල ගෙන එයාගේ ගෙදරට ගාල් වෙලා ඒ මනුස්සයව සුද්ද කරන්න පටන් ගන්නවා. එයාගේ පිහිටෙන් එදිනෙදා වියදම ගොඩ දාගන්නවා. තමන්ට පුරවැසි බව ලැබුණ ගමන් අර මනුස්සයාට චෙරියෝ බායි ! (අ)
නෝනාවරුනි මහත්වරුනි,විශ්ව රූ රැජින තරගෙට එන්නේ බාහිර රූපේ විතරක් අරන් නොව,බොහෝ කුසලතා සහ බුද්ධියත් සමගින්.අපේ රටේ ස්වභාව සෞන්දර්යට ,සංස්කෘතියට,ගති පැවතුම් වලට පෙම් බැන්ඳ උගතුන්,කලාකරුවන්, ලොව පුරා ඉන්නවා.ආතර් සි . ක්ලාර්ක් මහතා ගැන හිතන්න .ඒවගේ තමා මෙතුමියත්. කුහකයකුට හසු නොවී සැදැහැවත් පින්වතකුට හසු වුණොත් එය අපේ රටට හොඳා.චීනයට ණය අපි විතරත් නොවන බවත් ,බොහොම බටහිර රටවලුත් චීන ණය මත දුවන බවත් දැනගත යුතුය (අ)
වාරියපොළ පැත්තෙන් කෙල්ලෙක් බදිනවට වඩා චීන කෙල්ලෙක් බැන්දොත් හොඳයි. ලංකාවේ කෙල්ලන්ට අගේ නැතුවට කොහොමද ලංකාවේ කොල්ලන්ට ලෝකේ තියන ඉල්ලුම? (අ)
අර තංගල්ල පැත්තෙන් කසාදයක් කරගන්න කැමති නැද්ද? (නි)
මමත් තවම බැඳල නැහැ (අ)
මමත් කැමතියි. හැබැයි සුදෝ බල්ලෝ, ගැරඬි කන්න නම් බෑ. (අ)
සුබ මංගලම් චමල් ! (අ)
ඔබ පමා වැඩියි,,, ඇය මගේ ලොවට අවා... (ස)
ගණන් ගන්න එපා සඳුන් පෙරේරා, එයාල ඒ කෑම හදන්නේ රස කාරක , තුන පහ, සෝස් එහෙම හොඳට දාල අපි ඔය දැල්ලෝ එහෙම උයනවා වගේ...(අ)
මම කැමතියි .....මටත් පොඩි කාලේ ඉඳල ආශාවක් තිබුණා. විදේශික කාන්තාවකට.ඒ කැමැත්ත තාමත් තියෙනවා. (ස)
පොල් සම්බෝලයි බතුයි කන්න පුළුවන් නම් මම දැන් උනත් බඳිනවා. (ස)
අනේ හරිම ෂෝක්! මමත් කැමතියි (නි)
එල කෙල්ලෙක් (අ)
චීනේ හැම දෙයක්ම බාලයි ඒ නිසා මන් කැමති නෑ මෙයාව බදින්න. (අ)
වැඩේ තිබෙන්නේ මෙයාගේ උස වැඩිනේ .ඉතින් මෙයට හරියන කෙනෙක් නම් හොයන එක ලෙහෙසි නැහැ . (දී)
මං හොඳද? (අ)
මොකක්ද මේකේ යටි අරුත (දී)
මමත් කැමතියි (නදී)
එකත් එකටම ලංකාවෙන් කසාදයක් බැඳගන්න හිතෙන්න ඇත්තේ චීනෙවත් නැති චීන රෙස්ටුරන්ට් තොගයක් ලංකාවේ තිබෙන නිසා වෙන්න ඇති (අ)
ලංකාවේ ජනගහණයෙන් සියයට 56ක් කාන්තාවන් බවයි පැවසෙන්නේ. එහෙව් එකේ අපේ අවිවාහක සහෝදරවරුන්ට චීන තරුණියන් ගැන හිතනවට වඩා වගකීමක් හා යුතුකමක් තියෙනව අපේ රටේ තරුණියන් ගැන. (අ)
එයාට එකෙන්ම තේරෙන්න ඇති ගෑනු ඔළුව උඩ තියන් දහ දුක් විඳින මෝඩයො ඉන්න රටක් මේක කියලා... සතයක් පිනට නොදෙන පිරිමි ඕන තරම් උඩපැනගෙන එයි ඩාලින්, රත්තරන්, පැටියො මම ඔයාට එව්වා ගෙනත් දෙන්නම් , මෙව්වා ගෙනත් දෙන්නම් කියාගෙන.චීන ගෑනි බැන්දොත් ගෑනි ගෙදර නැහැ කොයි වෙලාවෙත් .. පලතුරු කකා රට වටේ යනවනේ..මිනිහටත් පලතුරු කකා තමා ඉන්න වෙන්නේ. (අ)
ඊට පස්සේ ලංකාවෙත් චීනේ හා සමාන ජනගහනයක් ඇති වේද ? (අ)
මම කැමතියි ඔබට (නි)
ෂාහ් ! අවාසනාවට මම බැඳලා ඒ වුණාට ශාන් ගේ කතාව නම් මරේ මරු! (අ)
මේ ගොල්ලන් වෙනත් රටවල් වලින් සහකරුවන් සොයන්නේ නිකමට නෙවෙයි. මීයක් කඩන්නේ අත ලෙව කන්නද ? (දී)
එයාලාව නඩත්තු කරන්න රස්සාවල් 5 ක් තිබුනත් මදි. කිසිම දෙයක් නොතිබුන කාලේ මාත් එක්ක ඇවිත්, තිබෙන හැටියට සතුටු වෙලා, මාත් එක්ක ජීවත් වෙන මගේ රත්තරන් ගෙදර හාමිනේ හොඳයි. (දී)
මෙයාලට ඔරොත්තු දෙන්නේ තරු පහේ අතු මිසක කිරිකජු කොලුපැටව් නෙමෙයි මයේ හිතේ. (ස)
මම කැමති කෙනා මට කැමති නැහැ. (ස)
පිලිපීනෙ අයගෙන් අපේ කොල්ලන්ට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒත් චීන අය එක්ක අමාරුයි. මොකද තාක්ෂණය දියුණු වුනාට චීන මිනිස්සු දියුණු නෑ. (ස)