ඉතාලියේ මෙස්සිනා නුවර ශ්‍රි ලාංකික ගුවන් ටිකට් සේවකයකු විසින් ගුවන් ටිකට්පත් විස්සක් හොරට නිකුත් කළ නිසා ශ්‍රි ලාංකිකයින් විසි දෙනෙකුට ගුවන් තොටේදී නැවත හැරි ඒ මට සිදු විය.
නාරම්මල සිට ඉතාලියට පැමිණ මෙසිසිනා නුවර ජිවත් වු හොර ගුවන් ටිකට් පත් නිකුත් කරන්නා එක් ගුවන් ටිකට් පතකට අය කළ මුදල යුරෝ 720 (රුපියල් 127440) කි. ගුවන් ටිකට් පත් විස්සකට ඔහු විසින් යුරෝ 14400 ක් (රුපියල් 2548800) වංචා කොට ඇති අතර ඔහු අතුරුදන්ව ඇති බව වර්තා වේ. අප්‍රේල් මාසයෙදී ශ්‍රි ලංකාව බලා පිටත් විම සදහා රොම ගුවන්තොටුපළට පැමිණි තවත් ශ්‍රි ලාංකිකයෝ 30දෙනෙක් ද හොර ටිකට් වංචාවකට හසු වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි පරපෝෂිතයන්ට නැවත අවස්ථාවක් නොදෙමු. (නි)
පිටරටකදි නම් ලංකාවෙ කියලා දැන ගත්තොත් ගනුදෙනු නම් කරන්න එපා.. (නි)
දැන් හොරකම, වංචාව, කප්පන් ගැනීම ,ස්ත්‍රී දුෂණය ,මිනීමැරීම,නිතිගතවෙලා.මේවට කිසිම දඩුවමක් නැහැ.මේකට පුරුදු වුණ පිරිස් ලෝකේ කොහේ ගියත් ඕක කරනවා.ලංකාවට ඇවිත් හොඳට ජීවත් වෙනවා.ඉතාලියෙන් කෝටි ගණන් හොරකම් කරලා ලංකාවට පැනලා කී දෙනෙක් හොඳින් ඉන්නවද?දැන් අපිට අපි ලංකාවේ කියන්නත් ලැජ්ජයි. (ස)
මේ වගේ වැඩක් කුවෙට් වලදිත් වුනා.(නදී)
සමන්, ඔබ හරියට හරි. ලංකාවේ අය හරිම භයානකයි. විදේශිකයෝ තව හොඳයි. පවට බයයි. අපිට අනුකම්පා කරනවා ඇත්තටම ලැජ්ජයි. (ස)
හොරකම වංචාවට ලංකාව පළමු තැනට පත්වෙලා (අ)
හරි පුදුමයි! කවදාහරි කොහොම හරි අන්තිමට අහුවෙන හොරකමක් කරලා. මේක මෝඩ හොරකමක්ද, නැත්නම් අධික තණ්හාවෙන් මත් වීමක්ද. (නි)
සමන් හරි. පිටරටකදී මුලින්ම පරිස්සම් වෙන්න ඕන ලංකාවේ අයගෙන් තමයි. (අ)
ගාමිණීගේ කතාව හරියටම හරි ,ලංකාවේ මිනිස්සු ලෝකෙත් විනාශ කරනවා ,ලංකාවේ නම කනවා (අ)
මේ හොරදෙටුවා ඔහුගේ කාර්යය නම් උපරිමයෙන් කරගෙන (නි)
මටත් මේ දේම වුණා (නි)
ටිකට් ගැනීමේදී පිළිගත් 'ඉතාලි' ඒජන්සියකට යන්න. (නි)
අන්තර්ජාලය හරහා ඉතා අඩු මිලට එමිරේටෙස් , කටාර් . ඕමාන් හරහා ඍජුවම ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර ආරක්ෂාකරිව ලබාගැනීමේ පහසුකම් තිබියදී මොකටද එක එක නියෝජිතයෝ පස්සේ ගිහින් මුදල් නැති කරගන්නේ? දැන් ඉතාලියේ ජිවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාව අතරේ හොරකම් , වංචා බහුලයි. (නි)
පොඩි ලාභයකට හොරුන්ගෙන් ටිකට් ගන්න යන්නෙ ඇයි? (නි)
සැම වරදකටම වෙන්නප්පුව දෙසට ඇගිල්ල දිගු කරන අයට දැන් තේරෙනවා නේද ගම අනුව නෙමෙයි වැරදි සිදු වෙන්නේ කියලා (නි)
ඇත්තටම යම්තම් හරි උගත්කමක් තියෙන යම්තම් හරි මනුස්ස ගතියක් තියෙන එකම කෙනෙක්වත් ඉතාලියට ගිහින් තියෙනවද? ඉතාලියෙන් ඇහෙන්නෙම ලංකාවේ පාතාල වල ඉන්න මිනිස්සු කරන දේවල් විතරයි. අපොයි නිවාඩුවකටවත් යන්න වටින රටක් නෙමෙයි. (නි)
මෙසිනා නගරයේ මාස 6කට සැරයක්වත් කවුරුහරි මෙසිනා ඉන්න මෝඩයන් රවටලා පනිනවා. (නි)
ඉතාලියේ ශ්‍රී ලංකික ප්‍රජාව ඉස්සර ධාර්මිකව තමන්ගේ පාඩුවේ ධාර්මිකව රැකියාවක් කරගෙන එකිනෙකාට උදවු කරගනිමින් ජිවත් වුණා. මෙවැනි වංචා සහ මැරකම් බහුල වුණේ ලංකාවේ පාතාල මැරයෝ සහ හොරු ඉතාලියට ආවට පස්සේ. දැන් ඉතාලියේ ඉන්න ශ්‍රී ලංකික ප්‍රජාව භේද බින්න වෙලයි ඉන්නේ (නි)
ශ්‍රී ලංකාව දැන් සොරකම් කිරීමේ ක්‍රමවේදය නිර්යාත කරනවා. ඒවා මිලදී ගත් ශ්‍රී ලාංකිකයින් ඒවා හොඳ ගානක් තියාගෙන ශ්‍රී ලාංකිකයින්ටම විකුණනවා. ප්‍රශ්නයක් නැහැ අවුලක් නැහැ. (නි)
මේ රොෂාන් ,ලංකාවේ නම කෑවේ ලංකාවේ දේශපාලුවෝ. දන්නේ නැත්නම් දැනගන්නවා හොදයි (නි)
ඒකත් නරක නැහැ බිස්නස් එක. එක්කෙනෙක්ගෙන් පොඩි ගාන ගනනේ එකතු කළත් මිනිහට කාර් එකක් ගන්න , ගෙයක් ගන්න සල්ලි හම්බු කරගෙන තියෙනවා (නි)
එක් කෙනෙක් කරපු වරදට රටක්ම අල්ලන්න එපා . හැම රටකම වැරදි කරන ජාතිකයෝ ඉන්නවා ! (ස)