පැවරෙන බරපතල වැඩට සරිලන පරිදි ආකර්ශනීය වැටුප් ක්‍රමයක් නොළැබේ නම් සෞදි අරාබියාව ඇතුළු බටහිර ආසියාවට ගෘහ සේවිකාවන් යැවීමට ශ්‍රී ලංකාව තව දුරටත් උනන්දුවක් නොදක්ව බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය කළමනාකරු මංගල රන්දෙනිය ඇරැබ් නිවුස් සමග පැවසීය.
සෞදි අරාබිය ලංකා ගෘහ සේවිකාවනට ඉහළ වැටුප් සහ රැකියාවේ ආරක්ෂාව සලසන්නේ නම් එරටින් කරන ඉල්ලීම් සලකා බැලීමට සූදානම් බව ද රන්දෙනිය කියයි.
තවත් ගෘහ සේවිකාවන් එතෙර යවන්නට පෙර ද්වී පාර්ශික ගිවිසුමකට එළැඹීමට නියමිත බවත් එවැනි ගිවිසුම්වලට සෞදි අරාබියේ කම්කරු අමාත්‍යංශයේ අනුමැතිය ලැබිය යුතු බවත් ඔහු කියයි.
එවැනි ගිවිසුම් අවශ්‍ය වනුයේ හිරිහැර කිරීම් වැටුම් නොගෙවීම් හාම්පුතුන් විසින් ගෘහ සේවිකාවන් මරා දැමීම්, සියදිව නසා ගැනීම්, අනතුරු ආදිය ඉහළ යෑම නිසා බව ඔහු පවසයි.
‘කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස එතෙර යෑම අපි අනුමත කරන්නේ නෑ. නමුත් එක්වරම එය අපට නතර කළ නොහැකියි. ඔවුන්ගේ හැකියා හා දක්ෂතා වර්ධනය කර වඩාත් හොද රැකියා අවස්ථා සැලසීමට අපි උත්සාහ ගන්නවා.
2020 වන විට ශ්‍රී ලංකාවෙන් එතෙර යන ගෘහ සේවිකාවන්ගේ සංඛ්‍යාව සියයට අසූවේ සිට අනූව දක්වා ප්‍රමාණයකින් අඩු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
දැනට සෞදි අරාබියේ ශ්‍රී ලාංකික කාන්තාවෝ තුන් ලක්ෂයක් පමණ සිටිති.
සෞදියට යන ගෘහ සේවිකාවකගේ අඩුම වයස අවුරුදු 25ක් විය යුතු බවත්, අවම මාසික වැටුප සෞදි රායාල් 900ක් (රුපියල් 31926.89 ) කියති.
එතෙර යන කතකට දින 21ක නේවාසික පුහුණුවක් ලබා දෙන බවත්, ‘ගෘහ සේවිකාව‘ යන තනතුර වෙනුවෙට ‘ගෘහ පාලක සහකාරිය‘ යන තනතුර ගමන් බලපත්‍රයට ඇතුළු කරන බවත් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය සමග මම 100% එකගයි. අපි මහා ලොකුවට කතා කරනවා අපේ සිංහලකම, ඉතිහාසය, ගැන ඒත් මුළු ලෝකෙනම් අරාබියට වැඩිපුර වහල් සේවයට යවන රට ලංකාව (සමාවෙන්න වහල සේවය කියුවට). අපිට වඩා දුප්පත් රටවල්වත් ඔය රස්සාවට කට්ටිය යවන්නේ නැහැ, ලංකාවට වඩා කොච්චර දුප්පත් අය ඉන්නවද ඉන්දියාවේ. ඉන්දියාවෙන් ඔය රස්සාවට කට්ටිය යවන්නේ නැහැ. අපි යවන්න ඕනේ පුහුණු ශ්‍රමිකයෝ. විශේෂයෙන්ම පිරිමි අය. ගැහැණු අය ගිහින් අපේ රට සමාජයට කොච්චර බර පතල ව්‍යසනයක් වෙලාද? කිසිම රජයකට මේක නවත්වන්න ඕනේ නැහැ , මොකද ඔය ඇමතිලා සුර සැප විදින්නේ මේ ම්නිස්සු දුක් විදලා එවන සල්ලි වලින් කියල ඒයාලට තේරෙන්නේ නැහැ. ඒත් කවදා හරි ඕවට වන්දි ගෙවන්න වෙනවා ඊලග ආත්මයේ හරි.(නදී)
මෙවර පළාත් සබා ඡන්දයේදී ඡන්දය දිය යුත්තේ ගැහැනුන් රට යවන එක නවත්වන පක්ෂයකටයි. (නි)
මා කතා කළ අරාබි පවුලකින් උපක්‍රමව ලබාගත් තොරතුරු වලට අනුව බෞද්ධ සහ හින්දු කාන්තාවන් නම් රුපියල් කෝටියක් දුන්නත් මැද පෙරදිග නොයන එක හොඳයි. අනික තමයි නිවැරදි වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ යුතුයි යන්න පෙර. (නි)
මම නම් කැමති නෑ අපේ අයව එහෙ යවන එකට. මමත් මුස්ලිම් එහෙත් සෞදි එවුන් හිතක් පපුවක් නැති එවුන් කියලා මම අහලා තියෙනවා. එහෙ හිටපු කට්ටියගෙන්..සමහර එවුන් මාර හොඳයි ලු..( මේකට ආගම ගාවගන්ඩ එපා මොකද වැරදි කරන්නේ ආගම නෙමේ මිනිස්සු නිසා ) (ස)
බොරු කිමේත් සීමාවක් තියෙන්න ඕනේ (දී)
ඔය මොන ජිල්මාට් දැම්මත්, පඩි වැඩි කරන්න කැමති වුණත් සෞදියේ මිනිස්සු ඒ මිනිස්සුම තමයි. ගෘහ සේවිකා ගෘහ පාලිකා කළත් මොන වෙනස්කම් කළත් සෞදියේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නැහැ. (නි)
වරුණ මල්ලිගේ අදහස දැක්කම ලියන්න හිතුනේ !! ඔයා හරි මල්ලි ,මං ඉන්න රටේ පිලිපින් කෙල්ලක් මැඩම් කෙනෙක්ට පිහියෙන් ඇනලා මැරුවා. කෙල්ල හිරේට දැම්මා ..,නමුත් පිලිපින් රජය කෙල්ලව ගෙන්න ගත්තා ඒ රටට.ඊට පස්සේ මේ රටට සේවිකාවන් දෙන එක සම්පුර්ණ නැවැත්තුවා. දැන් එයාලා ගියොත් අාපහු එන්න බැහැ. මැඩම්ලට මේ ඉන්න පිලිපින් කෙල්ලම ඕන නම් ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ. එහෙම කලොත් විතරයි ඒ කෙල්ලට අාපහු එන්න පිලිපින් රජයෙන් ඉඩ තියෙන්නේ (හැබැයි මේ ගැන පිලිපින් කෙල්ලෝ නම් මාර තරහයි එයාලගේ රජයත් එක්ක ) (ස)
මං කැමති නැහැ මැදපෙරදිග යන කාන්තාව අවතක්සේරුවකින් මනිනවට. හේතුව තමන් අකමැති නම් කිසිම වරදකට පොළඹවා ගන්න බැහැ. මං මිට පෙරත් මේ ගැන ලීවා. නමුත් පළවුණේ නැහැ.අපේ අයට එයාලා පොඩි ටෝක් එකක් දාලා බලනවා (හිනහාවක් වගේ) ඉතින් අපේ අයත් රිටන් එක දෙනවා !! ''පැනලා දෙන්නේ'',සමහර අය ඉක්මනට සල්ලි වැඩියෙන් හොයන්න යන්නේ ,,.ගිහිල්ල වැඩේ වැරදුනාම මේ මිනිස්සුන්ට බනිනවා ! අපි අපේ පාඩුවේ ඉන්නවා නම් කිසි අවුලක් නැතිව රැකියාව කරගන්න පුළුවන්. දැන් මේක බලා කට්ටිය මට ලියයි බැනලා ., නමුත් ඇත්ත මං ලිවේ !! මං මගේ බොසා කෑම මේසේ ඉන්නවා නම් මං මේසෙට යන්නේ නැහැ. ළමයි දෙන්නයි මැඩම්.. එක්ක එක මේසේ වාඩි වෙලා කනවා .., මැඩම් අහනවා ඇයි කියලා මං කිවා.., ඒ මගේ බොස් .., මං එයාට තියෙන ගෞරවය නිසා එකට වාඩි වෙලා කන්න කැමති නැහැ කියලා!! අපි ආව වැඩේ කරගෙන ගියාම ඉවරයිනේ. (ස)
හොඳ සමගි ප්‍රීතිමත් පවුල් ජිවිතයක් තියෙන අය,කවදාවත් ඒ පවුල තනි කරලා දුර රටකට සේවයට යන්නේ නැ. බටහිර රටකට නම් යාවි, නමුත් දැන දැන දුක්විදින්න නම් යන්නේ පවුලේ ප්‍රීතිය අඩු කම නිසා. සමහරු යන්නේ, අහල පහල, දන්නා කියන උදවිය රට ගිය හින්දා. ඒක නිකම් මෝස්තරයක් වගේ.(නදී)
ඕකට තව දේවල් එකතු කරන්නත් පුළුවන්.සෞදියේ සමහර ඒජන්සිවල වැඩකරනවා ලංකවේ භාෂා පරිවර්තකලා. ඒ මිනිස්සුත් තමන්ගේ රටේ වැසියෝ නේදැයි නොතකා ප්‍රශ්න ඇතිවෙලා ඒජන්සිවලට එන කාන්තාවන්ට නොයෙක් වද හිංසා ලිංගික අතවර කරන අවස්ථා එමටයි .මේ සියල්ලටම මුල අපේ තානාපති අංශවල දුර්වලතා .විශේෂයෙන් රිසාන්ගේ පවා බෙල්ල ගියේ සෞදියේ ශ්‍රී ලංකා තානාපති සේවයේ දුර්වලතා නිසා . (ස)
අපේ මිනිස්සු එක ගෘහ සේවිකාවක්වත් රට යවනකල් අපි පරාදයි. පවුලක වටිනාම ආරක්ෂකයා වෙන රටක. නමුත් වැඩියෙන්ම විදේශ විනිමය ගෙනෙන්නේ මේ අයයි. මෙයින් මිදීමට අපිට මීට වඩා ක්‍රමවත් සැළැස්මක් අවශ්‍යයි (නි)
පරම හතුරෙකුටවත් කියන්න එපා ගැණු රටයවන්න කියල අපි ඇස්වලින් දකිනවා මෙහෙ විදින දුක ඒ වගේම මෙහෙ කරන කියන දේවල් ඒකනිසා මේක බලන කෙනා කොන්ද පන තියෙන පිරිමියෙක්නම් තමන්ගේ ගැනි කවදාවත් මදපෙරදිගටනම් එවන්න එපා මේ කියන්නේ අහල නෙවේ දකින නිසා අපි අපේ කාන්තාවන් රැකගන්ඩ ඕන පිටරටවල පිරිමින්ට ගැනුන්ට පාවදෙන්නතුව (දී)
වහලුන් තබා ගැනීම ආගමේ තහනම් නැහැ.අරාබින්ගේ මේ කෲර හැසිරීම් වලට හේතුව ඒකයි. (නි)
ගැහැණු රට යවන එක දැන් අවශ්‍ය නෑ. රට ගිහින් ලැබෙන වැටුපට සමාන ආදායමක් මේ රටේ ඉදන් ලබන්න පුලුවන් ක්‍රම තියෙනවා. එහෙම නැතත් සෞදි රටවලට යවන එකේ දැඩි අවධානමක් තියනවා. මොනවා හරි වුනහම වගකීම ගන්න කිසිම කෙනෙක් නෑ.අපේ සමහර ගෑණුන්ට මේ රටේ ඉන්න බැරුව කොහොමද මැද පෙරදිග ඉන්නේ. කරුණාකර පවුල් අවුල් කරගන්නෙ නැතිව,දූ දරුවන්ගේ අනාගතය අදුරු කරන්නෙ නැතිව, පුහු දෙශපාලකයින්ගේ ආත්ම ලාභය සදහා වන රට විරු වැනි වැඩකට නැති සංකල්ප වලට රැවටෙන්නෙ නැතිව පවුලට සමීපව ඉදගෙන අනාගතය ගොඩ නගාගන්න.(නදී)
අපේ කාන්තාවන්ගේ ගෞරවය රැකගන්න නම් රටයවන එක නතර කරන්න ඕනෑ (නි)
එයාලගේ කිසිම විනයක් නැහැ. සුද්දෝ පවා එහෙ ගියාම ඒවාට කතා කරන්නේ නැහැ. අපි අපේ ගැහැනුන් නොයවා හිටියම හරි. (නි)
කාන්තාවන් වහල් සේවයට යවන අපේ පිරිමින් ලැජ්ජා විය යුතුයි.දැන්වත් තහනම් කිරීමට අදහස් කිරීම ලොකුදෙයක්. (නි)
මේ සුරංගනා කතා අහන්නෙපා. ඔය සෞදියවත් ලංකා රජයවත් ගිවිසුම් ගහල ගැහැණු සෞදි ගෙවල්වල වැඩට ආවහම මේ ගෙවල්වල ඉන්න යක්ෂ යක්ෂනියන්ට ඔය ගිවිසුම් අදාල නැහැ. ලංකාවේ ගැහැණු මේවට රැවටිලා සෞදි ඇතුළු මැදපෙරදිග ගිහින් දුක්විදින්න එපා. තමන්ගේ පිරිමියෙක්ව කම්කරුවෙක් හැටියටවත් යවලා ගැහැණි ගෙදරට වෙලා ඉන්න තමන්ගේ පන බේරාගෙන.(නදී)
අරාබිකරයේ සිදුවෙන කෘරකම් ගැන අපේ සේවිකාවෝ හොදටම දන්නා නමුත්, තවත් ලක්ෂ ගන්නන් එහෙ යන්න අපේ බලවත් කට්ටිය කැමැත්තෙන් ඉන්නේ. ඔවෙනි අවාසනාවන්ත සිද්දීන්, කාට සිදු උනත් මට සිද්දවෙන්නේ නැ, කියන මතය දරමිනි.(නදී)
තනතුරේ නම වෙනස් කලාට වැඩක් තියෙනවද මහත්තයෝ , කරන්න වෙන්නේ වලං පිඟන් හෝදන එකයි, ගෙවල් දොරවල් පිරිසිදු කරන එකයි, කිලිටි ජරා රෙදි සෝදන එකයි, ළමයි බලාගන්න එකයි, හාම්පුතාව සනසවන එකයි, තව ලොකු මහත් වුන එවුන් ඉන්නවා නම් උන්වත් අපේ ගෑණු සනසවන්න ඕන නේද ? ලෝකේ අනිත් රටවල් එක්ක ගත්තම අපි තාමත් ගෑණුන්ට බොහොම ඉහලින් සලකන ජාතියක්. ඒ ගෑහැණුන්ම මේ විදියේ තුට්ටු දෙකේ වැඩ වලට නොයවා ඉන්න එකම තම හොඳ. අනික පවුල් කීයද යහතින් ඉන්නේ රට ගියා කියලා ? දරුවන් හතර අතේ, ස්වාමියා මත්පැනට පුරුදු වෙනවා. නැත්නම් සුදුවට පුරුදුවෙනවා. පවුල් සංස්ථාවම විනාශ වෙනවා. (ස)
මෙවැනි විධිවිදාන ඇති කරන එකට ගරු කරනවා. ඒත් මේව වල ක්‍රියාකාරිත්වක් තියෙවිද කියන එක ගැටළු සහගතයි.දේශපාලුවන්ට කත් අදින ඒජන්සිකාරයෝ හරහා මේවා කරගන්න පුළුවන් වුනොත් තමයි පුදුමේ. (ස)
ඕව කියන විදිහට ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. ඒත් ඕවා පොතට සීමා වෙන එකයි වෙන්නේ . ලංකාවේ ඒජන්සි කාරයා විදේශ ගතවන කාන්තාවන්ට කියන්නේ මොන දහ දුක විඳගෙන හරි මුල් මාස තුන ඉන්න කියලා .ඒජන්සි කාරයෝ කපටි කමටයි එහෙම කියන්නේ .මොකද ලංකාවේ රැකියා නියෝජිතයා බැදී සිටිනවා මුල් මස 3 ඇතුලත ගෘහ සේවිකාවගෙන් ප්‍රශ්නයක් අවොත් ඒවෙනුවෙන් නැවත ලංකාවෙන් සේවිකාවක් ඒ රටට යවන්නේ .එතකොට වියදම් දෙකක් දරන්න ඕන .මෙන්න මේ නිසා තමයි ඔවුන් නැවත ලංකාවට ගෙන්නලා දෙන්න ලක්ෂ ගණන් ඉල්ලන්නේ.රට ගැන අතේ සුර ලෝකයක් මවලා පෙන්නන ඒජන්සිකරයන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ඕන .නැතුව මේ ගැටලුවට විසදුම් හොයන්න බැහැ. (ස)
සම්පුර්ණ ඇත්ත. මමත් මැද පෙරදිග ඉදලා තියෙන නිසා දන්නවා. ඔය පොඩි පඩියකට ලංකාවේ ගැහැණු උදවිය විදින දුක... හොද පඩියක් නැත්නම් යවන්න එපා. (නි)
වෙඩි වැටුප් කෙසේ වෙතත් නැවත ලංකාවට එනවිට ඉඳිකටු නොගසා ඇණ නොපොවා, වැඩ කරපු කාලයට අයිති පඩියවත් දීලා එවනවා නම් හොඳයි. අහිංසක කාන්තාවන් ලිංගික වහලුන් වශයෙන් නොගෙන ගැබ්බර නොකොට ආපසු එවන්න. වැඩි පඩි අවශ්‍යත් නැත (නි)
ලෝකයේ තිබෙන මානව හිමිකම් කඩන ලොකුම රට මෙන්ම තවමත් වහල් සේවය කරවන මැද පෙරදිග තිබෙන රට සෞදි අරාබියයි.මෙම රටට කාන්තාවන් යැවීම රජයෙන් නැවතිය යුතුය (නි)
හොඳයි, බලමු ඊලඟට වෙන දේ ...... (ස)
අනේ අපි ඉන්නේ මේ වගේ රටකනේ! ගැහැණු මැදපෙරදිග ගිහින් කරන්නේ අරාබින්ගේ සෙල්ලම් බඩු වෙන එක නේද? නැතුව වෙන මොනවද? නම වෙනස් වුණාට කරන්නේ අනුන්ගේ ඉදුල් හෝදන එකයි, වැසිකිළි හෝදන එකයි විතරනේ (නි)
ගෘහ පාලක සහකාරිය කියා නම් කලොත්, එම ගෘහ මුලිකයට ඕනෑම ක්‍රියාවකට ඇයව සම්බන්ධ කරගත හැකිවෙයි. වැඩේ නරක නැහැ. කසාද නොබැඳම ? (ස)
පිට රටට වහල්ලු යවනවට වඩා අපිට වෙන කරන්න දෙයක් නෑ....... (ස)
රන්දෙනිය මහතාණෙනි, ගෘහ සේවිකාවන්ට සෑහෙන කලක සිට තිබූ බරපතලම ප්‍රශ්නයක් වන ගෘහ සේවිකා නාමය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔබව ඉතිහාස ගතවනවා නොඅනුමානය.ඒ හැර ඔවුන්ගේ රැකියාව "ගෘහ පාලක සහකාරිය" කිරීමෙන් ඔවුනට තම හම්පුතාගෙන් ලැබෙන ලිංගික අතවර වලටත් විසඳුමකි. හේතුව සහකාරියට සමඟ යහන් ගතවීම වරදක් නොවෙන බැවිනි. මේ ආකාරයටම විසඳූ තවත් දැවෙන ප්‍රශ්න දෙකක් මට මතක් වුණා. වල් අලින්ගේ ප්‍රශ්නෙට උන්ව වන අලි කලා වගේම තේ දළු නෙලන අයගේ ප්‍රශ්නෙට ඔවුන්වත් අස්වනු සහකාර කලානේ. (ස)
තනතුරේනේ බලනකොට ගැටළුව තිබිලා තියෙන්නේ (නි)
අලුත් තනතුරට යවල බලන්න
ගෘහ පාලක සහකාරිය, රට විරුවෝ, මොනවද මේ? මේවා නොවෙයි වෙන්න ඕනෑ. ඔවුන් උපයන මුදල ඔවුන්ටත් රටටත් වැඩදායක වෙන වැඩ පිළිවෙලක් හදන්න. ඔවුන් අපේ භාණ්ඩාගාරයට එවූ මුදල් ප්‍රමාණය සැළකිල්ලට ගෙන ඔවුන්ට පහසුකම් සලසන්න. එවිට ඔවුන් උපයන හැම සතයම නීත්‍යනුකුලව රටට ගලා ඒවි. විදේශ සේවා කාර්යාංශයට භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කර ගන්න අහිංසක මිනිසුන්ව ටැක්ස් නොකර.(අ)
මේකට විදේශ සේවාව කිව්වත් , වහල් සේවය කිව්වත් මේ කොයි නමිනුත් කියන්නේ අපේ අහිංසක ගැමි කාන්තාවන් කාමුක අරාබීන්ට විකිණීම නොවේද? ඕක ජනතාවගෙන් වසන් කරන්න මොන සංකල්ප ගෙනාවත් බැහැ. (නි)
ඒජන්සිකාරයෝ මොන නීති දැම්මත් අපේ සහෝදරියන් අරාබි රටවලට දෙන්නේ වහල් සේවකයන් වගේ. ඔවුන්ව සේවයට ගන්න අරබින්ගෙන් වැඩි දෙනා සලකන්නේ තමන් වහලෙක් ගත් ලෙසටයි. ඒක පැරණි අරාබි සංස්කෘතිය, එයාලගේ ආගමේත් ඒක අනුමත කරලා තියෙන්නේ. අදටත් වැඩි වෙනසක් වෙලා නෑ. (ස)
අපි ඝෝෂාව දැම්මට වැඩක් නැහැ.අපේ බවලත්තු මැදපෙරදිග යන එක නවතන්න බැහැ.ඔය යන හැමෝම අරාබින්ගේ කෘර ක්‍රියාවල දැනගෙනනේ යන්නේ.ඒ කට්ටිය හිතන්නේ,ඒ ගොල්ලන්ට වුණාට ඔය කරදර මට වෙන්නේ නැහැ කියලා. (නි)
මෙයාලගේ අලුත් නීතිවලින් වෙන්නේ රට යන අයට තවත් අමතර මුදල් තානාපති කාර්‍යාල, රක්ෂන, , විදේශ අමත්‍යංශ වලට ගෙවන්න. ලියා පදිංචි වෙන්න කියලා මෙයාලට බැහැ රට යන අපේ සේවිකාවන්ට නොමිලේ රක්ෂනය වත් දෙන්න. භාන්ඩාගාරෙට එවන සල්ලි බලලවත්.(නදී)
ප්‍රචාරක කටයුතුවලදී රට ගිය ඇත්තන්ව මුරුංගා අත්තේ තියල කතාකරනවා. පිටරටක වැඩ කරන පුද්ගලයෙකු බැංකුවකින් ණයක් ගන්න ගියොත් ණය ගෙවීම සදහා ලබාදෙන උපරිම කාලය අවුරුදු පහයි. ලංකාවේ වැඩ කරන කෙනෙකුට අවුරුදු 20 හෝ ඊට වැඩිකාලයක් දෙනවා. රට ගිය ඇත්තන්ට විශ්‍රාම වැටුපක් දෙනවා කීවට එකත් ලැබෙන්නේ අපි අතින් ගෙවුවොත් විතරයි. නොදන්නා අයට මේ සුරංගනා කතා හොදයි. (නදී)
ඔය මොනවා කළත් සෞදි රැකියා සදහා යන අපේ කාන්තාව්නට සිදුවෙන හිරිහැර අඩුවෙයි කියලා හිතන්න අමාරුයි. ඉන්දුනීසියාවේ එක කාන්තාවකට සෞදි රජයෙන් මරන දඩුවම දුන්නා. ඉන්දුනීසියාව ඉන්පස්සේ සෞදියේ රැකියා යන්න තහනම් කළා. අපේ අය හිස ගස දැම්මත්, ඇන ගැහැව්වත් දිරි දීමනා දීලා සෞදියට යනවා. සෞදිය හැර ඕමානාය, ඩුබායි රට රැකියා සදහා වරදක් නැහැ. කරදරයක් වෙන්නේ කලාතුරකින්.(නදී)
අඩුම තරමේ ගෘහ සේවයට යන කාන්තාවන්ගෙන් රක්ෂණය කියල විදෙස සේවා කර්යන්ශයෙන් මංකොල්ල කන රු:7500න් වත් සාධාරනයක් කරලා දෙනවනම් හරි පිලිපින් වගේ රටවල් තානාපති අංශ මගින් තම රටේ ගෘහසේවිකාවන්ට සියලු ආරක්ෂාව සපයනවා ඒකට අපේ මහත්තුරු පොඩි ගානක් අත මිට මෙලෙව්වම ගන්නේ සවුදි කාරයන්ගේ පැත්ත කාටද කියන්නේ මේවා (අ)