ඉතාලියේ ලෝදි නගරය ආසන්නයේ අධිවේගී මාර්ගයට සම්බන්ධ පිටවිමේ මාර්ගයක්වන ගුවර්දමීලියෝ මාර්ගයේ ගමන්කරමින් සිටි  තිස් හැවිරිදි ලාංකිකයෙක් පදවමින් සිටි බර වාහනයක් මාර්ගයේ ආරක්ෂක වැටද බිඳගෙන මීටර් අටක් පමණ පහළට වැටී ඇත.

මිලාන් නගරයේ පදිංචිකරුවෙකු වන රියැදුරාතුවාල ලබා පවීයා නගරයේ සාන්ත මැතිව්  ආරෝග්‍යශාලාවට ඇතුළත් කර ඇත.

බැංකුවලින් මුදල් ලබාගන්නා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල කොටස් ප්‍රවාහනය කරමින් සිටියදී මේ අනතුර සිදු විය.