නාපොලි නුවරදී පසුගියදා රිය අනතුරකින් මියගිය දුම්මලසූරිය පදිංචි තරුණයාගේ (24) දේහය මේ වන විටත් නාපොලි නගරයේ මල්ශාලාවක ඇතැයි නාපොලි විහාරාධිපති පනන්ගල වජිරඥාණ හිමියන් කියති.
අදාල තරුණයා මියගොස් මේ වන විටත් සති කිහිපයක් ගතවේ. මියගිය තරුණයාගේ පියා ශ්‍රි ලංකාවේ සිට එසැණට කියා සිටියේ තම ඥාතිවරියක් හා තවත් කිහිපදෙනෙකු කතා කොට අද දින දේහය ලංකාවට එවන බවය.
මියගිය තම දරුවා වෙනුවෙන් ලැබෙන වන්දි මුදල ලබා දීමට ඉදිරියේදී කටයුතු කරනා බව පැවසීයැයිද ඔහු කීවේය.
තම දරුවා වෙනුවෙන් ලැබෙන දෙයක් තිබේ නම් එය ලබාගෙන මියගිය තම දරුවා වෙනුවෙන් පිනක් දහමක් කිරිමට බලාපොරොත්තු වන බවත් අවශ්‍ය නීතිමය කටයුතු කිරිමට තාවකාලිකව ඉතාලියට යෑම සදහා පහසුකම් සලසා දෙන්නැයි තමා විදෙශ අමාත්‍යංශය ඉදිරියේදී ඉල්ලා සිටින බවත් ලලිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මියගිය තරුණයාගේ දේහය ලබාගැනිමට දෙපිරිසක් අතර මත ගැටුමක් ඇතැයි එසෑණ මෙයට පෙර අනාවරනය කළේය. ඉදිරියේදී මියගිය තරුණයා වෙනුවෙන් විශාල රක්ෂණ වන්දියක් ලෑබිමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට අනුන්ගේ රෙදි හෝදන්නේ නැතුව ඉන්නම බැරිද? (අ)
මෙම වන්දි මුදල රුපියල් කෝටිය ඉක්මවනවා. එසැන ප්‍රථම ප්‍රෘතියේ දේහයේ නියම භාරකරු යයි රෝමයේ එම්බසිය කියූ පුද්ගලයා එම්බසියේ තැරව් කරුවෙක්. ඔහු එම්බසියේ බල්ලා, පූසා ඇතුළු සියල්ල දන්නා නිතර වැඩකටයුතු වලට එහි යන පුද්ගලයෙක් බැවින් ඔහු සහ එම්බසියේ සමහර පිරිස් අතර ඇති සබඳතා කුමන ආකාරයේදැයි අපට සිතා ගත හැක. මෙම මුදල කෙලින්ම ඔහුගේ පියා වෙත යවන මගක් සැකසිය යුතු වේ. (අ)
මෙම වන්දි මුදල් මිය ගිය අයගේ පියාට පව්ලේ අයට ලාබදෙන්න ශ්‍රී ලංකා රජය මැදිහත් වන්න . එම්බසියේ යාලුවන්ගේ සාක්කු පිරවීමට මෙම මුදල් යොදා ගන්න ඉඩ නොදෙන්න . මම ඉතාලි වල වාසය කරන මෙම සිද්දිය හොඳින් දන්නා කෙනෙකු හැටියට මෙය සඳහන් කරන්නේ . ලංකාවේ තානාපති කාර්යාලයේ නිළධාරීන් මෙයට මැදිහත් වෙන්න දෙන්න එපා .. ඔවුන් දැන් මිනි කාකන් බවට පත්වී ඉන්නේ (අ)
රෝම එම්බසිය ගැන නම් සතුටුදායක ජනමතයක් තවම ඉතාලිය තුල ගොඩනැගී නැත. (නි)
රක්ෂණ වන්දිමුදල යුරෝ මිලියනයක් එනම් රුපියල් කෝටි දහඅටක් කියලයි ආරංචි (නි)
ඒ මුදල දෙන්නේ ඉතාලි එම්බසිය හරහා අයිතිකාරයන්ට.සමහට විට කෙනෙක් යයි එම්බසියේ නිළධාරීන්. (නි)
දැනට අවුරුදු කීපයකට පෙර වරේසි නගරයේ වාහනයකට හැප්පි කොඳු ඇටය කිහිපපොලකින් විනාශ වුනු සනීපකිරීමට නොහැකි කෙනෙකුට යුරෝ අටලක්ෂයක් (රුපියල් කෝටී 14 ක් පමණ) වන්දි වශයෙන් ලැබුනා. නමුත් ඔහුව ලංකාවට රැගෙන ගොස් කලක් සිංහල වෙදකම් කිරීමෙන් පසු නැගිටීමට සහ සාමාන්‍ය ආකාරයට ඇවිදීමට පුළුවන්කම ලැබුනා. (නි)
මම මේ කියන්නේ අනුන්ගේ ලේ කදුළු එක්ක සෙල්ලම් කරන්න එපා කියලා (නි)
බලාගෙන !!එම්බසි කාක්කෝ සල්ලි ගරාගන්න බලාවි (නි)