ඇඹිලිපිටියේ සාදයකදී ගැටුමකින් පසු තරුණයකු මිය යෑම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී දමින්ද ධර්මරත්නට උදව් කිරීමට යැයි පොලිසියේ බව කියන පිරිසක් කෑගල්ලේ සහ රත්නපුර පොලිසිවලින් රුපියල් සියය ගණනේ එකතු කරතියි පොලිස් ආරංචි කියයි.
සහකාර පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසක් ද හිතවත් මට්ටමින් මුදල් එකතු කර ඔහුගේ පවුලේ උදවියට මුදල් ලබා දීමට යතියි කියති.
මේ අතර රත්නපුර ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු කීවේ කෑගල්ල සහ රත්නපුර කොට්ඨාස දෙකේ ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරු පොලිස් පොඩ්ඩන්ගෙන් බලෙන්ම රුපියල් සියය බැගින් එකතු කරන බවයි.
මේ ගැන කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීවේ එවැන්නක් ගැන තමාට වාර්තා වී නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර සැමියා අහිමිව දරුවෙක් කුසේත් ඉන්න එක්දරු මවට සාධාරණයක් වත් තාම ඉටුවෙලා නැහැ.යුක්තිය රකින්න කැපවුණු පොලිසිය උදව් කරන්නේ අපරාධ කරුවන්ට.(කෞ)
ජන හතුරු තවත් මාෆියාවක් සංවිධානය වන තුරු බලා හිඳිමුද? (ර)
ඇහුවොත් කියන්නේ එවැන්නක් ගැන මට වාර්තා වෙලා නැහැ කියලයි. (බ)
පොලිසියේ හා පොලිස්පතිගේ වැරදි ආකල්ප සහ නිවට අදූරදර්ශී වැඩ බලපෑවා.(ම)