(යොහාන් භාසුර)

අත්‍යවශ්‍ය භාණ්ඩ 4 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (26) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය.

සම්බා සහල් කිලෝවක මිල රුපියල් 6 කින්, කඩල කිලෝවක් රුපියල් 6 කින්, රතු පරිප්පු කිලෝවක් රුපියල් 5 කින් සහ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 3කින් අඩු කළ බව සතොස  සඳහන් කරයි.

ඒ අනුව සම්බා සහල් කිලෝවක නව මිල රුපියල් 222 ක් ද, කඩල කිලෝවක නව මිල රුපියල් 549 ක් ද, රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 295 ක් ද, රතු කැකුළු සහල් කිලෝවක නව මිල රුපියල් 169 ක්ද බව සතොස වැඩි දුරටත් සඳහන් කරයි.