සෞදි අරාබියේ රියදුරකු වශයෙන් සේවය කරමින් සිටියදී රිය අනතුරකින් ආබාධිත තත්ත්වයට පත් වු ශ්‍රී ලාංකික ශ්‍රමිකයකුට එරට සේවාදායකයාගෙන් රියාල් 20,000ක (රුපියල් හත් ලක්ෂයක) වන්දියක් ලබා දීමට එරෙහිව ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයටහැකි වී තිබේ.
මෙලෙස වන්දි මුදලක් හිමි වී ඇත්තේ රුවන් චාමර හේරත්(29) මහතාටය.
තම හාම්පුතු සම හාම්පුතුගේ මෝටර් රථය පදවාගෙන යමින් සිටියදී රථයේ ආලෝකය විසන්ධි වීම නිසා රිය අනතුරකට ලක් වීම නිසා රිය අනතුරකට ලක්ව ඇති අතර ඉන් එහි රියදුරු වශයෙන් සේවය කළ ලාංකිකයාගේ පාදයට බරපතල හානි සිදු විය.
ආලෝකය විසන්ධිව තිබියදී ඔහු ඔහු වාහනය පදවා ඇත්තේ සිය හාම් පුතාගේ බල කිරීම මතය. පසුව එම හාම්පුතු ද තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත් වු ලාංකිකයාට වන්දියක් පිරිනැමීම ප්‍රතික්ෂේප කැර තිබේ.
පසුව ඔහු රියාල් 5000 ක වන්දියක් ලබා දීමට උත්සාහා කළද ලාංකික ශ්‍රමිකයා එය ප්‍රමාණවත් නොවන බව හාම්පුතුට දන්වා තිබේ.
මේ පිළිබව ජෙඩා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනගන්නට ලැබීමත් සම එහි මැදිහත් වීමෙන් සෞදි හාමු පුතුන්ගේ රියාල් 20,000 ක වන්දි මුදලක් ලබා දීමට හැකි වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරේරා ඔබගේ අදහසට මමත් එකගයි. සෞදි මිනිස්සුන්ට රුපියල ලක්ෂ 7ක් කියන්නේ මහා ලොකු කජ්ජක් නෙමෙයි. ලක්ෂ 50ක් වත් අරන් දුන්නා නම් අන්න ඒ ගැන සතුටු වෙන්න තිබුනා. මේක සාදාරනය ඉටුවීමක් නොවේ. (නදී)
අපේ රටේ මිනිස්සුන්ට කාළා නිකන් ඉන්න බැරුවට කරගන්න දේවල්. අනික කවද්ද සාදාරණයක් උනේ. නැති බැරි එකා හැමදාම වලපල්ලේ. තියෙනවා නම් දුක් විදින්න රට යයිද? (නදී)
ඕක අපේ අයට කලින් සෞදි පත්තරයක පලකරලා තිබුනා මාසෙකට කලින්. ඒ නිසා තමා ඔය වගේ ගානක් හම්බුනේ නැත්තම් කොහෙද ? (නදී)
සංජීව, නිකන් ඉන්න බැරුවට ගිය ගමනක් නොවේ. හාම් පුතා සමග ගිහිල්ලා තියෙන්නේ . (නදී)
ගොඩ කාලෙකින් තානාපති කාර්යාලයකින් වැඩක් කරලා තියෙනවා.(නදී)
ලංකාවේ මිනිසුන්ව මේ අය හිඟන්නෝ ගානටද ගන්නේ? වෙන රටක කෙනෙකුට ඔහොම වුනානම් ඩොලර් ලක්ෂ ගණන් වන්දි දෙන්නේ.(නදී)
මෙහෙට සාපේක්ෂව ඕක සොච්චමක්. රියාල් 20,000 කියන්නේ ටෙක්නිසින් කෙනෙක් ගේ මාස දෙකක පඩිය. (අ)