ඉරාජ් වීරරත්න නැමැති මේ තාරුණ්‍යයේ සංගීත නිර්මාණකරුවා තාරුණ්‍යයේ බොහෝ දෙනා අතර ජනපි‍්‍රය චරිතයකි. එසේ වුවද සංගීතයේ ආධ්‍යාත්මය සොයා යන අයට නම් ඔහු නුරුස්සන චරිතයක් විය හැකිය. නමුත් කා ගැනවත් මතුපිටින් බලා තීන්දු තීරණ ගැනීම වැරදිය. එසේ කළ යුතුත් නැත. එසේ කිරීමෙන් සිදුවන්නේ පසුවට පසුතැවීමටයි. ඉරාජ් යනු මතුපිටින් බලා තීරණය කළ හැකි චරිතයක් නොවේ. ඔහුගේ ඇතුළාන්තය ඊට වඩා වෙනස් විය හැකිය. ඔහු සැබෑ ලෙස ඔබට හඳුනා ගැනීමට දැන් අවස්ථාවක් උදා වී තිබේ. එනම් ඔහුගේ නිර්මාණ ති‍්‍රත්වයක් ලෝක සම්මානයට පාත‍්‍ර වූ මොහොතකදීය. ලෝක සම්මානයට නිර්දේශ වූ ඉරාජ්ගේ මේ නිර්මාණ මොනවාද? මෙම 17 වෙනිදා ඇමරිකාවේදී පැවැත්වීමට නියමිත එම සම්මාන උළෙලට යාමට ප‍්‍රථම අපි ඉරාජ් සමග පිළිසඳරකට එක්වෙමු. ඉරාජ් ඔබ ගැන මේ දිනවල කතා වෙන්නේ ජාත්‍යන්තරව ඔබගේ නිර්මාණ ඇගැයීමට ලක්ව තිබෙන නිසයි. මොකක්ද මේ සම්මාන උළෙල? ”හොලිවුඞ් මියුසික් ඉන් මීඩියා එවෝඩිස් කියන සම්මාන උළෙලයි. මෙහිදී සම්මාන දෙන්නේ චිත‍්‍රපට, පරිගණක කී‍්‍රඩා සඳහා සංගීත නිර්මාණ කරන, චිත‍්‍රපට තේමා සඳහා සංගීත නිර්මාණය කරන සහ ඊට අමතරව ඕනෑම සංගීත අංශයක් සඳහා අයදුම් කළ හැකි අංශයක් තිබෙනවා. මම අයදුම් කළේ ඒ අංශයටයි. එහිදී ගීත 4ක් ඉදිරිපත් කළා. ඒ ගීත 4න් 3ක් මෙම අංශයේ සම්මාන ප‍්‍රදානයට නිර්දේශ වී තිබෙනවා. ඊට රටවල් කීයක් අයදුම් කරලා තියෙනවාද? World Music කියන ඒ අංශයට මම හිතන්නෙ මිලියන ගාණක් නිර්මාණ ඉදිරිපත් කරලා තිබුණා. ලෝකයේම සිටින නිර්මාණකරුවන් කිව්වොත් හරි. එක සම්මානයක් සඳහා මෙතරම් ප‍්‍රමාණයක් ඉදිරිපත් වන දැවැන්ත අංශයක්. ඒ අංශයන් එක් එක් නිර්මාණ සඳහා විවිධ නිර්මාණ කර තිබෙනවා. කොහොමද ඔබ මීට නිර්මාණ ඉදිරිපත් කළේ? කාලයක් පුරා මම මේ ගැන සොයා සොයා හිටියෙ. පසුගිය දිනවල ඒ විදියට විවිධ තරග අංශ සඳහා නිර්මාණ ඉදිරිපත් කළා. එහිදී එක් අංශයක් සඳහා මගේ නිර්මාණයක් ටොප් ටුවෙන්ටි අතරට තේරී තිබෙනවා. එය ලෝකයේ ජනපි‍්‍රය සංගීඥයෙක් සංවිධානය කරන අංශයක්. ඒ විදියට මේ උළෙල සඳහාත් අයදුම් කළා. මෙහිදී ලයන් නේෂන් කියන ගීතය සහ තවත් මියුසික් වීඩියෝ තුනක් ඉදිරිපත් කළා. එයින් නිර්මාණ තුනක් මේ සඳහා නිර්දේශ වී තිබෙනවා. මේ විදියට ලෝකයේ විවිධ උළෙල සඳහා ඔබගේ නිර්මාණ ඇගැයීමට සහ නිර්දේශයන්ට තේරී තිබුණත් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා ඔබ හරි හැටි හඳුනාගෙන නැහැ. එහෙම කිව්වොත් එය නිවැරදිද? සරලවම කිව්වොත් ඔබ ශාස්තී‍්‍රය ගණයේ චරිතයක් ලෙස ඇගයෙන්නෙ නැහැ? මම හිතන්නෙ මං පටන්ගත්තේ රැප් කියන අංශය නිසා වෙන්න ඇති. ඊට පස්සේ මං තමිල්නාඩු ගිහින් සංගීතය ගැන හදාරන්න පටන් ගත්තා. එහිදී ලෝ ප‍්‍රකට සංගීතඥ ඒ. ආර්. රහමන්ගේ සමීපතම අය සමග කටයුතු කරන්නත් ලැබුණා. ප‍්‍රවීන් මනි වගේ රහ්මන්ගේ දෙවැනියා වැනි දැවැන්ත චරිත මුණ ගැසුණා. එහිදී චිත‍්‍රපට අංශයේ වගේම රේඩියෝ චැනල්වලට සම්බන්ධව කටයුතු කරන්න ලැබුණා. එක්තරා අවස්ථාවක චිත‍්‍රපටයකත් රඟපෑවා. මේ නිසා අපේ රටේ උතුරේ ජනතාව අතර මම ගොඩක් ජනපි‍්‍රයයි. සමහර දමිළ රේඩියෝ චැනලවල මගේ ගීත ප‍්‍රචාරය වෙනවා. දමිළ චිත‍්‍රපටයක ගීතයකුත් ගායනය කළා. රෝජා චිත‍්‍රපටයේ චින්න - චින ආසෙයි ගීතය රචනා කළ රචකයාගේ ගීතයක්. ඒ ගීතය වගේම විජය නැමැති ජනපි‍්‍රය නළුවා රඟපෑ චිත‍්‍රපටයේ චින්නත්තාමර කියන මා කළ ගීතයට හොඳම සම්මානයත් ලැබුණා. බොලිවුඩයේ ජනපි‍්‍රයම නළුවකුගෙන් එයාගේ නිර්මාණයකටත් ආරාධනා ලැබී තිබෙනවා නේද? අපි ඒ ගැන දැන්ම කතා කරන එක හරි නැහැ. පසුව ඒ ගැන කතා කරමු. රටෙන් බැහැරව මේ විදියට ඔබ ගැන කතා කරන බව ඇත්ත. ඒත් ඔබගේ රැප් හිප් - හොප් කලාව අපේ රටට ගැලපෙන්නෙ නැහැ නේද? පිට රටවලට ගිහින් මම කළේ රැප් හෝ හිප් - හොප් නොවෙයි. අලූත් සංගීත රිද්මයකට අයත් නිර්මාණයි. ඉතිං ඒ අලූත් සංගීතය, අලූත් දේවල් මෙහිදී කරන්න බැරි ඇයි? මෙහිදී නොකළා නොවෙයි. නමුත් අපේ ශ්‍රී ලාංකීය සංගීත ක්‍ෂේත‍්‍රය ගැන කතා කළොත් අපි සිටින්නෙ ගොඩාක් පිටුපසින්. අලූත් විදියට හිතුවට අලූත් විදියට ඒවා කරන්න තරම් පොහොසත් නැහැ. ඉන්දියාව මේ කඩ ඉම ජයගෙන. අපි නිතරම කරන්න හදන්නේ පරණ විදියටයි. ගොඩාක් අය මා ගැන හිතන විදියත් වැරදියි. බොහෝ දෙනා හිතන්නෙ මම නිකම්ම නිකං රැප් ශිල්පියෙක් කියලා. මං ඊට එහා හිතන සහ ඊට එහා යමක් කරන කෙනෙක්. ලංකාවේ බොහෝ විට පුංචි දෙයක් කරලා ලොකුවට එය ලොකු දෙයක් විදියට පෙන්වන්න හදනවා. ඒවා බොරු දේවල්. මේක තමයි මියුසික් කියලා පෙන්වන එය බොරුවක් බව පේන්නෙ ලෝකයට ගියාමයි. මොකක්ද මියුසික් කියන්නේ? 60 - 70 කළ චිත‍්‍රපට ගීත සංගීතය බලමු. අදට ඒවා ගැලපෙන්නෙ නැහැ. ඒ ඒ කාල වකවානු අනුව අලූත් රිද්මයන් බිහිවෙනවා. රංගනය වුනත් එහෙමයි. අද බොලිවුඩය දිහා බලන්න. කවුරුහරි කියන්න පුළුවන් එය අනුකරණයක් කියලා. නැහැ ලෝකය විශ්ව ගම්මානයක් නිසා අද අපට කාමරයකට කොටු වූ නිර්මාණ කරන්න බැහැ. නමුත් රියැලිටි ෂෝ වල පවා අපි 60 - 70 ගීත තමයි ගායනය කරන්නෙ. එතැනින් එහාට අපි යා යුතුමයි. සංගීතය කියන දේ මොකක්ද කියලා එක් මොහොතකින් විග‍්‍රහ කරන්නත් බැහැ. ඒක හරි පුළුල් විෂයයක්. අපේ බොහෝ විට ඔක්කෝම බාගෙට සිදුවෙන්නෙ. කොහොම වුණත් ඇයි ඔබ මෙහිදී ගීත නොගයන්නේ. ඔබට ගයන්න බැරිද? සිංහල ගීත ගොඩාක් නිර්මාණය කළා. මම ගායකයෙකුට වඩා සංගීත නිර්මාණකරුවෙක්. ‘යායට පායනා’, ‘හිතුමතේ’, ‘මතක මන්දිර’, ‘ඔබ හින්දා’, ‘නින්ද නොයන හැන්දෑවේ’, ‘රන්- රන්’, වගේ ගොඩාක් ගීත සඳහන් කරන්න පුළුවනි. ඒවා රැප් නොවෙයි. ඔබට මෙහේ ප‍්‍රබුද්ධයි කියන අය දෙන තැන මොනවගේද? මට කිසිම තැනක් දීලා නැහැ. ඔබට එහෙම වෙන්න ඕනත් නැද්ද? මම එහෙම වෙන්න ඕනත් නැහැ. මම මගේ ගමන තනියම යනවා. ඒ ගමනේ ගමනාන්තය මොනවගේ වේවිද? දකුණු ඉන්දියාවට ගිහින් බලන්න. අනිවාර්යෙන්ම මං එහේ රූපවාහිනි චැනලයක ඇති. අනිවාර්යෙන්ම බොලිවුඞ්වලට යාවි. ඒ අවස්ථා මට ලැබී තිබෙනවා. ඉදිරිය දිහා අපි බලා ඉදිමු නේද?.
සටහන/ඡායාරූප සඳුන් ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යං මිතුරේ
ඔබට අපෙන් සුභ පැතුම්!!!
ඔබ මා කැමතිම ගායකයායි. ඔබට මගේ සුබ පැතුම්
අපට ඔබ ආඩම්බරයක්
ඔබට සුභපතමි
"රෙඩ් චෙරි" ආයතනය පවත්වාගෙන යනු ලබන්නේ "රිශ්නි වීරරත්න විසිනි".ඇය ජනප්‍රිය ගායක 'ඉරාජ් වීරරත්නගේ' සොයුරියයි.තාරුණ්‍යට හෙටක් සංවිධානයේ උපදේශිකාවක් ලෙසද කිරුළු දරයී.
ජාති බේද නැතිව අපේ රටේ නම ගිනියන කෙනෙක්...
ඉරාජ් මල්ලි ඔබට ජය ඉදිරියටම යන්න රටට ආඩම්බරයක්
සාම්ප්‍රදායික බොහො දෙනා අතරේ ඔබ විශේෂ කෙනෙක්. අපේ රටට දායාද වුණු සැබෑ වස්තුවක්.සියලු වැඩ කටයුතු සාර්ථක වේවා (හේ)
හොඳ අනාගතයක් තියෙනවා.(හේ)
සුභපැතුම්. ඔබ රටට ආඩම්බරයක්
ඔබට මගෙන් සුභ පැතුම්!!!
තාරුණ්‍යයේ සංගීතයට නව මුහුනුවරක් ලබා දුන් ඔබට මාගේ ප්‍රණාමය!
අපට ආඩම්බරයි ඔබ ගැන. ඔබට අපේ සුබ පැතුම්
ඔබ හිතට එකඟව හොඳ දෙයක් කරනවානම් එයින් හොඳ ප්‍රතිඵල ලැබේවි. ඔබට සුබ පැතුම්...
ඔබ රටට ආඩම්බරයක්. අපගේ සුභපැතුම්
අපේ සුභ පැතුම් ඉරාජ්ට
සුබ පැතුම්
ඔබට උණුසුම් සුභපැතුම් ඔබට ජයයෙන් ජයන
ශ්රී ලංකාව වෙනස් විය යුතු කාලයයි. ඔබට දෙවි පිහිටයි
ඉදිරියටම යන්න..
කොහොමද ඉරාජ් ඔබට අපේ සුබ පැතුම් රුවන් ඕස්ට්‍රේලියාවේ සිට
මගේ සුභපැතුම් ඉරාජ් අයියා...!
මගේ සුභපැතුම් ඉරාජ් අයියා...!
ඔබට සුභපැතුම්
ඉරාජ් ඔබට අපෙන් සුබ පැතුම්
අපි ඔබට සුභ පතනවා...
ඔබට සුබ පැතුම්
සුභ පැතුම් ඉරාජ්..
ඔබ රටට ආඩම්බරයක්
අලුත් වැඩක්
කවුරු නැතත් මම ආසයි ඉරාජ්ගෙ හැම සින්දුවකටම... අපිට ඔයා වටිනව මහ ගොඩාක්.. සුභ පැතුම් සහෝ හැමදාටම......
ඔබට ජය ඉරාජ්
ඔබට ජය වේවා...!!!