ඉන්දීයාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශකවරයකු වු එම්.කේ නාරායන් මහතාට ලාංකික දමිළ සරණාගතයකුගෙන් සෙරෙප්පු පහරක් එල්ල වී ඇතැයි ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත්පත් සේවය වාර්තා කළේය .
ඉන්දීයාවේ වෙසෙන ලාංකික දමිළ සරණාගතයන්ගේ අනාගතය වෙනුවෙන් දේශපාලන හා මහජන ප්‍රතිපත්ති සඳහා වූ හින්දු මධ්‍යස්ථානය මඟින් සංවිධානය කළ සම්මන්ත්‍රණයකට සහභාගී වූ අවස්ථාවේ ඉන්දියාවේ පුදුකොට්ටායි, අරන්තංගි පදිංචි ප්‍රභාකර් (රාගවන්) පහරදී ඇතැයි කියති.
නාරයන් මහතාට ප්‍රහාරය එල්ල වූ සැණින් අත්අඩංගුවට පත් වූ ඔහු පොලීසියට රැගෙන යන අවස්ථාවේ විරෝධතාවය පළ කරමින් පවසා ඇත්තේ නාරයන් මහතා පසුගිය 2009 වසරේ යුද සමයේදී ශ්‍රී ලංකාවට සහය වෙමින් දෙමළ ජනයාට සහයෝගය නොදුන් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරණාගත භාවය අවලංගු කරලා මෙහාට එවුවනම් අපේ අය මුව කොක්කේ තමයි එල්ලන්නේ. (බ)
විජිත්, අපි ඉන්නේ දැන් යහපාලනයේ. (නි)