ශ්‍රී ලාංකිකයකු වු සමීර මධුංග මාණික්ක බත්තලගේ ගියවසරේදී නවසීලන්තයේදී මරා දැමීයැයි ක්‍රයිස්චර්ච් නුවර අධිකරණයක ජුරි සභාව විසින් ශ්‍රී ලාංකිකයකු ඇතුළු දෙදෙනෙක් වරදකරුවන් කරනු ලැබුහ.
තුවාන් ප්‍රවේශ් සවාල් (24) හා මුදියන්සේලාගේ විරාජ් වසන්ත අලහකෝන් (35) වරදකරුවෝ වුහ.
ඔවුන් සමිරගේ නිවස ගිනි තැබු බවටද වරදකරුවෝ වුහ. සති හතරක් පුරා පැවැති නඩු විභාගයේදී මේ දෙදෙනා එකනෙකාට චෝදනා කරගත්හ. පැමිණිල්ල කියා සිටියේ විත්තිකරුවන් දෙදෙනාද දැන සිටි ගැහැණියක සමග ඔහු සමීප සම්බන්ධතාවක් පැවැත්වු හෙයින් ඔහුගේ බෙල්ල කපා මරා දැමු බවයි.
සැප්තැම්බර් 6 වැනිදා දඩුවම් නියම කරන තුරු ඔවුහු රිමාන්ඩි කරනු ලැබුහ.
ගොවිපළ සේවකයකු වු සමීර 28 මරා දැමුණේ 2012 - 02 -23 වැනිදාය .පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වුයේ ඔහු සිටි නිවස ගිනි ගන්නට පෙර ඔහු මරා දමා ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල හරි. නිල්මිණි වැරදියි.හොද බුද්ධිමත්තු තෝරලා මානසික තත්වේ බලලා තමා රට රැකියා වලට එවන්න ඕනෑ. (නි)
මේ වගේ සමහර අය එන්නේ අනාතයෝ කියලා බොරු කියලයි. හැම ජාතිවලම අය මේ විදියට එනවා (නි)
මම නම් හිතන්නේ මෙතෙන්ට උගත් නුගත් ප්‍රශ්නයක් නැහැ. තියෙන්නේ මනුස්සකම නැති එක. මේ වගේ අයට හොද දඩුවමක් දෙන්න ඕනෑ ඉන්න අයටත් හැදෙන්නත් එක්ක (නි)
මෙහෙ රණ්ඩු කර ගන්න කට්ටියට ආගමික සහජීවනය,ජාතීන් අතර සුහදත්වය වගේ වැදගත් ආදර්ශ ටිකක් දෙන්නත් එක්ක එකතු වෙලා පෙන්නන්න හැදුවද දන්නෙ නැහැ (නි)
නඩු කල් යන්නෙ නැතිනම් ජීවත් වෙන්නෙ කොහොමද?(නදී)
අධ්‍යාපන සුදුසුකම් බැලුවොත් අපේ පාර්ලිමේන්තුවට මොකද වෙන්නේ? (නදී)
නුගත්තු විතරද මේවා කරන්නේ ? ඉගෙන ගත්තු අයත් මේවා කරනවා වැඩියි.(නදී)
එහෙ අධිකරණය කොයි තරම් කාර්යක්ෂම ද? මාස 15න් තීන්දුව දුන්නා. ලංකාවෙ නම් අවුරුදු 15 විතර කල් ගන්නවා. සිය වතාවට වැඩි වාර ගණනක් නඩුව කල් යනවා (නි)
මොකද්ද මෙම පුද්ගලයන්ට නියමිත දඩුවම. මරණ දඩුවමට විතරයි සුදුසු.(අ)
විදෙශ ගත වන යට අවම අධ්‍යාපන සුදුසුකමක් හඳුන්වා දිය යුතුයි. මේ නූගත් මෝඩයෝ පිටරටවල් වලට ඇවිත් අපේ රටේ ප්‍රතිරූපය විනාශ කරනවා. බලන්න දැන් ඉතාලියේ මොකද වෙන්නේ? වෙන රටවල අය තමන්ගේ එකා මරන්නේ නැහැ. (අ)
පිටිගල, මීට ඉගෙනීමට වැඩිට වැදගත් වන්නේ පවුල් පසුබිමයි (නි)
අනේ මොකද මේ? එක ගැහැනියට තුන් දෙනෙක් මරා ගත්තේ? ගැහැනු නැති රටක්ද? බලන්න නොදන්නා රටක මැරෙන්න වුනහම ලංකාවේ ගෙදර අයට මොන දුකක්ද? අපිට ආදරය කරන කට්ටියක් ලංකාවේ ඉන්නවා. ඒ නිසා අපි අනුන්ගේ ජීවිත නැතිකරන්න හොද නැහැ, රට යන්නේ වෙන වැඩකට වෙන්නේ වෙන දේවල්. (නි)