( වරුණ කන්නන්ගර නව දිල්ලියේදි සිට ) - ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙසෙන ශ්‍රී ලාංකික එකමුතුව විසින් සංවිධානය කරන ලද සය සාමාජික ක්‍රිකට් තරගාවලියක් නව දිල්ලියේදි පැවැත්විණි. ශ්‍රී ලාංකිකයනට පමණක් වෙන්වූ මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වුයේ ඉන්දීයාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතාය.
අවසන් තරගයේ දී ගුරුගාවන් පිල පරාජයට පත් කරමින් විශ්ව විද්‍යාල කණ්ඩායම ශූරතාවය දිනා ගත්තේය.
ජයග්‍රාහී කණ්ඩායම:
අතුල සමරකෝන්, එශාන් ජයවර්ධන, දිනේශ් ත්‍යාගරාජ්, පියුමාල් රත්නායක, සුචින්ත මද්දුමආරච්චි, වරුණ කන්නන්ගර සහ මේධාවිනී එදිරිවීර.
මීට සමගාමීව කාන්තා තරගයක් මෙන්ම ළමා ක්‍රිකට් තරගයක්ද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සරණ වේවා! සදහම් සරණ වේවා! සඟ සරණ වේවා! අපේ සැමටම අායුබෝ වේවා! (නි)