ඉතාලියේ වෙනෙතො පළාතේ පොන්සානෝ නගරයේ මහල්නිවාසයක ජීවත්වන ලාංකික නිවසකින් විශාල කෑගැසීමක් ඇසුණු අසල්වාසින් පොලිසියට දුරකථන ඇමතුමක් දුන්විට ,පොලිසිය පැමිණ දැකගැනීමට හැකිවූයේ හොදටම මත්පැන්බී වෙරිවී තම ස්වාමිපුරුෂයා සමග දබර කරණ ලාංකීක යුවලකි.
පසුව පැමිනි පොලීසිය ගෙට ගොස් පරික්ෂාකිරිමේදී ඔවුන්ට දැකගැනීමට හැකිවූයේ පෝච්චිවල වගාකරතිබූ මීටර් කීපයක් උසට වැවුණු මරිජුවානා වගාවකි.පොලිසිය පවසන්නේ 51හැවිරිදි කම්කරුවකු වන ලාංකිකයා තම වැටුප හොඳ රවුම් ගානක් කරගැනිමට මෙය කරන්න ඇති බව කියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද අනේ .., මර්ජුවානා කියන්නේ ..? මං නම් එහෙම නමක් ඇහුවාමයි....!!(දිල්)
"ලැජ්ජාවේ බැහැ ඉන්නේ ඉතාලියේ කියන්න දැන්නම්" - දැන් විතරක් නෙවෙයි ඉස්සරත් එහෙමයි. කව්රු හරි රට ඉන්නවා කිව්වම ඉන්න රට මොකද්ද අහනවා. ඉතාලිය කිව්වා ගමන් හාපෝ කියනවා. ඉතාලියේ ඉන්න ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේලොකු මිනිස්සු කියලා . (දිල්)
ගොවිතැනක් කරලාවත් ජීවත් වෙන්න බැරි හැටි අම්මපා! (නි)
ඔය පළමු නිව්ස් එක නොවෙයි.ඉතාලියේ සිටින සිංහලයන්ගේ ඔය වැඩේ හැමතැනම කරලා පොලිසියට කොටුවෙලා ඉන්නවා.දැනට මාසයකට කලින් මොඩෙනා නගරයේත් කට්ටියක් පොලිසියට කොටුවුණා.පොලිසිය දැන් ශ්‍රී ලාංකිකයින් දිහා බලන්නේ වපර ඇසින්.අහෝ අපිට යන කල. (ස)
ධම්ම මහතා, ඔබතුමා හරියටම හරි. මෝඩයන්ට කුලප්පු වෙන්න ඕනෑ කරන්නේ නිවැරදිව ලියු නිවැරදි පුවතක් නෙමෙයි, පොඩි "හුවක්" විතරයි. සමහරු ගෙදර ඉන්න තමන්ගේ බිරිඳට කියන්න ඕනෑ දෙය රටේ ගැහැනුන්ට කියලා හිත හදා ගන්නවා. තව අයට ඉතාලියේ ඉන්න ලංකාවේ මිනිස්සුන්ගේ ක්‍රියා ගැන හරිම අප්‍රියයිලු, එහෙම මිනිස්සුම ආධාර එකතු කරලා ලංකාවට මුදල් එවද්දී ඉතාලියේ ඉන්න මිනිසුන් ගැන ඔය කටවල් වලින්ම කරන වර්ණනාව දැක්කහම මට නම් ඊටත් වැඩිය අප්‍රියාවක් දැනෙනවා. (නි)
චමත් ඉතාලිය,ඔබට රිදෙනවා වගේම මටත් රිදෙනවා. ඉතාලියේ ලංකාවේ අය නොහොබිනා ක්‍රියා කරලා එය ලෝකෙම ප්‍රචාරය වන විට. ඒකයි මම කිව්වේ දැන් අපි ඉන්නේ ඉතාලියේ කියන්නත් ලැජ්ජයි කියලා. ඕකට මා එක්ක තරහ අරගෙන වැඩක් නැහැ. අර වැරදී කරන අයව අල්ලා ගන්න. මැද පෙරදිග දෙන් හොඳ වාගෙයි ඉතාලියට වඩා (නි)
චන්දි, මර්ජුවානා කියන්නේ ගංජා වලට. (නි)
මම දන්නවා මේ අය කවුද කියලා. දවසක් මට ආරාධනා ලැබුණා කෑමකට,එළියට ගියා පොඩි වුවමනාවකට.මම දැක්කා ලුනුමිදෙල්ල පැළ වගේ ඒවා වගයක් තියනවා (නි)
රත්නායක ආරච්චිගේ, දුක් වෙන්න එපා කොල්ලෝ... අපි අපේ දරුවන් ගෙන් වැඩේ පටන් ගමු. කොහේ හරි වැරැද්දක් වෙලා තියෙනවා ...... ඉතාලියේ හිටියත් ලංකාවේ හිටියත් සාරධර්ම නොදන්නා කෙනා ඔය වැඩේ කරනවා. අපි අපේ දරුවට ඒවා කියලා දෙමු. ඊට පස්සේ බලමු එයාලා ඒවා පිළිපදිනවද කියලා ... රුපවති ගේ.... අදහස දැක්කහම නම් ඇසට කදුලක් ආවා අම්මයි තාත්තාවයි මතක් වෙලා... (ස)
මේ ගොඩක් ප්‍රතිචාර දමා තිබ්බෙනේ මෝඩ අය වගේ . පුවත කියවා වටහා ගන්නට බේරී තරමේ සිංහලුන් ඉන්නේ . මෙහි තිබෙන්නේ පුවත් සිංහලෙන් එහෙත් සිහල වත් වැටහ ගන්නට බේරී අය (අ)
ශාන්ත හෝමාගම ..තමාගේත් හැදියාවේ මොකක් හරි වරදක් තියනවා අම්මගෙන් අහල දැනගත්තනම් හොදයි ..?(අ)
සජිනි මදුෂානි, ලංකාවේ අයම විතරද ඉතාලියේ ඔය විදියට හැසිරෙන්නේ? ඔයා දන්නවනේ මත්ද්‍රව්‍ය වලට ගොඩාක්ම අහුවෙන්නේ කවුද කියලා?ඔයා ඔය හිතන විදියට ඉතාලිකාරයෝ හිතුවොත් එයාලට යුරෝපයේ යන්න තැනක් නැතිවෙයි . (නි)
මට නම් ඔය වෙරෝනා ඉන්න අය පෙන්නන්න බැහැ.. (නි)
ශාන්ත හෝමාගම ..? අපි කුඩාකාලේ ..අපේ අප්පච්චි දුර ගමනක් ගොස් ඒමට පමා උවොත් ..අම්ම මග බලන් ඉදල අපි නිදා වැටෙන නිසා රාත්‍රියේ ..අපිට කෑම බෙදල දුන්න .. කාල නිදාගන්න .?.ඒ ත් අම්ම අපිට බත් පිගානට බෙදන්න පෙර නෑබිලියට අප්පච්චිගේ බත් එක බෙදල පිගානෙන් වහල මෙසේ උඩින් තියල අම්ම මග බලන් ඉන්නවා ..ඒ ස්වාමි භක්තිය අම්ම අපිට කියාදුන්නේ ක්‍රියාවෙන් ...? අපිට වරදකට අප්පච්චි බැන්නොත් ..ගෙයි මුල්ලේ වරුවකට අපි එලියට බහින් නේ නැහැ ...?අම්මට අපච්චි හයියෙන් කතාකරන්නේ කළා තුරකින් එහෙම උනොත් අම්ම නෙවේ කතාකලේ ..අප්පච්චිට උඩින් ..? ඒ හොද ගති අපිත් අපේ ඉදිරි පරම් පරාවට ගෙනිච්චේ අපේ දෙමපියන්න්ගෙන් බව ..ඔහේට උඩ පැනල ටොක්කක් ඇනලයි මම මේ කියන්නේ....? දෙමාපියෝ දරුවෝ හොදට හදන්න ඕන ...රුවන් වැලිසෑය තරම් ලොකු බත් පිගානකින් නොව ...උතුම් මිනිස් ගුණ ධර්ම වලින් ....උන්ව පෝෂණය කරන්න ඕන..නැතිනම් ඔයවගේ දේවල් වෙනවා .. කාගේත් දරුවන්න්ට ...?? අපේ අම්ම අපිට බෙදල දුන්නු ඒ බත් පිගානේ ..කෑම අතරේ ගුනධර්මත් ගොඩක් අපිට පුරවල තිබුන..ඇගිලි තුඩු අතරේ දැවටුණු ඒ බත් කට අපිට කැව්නේ ඒඋතුම් ගුණ ධර්මත් සමගින් වීම ..අද අපේ ජීවිතත් මිනිස් කම් වලින් පෝෂණය වෙලා ...!!!! (අ)
ඉන්නේ ඉතාලියේද ප්‍රංශයේද ඇමරිකාවේද කියන එක නෙමෙයිනේ ප්‍රශ්නේ. නරක වැඩ කරන එකා කොහෙත් කරනවා. ගතිය අරින්න බැහැ (නි)
කවුරු ගංජා වැවුවත් ආතල් එක අරන් තියෙන්නේ මේ වාර්තාව ලියපු එක්කෙනා කියලයි මට හිතෙන්නේ .(අ)
වවන්නෝ දිනන්නෝය ටීචර් කිව්වා ..ඒක හන්ද මමත් ඉතින් මර්ජුව වැව්වා..මේකත් ලොකු වරදක්ද? (අ)
අනේ කුසුමෝ....මගේ ගෙදර නම් ඕන් ඕවා නැහැ හොදේ. (අ)
වෙරි වුණේ ස්වාමිපුරුෂයා විය හැකියි. එතකොට ලාංකික යුවලක් සමග දබර කරනවා යනු කුමක්ද? දැන් ඉතින් කාට කාටත් වෙරි හිදෙයි. (නි)
එතකොට අර පුතා ක්ලබ් වලට පැනල ගහැනුන්න්ටයි මිනිස්සුන්ටයි පහරදෙන එකයි, තංගල්ලේ ප්‍රාදේශීය සබා කාරයෝ විදේශිකයින් මරල උන්ගේ ගැනුන්ව දුෂණය කරන එකෙන් ලංකාවට ගෞරවයක්ද ලැබෙන්නේ? තමුන්ගේ ඇඟේ කුණු කන්දක් තියාගෙන අනුන්න්ගේ ඇහේ තියෙන රොඩ්ඩ හොයන්න යන්න එපා. (නදී)
රුපවති, දරුවෝ හදන්ට යන්න එපා. හැදෙන්ට සුදුසු මානසික පරිසරය සකස් කරන්න. පම්පොරියත් අඩු කරන හැටි දරුවන්ට කියා දෙන්ට වටිනවා. (ස)
ඉතාලියේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
කවුරු කලත් වැරැද්ද වැරැද්දම තමයි.. ඒත්.ශ්‍රි ලාංකිකයා ඉතාලියෙදි පෝච්චියක මරිජුවානා වවද්දි අපේ රටේ අක්කර ගනනින් ඔය ජාවරම කෙරෙනවා නේද???මොනව උනත් කිමට කියනවානේ බල්ලොත් එක්ක බුදියගත්තොත් මෑක්කොත් එක්ක තමයි නෑගිටින්න වෙන්නෙ කියලා....අන්න ඒ දේ තමයි අපිට වෙලා තියෙන්නෙ (නදී)
මට මාර ජුවල් මේ අය කරන වැඩ වලට.(නදී)
චමත් ඔය උතුම් තාත්තෙක් ..දරුවෝ ලුකු මහත් කරන්න ඕනේ ..උන්ට තරවටු කරලා නෙවේ ..එහෙම කලයුතු තැන තිබුනත් ඉවසීමෙන් කීවොත් උන් අපිට පනවත් දෙයි .. ඒ වගේම ඇත්ත කියන්න ඕන දරුවන්න්ට ..ඒ ක තමයි නියම ක්‍රමය, ඒ විට දරුවෝ අපිට බොරු හොර වැඩ නොකරනවා වගේම අපි කියන දේ හොදින් අහනවා .. අපේ දෙගුරුන් ට පින් සිදුවෙන්න අද අපිත්මේ සමාජෙන් අපේ දරුවෝ ඉදිරියට ඔසවාගෙන යනවා සාර ධර්ම සමගින් ...?ඔයා..ටත් පුංචි පව්ලටත් දළදා හිමි සරණයි ...!!! (අ)
පද්මිණි,ඇයි රූපවතිට දොස් කියන්නේ? එයා කියලා තියෙන්නේ ඇත්ත.මම මගේ බිරිදට හිතවතෙක්,මිතුරෙක් .... ඒ වගේ තමයි මගේ දරුවන්ටත්. එතකොට එයාලා අපි දෙන්නාට කිසිම රහසක් හංගන්නේ නැතුව කියනවා. ඕනෑම දෙයක් එයාලා එක්ක කතා කරනවා. අපි දෙන්නා මොනවා හරි එකකට තරහා වුණොත් විනාඩි පහෙන් අපි දෙන්නාව යාලු කරවනවා.ඒ විදියට දරුවෝ එක්ක හිටියොත් එයාලා නොමග යන්නේ නැහැ.විවාහ වුණත් තත්තා අම්මාගේ ආදර්ශය තමයි එයාලා ගන්නේ.අපිත් එහෙමනේ.රූපවති කියන දේ ඇත්ත.බොරුවක් නෙමෙයි පද්මිණි... (නි)
පද්මිනී ..ඔයාගේ දරුවො ටික හැදීම ඔයාට බාරයි වගේම මගේ දරුවෝ ටික රටට වැඩදායි වගේ අනුන්ට කරදරයක් නැතිව හැදීම මගේ වගකීමක්. ඔයා ඔයාගේ දරුවෝ ටික ගැන බලාගන්න. මගේ දෙමාපියෝ මාව හැදුවේ කොහොමද මගේ උන් ටික මම හදන්නේ ඒ අඩි පාරේ. මගේ දරුවො ටිකට මම අම්මෙක් වගේම යෙහෙලියක් විදියට උන්ට හදවතින් ලංවෙලා වැඩ කරන්නේ, එවිට වරදක් පෙන්වන්න ලේසියි ..ඒක පිලි පදිනවා වගේම උන් රහස් තියාගෙන හොර වැඩ කරන්නේ නැහැ ...?ඇත්ත කියන එක පම්පොරියක් නෙමේ ..පද්මිනී සොයුරිය ...අපි බොරු කියන්න ..හොරකම් .මැරකම් කරන්න ..අශීලාචාර වැඩ කරන්නයි ලජ්ජා වෙන්න ඕනා. අපේ දුප්පත් පුංචි අතීතේ තමයි අපිට හරි පාර කියාදුන්නේ. වර්තමානෙට මිනිසුන් විදියට ජීවිතේ ජයගන්න. අපි කවදාවත් අතීතේ අමතක කරන්නේ නැහැ. (නදී)
ඉහත මා වෙනුවෙන් අදහස් දැක්වූ අය නම් මේ පාර වැරදි දේවල් ලියා ඇත්තේ. ඉතාලියේ පමණක් නොව බොහෝ විදේශ රටවල 'සමහර' නිවෙස් වල මෙම ජාතියේ පැළයක් දෙකක් වවා තිබෙනවා. මෙය ලොකු අපරාධයක් ලෙස නම් මම ගණන් ගන්නේ නැහැ. නමුත් විවිධ රටවල නීති විවිධාකාරයි. අප ඒවාට ගරු කල යුතුයි. ඉතාලියේ ශ්‍රී ලාංකිකයන්ගේ බීමත්කම නම් මෙම පැල වලින් නගින දුම් වලට වඩා දරුණුයි. ඉන් පසු මේ අයගේ හැසිරීම ගැන කවර කතාද? (අ)
මෙන්ඩිස් මහත්තයෝ ඔයාට නම් ලැජ්ජාව විතරයි මට නම් "චී" කියල හිතෙනවා. මෙතරම්ම ගුණධර්ම වලින් පිරිලා ඉන්න මිනිස්සු ජීවත්වෙලා ඉන්න රටකින් ගිය මේ ම්නිස්සු පිට රටවලට ගිහින් කරන දේවල් ගැන අපට නම් පුදුමයි නේද? පිටරට වල තියන නරක දේවල් වලට ඇබ්බැහි වෙලා තමයි ඔය. අර මම වැදගත් කෙනෙක් කියල හිතාගෙන උන්න පිටිගල මහත්තයාගේ යාලුවන්ගේ ගෙවල් වලත් මරිජුවානා පැල හිටවල තියනවා එතුමාම කියනවා නම්, අනිත් අය ගැන කවර කතාද? හොඳ මුහුණවල් පෙන්නගෙන හිටියට කට්ටියම එකම බෝට්ටුවේ වගේ මට නම් පෙනෙන්නේ. අර සජිනි වගේ ළමයි ගෙදර හිටවල තිබුනත් සමහර විට හඳුනන්නේ නැතිව ඇති මරිජුවානා පලය මොකක්ක කියල. (අ)
පිටීගලට මොකද ඔච්චරම වෙරෝනා අයව පෙන්නන්න බැරි? (නි)
වෙරෝන සුනිල්, පිටිගලලා රාශියක් මෙහි අදහස් දක්වා තිබෙනවා නමුත් පිටිගල මිලානෝ කවුද කියා ඔහු ලියන භාෂා ශයිලයෙන් හඳුනා ගන්න. (අ)
එතකොට මත්පැන් බී තම ස්වාමි පුරුෂයා සමඟ .. සණ්ඩු කරන් තියෙන්නේ..ලාංකික කාන්තාවද ..?හත් දෙවියනේ මෙහෙමත් ගැහැණු ...ජාතියටම නින්දා කරනවා ...? (ස)
චමත් ඉතාලිය. ස්තුතියි ඔයාට. අපි හැමෝම අපේ දෙමාපියන්ගෙන් උගත් හොද දේවල් එමටයි, ඇයි දෙවියනේ දැන් ඉන්න දෙමාපියෝ දරුවන්ට හොද දේවල් හුරු නොකරන්නේ. ඒකේ විපාක අපිට මේ දකින්න වෙලා තියෙන්නේ ..?මතු පරපුරෙන් ඒක 100% ක් ම වැඩිවෙනවා අද ඉන්න දෙමාපියන්න්ගේ දුර්වල කමින් ...? (නදී)
මට හරියට වටහා ගන්න බැහැ.ඒ කියන්නේ අපේ අම්මණ්ඩි කෙනෙක් වෙරි වෙලද? (ස)
තම ස්වාමි පුරුෂයා සමග දබර කරන ලංකික යුවල කිව්වම ? 3 දෙනෙක් නේද. (අ)
මෙන්න ඉතාලියෙන් තවත් අලුත්ම ඡන්ද ප්‍රතිපලයක්. මත් පැන් බිලා සැමියා සමඟ බිරිඳ රණ්ඩුවක්. ගෙදර ගංජා වවල. ඉතාලියේත් මෙහෙම වෙනවා එහෙනම්. අපේ ලංකාවෙන් ආපු අයගෙන් ලැජ්ජාවේ බැහැ ඉන්නේ ඉතාලියේ කියන්න දැන්නම්. (ස)
මේ මිනිස්සු රට යන්නේ දුක් මහන්සිවෙලා හම්බකරන්න නෙවෙයි. රටටත් අගෞරව කරල ගෑණු කමටත් නිගා කරනවා ඹය අයට දැඩි දඩුවම් දෙන්න ඹ්න. (ස)
අනේ රූපවති ඔයා බබා වෙන්න හදන්න එපා. කොහේ හරි කචල් එකක් ගියොත් ගෑනු තමා එතෙන්ට මුල. (ස)
සාමාන්‍යයෙන් මෙවැනි දේවල් සිදු වෙන්නේ යුරෝපයේ වෙසෙන අරාබි ජාතිකයන්ගේ නිවෙස් වල. දැන් අපේ අයටත් බෝ වෙලාද ? (නි)
අපේ පුතා නම් කියන්නේ, මම-පවුල-ගම-රට-ලෝකය. (ස)
කචල් ද...කියන්න දෙයක් නැහැ කචල්ම තමයි... (ස)
මේ ප්‍රවෘත්තියේ හැටියට නම් ලාංකික යුවල දබර කර ඇත්තේ පොලීසියේ ස්වාමි පුරුෂයා සමගය. (අ)
ඇයි අපේ රටෙ නම කැත කරන්නේ. මෙහේ ඉන්න ලාංකිකයෝ කොපමණ ප්‍රශ්න ඇති කරනවද?බලන බලන තැන මුදල් සම්බන්ධ ප්‍රශ්න. ඇයි ගනුදෙනුවක් කරගත්තැයින් පස්සේ ඒවා නියමාකාරයෙන් නිමකරන්නේ නැත්තේ. අද ඉතාලියේ ගොඩක් ප්‍රශ්න ඇතිවන්නේ මේ නිසයි. (ස)
අනේ මෙහෙම ගෑනු ඉතාලියෙම තියාගන්න. ලංකාව දාල ගිය එක ලොකු දෙයක්.... (ස)
ඉතාලියේ ඉන්න ගොඩක් මිනිසුන්ගෙ ක්‍රියාවල් දිහා බැලුවහම හරිම හරි අප්පිරියාවක් දැනෙනවා. (ස)
"අපි වවමු රට නගමු" වැඩසටහන ගැන ඔය ඉතාලියෙ පොලීසිය දන්නවයැ. ඒකයි ලාංකිකයන්ට හිරිහැර කරන්නෙ. (ස)
කටුනායකින් පිටවෙන අපි ගැහැනු පිරිමි බොහෝ දෙනෙක් ලංකාවේ සංස්කෘතිය,සදාචාරය,ගුණ ධර්ම වලට ‘ටටා බායි‘ කියනවා.ඉතාලියේ විතරක් නොවෙයි,යුරෝපයේ ඉන්න අපේ අනුලා දේවිලා 90% මීට වඩා දේවල් රගපානවා.අරාබියේ ඉන්න අය එහෙට ආවේණික රගපෑම් කරනවා.එසේම ගැහැනු විතරක් නොවෙයි පිරිමි අයත් ඔය වේදිකාවල ඉන්නවා.ජන්මයට වැඩිය පුරුද්ද ලොකුයි කියන උපමාව ගැළපෙනවද මන්දා ඔහොම අයට. (නි)