කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රත්මන් කොඩිතුවක්කු ගමන් කළ නිලරථයට පසු කර යාමට ඉඩ නොදී අවහිර කළ බව කියන ජීප් රථ රියදුරකුට නීතියට අවනත නොවීම සහ උසස් නිලධාරින්ගේ උපදෙස් ක්‍රියාත්මක නොකිරීම යන චෝදනා මත කළුතර කොට්ඨාස රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් හරියට අර ඉස්සර කාලේ ගමේ රාලහාමි කාර් එකේ එනකොට ගොන් කරත්ත අයින් කරගන්න ඕන වගේ වැඩක්නේ, ලෝකේ යන්නේ ඉස්සරහටද පස්සටද කියලා හිතා ගන්න බෑ. මේ වගේ වැඩවසම් වැඩ වෙනකොට. (ර)
ඉහළ නිලධාරියගේ නියෝගය නීතිවිරෝධී නම් එය පිළිපදින්න පහළ නිලධාරියා නීතියෙන් බැඳිලා නැහැ (නි)
ඔය සිද්ධිය වෙන්න ඇත්තේ මෙහෙමයි. ලොක්කා එන වාහනය පීසී දකින්න නැතුව ඇති. ඉස්සර කරන්න නොදී ගියා වෙන්න බැහැ. මොකද මගේ මල්ලිත් පොලිසියේ රියදුරෙක්.ඒ නිසා මම දන්නවා වෙන්නේ මොකද්ද කියලා.ලොක්කගේ ලොකුකම පෙන්වීම තමි ඔය කරන්නේ.කොහොම වුණත් පහත් තැනින් යයි ගලා ජලේ. (නි)
පහත් තැනින් යයි ගලා ජලේ! (නි)
දැන් තියෙන්නේ යහපාලනයනේ! ජයවේවා! (නි)
එයාලා ඒ ප්‍රශ්න විසඳා ගත්තදෙන්. අපි හිනහවෙමු. (නි)
උන් උන් මරා ගත්තදෙන් අපි සිනාසෙමු. (බ)
හරිම ෂෝක්! නීතියට අවනතවෙලා නැත්තේ වැඩ තහනමට ලක්වුණ පොඩ්ඩද එතකොට? (නි)
සිදුරු කළහැකි බැලුනයක නැඟී සැඟව අහසින් පළායන නිලධාරියෙකි. (නි)
නිලධාරි වාදය කියන්නේ ඕකට.. හැම තැනමත් ඔය වාගේ. (බ)
"කොට්ටෝරුවා හැම ගහටම කොටලා කෙහෙල් ගහට කොටපු දාට තමයි හොට පැටලෙන්නේ " කියන කතාව මතක්වුණා (නි)
පොලිසිය මේ දවස්වල ගොඩක් විහිළු කරනවනේ. ඔන්න තව එකක්. (නි)
නීතියට අවනත නොවීම යටතේ නඩු දානවා නම් ඔය ඉන්නේ ඕන තරම්. (ර)
විසඳුම පටන් ගන්න ඕන මාර්ග සංවර්ධන අදිකාරියෙන්. මාර්ග ඉදි කිරීමේදී ප්‍රමිතිය වැදගත්. කොපමණ පළල තිබිය යුතුද වැනි දෑ. ඉඩ නැහැ වැනි දේවල් කියන්න එපා. සිංගප්පුරුව මීට අන්ත පහල තිබුනේ. (ර)
පව් අහිංසකයා. (ර)
බල පුළුවන් කර කම පෙන්නු අවස්ථාවක් විය හැක. (ස)
නිතියත් ගරු නම්බුවත් නුඹට පමණද උරුම මෙලොවේ ? ගැලවී ගියදා පැළදි තරු පටි ගැලව යාවිද නුබෙත් නම්බුව? (බ)
වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනි, දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි...හේමාල් හොදසේකරව මතක් වෙනවා. මෙතරම් කාර්යශුර පොලිස්පති කෙනෙක් යටතේ මෙසේ නම්, උදර නේරු මෙවන් නිලදරුවන් පොලිස්පති වුවහොත් කෙසේ විය හැකිද ? (බ)
උසස් නිලධාරින්ගේ උපදෙස් ක්‍රියාත්මක නොකිරීම කියන්නෙත් මාර්ග නිති කඩකිරීමක්ද? (නොදන්න නිසයි ඇහුවෙ) (බ)
පහත තැනින් යයි ගලා ජලේ මහා වේගයෙනි ...(බ)
මෙයාල එහෙම තමයි ,ලොක්කෙක් අවොත් අපි කාණුවට හරි වාහනේ දාල ඉඩ දෙන්න ඕනේ.හරියට පාරවල් ලොකු කරලා ,මංතීරු දෙකක් වත් තියෙනවනම් තව කමක් නැහැ (බ)
අපිට පාර්ට් දාන රථවාහන අය නේද මේ.? (ර)
රත්මන් කොඩිතුවක්කු යනු නීතිය අකුරට ඉටු කරන නිර්බීත පොලිස් පුතෙක්, දැඩි වරදක් නැතිව පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කරන නිලදරයෙක් නොවේ. (ර)
මහත්තයෝ, ඕවා නරක වැඩ. (නි)
එස්එස්පී පිටිපස්සෙන් ඉන්න බව දන්නේ නැතිව වෙන්න ඕනේ ..කොහොම වුනත් දඬුවමක් ලැබුණු එක හොඳයි පොලිස් උන කාරයට (බ)
යුනිෆොර්ම් අදින ගොඩක් අයට තියෙන උනක් තමා ඕක. එයාලව ඉස්සර කරන්න බැහැ. එයාල තමා කරන වැරදී ගොඩාක් කරන්නේ. මේ ලගදී ගුවන් හමුදාවේ වාහනයක් කිරිබත්ගොඩදී වාහන දෙකක් අතරින් ගෙන අව එයා වැරදී පැත්තෙන් ඉස්සර කරන්න ඇවිත් ඉඩ දුන්නේ නෑ කියල හප්පන්න ගියා. බලනකොට පිටිපස්සේ හිටියේ කාන්තවක් . සමහරවිට පුද්ගලික ගමනක් යන්න ඇති. අපි එයාල යනකොට පාරට බහින්න ඕනිද. (අ)
මේක කරන්න ඇත්තේ දන්නේ නැතව වෙන්නැති පිටිපස්සේ ඉන්නේ කව්ද කියලා. (ර)
වරදට දඩුවම් දෙන්න ඕන හැදෙන්නනම්. (ර)
පිටබැද්දර ජයා නියමෙට කියලා තියනවා. ඒ නිසා මම ආයෙත් යමක් කියන්න ඕනෑ නැහැ. ජයා කියන එක තමා වෙලා තියෙන්නෙ. (නි)
ඔන්න ඔහේ එයාට යන්න දුන්නා නම් මේ ප්‍රශ්න මොකුත් නැහැනේ (නි)
පවු අහිංසක කොස්තාපල්! (නි)
අද කොහොමත් දුබලයා පාගා ප්‍රභලයා රජවෙන කාලයක්නේ (නි)
සාමාන්‍ය මිනිසුන්ට දාන පාට් එකක් දාලා දැන් වරද්දාගෙන. (ර)
පිටිපස්සෙන් ඉන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් කියලා හිතාගෙන කරපු දෙයක්. පොලිස් නිළ ඇඳුමේ උණුසුමට කළ වැඩක්. කෙසෙල් ගසට කොටපු කොට්ටෝරුවා වගේ ඇති දැන්. (ර)