තම සහෝදර සහොදරියන් ඥාතින් ඇතුළු 177 දෙනෙකු නොමිලේ ඉතාලියට රෑගෙන ආ උතුරු ඉතාලියේ පදිංචි ශ්‍රි ලාංකික ව්‍යාපාරිකයෙක් එසෑණට හමුවිය.
ඔහුට අයත් සුවිසල් නිවසේ පෑවති උපන්දින සාදයකදි ව්‍යාපාරික එසෑණ සමග මෙසේ සාකච්ඡා කළේය.
ඇත්තෙන්ම මෙතන ලොකු පිරිසක් සිටියත් මම පිටින් ආරාධනා කලේ ඔබ ඈතුළු පස් හය දෙනෙකුට විතරයි. මේ ඔක්කොම මගේ සහොදර සහෝදරියෝ හා නෑයෝය.
මමයි මේ අය ඉතාලියට ගෙනාවේ. 177 දෙනෙක් මේ වනවිට ඉතාලියට ගෙනත් තියෙනවා. හෑබෑයි ඒ ඔක්කොම විසා වලට ගෙනාවේ.
තව 10 දෙනෙකුට වීසා ඉල්ලා තියෙනවා. මම මේ අයව ඉතාලියට ගෙනාවා කියලා යුරෝ එකක් අරගෙන නැහැ. ගොඩක් අයට එන්න ගුවන් ටිකට්පත් දුන්නෙත් මම. ආපු හෑමොටම රැකියාවක් ඉන්නතැනක් වාහනයක් ඔන නම් වාහානයක් ගන්නත් මම උදව් කලා.
සියයක් විතර වෑඩ කරන්නේ මගේ ව්‍යාපාරවල. මගේ අම්මටයි තාත්තටයි සලකපු අල්ලපු ගෙදර ලමයිත් මම ඉතාලියට ගෙනාවා. ඔබ හිතන්න මේ එක්කෙනෙක්ගෙන් මම රුපියල් ලක්ෂ 10ක් ගත්තා නම් මේ වන විට මගේ බෑංකු පොතේ රුපියල් කෝටි 18 ක් විතර පිරිලා.
නමුත් ඒ සල්ලි වලට ගන්න බෑරි සතුටකින් මගේ හිත පිරිලා තියෙන්නේ. ඔබ මේ අය දිහා හොදට බලන්න. ඒ ඔක්කෝම මට ගරු කරනවා. මම අද කිව්වොත් අපි ඔක්කෝම මේ හෑම දෙම දාලා ලංකාවට යං කියලා මේ අය මාත් එක්ක එනවා.
මහවදී අතපය හතර විතරක් අරගෙන ඉතාලියට ආපු මම මේ තරම් ගමනක් ආවේ ගිය ආත්මේ කරපු කුසල් හින්දා වෙන්න ඈති. ඒ නිසා මේ ආත්මෙත් මම උපරිම සාදාරනව ජිවත් වෙනවා. ව්‍යාපාරිකයා එසේ කියයි.
ඔබ කිව්වා වගේ මුදලට සහෝදරයා ඉතාලියට ගෙනත් නියමිත මුදල් නිසි ආකාරයෙන් නොලැබුණ විට සහොදරකම් අතහැර දාන සහෝදරයොනුත් මේ සමාජයේ ඉන්නවා. නමුත් මම ඔබෙන් ඉල්ලිමක් කරන්නම් මගේ නම නොලියා ඔබේ ලිපිය ලියන්න පුළුවන්නම් වඩාත් හොදයි. මේ බිත්තිවල තියෙන ඡායාරුප දිහා බලන්න. මම රට වෙනුවෙන් කරපු දෙවල් මෙතන තියෙනවා. ඒ හෑම දෙයක්ම මම නිහඩව කලේ ප්‍රසිද්ධ වෙන්න නෙමෙයි. ඔහු එසේ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දේශපාලන නරාවළට නම් වැටෙන්න එපා (නි)
නියම ශ්‍රී ලාංකිකයෙක්. අපිට ඔබ ගැන ආඩම්බරයි. (ස)
ලංකාවට ඇවිත් අපේ රටට සේවයක් කරන්න.හැබයි හොඳට පරිස්සමින්. මෙහෙ ඉන්නේ කන්න දීපු අත හපා කන එවුන්. (ස)
යශෝදරා සිදුහත් වාසනාවන්. නන්ද කුමරු කැලණි වාසනාවන්. දන්ත කුමරු මාලී වාසනාවන්. ඔබ වැනි පුතුන් අපහට වාසනාවන්. (ස)
මේ තමා ජීවමාන මිහිපිට ඉන්න දෙවියෝ. (නදී)
සුනිල් අයියේ, ඉතා කුඩා හෝටලයකින් ඇරඹු ඔබේ ව්‍යාපාරය අද මිලානෝහී ඇති දහසකට අධිකව දිනකට පැමිණෙන අති සුඛෝපභෝගී රෙස්ටෝරන්ට් එකක් වුනේ වෙන කිසිවක් නිසා නොව ඔබේ මනුස්සකම නිසාය. මනුස්සකම දන්නා ඔබ වැනි සිංහලයන් අනිත් රටවලත් බිහිවේවා. (ස)
මුදල් මතම ජීවිත තීරණය වන යුගයක ඔබ සැබෑම මනුස්සකම් ඇති මිනිසෙකි කියා මම සිතමි (නි)
මමත් දන්නවා මොහුව මට කිහිප වරක් සමු වුනා. (ස)
ඔබ උතුම් මිනිසෙකි (නි)
සත්තකින්ම ඔබ අපට දෙවිකෙනෙකි.ඔබට දීර්ඝායු වේවා! (නි)
පිටිගල මහතාණනි, ඔබ අදහස් නොදැක්වීම පාඨක අපිට මහත් කණස්සල්ලකි. (නි)
බුදු සරණින් යහපතක්ම වෙන්න ඕනෑ ඔබට. (නි)
අනේ මට මේ උත්තමයව මුණ ගස්සන්න පුලුවන්ද? මම ඉතලි යන්න කොච්චර මහන්සි උනාද?? මට බැරි උනා. මම දැන් ජොබ් එකක් නැතිව ඉරාකෙ ඉන්නේ. ලොකු උදව්වක් ඔබට පින්. ජය වේවා. (ස)
මේ ලකී සෙවන් එකේ සුනිල් අයියා ගැනද කියන්නේ ? (ස)
එහෙනම් දෙවිවරු තාමත් ඉන්නවා. (ස)
ඉහත රුවන්තක පී විජේතුංග මහතාගේ අදහසෙන්ම එතුමා පෙන්වා දී තිබෙනවා මෙහි පාතාලයට මිනිස්සු කෙතරම් බයද යන වග. මෙය ඉවරයක් කල යුතුයි. (නදී)
ඔබේ මනුස්සකම අනුන්ට උදව් කරන්න ඇති මානව දයාව නො වෙනස්ව පවතීවා! ඔබේ මේ උතුම් ගුණදම් සදාකල් රකීවා. (ස)
මා ඔබට සුභ පතමි. ඵ් ඔබ මිනිසුන් අතර සිටින දෙවි කෙනක් හා සමාන නිසාය. ඔබගේ නිහතමානීකමද අගය කරමි (නි)
මෙහි ලියන බොහෝ දෙනෙකුට වැරදී ඇත. මා මොහු හොදින්ම දනිමි. ඔහු හොද බෞද්ධයෙකි. ඔහු ඉතාලියේ අසරණ වූ බොහෝ දෙනෙකුට වසන්තයේ උදාවූ කීර්තියකි. (නි)
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද, දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත. ඔබතුමන්ට බුදු සරණයි. ජයෙන් ජයම වේවා. (නි)
රෝම් රටට යාමට සැම ලෙහෙසි නැතී.. දෑතෙ සවිය ලක් පුතුගෙන් ලැබී ඇතී.. ප්‍රීති සිතින් හැකි අයුරින් උදව් වෙතී.. ඈත රටක උණුසුම් පිරි මිනිස් ගති.... අන් අයෙකුටත් සතුටින් දිවි රැකගැන්ම.. ඇත්තේ උදව් කර තම මුළු හදයෙන්ම.. ගත්තේ කිසිත් නැත වියදම් සමගින්ම.. නැත්තේ මෙවැනි උතුමන් දැක සැමදාම.... උත්තම මිනිස් ගති මුදලට වඩා වටීයි.. පිරිසිදු සිතක් ඇති ඔබ වැනි අය දුලබයි.. ධනවත් රටක කප් රුකෙ මග පෑදීමයි.. දිනෙන් දිනම ඔබෙ දියුණුව මගෙ පැතුමයි..... (ස)
ඔබට සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව හා රැකවරණය නිරතුරුව ප්‍රර්ථනා කරමි. තෙරුවන් සරණයි.(නදී)
ඔබට සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සුබ පැතුම්. (ස)
රුවන්තක පී විජේතුංග මහතාගේ අදහස මමද අනුමත කරනවා සහ ඔහු පෙන්වා දීඇති පරිදි මෙය වහා අවසන් කළ යුතු දෙයකි. සාමාන්‍ය ජනයාට විශාල කරදරයකි. (නි)
ඔබ ගොඩක් හොඳ කෙනක්. ඔබගේ ඉදිරි වැඩ කටයුතු හොඳින් කරගන යන්න කුවේට් ඉන්න මම අසිරි ගේනවා. (ස)
මෙම මහතා මිලානෝ නගරයේ සිංහලයන්ට ආදර්ශයකි. (නි)
ඉතාලිය ගැන අහපු හොදම පණිවිඩය. ඔබතුමාට නිදුක් නිරෝගී සුව වගේම තෙරුවන් සරණයි! (නි)
අවංකයෙන්ම ඉල්ලන්න මමත් ගොඩක් මහන්සි උනා ඉතලි යන්න... පුලුවන්නම් මටත් උදව්වක් කරන්න. ලොකු පිනක්. (ස)
ඔබට පින්. (ස)
රුවන්තක පී විජේතුංග මහතා ඉතා කාලීන සංවාදයකට මුල පිරුව එක ගැන ස්තුතිවන්ත වෙනවා. ඉතා සුළු ලාංකික කොටසක් හොරෙන් මැර ක්‍රියා වල නිරත වෙන බව ඔබගේ පුවතින් සනාථ වෙනවා. මෙය වැලක්වීමට හෝ මැඩ පැවැත්වීමට අප අදාළ කාර්යාංශ දැනුවත් කල යුතුයි. රුවන්තක අප මෙය කෙසේ කොතනකින් පටන් ගමුද? (නදී)
ඔබට යහපතක් වේවා.............! (නදී)
මේ වගේ මනුස්ස හදවතක් ගැන නම් ඇහුවමයි.ඔබට තව තවත් උපකාර කිරීමට කප්රුක් පහල වේවායි මගේ පැතුමයි.ජේසු පිහිටයි. (ස)
මේ ආත්මයේ මේ කරපු පින ඇති ඔබට. මතු මතුවටත් කිසිම කරදරයක් දුකක් නොවී සදාකල් සතුටින් සිටින්නට ඔබට බුදු සරණයි! (නි)
රුවන්තක පී විජේතුංග මහතාගේ එඩිතරකම ගැන අපි ආඩම්බර වන අතර මෙය මිලානෝ නගරයේ තිබෙන දරුණු ප්‍රශ්නයකි. මෙය පෙන්වා දීම ගැන එතුමාට ස්තුතිවන්ත වන අතර අදාළ අංශ දැනුවත් කිරීමට ලාංකිකයින් මෙම පුවත කියවීමෙන් පසුවත් ඇරඹිය යුතුය යන්න මගේ අදහසයි. (නි)
මහතාණෙනි, ඔබට තව තවත් ශක්තිය ලැබේවා! නිදුක් නිරෝගී සුවය ලැබේවා! (නි)
බුදු බන අසන...බුදු බන රකින ....එලෙසම ගිහියෙක්ගේ පමණින් එම බන පද ක්‍රියාවෙන් කර පෙන්වන....සුරා සොඩුන්ට සහ සුදු අන්තුවන්ට ආදර්ශයක් වූ මෙතුමාට දීර්ඝායුෂ ලැබේවා! (නදී)
සැමවිට සලකන සැමවිට එකසේ ,කරුණා පතුරන ගුණදම් රිසිසේ ,ඔබ වෙනි උතුමකු සොයමිද කෙලෙසේ ,පෙරුමන් පුරානෙද මතු බුදු වනසේ .(නදී)
ශෙරින් නමින් මා වෙත ශෝකය පළකර ඇති මහත්මිය ,මම ඔබට බොහෝ සෙයින් ස්තූතිවන්ත වෙනවා, මගේ වේදනාව තේරුම් ගැනීම ගැන. මම ඔබ මිතුරියක් ලෙස හදුනා ගන්නට කැමතියි.ඔබ කැමති නම් පමණක් මට ලියන්න. ස්තුතියි. ([email protected]) (නි)
ඇත්තම කියනවා නම්,ජිවිතේ පළවෙනි වතාවට මම මෙහෙම කෙනෙක්ව ඇහුවේ.විශේෂයෙන් ඉතාලියේ.මෙහෙ ඉන්නේ කුණු වූ පපුවක් තිබෙන සිංහලයන්.බොරුව,වංචාව,කට්ටකම,කට ඇරියොත් බොරු කියන,තමන්ගේ ලාභ ප්‍රයෝජන සිතන,මහා පුදුමම පුදුම සංහතියක් ඉන්නේ.හරියට රිදේවි අපේ අයට,ඇත්ත දිරවා ගන්න බැරුව.නමුත් සහතික ඇත්ත මම කියන්නේ. කොහොම වුණත්,ශ්‍රී ලංකාවේ ආශ්චර්ය කියලා මේ වගේ රත්තරන් වටිනා දෙවිවරු වන මිනිසුන්ව නම්,නම් කරන්න පුළුවන් මගේ හිතේ. (නි)
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! (නි)
මනුෂ්‍යත්වයෙන් පිරි නියම මනුෂ්‍යයෙක් දුටුවෙ නම් ඒ ඔබ පමණි.ඔබට සදා ජය පතමි. (ස)
සදා ඔබ අමරණීයයි (නි)
සුරාව සහ සුදුව අලුයම හෙළන ලද කෙළ පිඬක් සේ ඉවතලා මනුෂ්‍යත්වය අගයන ඔබට තෙරුවන් සරණයි! (නි)
උතුම් මිනිසෙක් (නි)
මෙතුමා ගැන දාලා තියෙන හැම ප්‍රතිචාරයක්ම කියෙව්වා.බලන්න මිනිස්සුන්ගේ ආශීර්වාද. ඔය අාශිර්වාදම ඇති මෙතුමාට නිරෝගී හා දිර්ඝායුෂ සම්පත්තිය ලබන්න. ඔබට බුදු සරණයි !!! (නි)
දෙවි පිහිටයි. ඊලග පාර මාවත් ගන්න පුලුවන්ද ? (නදී)
මම ඔබතුමා ගැන ගොඩක් දේවල් අහලා තිබෙනවා. මෙවන් සත්පුරුෂ ක්‍රියා කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා! නිදුක් නිරෝගී සුවය ලැබේවා! (නි)
අපිට සමාවෙන්න වසන්ත කීර්තිරත්න මහතාණෙනි, ඔබ ගැන නොදන්නා සමහරුන් වෙනත් පුද්ගලයින් පිළිබද වර්ණනා කිරීම අපට දුකකි. (ස)
අපි මැරෙනතුරු ඔබට ගරු කරනවා. ඔබතුමා මිනිසුන්ට කළ සේවය බෝමයි. සදා අමරණිය පුද්ගලයෙක් (නි)
ඔබ ගැන ඇසීමත් සතුටට කරුණක්. ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන්සරණයි.(නදී)
මම නම් කැමතියි මේ වියදම් කළ මුදල් එක දුප්පත් පවුලකට දුන්නා නම්. (නි)
මිලානෝහි දෙවි දේවතාවන් වැනි මිනිසුන් අතර වන මෘගයින්ද සිටින බව අපට රුවන්තක පී විජේතුංග මහතා පෙන්වා දී ඇත. මිලානෝ පදිංචි සියල්ලම දන්නවා මොවුන් ගැන කෙසේද, කුමන අංක වලටද තොරතුරු ලබා දිය යුත්තේ කියා. (නි)
මිලානෝහි ලකී සෙවන් ක්ලබ් එක සහ හෝටලයද, ලංකාවේ තවත් ව්‍යාපාරද මෙතුමාට අයිතිය. මෙතුමා ඉතාමත්ම ගුණ ගරුක අන්‍යන්ට උදව් කරන කෙනෙකි. (ස)
මටත් රස්සාවක් හොයලා දෙන්න පුළුවන්ද (දිල්)
අනේ සත් ගුණවත් සුනිල් අයියේ...ලංකාවේ දේශපාලනය කරන අයට නම් අහුවෙන්න එපා. (ස)
ඔබට මෙම කරන දේවල් නිවන් පිණිසම උපනිශ්‍රය වේවා !!! (ස)
ලංකාවෙන් පිට රටවල වාසය කරන හැමෝටම මොහු ආදර්ශයකි. ඔබට දීර්ඝායුෂ!(ස)
එකෙකු පාගා තවකෙකු ඉහලට යාමට වෙර දරන යුගයක සියලු දෙනා කැටිව ඉදිරියෙන් ඉදිරියට යන ඔබ සැබෑම මනුෂ්‍යයෙකි. (ස)
ඔබතුමා දේශපාලනයට එන්න එපා. බුදු සරණයි. (ස)
පින් ඇතිව ඉපදුන ඔබ පිනට බරවීමත් පිනක් මහත්මයාණෙනි.ඔබ වැනි අයව අගනේය. (ස)
බුදු සරණයි! (නි)
ඔබට තව තවත් සැප සම්පත් ලැබේවා. ඕස්ට්‍රේලියා වලට දවසක එන්න හිතුනොත් මාවත් හමුවන්න. ර්ර්ද්න්ම්ජ්@යහොඕ.es (ස)
අවංකව සමාජයට සේවය කරන අය ප්‍රසිද්ධිය, පැසසීම අන් අයගෙන් බලාපොරොත්තු නොවීමයි මෙයින් හොදට කැපී පෙනේනේ.අනිත් දේ බලන්න එකමුතුකමේ තිබෙන සතුට. සමහර අය පිටරටවල ගියාම උදව්කරපු කෙනාගේ නම් තියා ඒ අය ගැන කතාකරනවටවත් කැමති නැහැ. සමහර කට්ටිය බලාගෙන ඉන්නේ ඕනෑම උත්සවයකදී අනුන්ට අපහාසයක් හෝ කරන්න. මම හිතනවා ඒ සෑම දෙනාටම මොහු හොද ආදර්ශයක් කියලා.ඔබටත් ඔබේ පවුලේ සැමදෙනාත් නිරෝගිව සතුටින් චිරාත් කාලයක් වැජඹේවා! (නි)
මාව කරකෝලා අත ඇරිය වගේ...තාම කැරකිල්ල ගියේ නැහැ..!! (ස)
ලංකාවේ බොහොම අයට ඉතාලි පිහිට තමා ඉතින්.(ස)
මෙම මහතා අපගේ ලාංකාරාමයටද මුදලින් ආධාර කල බව සතුටින් ප්‍රකාශ කරමි. (ස)
ඔබට දීර්ඝා යුෂ ලැබේවා !!!!! (ස)
ඔබට සුබ පැතුම් ! (ස)
ඔබට අපගේ ප්‍රණාමය. (ස)
මෙවන් ගුණගරුක මිනිසෙක් මිලානෝ අපට සිටියා නම්!! මිලානෝ නුවර මේ රත්‍රං මිනිසා පන්සලක,කලා කටයුත්තක ඇතුළු සියලුම ජාතික වැඩක මිල මුදලින් උපකාරී වන, මෝදනා නගරයේ නෑදෑ සහෝදර කැල සමග සිනාමුසු මුහුණින් නිහතමානීව දිවි ගෙවන්නෙකි.බුදු සරණයි ඔබට! (නි)
ඇත්තටම මේ මහත්මයා ඉතාමත් ගුණ ගරුක කෙලෙහි ගුණ දන්නා මහත්මයෙකු හැටියට මම ඔහු කල ක්‍රියාව හදවතින්ම අගය කරනවා. ඔහුට තවදුරටත් ඔහුගේ වැඩ කටයුතු කරගෙන ලංකාවේ නාමය රකින්න ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි. (ස)
මේ අපේ පිටිගලවද්ද? (නි)
උතුම් මනුස්සයෙක් , ඔබට සියලු දෙවි පිහිටඊ. තව තවත් අසරන අයට පිහිට වීමට ලැබේවා (ස)
මෙන්න මහත්වරු. ඔබට බුදු සරණයි. තව තවත් ලංකාවේ අයට උදව් කරන්න හැකියාව ලැබේවා.... (ස)
ඔබ වැනි මහත්මයෙක් ඉතාලිය තුල සිටින බව දැනගත්තේ අද .(නදී)
ඔබ ඉතාමත් විශිෂ්ඨ මනුස්සකම් තියෙන කෙනෙක්. ඔබට දීර්ඝායු වේවා! (නදී)
මීට අමතරව මොහු මිලානෝහි අතරමං වූ විශාල පිරිසකට නොමිලේ අාහාර සහ ඉඳුම් හිටුම් පවා දී තිබෙනවා. හැකි හැම අයුරකින්ම රැකියාද බොහෝ ලබාදී තිබෙනවා (නි)
ඔබට සාධා ජය . ඔබ මගඩි කාරයන්ට ආදර්ශයක් . (ස)
මෙම කාලයට මේ වගේ වැදගත් ගුණ ගරුක කරුණාවන්ත පින්වත් මහත්තයෙක් හොයන එක අමාරු කරුණක්. තවත් මේ වගේ අය ලංකාවෙන් තවත් බිහිවේවා.(නදී)
කරුණාකර අපි වගේ අයටත් උදව් කරන්න පුලුවන්නම් ලොකු දෙයක් (දිල්)
විද්යානි මහත්මියනි, ඔබේ අදහස් කියවීමෙන් පසු ගොඩක් ලොකු වේදනාවක් හිතට දැනුනා. මතු උපදින කිසිම භවයක ඔබේ පුතාට මෙවන් අකල් මරණයක් නොවේවා. ඔබේම පුතු වෙලා උපදින්නත් වාසනාව ලැබේවා. ඔබට තුනුරුවන් ගේම පිහිටයි. හිතට සැනසීම ලගා වේවා.(නදී)
මෙතුමාට පාතාල නරුමයින්ගෙන් නම් කරදරයක් නොවේවා! (නි)
ගජබා, කරකවල අත්හැරිය වගේ එන්නේ කුහකකම නමැති රෝගය නිසා. ඔයා අනිත්‍ය මෙනෙහි කරලා කුසල් සිත් ඇති කරගන්න. ඒ මහත්මයාගේ මහත්මා ගතිගුණ නිසා තමයි එහෙම දේවල් සිහියට එන්නේ. තව තවත් මෙවැනි සද්ක්‍රියා කිරීමට ශක්තිය, දහිරිය, තෙරුවන් සරණින්, දෙවි රැකවරණින්ම ලැබේවා!!! (ස)
විනෝද සවාරි එන දේශපාලකයෝ 'ගජේ' ගහන්න එහෙම එන්නේ නැද්ද මහත්තයෝ. ඔබ දියුණුවෙන් දියුණුවට පත්වේවායි පතමි! (ස)
මේ කෙනා පිටිගලද? (ස)
මට දැනෙන පරිදි ඔහු රට, ජාතිය, ආගම වෙනුවෙන් හැමවිටම කැපවෙන අවංක සිංහල බෞද්ධයෙක්... මහත්මයාණෙනි, ඔබට චිරං ජීවතු !!!! (ස)
සේවය දිගටම කරගෙන යන්න. මොනම හේතුවකටවත් අරයටවත් ඔහුගේ කෙනෙකුට වත් අහුවෙන්න එපෝ. ඔබ වගේ අය විරලයි.(නදී)
මාවත් පුලුවන් නම් ඉතාලියට ගන්න. බුදුසරණයි ඔබතුමාට.(නදී)
මෙහමත් මිනිසුන් ඉන්නවද.එනම් දෙවිවරු තාමත් ඉන්නවා ඇති.මම දෙමළ උනාට සිංහල මිනිසෙක්ගෙ මේ වගේ ගති ගුණ මම ගරු කරනවා. සුබ පැතුම් !!!!! (ස)
මහත්මයාණෙනි, ඔබට මෙම කරන දේවල් නිවන් පිණිසම උපනිශ්‍රය වේවා, ඔබට දීර්ඝා යුෂ ලැබේවා.තව තවත් ලංකාවේ අයට උදව් කරන්න හැකියාව ලැබේවා. ඔබට අපගේ ප්‍රණාම. ඇත්තටම මේ කල ක්‍රියාව හදවතින්ම අගය කරනවා. තවදුරටත් ඔහුගේ වැඩ කටයුතු කරගෙන ලංකාවේ නාමය රකින්න ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි [email protected] (ස)
මේ ගුණ ගරුක මහත්මයාට දේශපාලුවන්ගෙන් හානියක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමි (නි)
ඔබතුමා වැනි මානව දයාවෙන් යුක්ත මිනිසත්කම හඳුනන උතුම් කෙනෙකුට මතු කවදා හෝ නිර්වාණයම අවබෝධ වේවා! (නි)
ඔබට ජය වේවා! (නි)
අමාමෑණී බුදුරජාණන් වහන්සේ සිතින් දැක ඇති ඔබට ත්‍රිවිධ රත්නත්‍රයේම පිහිටයි (නි)
අදහස් දක්වා ඇති විජයානි වෙතයි.ඔබ ගැන කණගාටුයි. ඔබගේ පුතාට වූ සිද්ධියට මගේ කණගාටුව හදවතින් ම ප්‍රකාශ කරනවා. මමත් ඉන්නේ ඉතාලියේ.පවු ඔයාගේ පුතා.නැවත කිසිම අාත්මෙකදී අකල් මරණ වලට ගොදුරු නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා (නි)
ඔබතුමාගේ මනුස්සකම ඉතා අගය කොට සලකමි (දිල්),
මේ තීරුවෙන් ලියන හැම කෙනෙකුටම හොඳක් කියනවා නම් මේ පළවෙනි වතාව මේක. ඇත්තටම මෙතුමා බෝධිසත්ත්ව ගුණ තියෙන මනුස්සයෙක්.ඔබ වන් මනුස්සයෙක් සෙවන යට ඉන්න ලැබෙන එකත් ඇත්තටම ලොකු පිනක්. ඔබගේ යහපත් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා! තුනුරුවන් ගුණ බලෙන් මෙවන් උතුම් පින්කම් කිරීමට නිරෝගී සුව ලැබේවා! (නි)
මා මොහු හොදින්ම දනිමි. ඔහු හොද බෞද්ධයෙකි. ඔහු ඉතාලියේ අසරණ වූ බොහෝ දෙනෙකුට වසන්තයේ උදාවූ කීර්තියකි. මොහු ඉතාලියේ මොදෙන නගරයේ ස්පිලම්බර්තෝ වල වෙසෙන ඉතාමත් නිහතමානී අවංක සත් ගුණවත් මිනිසෙකි මොහු මට මෙන්ම මගේ පවුලේ සියලුම දෙනාට මහත් ආඩම්බරයකි අප සියලු දෙනාගේම දෙවියන් වනුයේද මොහු වේ කිසිම මිසෙකුට කරදරයක් නොවී ජීවත් වෙන මේ මිනිසා වෙනුවෙන් තම ජිවිතේ වුනත් පුජා කිරීමට මා ඇතුළුව තව බොහෝ පිරිසක් සිටින බව මා හොදින් දනිමි ! (ස)
ව්දෙස්ගත සිංහලයන්ට ඔබ මහත් ආදර්ශයකි. මේ රටවලත් ඔබ වැන්නන් බිහිවේවා! (ස)
මේ කතා සන්ධර්භයේදී මේ කියන මහතා සිංහලකම මොකක්ද බෞද්ධකම මොකක්ද කියා වචනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කර තියෙනවා. ඒ නිසාම තමයි, ද්‍රවිඩ ජාතික හින්දු භක්තිකයෙක් උනත් සිවා මේ මහතාට සුභ පතා ඇත්තේ. රටේ සල්ලි කාබාසිනියා කරමින් තානාපති සේවයට අවුත් සුර සැප විඳින දේශපාලන හෙන්චයිලාට මේ මහතා හොඳ ආදර්ශයක්. මෙන්න නියම තානාපති වරු. (ස)
මෙතුමා එමිලියා පළාතේ කෙනෙක්. ශ්‍රී ලාංකික වගේම ඉතාලි අයත් ගරු කරන මනුස්සකම් පිරුණු කෙනෙක්. හොඳ මිනිසෙක්. බුදු සරණයි. (ස)
මිලානෝ ඉදන් හැම පුවතටම ප්‍රතිචාර දක්වන බොහෝ දෙනෙක් නිකන් බොරු ලියනව විතරයි. ඉතාලිය කියන්නේ මිලානෝ විතරක් නොවේ.මිලානෝ ඉන්න වෙස්සන්තරලා ගැන මොන කතාද? අර පන්සලේ ගැස් බිල ගෙවන්නකෝ හාමුදුරුවරුන්ට මේ සීත කාලේ ලෙඩ නොවී ඉන්න. මෙයාලා දක්ෂ රැස්වීම්වල ගොඩක් කතා කරන්න විතරයි. මිලානෝ බොහෝ අය වැඩ නැහැ කතා විතරයි. (ස)
මුදල් අතේ නොමැතිව බඩගින්නේ පැමිණෙන කිසිම කෙනෙකුට ඔබගේ හෝටලයේ මුළුතැන් ගෙයින් බෙදා දුන් බත් පතක් වැරදුනේ නැත. සමහර අය මේ ගැන නොකීවත් මෙය හොඳාකාරව කවුරුත් දන්නවා. (ස)
ආර්ථික අර්බුද නිසා වසා දැමීමට නියමිත මිලානෝ අසල පිහිටි යකඩ කම්හලක් මිලදී ගත් ඔහු එය සාර්ථකව ලාභ ලබමින් පවත්වාගෙන යනවා. එහි සේවය කරන ඉතාලි සේවකයන් ඔහුට මහත් ගෞරවයක් දක්වනවා ඔවුන්ගේ රැකියාවන් බේරා දුන්නට. (ස)
ඔබ උතුම් වූ මිනිසෙකි අප අතර ඉතා දිගු කාලයක් වෙජබිමට ඔබ හට දිර්ගායුස හිමි වේවා ! (ස)
ෂෙරීන්, ඔබ ඉතා කාරුණික කෙනෙක් බව පෙනෙනවා. මිතුරියක ලෙස දැනගන්න කැමතියි. (නදී)
මොහු ලංකාවේ අසරණයන්ට ලොකු සේවයක් නිහඬව කරනවා. විශාල මුදලක් ස්ථීර තැන්පතුවක් ලෙස තබා ඉන් මසකට ලැබෙන ලක්ෂ පහක් වැනි මුදල සම්පුණයෙන්ම අසරණ සරණ සඳහා යොදවන දුර්ලභ පුණ්‍ය වන්තයෙකි මෙතුමා. (ස)
ප්‍රංශයේද මෙවැනි කෙනෙක් ඉන්නවා. ඔහු ශාක්‍ය ජයවර්ධන මහතායි. ලංකාවේ ප්‍රසිද්ධ පවුලකින් පැවත එන ඔහු දිගු කලක සිටම පැරිසියේ පදිංචියට පැමිණි ශ්‍රී ලංකික ආනාතයන්ට ව්ශාල ලෙස කෑම බීම සහ ඉඳුම් හිටුම් ප්‍රංශ රජය සමග මැදිහත්ව ලබා දුන්නා. ඔබවද අප මේ අවස්ථාවේ මතක් කර සිටිනවා. (අ)
මෙහි පලවුණ අදහසෙහි මගෙ නම අයුතු ලෙස යොදා ඇති බව කරුණාවෙන් සළකන්න. (නි)
ඔබට තෙරුවන් සරණයි (නි)
ඔබ අප හට කල සේවය වචනයෙන් කියා නිම කල නොඇක ඔබ ඉතාමත් විශිෂ්ඨ මනුස්සකම් තියෙන කෙනෙක්. ඔබට දීර්ඝායු වේවා!(අ)
මෙන්න මිනිස්සු. බුදු සරණයි. (ස)
අයියේ, ඔබ ඉතා හොඳ කෙනෙක් බව මිලානෝ කවුරුත් දන්නවා. ලංකාවේ දේශපාලක මෝරුන්ගේ දත් වලට නම් අහුවෙන්න එපා. ඔබගේ හෝටලයට එන සමහර ලංකාවේ දේශපාලකයෝ සමඟ ඡායරූපයකටවත් පෙනී සිටින්න ඔබ අකමැති බව අප අසා තිබෙනවා. (ස)
ඇත්තටම ඔබ වැනි ගුණ යහපත් නිහතමානි පුද්ගලයෙකු ගැන අසන්නට ලැබීමත් මහත් භාග්‍යකි. ඔබතුමාට නිදුක් නීරෝගී සුව අත්පත් වේවා.(නදී)
මොන තරම් සත් ගුණවත් ක්‍රියාවක්ද?? (ස)
උණුසුම් සුබ පැතුම් ඔබට. (ස)
ඉතාලියේ පමණක් නොව ලංකාවේද මොහු විශාල වශයෙන් රැකියා සහ සේවා අවස්ථා උත්පාදනය කර ඇත. විදුලි සෝපාන, පොළව යට රථ ගාලක්ද සහිතව කොළඹ 3 තනා ඇති සුඛෝපභෝගී මහල් සංකීර්ණය එක් උදාහරණයකි. පිටරටක සිට උපන් රටට මහත් භක්තියක් දක්වන කෙනෙකි මොහු. (නි)
මෙවන් උතුම් මිනිස්සු තවමත් මගේ රටේ ඉන්න එකට මම ආඩම්බර වෙනවා.ඔබතුමා මතු හැම ආත්මයකම මිනිසත්කම් වලින් හෙබි මනුස්සයෙකු වෙලා ඉපදේවා. (නි)
දුර්ලභ පුද්ගලයෝ සැම තැන්හිම පහල නොවෙත්. (ස)
මේ ප්‍රතිචාර කියවනකොට පෙනෙන දෙයක් නම් මේ ව්‍යාපරිකයා කියල හිතාගෙන වෙනත් අය ගැනත් අදහස් දාන එක . කිහිප දෙනෙක්ම වැරදි වටහා ගැනීමක ඉන්නේ (අ)
දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ ඉතාලි වීසා එකක් හදාගන්න විදියක්. ලොකු උදවුවක් (නි)
ඔයා කොහේ උනත් කවුරු උනත් තව තවත් වැඩියෙන් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා. (අ)
ඔබතුමාට වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
අපි මැරෙන තුරු ඔබත් එකක ඔබට ජය
පුද්ගලයෙක් හැටියට මෙතුමා නිරහංකාරය. අවස්ථාවක් ලද විගස සැම දෙනා සමඟම හොඳින් කතා කරයි. සෝබන කාරයි ලෝකෙට ණය වී මොන්ටෙරෝ, ලෑන්ඩ් කෲසර් වලින් යන මේ කාලේ මෙතුමා කොළඹ තුල ගමන් බිමන් යන්නේ තම පියාගේ කළු පැහැති පරණ මොරිස් මයිනරයෙනි. (ස)
මෙතුමා මානව හිතවාදියෙක්. සමාජයට කරපු උදව් කියන්න බැරි තරම්....... (නි)
පිටිගල නොවේ, අපි මේ අයියව දන්නවා. ඒත් මේ තොරතුරු දැනන් උන්නෙ නෑ. වෙන්න පුළුවන් ඔහු කරුණාවන්තයි. (ස)
ඔවුන්ට පමණක් නොව ඉතාලියේ මෙතුමා වාසය කරන ප්‍රදේශයේ වාසයකරන අනිකුත් ලාංකිකයන්ටත් සහ අනිකුත් විදේශිකයන්ටත් බොහෝ ඉතාලි ජාතිකයින්ටත් විශාල මෙහෙවරක් මෙතුමා ඉටුකරන අතර පන්සලට පල්ලියට ඉටුකරන මෙහෙය හා රට ජාතිය වෙනුවෙන් කරන උදාර සේවය අගයකරමි .ඔබට ජය හා සතුට තෙරුවන් සරණයි! (නි)
කියන්න වචන නැති තරම්, සත් ගුණවත් මනුස්සයෙක්. මං පලවෙනි වතාවට, ඇහුවේ ඉතාලියේ මේ වගේ ගුණ ගරුක සත් පුරුෂයෙක් ඉන්න බවක්. ඔබට මෙලොව මෙන්ම උපදින උපදින ආත්මයක් පාසා නිදුක් නීරෝගී සම්පත වගේම මේ ආකාරයට අසරණයන්ට, උදවු කරන්නට පුළුවන් ආකාරයේ, මිල මුදල් පිරි සැප සම්පත ලැබේවායි මං හදවතින්ම,ප්‍රාර්ථනා කරනවා.....ඔබ වන් මිනිස් දෙවිවරුන්, තව තවත් බිහි වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා... (ස)
නියම මහත්මයෙක්. (ස)
නියම මිනිසත් භව ක්‍රියාවෙන් ඔප්පු කොට ඇත...සැමට ආදර්ශයක්....ඔබ තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවායි පතමි. (ස)
සිවා, ඊයේ මගේ යාළුවකුගේ මරණයක් උනා. එයා ටැමිල්. එයා කතා කරලා කිව්වේ මගේ යාලුවට. ඉතින් අපි සිංහල උනාට හැමදාම එකට ඉමු. මෙයා ගැන ගොඩක් සතුටු වෙනවා. ඔබට බුදු සරණයි. තව තවත් ලංකාවේ අයට උදව් කරන්න හැකියාව ලැබේවා. (ස)
ඔබ වැනි අය ගැන අසන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි.ඉතාලිය ගැන ඇසෙනවිට මගේ මනස නිරතුරුව ශෝකයට පත්වෙයි.මගේ එකම පුතාගේ බලවත් ආශාව නිසාම මම ඔහුව ඉතාලියට යැවීමට නීත්‍යානුකූල මගක් සෙවුවෙමි. මට ලක්ෂ ගානක පාඩුවක්ද සිදුවිය.කුසලතා රැසකින් පිරි ඉතාමත් සංවේදී ,මනා රූසපුවකින් හෙබි ඔහු අපේ පවුල්වල සිටි එකම පිරිමි දරුවාද විය. ඔහු ඉතාලියට දැක්වූ කැමැත්ත මට අද වනතුරුත් තේරුම්ගත නොහැක. ඔබ වැනි සත්ගුණවත් මහත්මයෙකුගේ නියම මග පෙන්වීමක් ලබන්නට තරම් මා වාසනාවන්තවී නොමැත. මා බෞද්ධ දර්ශනය අනුව දිවිමග ගෙවන සැමදෙනටම උදවු උපකාර කරන අයෙක්මි. මම ඔහුගේ සිහිනය සැබෑකර දීමට නොගත් උත්සාහයක් නැත. සිදුවූයේ දුක් මහන්සියෙන් උපයාගත් මුදල් නාස්තිකර ගැනීම පමණකි. අප කිසිවෙකු නොපැතූ මොහොතක රිය අනතුරකට මුහුණදී ඔහු අප සැමගෙන් සමුගත්තේ ය. මවක් හැටියට ඒ සියල්ල දරාගත්තේ මා ප්‍රගුණ කළ බෞද්ධ දර්ශනය සහ භාවනා නිසාවෙන් බව මා දනිමි. ඉන් මාස කිහිපයකින් රජයේ රැකියාවෙන් ඉල්ලා අස්වූ මා අද පෙරටත් වඩා ආධ්‍යාත්මික පැත්තට නැඹුරුව ජීවිතය ගෙනයෑමට උත්සාහ කරමි.නමුත් මේ ලිපිය කියවීමේදී මට සිහියට නැගුනේ ඔබ වැනි සත්පුරුෂ මහතෙක් අපට හදුනා ගන්නට ලැබුනා නම් මගේ පුතු අදත් ජීවතුන් අතර නේද කියායි. ඔබටත් ඔබගේ පවුලේ අයටත් තිසරණ සරණ සහ දීර්ගායුෂ පතමි (නි)
ඔබ තුමාට බුදු සරණයි. (ස)