අනවසර සංක්‍රමණිකයින් ලෙස පැමිණෙන්නන්ට රටේ දොරටු වසා දැමීමට ඕස්ට්‍රේලියාව ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකා රජය ප්‍රසාදය පළ කර ඇත.
ඕස්ට්‍රේලියාවට අනවසර සංක්‍රමණිකයන් ලෙස පැමිණෙන්නන්ව දැන් යැවෙන්නේ පැපුවා නිව්ගිනියාවටය.ඒ ඕස්ට්‍රේලියාව පැපුවා නිව්ගිනියාව හා ඇතිකරගෙන ඇති ගිවිසුමකට අනුවය.පැපුවා නිව්ගිනියාවට හරවා යැවෙන සංක්‍රමණිකයන් එහිදී ඇගැයීමට ලක් කෙරෙනු ඇති අතර සාධාරණ හේතූන් නිසා සංක්‍රමණිකයකු ලෙස පැමිණියේයැයි තීරණය වුවහොත් ඔවුන් හට පදිංචි වීමට අවසරය ලබා දෙනු ඇත.පදිංචිය ලැඛෙන්නේත් ඕස්ට්‍රේලියාවේ නොව පැපුවා නිව්ගිනියාවේය.
ඕස්ට්‍රේලියානුවන්ට සිය රටට අනවසරයෙන් සංක්‍රමණය වන්නන් දැකීම තිත්ත වී ඇතැයි බළධාරීන් කියයි.සැඩ සයුර තරණය කරගෙන ඔවුන් පැමිණෙන්නේත් ජීවිත පරදුවට තබා බැවින් බොහෝ අවස්ථාවන්හීදී ඔවුන්ගේ ජීවිත රැක ගැනීමට තමන්ගේ ජීවිතාරක්ෂක භටයන්ගේ ජීවිත බිල්ලට දීමට සිදුව ඇතැයිද ඔවුන් පවසයි.
සංක්‍රමණිකයන් වෙනුවෙන් ක්‍රමවත් පහසුකම් මේ දිනවල පැපුවා නිව්ගිනියාවේ ඇති කෙරෙමින් පවතින බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැපුවා නිව්ගිනීයාව කියන්නේ නොදියුණු ගෝත්‍රික රටක් විදියටයි මම නම් දකින්නේ.මෙහෙම අයට හොද පාඩමක් තමයි ඒ වගේ කටුක පරිසරයකට ඒ ගොල්ලන්ව දාන එකත් (නි)
ඕස්ට්‍රේලියාවෙ ඉන්න සමහරුන්ට හරි දුකක් ඇති දැන් (නි)
ජගත්ලා වගේ අයට මේ වගේ ටොප් ක්ලාස් රටකට යන්න වාසනාව නැති හැටි! (නි)
පැපුවාට හරි කමක් නෑ අපිව යවන්න."බෝට්ටුවෙන් ගිය කොල්ලෙක්".(නදී)
ඔව් ජගත්,පැපුවා නිව්ගිනියා හොද දියුණු රටක්. ඇදුම් වලට එහෙමත් වැඩි වියදමක් නැහැ. එහෙ මිනී මස් කන අයත් ඉන්නවා කියලා කියනවා.අලුත් ජීවිතයක් පටන් ගන්න පුළුවන්.ඒත් මේ අවස්ථාව ලැබෙන්නේ අව්‍යාජ සරණාගතයන්ටලු නේද.බොරු කියාගෙන එන අයට ආපහු රිටර්න් ටිකට් එක ලැබෙයි නේද? අනේ සාදු! (නි)
දැන්වත් අපේ අය බෝට්ටුවේ ගිහින් අමාරුවේ වැටෙන්නේ නැතුව නියම විදියට නියම පාරෙන් යන්න බලන්නයි තියෙන්නේ (නි)
ජගත් ඔබ වැනි අයව ඔබින්නේ පැපුවා නිව් ගිනි වගේ රටකටය. අර්ද නිර්වස්ත්තයෙන් මිනි මස් හෝ බුදිමින් ඔබට සැප පහසු ජිවිතයක් එහිදී ගත කල හැකිය. තම උපන් රට අගයන්නේ නැති ඔබ වැනි අය වෙනුවෙන් පැපුවා රාජ්‍ය ඔබ එන තුරු බලා සිටිති.(නදී)
මොනවත්ම කරන්න බැරි,ලංකාවේ රස්සාවක් කරන්න සුදුසුකමක්වත් නැති සමහරු කරන දෙයක් තමයි ලංකාවේ ඉන්න බැරිතරම් වෙනස්කම් කියමින් රටේ නම කැත කරමින් වෙන රටවලට බෝට්ටු වලින් යන එක. (නි)
මෙහෙම ගියපු අය තමා පිටරට ඉදගෙන ලංකාවේ නම කැත කරන්නේ.රටට ගරහන්නේ.ඉතාම හොඳ පියවරක්.හොඳ මාර්ගයෙන් යන මිනිසෙකුට හරි යහපතක් මෙයින් සිදු වේවි. (නි)
ජගත්,ඔබ වැනි අය යන්න ඕනෑ කොහාටද කියලා මට මෙතන කියන්න බැහැ. ඔය දිට්ට ධම්ම වේදනීය කර්මයක් පල දීලා තියෙන්නේ.වැඩිපුරම ඔහෙට බෝට්ටු වලින් ගියේ ලංකාව පාවලා දුන්න අය.ඒ ඔක්කොටම සුදුසු තැන අද ලැබිලා තියෙනවා. (නි)
පැපුවා නිව්ගිනියා ගැන මෙතන ඉන්න අය දක්වලා තියෙන සමහර අදහස් මම නම් පිලිගන්නෙ නැහැ. එය සාමාන්‍යය රටක්,ගොඩක් ආදීවාසින් ඉන්නවා. මං ඕස්ට්‍රේලියා ඉන්න නිසා ඒක දන්නවා. නැත්නම් අපේ කට්ටිය දැන්මම බෝට්ටු වලින් පැපුවා එන්න පටන් ගනීවී දියුණුයි කියලා (නි)
මේ කෙලිය පටන්ගත්තේ එංගලන්තය හා කැනඩාව වැනි රටවල්. ඡන්ද ක්‍රමයකින් බලයට පත්වන ආණ්ඩුවකට එරෙහිව ක්‍රියා කරපු අයට රැකවරණය දුන්නා. දැන් ඒ රටවල් ඒ ගැන දුක්වෙනවා.ඔය රැකවරණය ලැබුණු අය අද මේ රටේ දේසපාලනේත් ඉන්නවා. (අ)
පැපුවා නිව්ගිනියා වල මිනී මස් කන අයත් ඉන්නවා කියලා කියන අයට කොහෙන්ද දන්නේ නැහැ ඒ තොරතුරු ලැබුනේ. (නි)