IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලාංකිකයෝ 21 ක් ඊශ්‍රායලයට

(අංජුල මහික වීරරත්න)

ඊශ්‍රායලයේ නිවාස වල සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් 21 දෙනකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

මෙම පිරිසට කාන්තාවෝ18 දෙනෙක් සහ පිරිමි තිදෙනෙක් අයත් වෙති.

ඔවුන් ලබන 27 වැනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුමට අනුව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවන අතර 2022 අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 441 දෙනකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා වරම් හිමිව තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

 



අදහස් (7)

ලාංකිකයෝ 21 ක් ඊශ්‍රායලයට

Bamunuarachchi Tuesday, 25 July 2023 07:24 PM

කට්ටිය ටයි දාගෙන ගියාට කරන්න තිබෙන ජොබ් එක මොකක්ද කියලා දන්නවාද දන්නේ නැහැ.

:       2       1

Musammil Tuesday, 25 July 2023 08:27 PM

අනුන්ගේ රටවල වැඩකාරකමට යවන එකත් මනූෂට ආඩම්බරයක්....

:       0       1

රා කට්ටා Tuesday, 25 July 2023 09:42 PM

ඔය නිල් පාට ෂර්ට් එකක් ඇඳලා ඉන්නේ එකාව රට යවන්න බැරිද දන්නෑ නේද?

:       1       2

manuWednesday, 26 July 2023 01:50 PM

හරක් ගන්නේ නෑ...

:       1       1

සල්ලි Wednesday, 26 July 2023 07:37 AM

ඩොලර් උපයන උන් 21 යි. ඩොලර් උපයන්නේ නැති උන් 1යි. ඉතින් රට දියුණු වෙයිද ?

:       1       1

wedage Wednesday, 26 July 2023 09:56 AM

සාත්තුසේවය කොහොම කරන්නද මේ ටයි කෝට් ඇඳගෙන.

:       2       1

ගමේ එකාලා Wednesday, 26 July 2023 02:50 PM

ගිය තැනක වැඩ හොන්දින් කරගෙන හිටපල්ලා,අපේ රටේ නම කැතකරනව එහෙම නෙමෙයි ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site