ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ බස් රථයකදී දාහත් හැවිරිදි ඉතාලි ජාතික ගැහැණු ළමයකුගේ අයි ෆෝනයක් සොරකම් කළැයි ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගත් බව ඉතාලි පොලීසිය කියයි.
බස් රථයක ගමන් ගන්නා විටදී ඇගේ දුරකතනය නැති වී ඇති අතර පසුව ඇයගේ සහෝදරියගේ ජංගම දුරකතනයෙන් නැති වු දුරකතනය සම්බන්ධ කැර ගැනිමට උත්සාහ කළද එය අසාර්ථක වී ඇති අතර පසුව සොහොයුරියගේ දුරකතනයට ආ කෙටි පණිවිඩයෙන් කියැවුණේ දුරකතනය මා ළග ඇත එය ගැනීමට නම් යුරෝ තුන්සීයක් (රුපියල් 54600) ද අවශ්‍ය ඇත යන්නයි.
පසුව නැවත නැවත ඇමතුම් ලබා දුන් වේලාවේ නැවත ඔහු කෙටි පණිවුඩ මගින් දන්වා ඇත්තේ ‘කතා නැත මුදල් පමණයි‘ යන්නයි.
පසුව දෙපැත්තේම එකඟතාවය මත පොලීසියට ද දන්වා සරුඝෝෂා මාවතේ පිහිටි සුපිරි වෙළදසල අසලට ගොස් දුරකතනය සොරාගත් පුද්ගලයා සෙවු නමුත් ඔහු එහි නොවීය.
නැවත ඇමැතුමක් දුන් විට ඔහු අසල ගොඩනැගිල්ලක හිද දුරකතනයද පෙන්වා සංඥාවක් දීමෙන් අනතුරුව මව සහ දියණිය එම ස්ථානයට ගිය විට සිවිල් වෙසින් සිටි පොලීසිය ඔහු අත්අඩංගුවට ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆස්රුල් ගෆූර්,මේවට කතාකරලා වැඩක් නැහැ (නි)
මෙහෙමත් මිනිස්සු! (නි)
වෙන්නප්පුවේ තමයි ,...කම්බා හොරු (අ)
වෙන්නප්පුව ගැන දොඩවන රනිල් මොන රටේද? මොන ගමේද? (ස)
හොද වැඩක් අපිටත් ආඩම්බරයි.(නදී)
ජෝන්, මෙතන හැමෝම තමන්ගෙ අදහස් නිවැරදිව සදහන් කරලා තියෙනවා. මෙතන ජාති බේදයක් අවශ්‍ය නැහැ. මොකෝ ඒ කෙනා ජෝන්ගෙ සහෝදරයෙක් ද?? (ස)
මොන රටේ ගියත් තමන්ගේ පුරුද්ද පෙන්නනවා. ඕවා හදන්න බැහැ. (නි)
කොහේ ගියත් පුරුදු වැඩ (නි)
ඕවත් වැඩද? ඔය වගේද අපේ එක්කෙනෙක් කළ වැඩේ? චාල්ස් කුමාරයා , ඩේවිඩ් කැමරන් පවා ඒ ගැන ප්‍රශ්න කරනවා. (නි)
ආරේ ගුණ නෑරේ... (නි)
මට නම් හැගෙන හැටියට මොහු ටිකක් මානසික ගැටළුවක් ඇති අයෙක් (නි)
අපේ කෙනෙකුට කරදරයක් වුණහම රිස්වාන්ලගේ අයට ගොඩක් සතුටුයි නේද? (නි)
මට හිතෙන විදිහට වෙන්නප්පුවේ කෙනෙක්ම වෙන්න ඕනෑ. (නි)
ඕකෙන් වෙන්නේ ලංකාවෙ ඹක්කොම ගැන හිතන්නේ හොරු කියලා. (නදී)
ෂෙරින්,මම පැති භේදයක් ගැන නිකමටවත් සදහන් කරලා නැහැ. ඔන්න ඔයා පටලවාගෙන. ඔයා දා තිබෙන දෙවැනි අදහසට දුන් උත්තරය නැවතත් කියවන්න.මමත් කැමැති නැහැ අපේ හුග දෙනෙක් වෙන්නප්පුවේ අයට බනිනවාට. ඒක වැරදියි.අනෙක පිට පළාත් වලින් ආ අයත් වැරදි කරනවා. කවුරු කළත් අන්තිමට නම යන්නේ වෙන්නප්පුවේ තමයි (නි)
මේ අය හොරෙන් ගිහින් රට කනවා. ඇයි හුඟක් යන්නේ හොරු, උගත්කමක් නැති, මනුස්සකම දන්නේ නැති අය. ලංකාවේ මිනිහෙකුට දැන් එහෙ සංචාරය කරන්නත් බැහැ. බලන්නේ අමුතු ආකාරයට. (නි)
මෙහෙම මිනිස්සු නිසා තමයි ලංකාවේ වැදගත් විදියට ඉන්න මිනිස්සුන්ටවත් වෙන රටකට ගිහින් ඉන්න බැරි. වීසා ගන්නත් අමාරු ඔය වගේ මිනිස්සු කරන දේවල් වලින් අනිත් මිනිස්සුන්වත් මනින නිසා. හරිම ලැජ්ජයි (නි)
අනිවාර්යයෙන් හොයා බලන්න. (ත)
වෙන්නප්පුවේ අය මෙවැනි ක්‍රියා බහුලව කරන නිසා හැම වැඩේටම ඔවුන්ව සැක කරනවා. දවසක් 'පික් පොකට්' කරුවෙකුට කිසියම් පිරිසක් අල්ලාගෙන 'වෙන්නප්පුවේ' කියමින් හොඳටම පහර දුන්නා. අවසානයේ බලනකොට ඔහු බංගලිදේශ ජාතිකයෙක්. (නි)
මොකද මේ අපි ලාංකිකයින් ගැන කතා කරමින් ඉන්නේ. වර්ග හෝ ජාති ගැන නොවේ. (ස)
හොරකම,කළා නම්,මෝඩ වැඩ නොකර ඉන්න තිබුන එක්කෝ.අනේ මන්ද කන්නේ තණකොළ ද කියල.කරපු ක්‍රියාව අනුමත කරනවා නෙවේ.නමුත් කලා ට පසු මෝඩ කම් නොකර ඉන්න තිබුන.අනෙක මෙහෙ ෆෝන් හොරකම් කරලා පාවිච්චි කලොත්,මොකද්ද මන්ද ක්‍රමේකින් අල්ල ගන්නවා.පවු ඉතින් කොච්චර උනත්,අපේ රටේ මනුස්සයෙක් නේ.අපේ රටේ ඔහොම හොරකන් ද වෙන්නේ ,කරන්නේ අපේ කට්ටිය .ඉතින් ඕක ට ඔච්චර ලොකුවට,පුම්බල ගරහන්න දෙයක් නෑ මන් හිතේ. (ස)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මෙයාලා යන යන තැන කනවා. හිරේ යවන්නම තමයි ඕනේ. (ස)
ගිය තැන ඉවරයි. මෝඩ වැඩ (ස)
ඉතාලිය කිව්වම දෙන් සෞදි අරාබියේ තත්වයට පත්වෙලා . හිරේ ලැගපු අයත් දැන් එන්නේ මෙහෙ . (ස)
මේවට කතා කරලා වැඩක් නෑ. (ස)
ඉතාලියේ ඉන්න ලංකාවේ උදවිය ගැන අහන්න ලැබෙන්නෙම මේ වගේ අසුබවාදී ප්‍රවෘත්තිනේ. (ස)
මේ නගරයේ ඔහොම දෙයක් වුණාමයි. හොයලා බලලා නම කියන්නම් කවුද කියලා. (නි)
ෂුවර් එකටම කටුනායකින් එහා. ඔයාලා මා සමඟ අමනාප වෙන්න එපා මෙහෙම කීවට. මේ ප්‍රදේශ වලින් ගිය බොහෝ අය දාමරිකයන්, මංකොල්ල කරුවන් සහ හිරේ වැටුණු අය. සමහර අය මහා මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධවී පොලිසිය ඇස් වසා පැනපු අය ඉතින් ජම්මය කොහේ ගියත් වෙනස් වෙන්නේ නැහැනේ හොඳින් ඉන්න යටත් මේක ලැජ්ජාවක්. (ස)
ඉතාලියේ ඉන්න ජීවත් වෙන අයගෙන් මන් අහන්නේ,ෆෝන් එකේ ප්‍රශ්නේ ඔච්චර හිතන්නේ මොකද කියල?(ස)
මේ අයට ඉතාලියේ නිදහස වැඩියි.තව ටික කාලයකින් ශ්‍රී ලාංකිකයෙක් කිවුවොත් මුණට කෙල වදිවී.කරුණාකර මේ හොරාගේ නම දාන්න බැරිද?? (ස)
මටනම් ඇස් අදහගන්නත් බැරිඋනා ලංකාවේ මනුස්සයෙක් හොරකමක් කොලා කිඋවහම, වසර 2500 ථෙරවදී බුදුදහම තියෙන රටනේ , (ස)
හොද වැඩේ ,ජන්ම ගතියට (නි)
චමත්,ඔන්න ඔයත් මමත් පැටළෙන තැනට අාවා.මං අහන්නේ සුළු දෙයක්. එකම රටේ අපි මොකටද මෙහෙම,වැල්ලේ මිනිස්සු(වෙන්නප්පුවේ කට්ටිය) සහ කොළඹ කට්ටිය කියා බෙදිලා තියෙන්නේ? මිනිසුන් හැටියට එය වැරදි පදනමක්. මෙය නිවැරදි කරන්න කවුරුහරි පටන් ගත්තොත්,අනාගතයේදී හරි නිවැරදි වේවි. (නි)
අපේ රටෙන් ගිහින් ඉතාලියේ ඉන්න සමහර අය ව්‍යාජ ශ්‍රී ලාංකිකයින් බවයි පෙනෙන්නේ. ලෝකේ නැති හැම පහත් වැඩක්ම කරනවා. ගෞරවයෙන් එහි ජීවත් වන ලාංකික ප්‍රජාවටත් මෙය නිගාවක්. රජය මැදිහත් වෙලා හරි මේ වගේ අපරාධකරුවන් හඳුනාගෙන වහාම ඒ රටින් පිටුවහල් කළ යුතුය. මොන සහතිකයක් බලාපොරොත්තු වෙලා මේ වගේ දේවල් කරනවාද කියා දන්නේ නැහැ. තමුන් වැරදි කරනවිට තමුන්ගේ නම සඳහන් කරනවාට වඩා ශ්‍රී ලාංකිකයින් කියා තමා හඳුන්වන්නේ. ඒක මතක තබා ගෙන වැඩ කළා නම් තමා හොඳ. මේ රට සේවයක් කරන්න බැරි වුණත් කමක් නැහැ. රටේ නමවත් අඩුම තරමේ රැකෙන පරිදි හැසිරෙන්න. (නි)
රට ගිහිනුත් හොර වැඩ (නි)
එයා පුරුද්දට කරන හොරකම් වෙන්න ඇති. ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වැඩිය ලොකුයිලුනේ (නි)
ෂෙරීන් කැමති ඉතාලියටද? අද ඉතාලියේ ඉහළ පැලැන්තියේ උදවියට සේවය කරමින් රටේ ගෞරවය ආරක්ෂා කරන ඉතාලියේ වෙසෙන ජනතාවගේ කැපවීම ෂෙරීන් නොදන්නේද? කොහොමත් ඉතාලියේ ඉන්න වෙන්නප්පුවේ අය රට විනාශ කරනවා (නි)
ලංකාවටම ආඩම්බරයක්. (ස)
ගිය තැන ඉවරයි (නි)
උදේ ලන්කදෙපය බලද්දී හිතට හරි සතුටක් දැනුන ලාංකිකයෙක් කරපු සමාජ සේවය දැකල. එත් හවස ඇවිත් බලද්දී එකේ අනිත් පැත්ත.ශේශාන් මානවඩු කියන විදියට එයත් එයින් කෙනෙක් වගේ. මොකද එයත් ලංකාවෙන් නේද ආවේ? නාරංගොඩ ඔය කිව්වා වගේ වසර 2500ක් නෙමෙයි කල්පයක් ථෙරවාදී බුදුදහම තිබුනත් පිළිපදින අය නැත්නම් එකෙන් පලක් ගන්න බැහැ.මොකද දැන් ඉන්න බොහොමයක් හමුරුවරුත් බුදුදහම විනාශ කරනවා. (අ)
ෂෙරින්,ඉතාලියේ ඉන්න අයට මේ තරම් අමාරු ඇයි කියලා ඔයාට තේරෙන්නේ නැද්ද?ලැජ්ජාව.... අපි කොහොමද ඉතාලි අයට මුහුණ දෙන්නේ? මොහු කරලා තියෙන්නේ මහා පහත් වැඩක්නේ. (නි)
මේ ළඟදි කටාර් වල කාර් පාර්ක් එකක් ළඟ වැටිලා තිබිලා කටාර් රියාල් 90000ක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 35 අාසන්න මුදලක් අයිතිකරු සොයා බාර දුන්නා, ශ්‍රී ලාංකික මුස්ලිම් මහත්තයෙක්. මම පත්තරේ දැක්කා. බලන්න කොච්චර හොඳ කෙනෙක්ද කියලා. මෙන්න ඒකට මෙයා කරපු වැඩේ. හරිම කැතයි (නි)
වෙන්නප්පුවෙ කෙනෙක්ද? (නි)
ඉතාලියේ ඉන්නෙම මෙහෙම අයනේ බලනකොට (නි)
ලංකාවට නම් යවන්න එපා (නි)
ඉතාලියේ ඉන්නෙම ලංකාවෙන් ආපු හොරු ටිකයි පාතාලයයි. මේකේ අපිට වැදගත් විදියට ඉන්න දෙන්නෙම නැහැ. ධීවර යාත්‍රා වලින් ආපු අයගෙන් පුදුම කරදරයක් තියෙන්නේ (නි)