
(අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායලයේ නිවාස වල සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් 21 දෙනකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
මෙම පිරිසට කාන්තාවෝ18 දෙනෙක් සහ පිරිමි තිදෙනෙක් අයත් වෙති.
ඔවුන් ලබන 27 වැනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුමට අනුව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවන අතර 2022 අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 441 දෙනකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා වරම් හිමිව තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය ටයි දාගෙන ගියාට කරන්න තිබෙන ජොබ් එක මොකක්ද කියලා දන්නවාද දන්නේ නැහැ.
අනුන්ගේ රටවල වැඩකාරකමට යවන එකත් මනූෂට ආඩම්බරයක්....
ඔය නිල් පාට ෂර්ට් එකක් ඇඳලා ඉන්නේ එකාව රට යවන්න බැරිද දන්නෑ නේද?
ඩොලර් උපයන උන් 21 යි. ඩොලර් උපයන්නේ නැති උන් 1යි. ඉතින් රට දියුණු වෙයිද ?
සාත්තුසේවය කොහොම කරන්නද මේ ටයි කෝට් ඇඳගෙන.
ගිය තැනක වැඩ හොන්දින් කරගෙන හිටපල්ලා,අපේ රටේ නම කැතකරනව එහෙම නෙමෙයි ?