IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලාංකික තරුණයාගේ දේහය තවමත් ඉතාලියේ

නාපොලි නුවරදී පසුගියදා රිය අනතුරකින් මියගිය දුම්මලසූරිය පදිංචි තරුණයාගේ (24) දේහය මේ වන විටත් නාපොලි නගරයේ මල්ශාලාවක ඇතැයි නාපොලි විහාරාධිපති පනන්ගල වජිරඥාණ හිමියන් කියති.

අදාල තරුණයා මියගොස් මේ වන විටත් සති කිහිපයක් ගතවේ. මියගිය තරුණයාගේ පියා ශ්‍රි ලංකාවේ සිට එසැණට කියා සිටියේ තම ඥාතිවරියක් හා තවත් කිහිපදෙනෙකු කතා කොට අද දින දේහය ලංකාවට එවන බවය.

 මියගිය තම දරුවා වෙනුවෙන් ලැබෙන වන්දි මුදල ලබා දීමට  ඉදිරියේදී කටයුතු කරනා බව පැවසීයැයිද  ඔහු කීවේය.

 තම දරුවා වෙනුවෙන් ලැබෙන දෙයක් තිබේ නම් එය ලබාගෙන මියගිය  තම දරුවා වෙනුවෙන් පිනක් දහමක් කිරිමට බලාපොරොත්තු වන බවත් අවශ්‍ය නීතිමය කටයුතු කිරිමට තාවකාලිකව ඉතාලියට යෑම සදහා පහසුකම් සලසා දෙන්නැයි තමා විදෙශ අමාත්‍යංශය ඉදිරියේදී ඉල්ලා සිටින බවත් ලලිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

 මියගිය තරුණයාගේ දේහය ලබාගැනිමට දෙපිරිසක් අතර මත ගැටුමක් ඇතැයි එසෑණ මෙයට පෙර අනාවරනය කළේය. ඉදිරියේදී මියගිය තරුණයා වෙනුවෙන් විශාල රක්ෂණ වන්දියක් ලෑබිමට ද  නියමිතය.



අදහස් (0)

ලාංකික තරුණයාගේ දේහය තවමත් ඉතාලියේ

කපිල මොන්ටිකාලෝ Tuesday, 09 July 2013 07:54 PM

මෙයාට අනුන්ගේ රෙදි හෝදන්නේ නැතුව ඉන්නම බැරිද? (අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 08 July 2013 07:52 PM

මෙම වන්දි මුදල රුපියල් කෝටිය ඉක්මවනවා. එසැන ප්‍රථම ප්‍රෘතියේ දේහයේ නියම භාරකරු යයි රෝමයේ එම්බසිය කියූ පුද්ගලයා එම්බසියේ තැරව් කරුවෙක්. ඔහු එම්බසියේ බල්ලා, පූසා ඇතුළු සියල්ල දන්නා නිතර වැඩකටයුතු වලට එහි යන පුද්ගලයෙක් බැවින් ඔහු සහ එම්බසියේ සමහර පිරිස් අතර ඇති සබඳතා කුමන ආකාරයේදැයි අපට සිතා ගත හැක. මෙම මුදල කෙලින්ම ඔහුගේ පියා වෙත යවන මගක් සැකසිය යුතු වේ. (අ)

:       0       0

මොහෙමඩ් Monday, 08 July 2013 08:30 PM

මෙම වන්දි මුදල් මිය ගිය අයගේ පියාට පව්ලේ අයට ලාබදෙන්න ශ්‍රී ලංකා රජය මැදිහත් වන්න . එම්බසියේ යාලුවන්ගේ සාක්කු පිරවීමට මෙම මුදල් යොදා ගන්න ඉඩ නොදෙන්න . මම ඉතාලි වල වාසය කරන මෙම සිද්දිය හොඳින් දන්නා කෙනෙකු හැටියට මෙය සඳහන් කරන්නේ . ලංකාවේ තානාපති කාර්යාලයේ නිළධාරීන් මෙයට මැදිහත් වෙන්න දෙන්න එපා .. ඔවුන් දැන් මිනි කාකන් බවට පත්වී ඉන්නේ (අ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 09 July 2013 11:23 AM

රෝම එම්බසිය ගැන නම් සතුටුදායක ජනමතයක් තවම ඉතාලිය තුල ගොඩනැගී නැත. (නි)

:       0       0

නාපොලි රාජා Tuesday, 09 July 2013 11:40 AM

රක්ෂණ වන්දිමුදල යුරෝ මිලියනයක් එනම් රුපියල් කෝටි දහඅටක් කියලයි ආරංචි (නි)

:       0       0

මාගලී Monday, 08 July 2013 10:44 PM

ඒ මුදල දෙන්නේ ඉතාලි එම්බසිය හරහා අයිතිකාරයන්ට.සමහට විට කෙනෙක් යයි එම්බසියේ නිළධාරීන්. (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 09 July 2013 12:46 PM

දැනට අවුරුදු කීපයකට පෙර වරේසි නගරයේ වාහනයකට හැප්පි කොඳු ඇටය කිහිපපොලකින් විනාශ වුනු සනීපකිරීමට නොහැකි කෙනෙකුට යුරෝ අටලක්ෂයක් (රුපියල් කෝටී 14 ක් පමණ) වන්දි වශයෙන් ලැබුනා. නමුත් ඔහුව ලංකාවට රැගෙන ගොස් කලක් සිංහල වෙදකම් කිරීමෙන් පසු නැගිටීමට සහ සාමාන්‍ය ආකාරයට ඇවිදීමට පුළුවන්කම ලැබුනා. (නි)

:       0       0

සම්පත් ඉතාලි Tuesday, 09 July 2013 12:18 AM

මම මේ කියන්නේ අනුන්ගේ ලේ කදුළු එක්ක සෙල්ලම් කරන්න එපා කියලා (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 09 July 2013 03:23 AM

බලාගෙන !!එම්බසි කාක්කෝ සල්ලි ගරාගන්න බලාවි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site