ශ්‍රි ලංකාව ඉංදියාව ඇතුළු රටවල් කිහිපයක සිසු සිසුවියන් එන්ගංතයේ වැඩිදුර අධ්‍යාපනය හෑදෑරිමට යෑමෙදි පවුම් 3000ක (රුපියල් 639000 )මුදලක් නොවැම්බර් මාසයේ සිට අයකර ගැනිමට එරට රජය ගෙනා යොජනාව ඔවුන් විසින්ම නවතා ද ඇතැයි විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා එසැණට පැවසීය.
මෙම යොජනාව ක්‍රියාත්මක නොකරන ලෙසට එරට විදෙශ අමාත්‍යංශය හා අභයන්තර කටයුතු අමාත්‍යංශයෙන් ශ්‍රි ලංකා විදේශ අමාත්‍යංශය ඉල්ලා සිටි බවත් ඒම යොජනාව ක්‍රියාත්මක නොකිරිමට එංගලන්ත රජය ගත් තිරණය පිලිබදව ශ්‍රි ලංකා විදේශ අමාත්‍යංශය එරටට ස්තුතිය පුදකරන බවත් ඒ මහතා වැඩිදුරටත් පෑවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මුදල් ගෙවල ඉගෙන ගන්න පුලුවන්නම්, මේ සල්ලි රටේම ඉතුරු වෙනවා. දුප්පත් දෙමුපියොත් ඉඩමක් විකුණලා හරි උගන්වනවා නේ. (ස)
ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කල යුතුයි.විදෙස් රටවල අධ්‍යන ගාස්තුවට අමතරව වීසා කටයුතු, නවාතැන් පහසුව, ආහාර බෙහෙත් සඳහා වැයවෙන අපේ රටේ හොඳ ආර්ථිකයක් තිබෙන දෙමාපියන්ටත් මෙය කිරීම ඉතා අපහසුයි. (ස)
සිසිර, ඉඩම් නැති දුප්පත් දෙමුපියොත් මොකක්ද විකුනන්නේ ?(නදී)
ඔය යෝජනාව නවත්ත ගත්තේ අපිට සහනයක් වශයෙන් නෙවෙයි. ඕක ක්‍රියාත්මක වුනා නම් එංගලන්තයට ඉගෙන ගන්න යන විදේශීය සිසුන් යන්නේ නැතුව ඉන්නවා. එතකොට වෙන්නේ එරට විශ්ව විද්‍යාල වලට එන අදායම නැති වෙනවා . ඒකයි හේතුව. වෙන මොකුත් නෙවෙයි. (ස)
සල්ලි තියෙන අය ළමයි රට යවලා උගන්වනවා. දුප්පත් අය මොකද කරන්නේ. දේශපාලකයෝ කැමති නැහැ පොඩි මිනිසා නැගිටිනවට. එයාලට ඡන්දේ නැතිවෙනවට බයයි. ලංකාවට පුද්ගලික විශ්ව විදයාල අවහ්‍ය දුප්පත් ලමයින්ටයි.(නදී)