තමා සමග කලින් පෙම් සම්බන්ධයක් තිබූ හතලිස්එක් හැවිරිදි කාන්තාවකට හතලිස්දෙහැවිරිදි පුද්ගලයෙකු විසින් නාපෝලි නගරයේ කවූර් චතුරස්‍රයේදී පිහියක් පෙන්වා මරණ තර්ජනකර තමා සමග තමාගේ ගෙදරට පැමිනෙන ලෙස බල කර ඇත.එසේ පැමිණි පසු තමාව විවාහ කරගන්නා ලෙස ඉල්ලා නැතිනම් කෑලිවලට කපනබවට තර්ජනය කර ඇත.ඉන්පසු කාන්තාවව නිදනකාමරයට තල්ලුකර පහරදිඇති අතර පසුව අතපය ඇලවුම්පටිවලින් බැඳදමා ලිංගික ක්‍රියාවන්ට බල කර ඇත.
පැය හතරකට පමණ පසු කාන්තාව බොරු ආදරයක් පෙන්නා තමා විවාහවිමට කැමතියයි පවසා දෙදෙනාම වෙළඳසලකට ගොස් ඇත. එසේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කාන්තාව ඒ අසලඇති ගොඩනැගිල්ලකට ආධාර ඉල්ලා දිවගොස් ඇත. එහි සිටි පුද්ගලයන් ඇයට උදව්කර ,පොලීසිය දැනුවත්කර ඇත.පොලීසිය පැමිණ හතලිස්දෙහැවිරිදි ලාංකිකයා අත්අඩංගුවට ගෙන මෙම සිද්ධියට අදාල උපකරනද සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශලනි මෙල්බර්න්...මෙවැනි ශෝකාන්ත හැම රටේම තියෙනවා. ලන්ඩනයේ උසස් අධ්‍යාපනයට පැමිණි ලස්සන ශිෂ්‍යාවක් තම නව යොවුන් ප්‍රේමය එක්තරා ලංකාවේ සිට මෙහි පැමිණි පිරිමියෙකුට පුද කළා. අවුරුදු දෙකක් පමණ ගත වුන පසු මෙම පිරිමියා කාටත් හොරෙන් ලංකාවේ තම භාර්යාවද ලන්ඩනයට ගෙනවිත් තම නිවසේ පදිංචි කර ගත්තා. ටික කලක් ගත වුණා. දිනක් පෙම්වතිය දැනගත්තා මේ සියල්ල යහලුවකුගේ මාර්ගයෙන්. තමාගේ කුළුඳුල් පෙම පුද කර ඇත්තේ විවාහකයකුට වන බව ඇය දන ගත්තේ එවිටයි. ඇය අද දෙව් මව් තුරුලේ සැනසීමෙන් සිටිනවා! (අ)
ඉතාලි යන බහුතරය අයගේ සමාජ තත්වය හිතා ගන්න පුළුවන්. ඔහේම තියන් ඔහේම දඬුවම් කරනවා නං හොඳයි ලංකාවට එවන් නැතිව. (ස)
රමිත ඉතාලියට යන බහුතරයගේ සමාජ තත්වය ඕක නම් ලංකාවේදී ළමයි දුෂණය කරන, ගැහැණු දුෂනය කරන සහ අනෙකුත් අපචාර කරන ලංකාවේ අය මොනවා නිසාද එහෙම කරන්නේ? (නදී)
කුසුම්, සමාජයේ සිදුවන දෙයක් යම් අචාර ධර්ම වලට අනුකූලව සමාජයට ඉදිරිපත් කර දැනුවත් කිරීම ඕපාදුප සෙවීමක් නෙවෙයි. (අ)
කුසුම් බයවෙලා එයා ගැනත් පිටිගල මිලානෝ ලියයි කියලා. 'පුහුල් හොරා කරෙන් දැනේ' කියන්නේ ඕකට තමයි. (නි)
ගෑනුන්ගේ මොළේ හැඳිමිටේ කිව්වට ඒක ඊට වැඩිය දිගයි වගේ. (නි)
ස්ත්‍රි දුෂණය බලවත් අපරාදයකි. මේ සදහා උත්සහ දැරීමත් අපරාදයකි. අනුබල දීම අපරාදයකි. සියල්ල නාට්‍යානු සාරයෙන් ඉදිරිපත්කිරීම, විස්තරාත්මකව දැක්වීමත් ඉදිරි අපරාදයකට අනුබල දීමකි. (නදී)
අයි ඩී එච් එකේ රෝගීන්ගේ සංගණනයක් කරලා බැලුවොත් නරකද? මම හිතන්නේ එහෙන් පැනලා යන අය සියල්ලෝම යන්නේ ඉතාලියට වගෙයි. මළ පොතේ අකුරක් ඉගෙනගෙන නැතුව ඉතාලියට ගිහින් ඉන්න අයට දැන්වත් අකුරු කියවන්න හරි උගන්වන්න හරි සිංහල පාසලක් ඉතාලියේ පිහිටුවොත් හොඳයි නේද? එක අතකින් ඔය මිනිස්සු ටික ලංකාව දාලා ඉතාලියට ගිය එකමයි හොඳ. (නි)
අප්‍රසන්නයි මේවා දකිනකොටත් මට (නි)
මේ කෙනා නම් කවුද කියලා මට විශ්වාසයි. (නි)
බලාගෙන ගියාම හැටහතරත් නරකම නැහැනේ ...!!! (නි)
සිද්ධියට අදාල උපකරණ ඔක්කොම අත්අඩංගුවට ගත්තයි කියන්නේ. (ස)
පිටිගල වත්ද මේ ලාංකිකයා ? (ස)
පිටිගල මිලානෝගේ කතාව සියට දෙසීයක් සහතික ඇත්ත (අ)
මහගෙදර ඇඹිලිපිටියගේ අදහස දැක්කේ දැනුයි. අම්මෝ!ඔයා දන්නා දේවල්, ඇඹිලිපිටියේ පැත්තේ උගතෙක් වෙන්න ඉංග්‍රීසි හෝඩියේ අකුරු කියක් දැනගන්න ඕනද? පත්තරේටත් ලියන හින්ද ගමේ ඉන්න ලොකු උගත වෙන්න ඇති නේද? ඇඹිලිපිටිය මහත්තයෝ, අන්න ඉතාලි කාරයෝ ඔක්කොම ඇඹිලිපිටි එන්න හදනවා ඔයා ගිය ඉස්කෝලෙට යන්න. අපි දැකල තියන මිහරක්ට තියෙන්නේ අන් දෙකක් විතරයි.ඒ අතින් බැලුවම ඔබතුම නම් හරිම උගත්. ශරීරයේ හැම තැනම අන්!!! උගත්කමේ හැටියට ඊළඟ වතාවේ ඔය පැත්තේ චන්දෙ ඉල්ලලා බලන්න අනිවාර්යෙන් දිනනවා ෂුවර්. (අ)
රටවල් වලදී අපේ ජාතියෙන්ම තමයි අනන්තවත් බැට කන්න වෙන්නේ. උන් යන පැත්තකවත් යන්න හොද නහැ වහා ගිනි අවිලෙන සුලුයි.(නදී)
"මෙම සිද්ධියට අදාල උපකරණද සොයාගෙන ඇත. " ඔය උපකරණය නැවත දෙන්න එපා. එතකොට සියලුම කන්තාවන්ට පාඩුවේ ඉන්න පුලුවන්. (ස)
ඉතාලියේ ලාංකිකයින් අතර ඉතාලියේදී ඇති වන පෙම් සබඳතා විවිධ ස්වරූප ගන්නවා. මෙහි ඇති අසීමිත නිදහස සහ මුල්‍යමය හැකියාවන් නිසා සමහර ලංකාවේ විවාහකව මෙහි තනිව සිටින අය අතර අනියම් සම්බන්ධතා ඇති වෙනවා. සමහරු අධික ගෙවල් කුලිය බෙදා ගැනීම සඳහා සම්බන්ධ වෙනවා. තවද, ගෙවල් දොරවල් යහමින් ඇති 'අක්කලා' මල්ලිලාට නොමිලේම එම ගෙවල් වල නවාතැන් පහසුකම් සලසා දෙනවා. තවත් සමහර මහත්වරු පාසල් නිවාඩු පටන් ගත් විගසම තම දරු පවුල ලංකාවට යවා මෙහි හොර අඹුවන් සමඟ එම කාලය ගත කරනවා. සමහර බිරින්දෑ වරුන් ද ඉක්මනින්ම තම සැමියා මෙහි තනි කර ලංකාවට දුවනවා යහමින් මුදල් ද සමඟ තම ගමේ පෙර පෙම්වතාට ඉතාලි තෑගි බෝග අරන් දී සංග්‍රහ කිරීමට. තවත් බිරින්දෑ වරුන් ළමයින් මේ රටේ හදා වඩා ගැනීම නුසුදුසු යයි කියා ලංකාවට සදහටම ගොස් සැමියා එවන මුදලින් තම පෙම්වත්තු සමඟ පෙම් සුව විඳිනවා. සැමියාගේ අධික බීමත් කමෙන් ප්‍රයෝජන ගෙන සමහර 'නළුවන්' තුන් වන පාර්ශව ලෙස හොරෙන්ම පවුල් වලට 'හිතවතෙක්' ලෙස රිංගා ගන්නවා. මේ නළු මල්ලිලා යහමින් මුදල්ද සමඟ ලංකාවට ගොස් 'උගත් ධනවත් බෑනා වරුන්' ලෙස ලංකාවෙන් විවාහද කර ගන්නවා. ඒ නිසා දෙමව්පියනි, ආදරයෙන් හැදු වැඩු තම දියණිය පිට රටකට දීග දීමේදී හොඳින් සොයා බලන්න. එංගලන්තය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය හෝ ඉතාලිය යන නම් වලට රැවටෙන්න එපා. මේ හැම රටකම නරක මිනිසුන්ගේ ස්වභාවය මෙයයි. (ස)
චමින්ද, පිටිගල මිලානෝ මල්ලි හොඳ පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක්. එයා නම් වෙන්න බැහැ. සමහරවට නන්දන හෝ ගලබඩ වෙන්න ඇති. (ස)
කොහොමද ගැහැනිගේ හැදී මිටේ මොලේ තරම...? (ස)
ලැජ්ජාවේ බැහැ දැන් නම් ඉන්නේ ඉතාලියේ, යන්නේ ඉතාලියේ කියන්න. මොකද මේ හොරු ටික නුගත් උන් ටික ඉතාලිම එන්නේ. අපිව කන්න. (ස)
අයියෝ, වස ලැජ්ජාව. දැන්නම් ඉතාලියේ ඉන්න හිතෙන්නේ නෑ.මෙහේ අත්හැර දාලා මැදපෙරදිග යන්න හිතෙනවා. (ස)
මොකද මෙයා මේ ගෑණුන්ව බලෙන් විවාහ කර ගන්න හදන්නේ. මිනිහ දන්නේ නැද්ද අර රන් කුඩුවේ තිබ්බත් කුඩුවේ දොර ඇරපු ගමන් ගිරවී පැනල යනවා කියලා. මන්ධ බුද්ධිකයෙක් මිනිහා. (ස)
ඇහුවට තරහ වෙන්න එපා පිටිගල.., ඔයත් මේ කොටුවේද...? (ස)
එන්න සනත් - වෙරෝනා, ඇත්තටම මැදපෙරදිග හොඳයි. (ස)
එංගලන්තයට ස්ටුඩන්ට් වීසා වලින් ගිය මගේ සහෝදරියගේ දරුවන් රවටමින් මුදල් ගරා ගත්තේ මිගමුව දිහා හොරෙක්. ඒ දරුවන්ට යන එන මන් නැති කලා. මම ඒ ගැන විමසු විට මට කතා කල භාෂාව මෙතන ලියන්න බැහැ කවදාවත් ඉස්කෝලේ ගියා කියල කියන්ට බැහැ. (නදී)
මම නම් කවදාවත් ඔය බටහිර රටවල් දැකල නැහැ. එහෙත් මම අසා ඇති අන්දමට ඔය යුරෝපයේ රට වලින් නරකම රට ඉතාලිය කියල ලංකාවේ බහුතරයගේ අදහස. එය සනාත වෙනවා අප මේ හැමදාම වාගේ දකින ඉතාලියේ සිදුවන ක්‍රියාකාරකම් වලින් සහ පිටිගල මිලානෝ කියා තිබෙන සිද්ධින් වලින්. නමුත් මේවා එංගලන්තයේ ජර්මනියේ හෝ ප්‍රංසයේ තිබෙනවා කියා අසා නැහැ . මම හිතන්නේ එම රටවල් පිටිගල සඳහන් කරේ ඉතාලිය වගේ අනික් රටවල් කියා පෙන්වීමට ගත ප්‍රයත්නයක් කියා අපට වැටහෙනවා. උගත් කමක් ඇතුව මැද පෙරදිග ආවම වැදගත් රැකියාවක් කර වැදගත් විදියට ජිවත් වී අවුරුදු පහක් ගත කලාම මුළු ජිවිතයම ලංකාවට ගොස් ගත කරන්නට මෙහි සිටින අපට පුළුවන්. (ස)
ඉතාලියේ නීතියේ තිබෙන ලිහිල් කම සහ මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ මනුස්සකම නිසා තමයි අපේ අය මේ තරමටම පිස්සු නටන්නේ. මේ වගේ දෙයක් එංගලන්තයේ,ජර්මනියේ හෝ ස්විස්ටර්ලන්තයේ කලා නම් අනිවාර්‍යයෙන්ම ලංකාවේ තමයි නතරවෙන්නෙ. ලංකාවෙන් පිටත ජිවත්වන ලාංකිකයිනි අනෙක් රටවල පුරවැසිභාවය ලබාගත්තත් යම් වැරද්දක් කලොත් ඒගැන ප්‍රකාශ කරන්නේ මුලින්ම ලංකාවේ අයෙක් කියා. ඒ රටවලට වාසි සහගත දෙයක් කලොත් එයාලට ලංකාව වැදගත් වන්නේ නෑ. සියලුම නම්බුව එයාලා ගන්නවා. (නදී)
පිටිගල මිලානෝ ඉතාලියේ හිටියත්, හැමෝටම තේරෙන්න ඇත්ත කතන්දරේම කියලා දැම්මා. කට්ටියට මල පනියි පිටිගලත් එක්ක,මේවා කියවන කොට. (නදී)
දෙන්න ඕනෑ රජ කාලේ දඩුවම් (නි)
දෙකක් නැහැ අපේ ටොන්ගය වෙන්න ඇති. (ස)
කොයි රටෙත් නරක දේවල් තියනවා. අපි හොඳට හිටියම ඉවරයි. (ස)
"ඉතාලියේ එහෙම වුනත් එංගලන්තේ එහෙම වෙන්නේ නෑ"…එංගලන්තෙට 'ස්ටුඩන්ට් විසා' අරන් එන අයට නම් මෙහෙ සමහර අන්කල් ලා බොහොම කරුණාවෙන් නවාතැන් සහ සමහරවිට සියලු වියදම් ද සලසනවා. සමහර අංකල්ලා නංගිලාටත් වඩා මල්ලිලාට හරියට සලකනවා. අයි ෆෝන් පවා තෑගී කරනවා. මෙහෙ ඉගෙන ගන්න ඇවිල්ල අංකල්ලා තෑගි දුන්න බී එම් ඩබ්ලිව් ස්පෝර්ට් කාර් වලින් කොලේජ් යන දඟකාර නංගිලාද නැත්තේම නැහැ. (ස)
පිටිගල මිලානෝ මහත්තයෝ හොද එකෙක් ඔය පැත්තේ ඇත්තෙම නැද්ද? ආ අමතක වුණා ඇය ඔයා ඉන්නේ !(නදී)
මොනවද දන්නේ නැහැ අදාල උපකරණ ටික. (ස)
විදේශ ගතවීමෙන් ලබන අසීමිත නිදහස නිසා කූඩුවෙන් පිටවූ කුරුල්ලන් මෙන් සතුට සොයනවා. ගින්නට හසුවුණු පළගැටියන් මෙන් සමහරු මියයනවා ,සමහරු තටු ගිනිගෙන දුක් විඳිනවා. තණ්හාව ආශාව මෙසේ පාලනය කරගත නොහැකි අයට නීතියේත් අධිකරණයෙත් පිහිට ලැබෙනවා.රට තුල සිටින මෙවැනි අයටද මෙසේ වුවත් ඇති හැකි අයට ගැලවී යාමට බොහෝ විට අවස්ථාව ලැබෙනු ඇත .(නදී)
මම අවුරුදු 44 ක් තිස්සේ යුරෝපයේ ජීවත් වෙන්නේ. ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ ය තමයි ගොඩක් සවුත්තු වැඩ කරන්නේ.(නදී)
කොහොමත් ඉතාලිය කිව්වම බහුතරයකගේ මනසට එන්නේ දැන් මැද පෙරදිග රටවලට යන දුප්පත් නුගත් කොටස වැනි අය පිරී සිටින රටක් කියා ඒක සැබෑවක් බව පේනවා ලංකාදීපය දිනපතා කියවීමෙන් සහ ඉතාලියේම සිටිනා අයගේ ප්‍රතිචාර වලින්. ඉන්න රටේ නම්බුව වත් රැක ගැනිමට ඔවුන්ට බැරි තත්වයක් තියෙන්නේ.(නදී)
පද්මිණි…ස්ටුඩන්ට් විසා වලින් ඔයාගේ අක්ක සල්ලි දීල එව්වේ 'අත දරුවෝ' දෙන්නෙක්ද ඔච්චර රැවටෙන්න. සුප්පු දෙකකුත් කටේ ගහලද එව්වේ? (ස)
අපි නම් ඔය ඉතාලි කාවවත් ගණන් ගන්නෙ නෑ අපි ඊශ්‍රායල් හොඳයි.ඔහේට වඩා පඩියක් ගන්න පුළුවන් මෙහේ. (ස)
ඕස්ට්‍රේලියාවට පැමිණෙන සමහර ලාංකික කාන්තාවන්ට 'සරණාගත' විසා හදල දෙන්න උත්සාහ කරනවා කියල සමහර පිරිමි උදව්වට එනවා. මම හොඳ දේවල් ටිකක් දන්නා නිසයි කියන්නේ. උදව්ව ගන්න, නමුත් පරිස්සමෙන්. මේ උදව්වට එන අය දරු පවුල් කාරයෝ බවත්, එසේ කරන්නේ තම නෝනට හොරෙන් බවත් අමතක කරන්න එපා. (ස)
ස්විස්ටර්ලන්තයේ නම් ගොඩක් ලංකාවේ අය විවාහවෙලා ඉන්නේ ස්විස් පිරිමියෙක් හෝ කාන්තාවක් සමගය. මෙහේද ඔවැනි ප්‍රශ්න නැතුවා නොවේ. නමුත් ලංකාවේ ජනගහණය අඩු නිසා 'ගින්න' පැතිරෙන්නේ නැහැ. (නි)
පිටිගල මිලානෝ, එතකොට ඔබ හෝ ඔබේ බිරිඳ අයිති වෙන්නේ මෙතනින් කුමන ඝනයටද, දෙන්න බලන්න පිළිතුරක්. (ස)
පද්මිණි, පුළුවන් නම් මෙයාගේ විස්තර ටිකක් පුළුවන් ආකාරයෙන් මෙහි පල කරන්න. අපිත් කැමතියි මේ වගේ එංගලන්තේ ඉන්න පල් හොරු කවුද කියල දන ගන්න. (ස)
දිනේෂ් සිඩ්නි මත්තයෝ ඔබතුමාගේ නම නම් "සිඩ්නි"වෙන්න ඇති හැබැයි ඕස්ට්‍රේලියාවේ වගේ පෙන්නන්න හදනවා නේද? සිඩ්නි මහත්තයෝ මතක තියා ගන්න ඔය පිටිගගල වගේ අයව අපිට නම් ලෝකේ කොහෙදිවත් මුණ ගැහෙන්නේ නැහැ .ඒ වගේ අය ඉස්සරහට එද්දී අපි අපේ ගමන් මග වෙනස් කරනවා. මොකද දන්නවද? "මිනිහා නොමිනිහා එන කඩි නමින් පෙනේ" කියල අපි සුභාෂිතයේ කවි පන්තියක අහල තියන නිසා. බැලුවොත් බලන්නේ ඕපයක් හොයන්න වපරෙටමයි. ඕක වයසේ වැරැද්ද. (නදී)
ආ ඔය එන්නේ ඕස්ට්‍රේලියාවෙනුත් පිටිගල තව මොන මොනවා හරි කියන්න. එතකොට එයි ඊශ්‍රායලයෙන්,බලුකිස්ථානයෙන්, අප්‍රිකාවෙන්,කුවේටයෙන්,ඔය වගේ දේවල්..ඕස්ට්‍රේලියාවෙන් ආවා වගේ.(නදී)
ප්‍රංශයේද ඉතාලියට එංගලන්තයට නොදෙවෙනිව මේ දේවල් දක්නට අසන්නට ලැබෙනවා. මේවාට හේතුව අසීමිත නිදහස සහ රැකියාවක් කර තනියෙන් හෝ නිදහසේ ගැහැනියකට ජීවත්වීමට මේ රටවල ඇති පරිසරයයි. වැරදීමකින් හෝ ගැහැණියකට වැරදුන විට කරන්නේ සැමියාගෙන් ඉවත්වී තනිවම රැකියාවක් කර ජීවිතය ගෙනයාමයි. මෙවන් තනිකඩ ලඳුන් වෙත අපේ පිරිමිද බලන්නේ ඕනෑම අවස්ථාවක බලෙන් හෝ උදව්වක් කිරීමටය. බේබදුකම නිසා තම පියකරු භාර්යාවන් තමාගේම මිතුරන් සමග සදහටම ගිය අවස්ථා මෙහෙ බොහෝ ඇත. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! මෙහේ මෙච්චර ගැහැණු ඉන්නවා.... නිදහසත් තිබෙනවා.... එහෙම එකේ?? (නි)
මෙතන සමහරු මැද පෙරදිග රටවල ශ්‍රී ලාංකිකයෝ සුදනෝ කරන්න යනවා. නමුත් ඩුබායි වල පිටිගල කියන වැඩ තමයි වෙන්නේ. දැන් දැන් මෙවැනි සම්බන්ධතා ඉතා උගත් රැකියා කරන ශ්‍රී ලාංකිකයෝ අතරේ පවා පැතිරෙන බව පෙනෙනවා. පිලිපීන කාන්තාවන් ශ්‍රී ලාංකිකයන්ට ඉතා කැමතියි.හේතුව ශ්‍රී ලාංකිකයන් ඔවුන් සමග විවාහ වන නිසා. (නි)
උදයානි කිව්ව කතාව සහතික ඇත්තක් . විසා එකට බැඳපු කට්ටිය ගොඩක් මෙහේ ඉන්නවා. බැඳලා ඉන්න ගොඩක් අය ළමයින් සිටිනා පිරිමි හෝ ගැහැණු අයයි. කෙසේ වෙතත් ඉතාලියේ වාගේ රටේ නම කැත කරගන්නේ නැහැ.(නදී)
ලන්ඩනයේ 'නළු බට්ටෙක්' මටත් පී.ආර් එක හදල දෙන්න උදව්වට ආවා. මිනිහ එන විදිය මට ඇල්ලුවේ නැහැ. මම මෙය ඔහුගේ නෝනට වත් කිව්වේ නැහැ පවුලක් කැඩෙයි යන පවට. මම බොරුවට එයාගෙන් ලොකු මුදලක් ණයට ඉල්ලුවා ලංකාවේ මගේ ගෙදර බේරාගන්න කියලා. දෙන්නම් කියල මිනිහ ටිකෙන් ටික මග හැරියා. (නදී)
නාලක,ඔයා රට යන්න පළමුව උත්සාහ කළේ ඉතාලියට නේද?අර නරියෙකුත් කිව්වාලු මිදී වල්ල කඩා ගන්න බැරිවුණහම ඒ මිදි තිත්තයි කියලා. (නි)
මෙවන් ශ්‍රී ලාංකිකයෝ ලෝකෙටම පිළලයකි. (නි)
"කුවේට් මල්ලි" ඉතාලියේ විතරක් නෙවේ ලෝකේ හැමතැනම මේවා සිදුවෙනවා..නපුන්සකයෝ කොහෙද ඉන්නේ කියල හොයල බලන්න. හැන්ගීම් පාලනය කර ගන්න තමන් දැන ගන්න ඕනේ.(නදී)
ගණන් ගන්න එපා මෙයාලා.(නදී)
මේ වගේ ලස්සන කාන්තාවන් සිටින රටක ඔය වගේ සිදුවීම් සිදුවීම පුදුමයක් නෙමෙයි (නි)
ඔව් ඔව් උදයානි, මමත් කාලයක් හිටියා. හොඳක් තියෙන්නේ දෙයක් වුණාට ගින්න පැතිරෙන්නේ නැහැ. මෙහෙ වැඩිම කරදරය තියෙන්නේ ස්විස් අයගේ ඇඟේ එල්ලිලා ඇවිල්ලා ඉන්න ලංකාවේ පිරිමින්ගෙන්. (නි)
මෙහේ වන්නියේත් හරිම ප්‍රශ්න තමයි. සිදාදියේ ප්‍රාදේශීය සහා හුරලා ඇවිත් අපේ හූරියන්ට හරියට නොමනා යෝජනා ගෙනෙනවා. (නි)
කුවේට් මල්ලිගේ අදහසට නම් එකඟ වෙන්න බැහැ. මොකද මාසෙකට ලක්ස ගණන් ගන්න උදවිය අවුරුදු පහක් හිටියට සියල්ල සම්පුර්ණ කරගන්න බැහැ. (ස)
ෂෆීක්, වෙන මොනවද නඩු භාණ්ඩ මිසක්. (ස)
මේ වගේ සිද්ධි ඉතාලියේ විතරක් නොවෙයි,හැමතැනම තිබෙනවා. ඉතාලියේ අපේ අය ලක්ෂ ගානක් ඉන්නවා.මම දන්නා තරමට ඉතාලිය කියන්නේ ඉතාම හොඳ ගතිගුණ තිබෙන මිනිස්සු ඉන්න රටක්. මෙම කාන්තාව ඉතාලි ජාතිකද? නැත්නම් ලංකාවේ කාන්තාවක්ද? (නි)
ඔව් කමල්, නමුත් පිරිමියෙක් එහෙම කරන්නේ මෙහෙම ඇවිල්ලා හරි ලංකාවේ තම පවුල ගොඩදානවා කියන චේතනාවෙන්. ඒ නිසා ඒ අය අවතක්සේරුවකට ලක් කරන්න එපා. (නි)
මෙහි අදහස් දමා ඇති සිංහලයිනේ, නුඹලාට ලාංකික දෙමළ ජාතිකයින්ගෙන් හා මුස්ලිම් ජාතිකයින්ගෙන් "එකමුතුකම" ගැන බොහෝ දේ ඉගෙනගත යුතු වෙනවා. ඔය මෝඩකමට දෙන්න බෙහෙත් නැහැ. (නි)
කුසුම්, මම දැන් ඉන්නේ සෝමාලියාවේ. මෙහෙ ඉන්න සිංහලයෝ නම් එක පතේ කාගෙන සමගියෙන් දැහැමින් සෙමින් ජීවත් වෙනවා. (නි)
එක බුරුවෙක් හිටියොත් ඇති අනිත් .....හැම දෙනාගේම නම කන්න ..නේද පිටිගල. (ස)
තමාගේ කුණු අනුන් පිටින් යවන්න කවුරු කවුරුත් කැමති බව බොහෝ අදහස් වලින් පෙනෙනවා (නි)
කුවෙට් මල්ලි සමහරවිට තවම තනි කඩයෙක් වෙන්න ඇති මයේ හිතේ.(නදී)
ස්විට්සර්ලන්තේ ලාංකික පිරිමිත් තම කුණු වහගන්න අන් රටවලට බැනලා අදහස් දානවා. (අ)
ලංකාවේ මුහුදේ ඉන්න මාළුවෝ ඇම ට අසුවෙන්නේ නැති නිසා ඉතාලි මුහුදේ අනවසරයෙන් හොරෙන් මාළු බාන්න ගිහින් හොර රහසේම ඉතාලියට සංක්‍රමණය වුනු අයගේ කෙරුවාවල් තමා දිනපතා අහන්න වෙන්නේ.(අ)
ඔස්ට්‍රේලියාවේද එංගලන්තේ මෙන් අංකල්ලා, ඇන්ටිලා ඉගෙන ගන්න එන වැඩිහිටි ළමයින්ට සලකන අවස්ථා නම් බොහෝය. සමහර අයට ගෙවල් පවා අරන් දීල තියෙනවා. මෙහි ශ්‍රී ලාංකිකයින් අතර දික්කසාද ප්‍රමාණයද ඉහල මට්ටමක පවතිනවා. ප්‍රධාන හේතුව මෙහිදී ලාංකිකයන් සමගම ඇතිවන සම්බන්ධතාය. විවිධ සාමාජික හේතුන් මෙයට බලපානවා. සමහර උගත් පුද්ගලයින් ව්නෝදයට බර නොවී සිටීම තරුණ බිරින්දෑ වරුන්ට මානසික වදයකි. රැකියා වලට නොයන බොහෝ තරුණ භාර්යාවන් ගත කරන්නේ හුදෙකලා ඕස්ට්‍රේලියාවේද හුදෙකලා ජීවිතයකි. කාලය කා දමන්න සාප්පු සවාරියේ යන ඔවුන්ට ලංකාවේ කෙනෙක් හමු වූ විට මිතුරුකම ලොකු බැඳීමකට ලක් වෙනවා. තමා හුදෙකලා කර දමා යන සැමියාට වඩා මොහු තමන්ගේ පාළුව මකන හොඳ මිතුරෙක් වෙනවා. උගත් සැමියා සමහරවිට කණට නොගන්නා දේවල් වලට මෙම මිතුරා හොඳින් ඇහුම් කන් දෙනවා. (ස)
සමහර හොඳ විවාහ ජීවිතයක් ගතකරන, ලස්සන ළමයි ඉන්න, උගත් ලොකු රැකියාවල් කරන මේ රටේ ඉන්න ලංකාවේ පිරිමි ගැන කියන්නත් ලැජ්ජයි. මේ අය ඇයි මෙතරම් මෝඩ කියල හිතෙනවා. මා දන්නා ලස්සන පවුලක් කඳුළු ගොඩක හිරවුනා තම සැමියා ලංකාවේ ඉඳලා මාසයක පුහුණුවකට පැමිණි ලංකාවේ කාන්තාවක් හා ජීවත් වෙන්න පටන් ගත් නිසා. එම කාන්තාව බැලුවේ කිසි දෙයක් නොවේ කෙසේ හෝ මෙහි 'ස්ථීර පදිංචිය' හදා ගන්නයි. (අ)
නිමල්කා ලන්ඩන්, ඔයා ඔය කියන අසත්පුරුෂයාගේ බිරිඳ තවමත් මේ කිසි දෙයක් දන්නේ නැහැ. අප වටා සිටින සිංහල ප්‍රජාව කොතරම් කාරුණිකද කිවහොත්, මෙම ඛේදවාචකය ඇයටත් කියා තවත් විපත්තියකට ඉඩ තිබ්බේ නැහැ. (ස)
ලංකාවෙන් පිටරටවලට ගිහින් ඉන්න නුගත් අයෙගේ ප්‍රධාන කාර්යය වෙලා තියෙන්නේ ඒ රටවල වෙසෙන අනෙකුත් ලාංකිකයන්ගේ ඕපාදුප සෙවීමයි. සමහර විට මේක ලංකාවේ සිටිද්දීම පුරුද්දට කල දෙයක් වෙන්න ඇති. ඉස්සර නම් අපි අසා තිබුනේ අනුන්ගේ ඕපාදුප හොයන්නේ ගැහැණු කියලයි. නමුත් මෙහි දමා ඇති අදහස් බැලුවම සමහර පිරිමි නම් තිබෙන මහත්තුරු, ගැහැණු අය විශිෂ්ඨ ලෙස පරදා තිබෙනවා. එකම අපට මොනතරම් ආඩම්බරයක්ද නේද?(ස)