බුදු පිළිම වහන්සේ නමකට තම නිවසේදී වන්දනා මාන කළැයි අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයකුට මරණ දඬුවම දීමට සෞදි රජය සැරැසෙතියි පළවූ මාධ්‍ය වාර්තා වැරැදි බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි. පේ‍්‍රමනාත් සී. තුංගසිරි නම් ශ්‍රී ලාංකිකයා සිර බාරයේ තබා ඇත්තේ වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් බව තානාපති නිලධාරියෙක් කියයි. රියැදුරකු වන තුංගසිරි ඔහුගේ නෑයකු වන එරට ගෘහ සේවිකාවක හා සම්බන්ධ ආරවුලකට මැදිහත් වීම නිසා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතැයි ඔහු හිර ගෙදරදී හමුවූ තානාපති නිලධාරියා කියයි. තුංගසිරි ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සඳහා සෞදි බන්ධනාගාරය සැරැසෙයි. තම ආගම ඇදහීම නිසා කිසිම ශ්‍රී ලාංකිකයකු වැරැදිකරුවකු කැර හෝ මරණ දඬුවම හෝ පනවා නැතැයි ද ලක්‍ෂ පහක් පමණ ශ්‍රී ලාංකිකයන් සිටින සෞදි රජයේ නම අපකීර්තියට ලක් කිරීමට කිසිවකුටත් ඉඩ නොදිය යුතු යැයි ද එම නිලධරයා පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණී, ඔයාට එහෙ නීතිය වෙනස් කරන්න බැහැ..
කවුද මේ සවුදි දයා?
සෞදියේ බුදු දහම අදහන්න කිසිම ඉඩක් නැ කියලා මුළු ලෝකයම දන්නවා..ගල උඩ කැත කරපු බලලා වගේ ඒක හංගන්න හැදවට ඒක හරියන් නැ..ඔය මනුස්සයා අත්අඩංගුවට ගත්තේ බුදුන් වැදිම නෙමෙයිමයි කියලා 100% ඔප්පු කරන්න කාටවත් බැ.එකිනෙකට වෙනස් කතා කියමින් තානාපති කාර්යාලය නටන නාඩගම තවත් නොතේරෙනව නම් ඉතින් කියන්න දෙයක් නැ. සෞදියටම ගිහින් පදිංචි වෙන එක හොදයි එහෙම අය...හත්දෙයියනේ මෙහෙම රටකට ගිහින් තම්බින්ට ආවඩනවට හොද නැද්ද පලාකොල ටිකක් කාලා හිගා කන එක.ඒක සැපයිනේ...
බදුන්වහන්සේ දේශනාකළේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම කියායි.. බුදුපිළිම තියාන හදුන්කූරැ ගහන් පහන් පත්තුකරන එක වැඩක් නැහැ සිතින් කරන්නෙ නැත්නම... අනික රෝමෙට ගියානම් එහෙ විදියට ඉන්න ඕන.. ධර්මය ආරක්ෂාකරන්නා ධර්මය විසින් රැකේ..
ඒක තමයි තමන් කැමති ආගමක් අදහන්න දෙන්නෙ නැති රටක් තියෙනවා කියපුවහම මට හොදටම තරහගිහිල්ලයි හිටියෙ..
ඒකත් එහෙමනම් ඒ අහිංසකයාව ලංකාවට එවන්නකෝ.එතකොට අහලම දැන ගන්න පුලුවන්නේ
බොරු කියන්න එපා.අපි ඇත්ත හොයා ගෙනයි තියෙන්නේ
දමින්දගේ පැහැදිලි කිරීම නියමයි...
දමින්ද LED TV ගේන්න බැරිද ...
දමින්දට වයර් මාරු වෙලා ද ?
ස්තූතියි සිංහල සහේදරවරුනි, අපි එක ජාතියක්
සෞදි කවදාවත් වෙන ආගමේ අයට වරදක් කරන්නේ නැහැ.
කොයි රටක උනත් තානාපතිකාර්යාල බහුතරයක ඉන්නෙ මේවගේ අය තමයි..
කවුද ඔය නිලධාරියා?
සෞදියෙ වෙන ආගම් වලට ඉඩක් නැ. එක දැනගෙන එහෙ වැඩට යන්න ඔනෙ කියලා සමහරු කියල තිබුනා. ඒක එයලග් ජතික ප්‍රතිපත්තිය කියලත් ලියල තිබුනා..ඒත්..අපිට ආගම් අදහන්න බැරි වුනාට අමරිකන් කාරයන්ට සෞදි ඇරම්කෝ කියන ආයතන වලට අදාලව වෙනම තාප්ප ගහලා වෙන් කරගෙන කතෝලික පල්ලි හදාගෙන එයලග් ආගම අදහනවා.. සෞදියෙදි අපේ අයට ලොකු කම් කතා කරන්න බැ තමයි.. නමුත් හම්බු කරන්න විතරක් ආවා කියලා අපිට කරන අසාධාරනකම් හරි කියන්න තරම් නිවට වෙන්න නටරකයි.අඩුමගානෙ වැරැද්ද වැරැද්දක් විදියට දකින්න පුලුවන් වෙන්න ඕනෙ. වෙන රටවල් වල ප්‍රතිපත්ති අපට වෙනස් කරන්න බැ. නමුත් අසාධාරණය අසාධාරනණයමයි. හැම ආගමක්ම ඒක පිළිගන්නවා.
රටක ජාතික ප්‍රතිපත්තියක් කියල දෙයක් තියෙනවා අපට නැතිවට. වව්ලගේ ගෙදර ගියාම එල්ලිල ඉන්න ඕන කියල කතාවක් තියෙනවා. තවද මය්යෝක්ක ගන්න ගියානම් හතර මායිම් ඕන නෑ කියල කතාවකුත් තියෙනවා. මේවා එ රටට යන්න කලින් දැනුම් දෙන්න තමඊ විදේශ සේවා දෙපාර්ත. තියෙන්නේ. අපේ රටේ ඕනෙම ආගමක් හෝ ආගමක් වනසන ආගමක් (යේහෝව වැනි) කරගන්න දෙන අමතියල, තානාපතිලා, රටේ පුරවැසියෙකුට කරදරයක් උනාම අනිත් පැත්තට ප්‍රකාශ නිකුත් කරන අමතියල, තානාපතිලා නිසා මුන් ගෙන කිසි විස්වාසයක් නෑ. නමුත් දරුවනේ රිසානාගේ ප්‍රශ්නෙට නම් අපේ රාජ්‍ය සේවකයෝ අමතිය, පුදුම ඇම්මකින් කෝටි ගානක් වියදම් කරලා රට රාජ්ජ වල ඇවිද්ද. තාමත් වියදම් කරනවා ලෝකෙට පේන්න. අපි මාර ජාතියක් කියල පේන්න. උන් පස්චාත් බාගයෙන් අපිට සුබ පතනවා. තුංගසිරියෝ සිංහල උනාම හුදකලා වනු ජාතියක්, වඳ වන (කරන) ජාතියක්, අඩුම තරමේ මේක විග්ග්‍රහ කොරල ලියන ලිපියක්වත් ලංකාවේ කිසිම පත්තරේක දාන්නේ නෑ. ඕකයි යථාර්තය. එක නිසා රට යන අනිත් එවුන්ට දැනගන්න මේ ප්‍රවුර්තිය ගුවන් තොටුපලේ පොඩි බෝර්ඩ් කෑල්ලක් ලියල දාන්න.
කව්ද එතකොට ඇත්ත කියන්නේ ?
සෞදි අරාබියාවේ කිසිම ආගමික නිදහසක් නැහැ. බයිබලයක් හෝ වෙනත් ආගමික රුපයක් තම ගමන් මල්ලේ තිබුනොත් එය ගුවන් තොටුපලේදී කියන්න අවශ්‍යයි. එතකොට ඒවා ආණ්ඩුව භාරයට අරගෙන එම මගියා ආපසු රටින් පිටවෙන වෙලාවේදී එම භාණ්ඩ ආපසු භාරදෙන එකයි කරන්නේ.රට ඇතුලේ වෙනත් ආගම් අදහන්න නීතියෙන් තහනම්. නොකියා යන්න උත්සහා කලොත් මරණ දඬුවම පවා දෙන්න ඉඩ තියෙනවා. මේ නීතිය ගැන දන්නේ නැහැ කියල බේරෙන්න හැකියාවක් නැහැ, මේ නිසා එහෙ වැඩකරන බොහෝ අය සමහරවිට කරදරේ වැටෙනවා. සෞදි ගමන් බලපත්‍ර දෙන්නේ මුස්ලිම් අයට පමණයි. රටවැසිකම ගැන මොන කතාද?
අපි සෞදියට එන්නෙ සල්ලි හම්බ කරන්න.. මෙහෙ වෙනත් ආගම්වලට ඉඩක් නැහැ.. හැමෝම දන්නවා ඉතිං අපේ වැඩේ කරගෙන අපේ රටට අපි යමු..
අපි සවුදි වල ඉන්නේ හම්බ කරන්න.අපේ වැඩේ කරගෙන අපි අපේ රටට හිමින් යමු
ලංකාදීප ද බොරු නිව්ස් දමන්නේ .. එත්ත නැත්ත හොයා බලන්නේ නැතිව ?
කෝ මේ බොදුබල සේනාව?
දුමින්ද, රේගුවේ අංකය ලබා දීම පිළිබද ස්තූතියි
මුලදර්මවදින්ගෙන් අපි කවුරුත් පරිස්සම් වෙන්න ඕන
සත්‍ය ජයගනී . එසැන පුවත් වලට ස්තුති
දමින්ද, මොකද වෙලා තියෙන්නේ?
අපි නොදන්න සෞදිය
දැන්නම් හරිම රස්නෙයි..ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්...
.කාල වරෙන්කො දැන් ,,,
ඉන්නවා ...ඉන්නවා ....මේ දවස්වල චන්දෙට කඩේ යන්න සෙට් වෙනවා ....
මේ සිද්දිය කෙසේවෙතත් වෙනත් ආගමකට සම්බන්ධ පොතක් පින්තුරයක් පිළිමයක් පෙන්නන්න බැහැ සෞදි ආරක්ෂක අංශ වලට. මානව හිමිකම් මෙහෙ නැහැ. ආගම අදහනවානම් හොරෙන්ම තමයි. මේ රටේ උදවිය ලාංකිකයන්ට (විශේෂයෙන්ම ගෘහසේවිකාවන්ට සලකන්නේ වහලුන්ටත් අන්ත විදියට). කැතම කැත විදියට. ශරීරෙට ඇන ගහන එක සුළු සිදුවීමක් පමණයි. අනෙක් දේවල් හිතාගන්නකෝ. කීර්තිමත් රටක් නම් විනිවිදපෙනෙන ක්‍රියාමාර්ග ගන්න ඕනේ ඔය අවලන් දේවල් වලට විරුද්දව. තනාපති අංශ කියන තරම් කීර්තිමත් දේශයක් නෙමේ සෞදිය. ඒ විතරක්ම නොවෙයි. සෞදි වල ශ්‍රී ලංකා තානාපති අංශවලටත් තියෙන්නේ අපකීර්තිමත් ඉතිහාසයක්නේ. ඔක්කොම එකයි. අහිංසක ලාංකිකයෝ හැමදාම වදහිංසා දුක් විදිනවා. කීර්තිමත් දේශයක දරුවෝ අපකීර්තිමත් පාලකයෝ නිසා අන් රටක දුක් විඳිනවා.
අන්තවාදීන්ගේ භාෂාවෙන් බුදුන් වඳිනවා කියන්නේ මොකක්ද?
මේක බොරු කේස් එකක්...
අපි නොදන්න එම්බසි .අරාබින්ගෙන් සල්ලි අරන් ලංකාවේ අහිංසක ශ්‍රමිකයෝ වැරදිකාරයෝ කරනවා. අපි ඕනෑතරම් දැකල තියනවා එයාපෝර්ට් එකේ බෑග් චෙක් කරද්දිත්......
බොරු පණිවිඩ දිල මිනිස්සු කුලප්පු කරා... ජාති වාදය අවුස්සන පාහරයො.....
ජාතිවාදය අවුස්සන අයට අහුවෙන්න එපා ... අතීතයේ එවැනි නූගත් තීරණ නිසා අපි වසර ගණනාවක් විදපු දුක හොඳටම ඇති.
කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා සිරිතුංග මහත්තයා ලංකාවට ආවහම දැනගනිමු. ගින්නක් නැතුව දුමක් නිගින්නේ නැහැනේ නේද
අපේ රටේ මිනිස්සු මෙහෙට ඇවිල්ල වැරදි කරනවා.. අපි රට යන්නෙ සල්ලි හම්බකරන්න. ඒවේගේවැඩ කරන්න හොදින් ඉදල ලංකාවට ගියාම කිසිම ප්‍රශ්ණයක් නැහැනෙ..
කසුන්, ඔබ හරි
කසුන් ඔයා හරි
සෞදියෙ වුන් වෙසක් කාඩ් එකක බුදු පින්තූරයක් තිබුනත් ඒක කලු තින්ත ගාලයි අයිතිකාරයට දෙන්නෙ.ඒක උන්ගෙ post office වලින්ම කරන දෙයක්. සතිපතා එන සිංහල පත්තර වල බුද්ධාගමට අදාල දෙයක් තියනවනම් ඒවගෙ කලු තින්ත ගානවා.එක පාරක් රුවන්වැලි සැයෙත් කලු තින්ත ගාල තිබුනා. එහෙ උන් දන්නෙ නැ ඒක බුද්ධාගමට අදාල දෙයක් කියලා. ඒ තැන් වල වැඩ කරන්නෙ ලංකාවෙ මුස්ලිම් අය.ලංකාවෙ මුස්ලිම් අය සෞදි ආවම හසිරෙන්නෙ අමුතුම තාලෙකට. ඒක සෞදි ගිහිල්ලම බලන්න ඕන.තානාපති තුමත් මුස්ලිම්නෙ.. වෙනසක් නැ.. අපි ගෙනියන බැග් වල බුද්ධාගමට අදාල දෙයක් තිබුනොත් විසි කරනවා.. ඔය තානාපති තුමට මේවා මෙහෙම වෙන්නෙ නැ කියන්න පුලුවන්ද අල්ලා දෙවියන්ගෙ නාමෙන්......???
කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා සිරිතුංග මහත්තයා ලංකාවට ආවහම දැනගනිමු. ගින්නක් නැතුව දුමක් නිගින්නේ නැහැනේ නේද ?
ආ .. එහෙනම් කමක් නැ
කොහොම උනත් සෞදි කියන්නේ තානාපති සේවය දකින කියන තරම් සුර පුරක් නෙවෙයි
අරාබිය ගැන ඇත්ත කියන්න බැරිද ?
අන්තිමේ ඇත්ත ඔප්පු වෙයි
අනෙත් රටවල් වලින් එන පත්තර වල තියන රූප වලට සෞදියේ තින්ත ගාලා මකන එක ඇත්ත.
අරාබි රටට යන්න කලින් ඒ ඒ රට වල නීති රීති ගැන දන ගෙන නේ අපේ කට්ටිය යන්නේ. ගිහින් කීයක් හරි හම්බුකරන තමන් රටට එන එක නුවනට හුරු. නැතුව හම්බු කරන් කන්න දීපු රටේ වැරදි කියන එක නෙවෙයි. සෞදි අරාබියේ වැඩිපුරම ඉන්නේ එක්කෝ කසිප්පු පෙරලා, නැත්නම් බීලා.
ශ්රී ලංකා තානාපති අංශවලට කොන්දේ පන නැහැ... නැත්නම් මේවගේ පැති මාරු කරයිද... ජාතිවාදය ඇවිස්වීමක් නොවේ... එහෙත් අනිත් රටවල තානාපති කාර්යාල කොච්චර ඒ රටවල මිනිස්සු ගැන හිතනවද... මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසදනවද... එදා ඉඳන් අද වෙනකන් ලංකික ප්‍රශ්න එහෙමමයි...
අනුන්ගේ රටවල නීති වෙනස් කරන්ට යන්නේ නැතිව අපේ රටේ දෙයක් බලා ගත්තනම් හරි නේද ? අරාබිය කියන්නේ මොකක්ද කියල දන්නේ නැතිවද යන්නේ ? අපේ රටේ වැදගත්කම දැනවත් තේරනවානම් හොඳයි.මමත් බෞද්දයෙක්, ඉන්නේ සෞදි අරාබියාවේ. මෙහෙ එහෙම ප්‍රශ්නයක් නැහැ.නමුත් එකක් කියන්ට ඕනේ. මෙහෙ බුදු පිළිම / ක්‍රිස්තියානි කුරුස වලට එහෙම ඉඩ නැහැ.මෙහෙ එනවනම් ඒවා දැනගෙන එන්ට ඕනේ.නැත්නම් අරාබි එන්ට එපා.... අපේ රටේ ඔහොම දෙයක් උනානම් අන්න එදාට බලාගන්ට පුළුවන් සිංහල බෞද්දයෝ කියන්නේ කවුද කියල.
අනේ මන්දා මෙහෙමත් ලෝකයක්.හෙට තව මොනවා කියයිද දන්නේ දෙයියෝ තමයි
අනුන්ගේ රටවල නීති වෙනස් කරන්ට යන්නේ නැතිව අපේ රටේ දෙයක් බලගතනම් හරි නේද ? අරාබිය කියන්නේ මොකක්ද කියල දන්නේ නෙටිවද යන්නේ ? අපේ රටේ වේදගත්කම දෙනවත් තෙරනවානම් හොඳ.මමත් බෞද්දයෙක් ඉන්නේ සෞදි අරාබියේ මෙහෙ එහෙම ප්‍රශ්නයක් නෙහෙ.නමුත් එකක කියන්ට ඕනේ මෙහෙ බුදු පිළිම / ක්‍රිස්තියානි කුරුස වලට එහෙම ඉඩ නෙහෙ.මෙහෙ එනවනම් ඒවා දෙනාගෙන එන්ට ඕනේ.නෙත්නම් අරාබි එන්ට එපා.... අපේ රටේ ඔහොම දෙයක් උනානම් අන්න එදාට බලාගන්ට පුළුවන් සිංහල බෞද්දයෝ කියන්නේ මොක්කුද කියල.
රජය විසින් සපයනු ලබන තවත් පහසුකමක් වනුයේ තීරුබදු හා වෙනත් බදු ගෙවීම්වලින් තොරව භාණ්‌ඩ රැගෙන ඒමට ඉඩකඩ ලබාදීමයි. ඔබ විදේශයන්හි ගත කළ කාලසීමාව පදනම් කරගෙන තීරුබදු සහන දීමනාවන් රජය විසින් ලබාදී ඇත. රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තීරණය කරනු ලබන විටෙකදී හැර මෙම දීමනාවන් වසරක (දින 365 කට) එක් වරක් පමණක් ලබාදෙනු ඇත. එකී දීමනාවන් යටතේ මගියාගේ ගමන් මල්ලක අඩංගු විය යුතු අවසර ලැබෙන භාණ්‌ඩ/ද්‍රව්‍ය හා ඒවාට අදාළ ප්‍රමාණයන් නියම කර ඇත. කෙසේ නමුත් ඔබ විසින් අමතක නොකළ යුතු කරුණු කිහිපයක් වේ. බදු අය කරනු ලබන ඇතැම් භාණ්‌ඩ කිහිපයක් ඇති අතර බදු නිදහස් දීමනා ක්‍රමය යටතේ ඒවා ආවරණය නොවනු ඇත. ඒවායින් සමහරක් වනුයේ, (i) LCD රූපවාහිනී යන්ත්‍ර අඟල් 42 ට වැඩි, (ii) CRT රූපවාහිනි යන්ත්‍ර අඟල් 29 ට වැඩි, (iii) වායු සමීකරණ යන්ත්‍ර, (iv) අධි ශීතකරණ, (v) විදුලි උඳුන් (ලිප් හතර), (vi) ශීතකරණ (ලීටර් 500 ට වැඩි), (vii) පිඟන් සෝදන යන්ත්‍ර, (viii) ඉන්ධන ධාරිතාව 250 ට වැඩි යතුරුපැදි. ඊට අමතරව රට තුළට ආනයනය තහනම් කරනු ලැබ ඇති තවත් සමහර භාණ්‌ඩ කිහිපයක් ද ඇති අතර ඒවා නම්, (1) මත්ද්‍රව්‍ය හෝ මානසික ක්‍රියාකාරිත්වය විකෘතිවීම කෙරේ බලපාන ඖෂධ, (2) අසභ්‍ය පින්තූර, සීඩි තැටි හෝ ලේඛන. ඔබට වඩාත් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් කරුණාකර රේගු තොරතුරු මධ්‍යස්‌ථාන අමතන්න. (0094-11-2342012) දැනගත හැකි වනු ඇත.
වහල් කම්වලට යන එක දැන්වත් නවත්තපල්ලා ! ලුණුයි බතුයි කාල හරි ඉදපල්ලා. මේ රටේ ඕන තරම් සම්පත් තියෙද්දි උබලා වහල් කම් කරන්න රට රටවල් වලට ගිහින් දුක් විදිනවා. නිවට සිහලුනෙ ඇස් ඇරපල්ලා !
තිත්ත ඇත්ත මේක තමයි. අපි හැම දෙයක් ගැනම අවධානයෙන් ඉන්නේ.